T.Bandara Foundation Badulla

T.Bandara Foundation Badulla

Share

නිර්මාපී විශිෂ්ටයකු සමාජයට දායාද කිරීම....

Photos from KYLO Studio's post 21/05/2026

"රංගාභිෂේක මංගල්‍යය 2026"

කලඑළි දැක්ම හා චාරිත්‍ර වාරිත්‍ර ❤️🙏


Photos from KYLO Studio's post 21/05/2026

ටී.බණ්ඩාර කලායතනයට අනුබද්ධ විශ්වකලා නිකේතනය මගින් පවත්වනු ලබන නර්තනාභිශේක කලඑලි මංගල්‍යය 2026.

කළ එලිය

Photos from KYLO Studio's post 21/05/2026

ටී.බණ්ඩාර කලායතනයට අනුබද්ධ විශ්වකලා නිකේතනය මගින් පවත්වනු ලබන නර්තනාභිෂේක කලඑලි මංගල්‍යය 2026.

හගල යැදීම

Photos from KYLO Studio's post 21/05/2026

"රංගාභිෂේක මංගල්‍යය 2026"

පෙරදින හගල යැදීමේ චාරිත්‍ර 🙏✨


21/05/2026

කලාකරුවාට විශ්‍රාම යාමක් නොමැත..!!

Photos from T.Bandara Foundation Badulla's post 20/05/2026

" රංගාභිෂේක මංගල්‍යය 2026"

මීට වසරකට පෙර අප මහත් කැපවීමෙන් හා අපේක්ෂාවෙන් ආරම්භ කළ ඒ උදාර කලා මෙහෙවර, 2026 වෙසක් මස 04 වන දින බදුල්ල ඓතිහාසික මුතියංගණ රජමහාවිහාර පින්බිමේදී අතිසාර්ථකව නිමාවට පත් විය. 🙏❤️

දිගු කලක් පුරා අප ලබාදුන් ශිල්පීය ඥානය තුළින් හැඩවුණු, අපේම දූ පුතුන් 24 දෙනෙකු උඩරට සාම්ප්‍රදායික මංගල්‍ය ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ "හිසවෙස් සහ ශීර්ෂාභරණ" පැළඳ උතුම් කලඑළි මංගල්‍යය සිදුකළේ මුතියංගණ සමිඳුන්ගේ ආශිර්වාදය මැදයි. 🥁🌸
වසරක් පුරා අප විඳි මහන්සිය, කැපවීම සහ බලාපොරොත්තු සියල්ල මේ දරුවන්ගේ දෑස්වල තිබූ අභිමානය සහ සතුට දැකීමෙන් සැබෑවක් බවට පත් විය.
මේ උතුම් කලාව ඉදිරියටම රැගෙන යන්නට අපේ දරුවන්ට ශක්තිය ලැබේවා!

🔺මෙම කටයුත්ත සදහා නන් අයුරින් උපකාර කල සියලූමදෙනා මෙම මොහොතේ සදහන් කල යුතුය.ප්‍රථම වශයෙන් කලඑළි මංගල්‍යය පැවැත්වීම සදහා අපහට මුතියංගණ රජමහාවිහාරස්ථානය වෙන් කරදුන් මුතියංගණ රජමහාවිහාරයේ භාරකාර අස්ගිරි මහා විහාර පාර්ශවය කාරක සංඝ සභික පූජ්‍ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නායක ස්ථවීර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සට අපගේ හදපිරි කෘතඥතාව ප්‍රකාශ කර සිටින අතර එමෙන්ම හගල යැදීම චාරිත්‍ර සහ ඇඹුම් බලි ශාන්ති කර්මය පැවැත්වීම සදහා බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරය අප වෙත ලබා දුන් දිස්ත්‍රික් සංස්කෘතික නිළධාරි චන්දික ප්‍රියන්ත මහත්මාටත් අපගේ ප්‍රාණාමය පුදකර සිටින්නෙමු🙏

🔻චායාරූපකරණය හා වීඩියෝකරණය- KYLO Studio අධිපති කිරුලු මහතා ඇතුළු කණ්ඩායමටත්,

🔻වේෂනිරූපණය - saloon Bawani ඇතුළු කණ්ඩායමටත්,

🔻 ඇදුම් නිර්මාණය -Dhananjaya Tharindu මහතාටත්,

🔻නිවේදන කටයුතු- Sandu Malaka Perera මහතාටත්,

🔻 ගායනය -Buddika Ekanayaka මහත්මියටත්, පසිදු නිම්සර මහත්මයාටත්,

🔻 ශබ්ද පරිපාලන කටයුතු- Sakura Sounds ,

🔻 ශීර්ෂාභරණ නිර්මාණය -V.G බුද්ධික තිලකරත්න නර්තන භාණ්ඩ පිළිමතලාව,

🔻 ප්‍රධාන අයිලය නිර්මාණය හා සැකසුම -Sharika Chathuranga මහත්මාටත්,

🔻සමරුපලක හා සහතිකපත් නිර්මාණය - Indesign ආයතනයටත්,

අව් , වැසි , උදේ, රාත්‍රී නොබලා මෙම කර්තව්‍යය වෙනුවෙන් ඔබතුමන්ලා හා ඔබතුමියන්ලා සහ ආයතන මගින් අපවෙත ලබාදෙන දායකත්වය අප විසින් උතුම්කොට සලකන්නෙමු.මුදලකට එහා ගිය විශ්වාසනීය බැදීමක් මෙන්ම නොමසුරුව ඔබ විසින් ලබාදෙන දායකත්වය උදෙසා ටී.බණ්ඩාර කලායතනයේ අපගේ හදපිරි ස්තූතිය පුදකර සිටින්නෙමු.🙏❤️

