HEART of UC

HEART of UC

Share

From this page, we hope to present the events of UC beautifully on SOCIAL MEDIA. If there is any hurt we apologize and do you have any problems please let us.

be fun and get change. good luck
#heartofuc University Colleges In Srilanka

Photos from HEART of UC's post 24/09/2025

2009-2014 පැවති රජය තාක්ෂණික විෂය පාසල් පද්ධතියට ගෙන ඒම සහ දිස්ත්‍රික්ක සදහ වුර්තීය තාක්ෂණික විශ්ව විද්‍යාල 25ක් බිහි කිරීමේ උත්සාහය සහා වි.විද්‍යායතන 7ක් මුල් පියවරේ ඉදි උන බවත් ඉන් 6ක් දැනට වුර්තීය උසස් ජාතික ඩිප්ලෝමා පිරිනමන ආයතන ලෙසත් පවතින බවත් ඒවා රත්මලාන වුර්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයට මධ්‍ය ගත කොට පරිපාලනය වනවා යන්න මේ කතාවේ සාරංශයයි
⤵️
Education ධූරාවලියේ අවුරුදු 2-3 ත් අතර කාලයක් HND(ponts 120 standard ) එකක් සදහා වන සම්මත කාල රාමුවයි,එතකොට අවු 3-4 කාලයක් ආසියානු රටවල NVQ(sri lanka),NSQF(india) ඉගෙනුම ලබන ශිෂ්‍යන් හට Bachelor vocational degree (180-240 points standard )එකක් වෙනුවෙන් UNESCO-UNEVOC විසින් නිර්‍ර්දේශිත කර ඇත්තේ.එසේනම් ලංකාවේ UNEVOC ආයතනෙය් Branch එක ලෙස කටයුතු කරන TVET guidelines මත පමණක් කටයුතු කරන වාමයි කියන UNEVOTECH ඇයි අවුරුදු 3න හමාරක් කාලයක් වැය කොට සම්මත guidelines වලින් බැහැරව අත්තනෝමතික ලෙස ශිෂ්‍යන්ගේ කාලය වැය කරමින් උපාධිය දක්වා යන ගමන HND එකකින් සීමා කරන්නේ යන ප්‍රශ්නය ඔබට මෙන්ම ඉගෙනීම සදහා මුදල් ආයෝජනය කරන රටේ පුරවැසියාට හා රජයට ඇති විය යුතු ප්‍රශ්නයක්..ඒ වගේම UNEVOC විසින් ලබා දෙන ආධාර මුදල් කාගේ සුභ සිද්ධියට යොදවනවාද.සුහුරු අධ්‍යාපන රටාවක මූලිකම දේ කාලයයි..අවුරුදු 3හමාරක් HND කරල එන ශිෂ්‍යා තවත් වසර 3ක් වුර්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පද්ධතියකට එකතු වෙලා නැවත උපාධි මට්ටම සම්පූර්ණ කල යුතුයි.මෙයද රටේ ඵලදායී අධ්‍යාපන රටාව?..මේ ජනතාවගේ මුදල් ,මේ තවත් උපාධියක් කරන සිසුවෙක්ට ලබා දිය හැකි ශිෂ්‍යත්වයක්..අවුරුදු හයක් හතක් ඉගෙනීම කරන සිසුවා රටේ පූර්ණ ශ්ම දායකත්වයට ලගා වන විට ඔහුගේ අනාගතය වගේම රටේ අනාගතයද අවුරුදු 3ක් පස්සට ගොස් හමාරයි...මින් රටට හිමි වන ආයෝජයන කුමක්ද.උසස් අධ්‍යාපන හා වුර්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිපාලනය TVET guidelines වලටවත් නැති බව ඔවුන්වත් දන්නේද නැත..මේවාගෙන් guidelines වලට යාමට නොහැකි කාරනයක් ඇත්නන් එය වහාම අධ්‍යාපන ආයතන සමග විසදාගැනීම ඔවුන්ගේ රාජකාරියක් නොවන්නේද?... වහාම මේ ක්‍රමයේ වෙනසක් වුර්තීය අධ්‍යාපන ආයතනයන් වල සිසුන් වශෙයෙන් දකින්නට කැමැත්තෙමු..🖤
ඔබ දන්න දේ ඔබ හිතන දේත් coment කරන්න.බෙදාගන්න..අධ්‍යාපනයට හිමි වටිනාකම ලබා ගමු

