Bandarawela C.S.K

Bandarawela C.S.K

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bandarawela C.S.K, Computer training school, jayasiri niwasa, mahagaldowa, hewanakubura, .

19/12/2025

රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට 'GovPay' පද්ධතිය බදුල්ල සහ බණ්ඩාරවෙලට

ශ්‍රී ලංකා පොලිසියේ ඩිජිටල්කරණ ක්‍රියාවලියේ තවත් එක් පියවරක් ලෙස, රථවාහන වැරදි සඳහා වන දඩ මුදල් එම ස්ථානයේදීම ගෙවීමට පහසුකම් සලසන 'GovPay' වැඩසටහන ඌව පළාතේ බදුල්ල සහ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස සඳහා හඳුන්වා දීම අද (2025 දෙසැම්බර් 18) දින සිදු කෙරිණි.

බණ්ඩාරවෙල 'Kanmark' හෝටල් පරිශ්‍රයේදී පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවයේදී, රථවාහන රාජකාරි කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය නවීන තාක්ෂණික උපාංග සහ ජංගම දුරකථන කොට්ඨාස මට්ටමින් බෙදා දීම සිදු විය.

පිරිනැමූ ස්මාර්ට් දුරකථන ප්‍රමාණය

• බණ්ඩාරවෙල කොට්ඨාසය සඳහා ජංගම දුරකථන 82 ක්.
• බදුල්ල කොට්ඨාසය සඳහා ජංගම දුරකථන 90 ක්.

මෙම අවස්ථාවට මොනරාගල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා, රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා, බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩබ්ලිව්.ආර්. ජගත් රෝහණ මහතා. බණ්ඩාරවෙල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා. ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම තාක්ෂණික අංශ නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගී වූහ.

මීට අමතරව ICTA ආයතනය වෙනුවෙන් ව්‍යාපෘති කළමණාකාර උදාරි විතානගේ මහත්මිය සහ තාක්ෂණික අංශයේ ඉනුක මායාකඩුව මහතා ද, ලංකා ගෙවීම් (Lanka Pay) ආයතනය වෙනුවෙන් සහකාර කළමණාකාර මිගාර සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. බදුල්ල සහ බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ සියලුම රථවාහන අංශ ස්ථානාධිපතිවරුන් ද මෙම පුහුණු හා සමාරම්භක වැඩසටහනට සහභාගී වූහ.

මෙම 'GovPay' පද්ධතිය හරහා රථවාහන වැරදි සිදුකරන රියදුරන්ට තම දඩ මුදල් ගෙවීමේදී පවතින අපහසුතා මගහැරී යන අතර, පොලිස් නිලධාරීන්ට ද වඩාත් විනිවිදභාවයකින් යුතුව හා කඩිනමින් දත්ත පද්ධති සමඟ සම්බන්ධ වෙමින් රාජකාරි කිරීමට මෙයින් අවස්ථාව සැලසේ.

14/12/2025
Want your school to be the top-listed School/college?

Culinary Team

Attire

Telephone

Website