එමෙන්ම චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරදුන් පඥ්ඥාරත්න ආරියවංශ බණ්ඩාර මහත්මයාටත් , සියලූම කටයුතු පිලිබද පිරික්සා බලා ඉටුකරදුන් විසුරාධිපති බන්දනයාලගේ ජයතුංග මහතාටත්, විසුරාධිපති බන්දනයාලගේ අරනෝලිස් මහතාටත්, W.E.A සුනිල් වික්‍රම රත්නායක මහතාටත් බෙහෙවින් අපගේ හදපිරි ස්තූතිය පුදකර සිටින්නෙමු.🙏

එමෙන්ම හගල යැදීමේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම සදහා බෙහෙවින්ම උපකාර කල සියලූම නර්තන ශිල්පීන් සහ වාදන ශිල්පීන්ට අපගේ හදපිරි ප්‍රණාමය. විශේෂ ස්තූතිය Chanuka Prabath Aththanayaka මහතා සහ Mdhusanka srilal මහතාට.🙏

එමෙන්ම එදාමෙදා තුර කලායතනයේ උන්නතිය උදෙසා ඇප කැප වූ සියලූම කලායතනයේ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දරුවන්ගේ සියලූම දෙමාපියන්ට අපගේ හදපිරි ස්තූතිය🙏

අවසාන වශයෙන් මෙම කල එළියේ හිසවෙස් හා ශීර්ෂාභරණ පැලදවීමට සහභාගී වූ සියලූම ආචාර්යවරුන්ටත්, සියලූම ආරධිත අමුත්තන් ඇතුළු නන් අයුරින් උපකාර කල සියල්ලන්ටම අපගේ හදපිරි උත්තමාචාරය පුදකර සිටින්නෙමු.🙏✨❤️



Photos from KYLO Studio's post 20/05/2026

“රංගාභිෂේක මංගල්‍යය 2026"

හිසවෙස් හා ශීර්ෂාභරණ පැලදි දූ දරුවන් උදෙසා පෙර දින පවත්වන ලද බෝධි පූජාව 🙏🤍✨

Photos from KYLO Studio's post 20/05/2026

"රංගාහිෂේක මංගල්‍යය 2026"

පෙර දින කප් සිටුවීමේ චාරිත්‍ර 🙏✨

05/05/2025

කරුණාවතී අත්තනායක ගුරු මෑණියන් 2025/05/05 වන දින අළුයම අප අතරින් සමුගත් ශෝකය අප සැම බෙදා ගනිමු. ඌව පළාතේ ප්‍රථම ගුරුතුමන් වූ ටිකිරි බණ්ඩාර අත්තනායක මැතිතුමාගේ හා සීලවතී දිසානායක මෑණියන්ගේ වැඩිමහල් දියණිය වූ බ/ ඌව මහා විද්‍යාලයේ හා බ/ ධම්මානන්ද විදුහලේ නර්තන ගුරුවරියක ලෙස නිරතව විශ්‍රාමික කරුණාවතී අත්තානයක ගුරුතුමිය 1952 වර්ශයේ ඌව පළාතේ ප්‍රථම වෙස් බැදි දැරියද විය.පසුව යුද හමුදා නිලධාරීයකු වූ එස්. එච්. එල් ධර්මදාස මහතා සමග විවාහ ගිවිස දරුවන් තිදෙනෙකුගේ මෑණියන්ද විය. එම ගුරු මෑණියන් රෝගාතුර වී බදුල්ල දැඩිසත්කාර ඒකකයේදී 2025/05/05 වන දින අලුයම අප අතරින් සදහටම සමු ගත් අතර 2025/05/06 වන දින අවසන් කටයුතු කිරීමට නියමිතය .

මෙයය සංවේගයට පත් ස්වාමියා , දරුවන් හා සහෝදර පිරිස

සැමට සොවින් දැනුම් දෙමි.🙏

මෙයට ,
ටී. බණ්ඩාර කලායතනාධිපති
කරුණාරත්න අත්තනායක .

07/04/2025

උරුමයක අරුමය 2024✨

30/06/2024

කයිලගොඩ මිහිඳු මහා පෙරහැර 2024🙏

🔹Many thanks for the communication contribution to us @බදුලුපුර news

🔷📽️Vedio credit- බදුලුපුර news

President of the foundation
Karunarathana attanayake

Want your school to be the top-listed School/college?