ජායාරෑ හිමිකම ජායාහිමිකරුසතුයි 😍

Photos from Nalin Hewage's post 25/08/2025

පරපුරෙන් පරපුරට අ'පුර පුරුක් ශක්තිමත් වූවා මිස සටනේ රැදී සිටියදී අ'පුර ශිෂ්‍ය ව්‍යාපරය එදත් අදත් හෙටත් මිය ගියේත් නැත මිය යන්නෙත් නැත, නොමියන ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් කරුවනි උබලට අපෙ ගෞරවය 🖤

18/08/2025

🔴 මේ පෝස්ට් එක උපුටා ගැනීමක්. ඉදිරිපත් කරලා තියෙන කරුණු අධ්‍යාපන සුදුසුකම් ගැන උනන්දු වෙන කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන්. ඒත් ඉතිං එකක් කියන්න ඕනි. කටපාඩම් කරලා හෝ AI වගේ දේවල් උපයෝගි කර ගෙන හෝ උපාධි ලබා ගත්තට මදි. තමන්ගේ ධාරිතාව සංවර්ධනය වෙන විදියට සුදුසුකම් ලබා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

මේ අර මුලින් කිව්ව පෝස්ට් එක.

උපාධි, ආචාර්‍ය මහාචාර්‍ය පදවි තානාන්තර ගැන හෙනම කතාවක් යනවනේ.. මේ මම දන්න තරමින් ඒ ගැන සරළ විස්තරයක්. ⁣

මේකත් ඔය අත කහනවට කොටන ලියමනක්. ⁣
⁣------------------------------------------------------
ඩිප්ලෝමා (𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚)⁣
- උපාධියකට වඩා පහළ මට්ටමේ සහ කෙටිකාලීන අධ්‍යාපන සුදුසුකමක්.⁣
- බොහෝවිට විශේෂිත වෘත්තියක දක්ෂතාව ලබාදෙනවා.⁣
- සාමාන්‍යයෙන් ඩිප්ලෝමාවක් මාස 6 – අවුරුදු 2ක් අතර කාලයක් ඇතුළත සම්පූර්ණ වෙනවා.⁣
- උදාහරණ විදිහට ලංකාවේ තියෙන අධ්‍යාපන විද්‍යා පීඨ, Nursing Training School (NTS) වගේ තැන් වලින් ලබා දෙන්නේ ඩිප්ලෝමා මට්ටමේ සුදුසුකමක්.⁣
- මේ සුදුසුකම උපාධියක් සඳහා පිවිසුමක්, නැත්නම් රැකියාවකට පිවිසීමට මාර්ගයක් වශයෙන් යොදාගන්න පුළුවන්.⁣
- උපාදියකින් පසුව සම්පූර්ණ කරන ඩිප්ලෝමා සාමාන්‍යෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමා (Post graduate diploma) කියලා තමයි හදුන්වන්නේ. ඕස්ට්‍රේලියාව වගේ රටවල මේක graduate diploma කියලත් හඳුන්වනවා.⁣
- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Mr. Amarabandu Rupasinghe – Dip. in English ⁣
o Mrs. Sama Amaralatha – PgDip in Education⁣

------------------------------------------------------

ප්‍රථම උපාධිය (𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫’𝐬 𝐃𝐞𝐠𝐫𝐞𝐞)⁣
- විශ්ව විද්‍යාලයක හෝ පිළිගත් උපාධි ප්‍රදාන ආයතනයකින් කෙනෙක් ලබාගන්නා මුල්ම උපාධිය.⁣
- සාමාන්‍යෙයෙන් අවුරුදු 3–4 ක් වගේ කාලයක් ගත වෙනවා උපාධියක් සම්පූර්ණ කරන්න. ⁣
- වෛද්‍ය උපාධියක් වගේ විශේෂ උපාධි සඳහා අවුරුදු 5ක් වගේ ගත වෙනවා. ⁣
- සමහරක් අවුරුදු 4ක උපාධි විශේෂවේදී උපාධියක් විදිහට හඳුන්වනවා. Special Degree එකක් කියන්නේ එතකොට. (BSc Special in Chemistry) ⁣
උදාහරණ:⁣
• BA – ශාස්ත්‍රවේදී උපාධිය ⁣
• BSc – විද්‍යාවේදී උපාධිය⁣
• BBA - ව්‍යාපාර කළමණාකරණ උපාධිය⁣
• BEng – ඉංජිනේරු උපාධිය⁣
• MBBS (Bachelor of Medicine, Bachelor of Surgery)- වෛද්‍ය උපාධිය ⁣

- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Mr. Amarabandu Rupasinghe – BSc in Science ⁣
o Mrs. Sama Amaralatha – BA (special) in Sociology⁣
සිංහලෙන් ලියනවානම්:⁣
o විද්‍යාවේදී අමරබන්දු රූපසිංහ⁣
o ශ්‍රාස්ත්‍රවේදී සාමා අමරලතා⁣

------------------------------------------------------

මාස්ටර් උපාධිය (𝐌𝐚𝐬𝐭𝐞𝐫’𝐬 𝐃𝐞𝐠𝐫𝐞𝐞)⁣
- ප්‍රථම උපාධිය පස්සේ කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් තවත් ඉදිරියට ඉගැන ගැනීමේදී තමයි Masters එකක් කරන්නේ⁣
- බොහෝ වෙලාවට එක් විෂය ක්ෂේත්‍රයක ගැඹුරු දැනුමක් මේ උපාධි පාඨමාලාවකදී හදාරනවා.⁣
- සාමාන්‍යෙන් අවුරුදු 1–2 ක් අතර කාලයක් යනවා උපාධිය සම්පූර්ණ කරන්න.⁣
- Taught Master’s / Research Master’s විදිහට වෙන් වීමක් ගොඩක් වෙලාවට තියෙනවා.⁣
- බොහොමයක් masters උපාධි වල නිබන්ධනයක් (thesis) එකක් තනියෙන් සම්පූර්ණ කරන්න ඕනි.⁣
උදාහරණ:⁣
• MA – ශාස්ත්‍රපති උපාධිය⁣
• MSc – විද්‍යාපති උපාධිය⁣
• MBA – master’s in business administration⁣

- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Mr. Amarabandu Rupasinghe – MSc in Data Science ⁣
o Mrs. Sama Amaralatha – MA in Communication⁣
සිංහලෙන් ලියනවානම්:⁣
o විද්‍යාපති අමරබන්දු රූපසිංහ⁣
o ශ්‍රාස්ත්‍රපති සාමා අමරලතා⁣

------------------------------------------------------

(𝐌.𝐏𝐡𝐢𝐥 – 𝐌𝐚𝐬𝐭𝐞𝐫 𝐨𝐟 𝐏𝐡𝐢𝐥𝐨𝐬𝐨𝐩𝐡𝐲)⁣
- මේ සම්පූර්ණයෙන්ම පර්යේෂණමය මාස්ටර් උපාධියක්.⁣
- බොහෝවිට PhD එකකට පෙර පියවරක් විදිහට තමයි කෙනෙක් මේ වගේ උපාධියකට යොමු වෙන්නේ.⁣
- මේ උපාධිය සම්පූර්ණ කරන්න අනිවාර්‍යෙන්ම ස්වාධීන පර්යේෂණයක් කරලා ඒ සොයාගැනීම් පිළිගත් ආකාරයකට publish කරන්න අවශ්‍යයයි. ⁣
- සාමාන්‍යයෙන් අවුරුදු 1–2 අතර ප්‍රමාණයක් යනවා M.Phil එකක් complete කරන්න.⁣
- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Mr. Amarabandu Rupasinghe – M.Phil in Computer vision ⁣

------------------------------------------------------

ආචාර්‍ය උපාධිය (𝐏𝐡𝐃 – 𝐃𝐨𝐜𝐭𝐨𝐫 𝐨𝐟 𝐏𝐡𝐢𝐥𝐨𝐬𝐨𝐩𝐡𝐲)⁣
- විශ්වවිද්‍යාලයකින් ලැබිය හැකි ඉහළම උපාධියක් තමයි ආචාර්‍ය උපාධිය කියන්නේ.⁣
- නව දැනුමක් නිර්මාණය කරන එක මූලික කරගත්තු අලුත්ම පරේක්ෂණයක් අනිවාර්‍යෙන්ම මේ උපාධි අපේක්ෂකයෙක් කරගෙන යනවා.⁣
- ඒ වගේම ඒ කරන පරේක්ෂණ වල සොයාගැනීම් පිළිගත් journals/ conferences වල publish කරන්න ඕනි.⁣
- සාමාන්‍යෙන් අවුරුදු 3–7 ක් අතර කාලයක් ගතවෙනවා complete කරන්න.⁣
- Thesis එකක් වගේම සහ viva test එකකුත් තියෙන්න පුළුවන් මේ උපාධිය ප්‍රදානය කරන්න කලින්. විශ්වවිද්‍යාලය මඟින් පත් කරපු board එකක් ඒ පිළිබඳ සෑහිමකට පත් උනොත් තමයි ආචාර්‍ය උපාධිය ප්‍රදානය කරන්නේ. ⁣
- ලෝකයේ සමහරක් විශ්වවිද්‍යාල DBA (Doctor in Business Administration), D. Eng (Doctor in Engineering) වගේ PhD වලට සමාන උපාධි පිරිනමනවා.
- Education field එකේ අයට Doctor of Philosophy වෙනුවට දැන් Doctor of Education (EdD) කියලා එකක් තියනවා මේක ගොඩක් ගුරුවරුන්ට ප්‍රින්සිපල් ලට වගේ අයට ජොබ් එක කරන ගමන් ඒකත් එක්කම සම්බන්ධ වෙලා කරන්න පුලුවන් එකක් .
- සාමාන්‍යෙන් PhD එකකදි යුනිවර්සිටි එකෙන් උපාධි අපේක්ෂකයාට ගෙවනවා ඒක කරනවට. ෆුලි ෆන්ඩඩ් ගොඩක් වෙලාවට. (ගෙවලා ගන්නවා නෙවෙයි. ගන්නවට ගෙවනවා! :D )

- සමහර පිළීගත් විශ්වවිද්‍යාල වලින් ඒ ඒ ක්ශේත්‍ර වල සුවිශේෂ හැකියා ඇති අයට ගෞරව ආචාර්‍ය උපාධි පිරිනමනවා. ( ආචාර්‍ය නන්දා මාලිනියන්ට සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයෙන් 2017 වර්ෂයේ පිරිනමපු Doctor of Philosophy (Fine Arts) Honoris Causa ඒ වගේ උපාධියක්.) ⁣
- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට (Dr සහ PhD කියන යෙදුම් දෙකම එක වෙලාවක පාවිච්චි කරන්නේ නෑ): ⁣
o Amarabandu Rupasinghe, PhD⁣
o Dr. Amarabandu Rupasinghe⁣
o අචාර්‍ය අමරබන්දු රූපසිංහ ⁣

------------------------------------------------------

𝐃.𝐒𝐜. – 𝐃𝐨𝐜𝐭𝐨𝐫 𝐨𝐟 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞⁣
- මේක ඉතා සුවිශේෂී, PhD එකටත් වඩා ඉහළ උපාධියක්.⁣
- යම් අයෙක් දිගුකාලීනව කරන අතිවිශිෂ්ට ගවේෂණ පරීක්ෂණ සහ ක්‍රියාකාරකම් මත පදනම්ව තමයි මේ උපාධිය පිරිනැමෙන්නේ. ⁣
- ලෝකයේ සමහර විශ්වවිද්‍යාල විතරයි D.Sc උපාධි පිරිනමන්නේ. ⁣
- සමහර රටවල් වල PhD එකට සමාන උපාධියක් විදිහටත් සලකනවා. ⁣

------------------------------------------------------

මහාචාර්‍ය පදවිය (𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐨𝐫𝐬𝐡𝐢𝐩)⁣
- මහාචාර්‍ය පදවිය කියන්නේ තනතුරක්, උපාධියක් නොවෙයි.⁣
- සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක උසස්ම අධ්‍යයන තනතුර වෙන්නේ මහාචාර්‍ය තනතුර.⁣
- බොහෝ වෙලාවට මහාචාර්‍ය කෙනෙක් වෙන්නේ ආචාර්‍ය උපාධියක් (PhD) එකක් සම්පූර්ණ කරපු කෙනෙක්.⁣
- USA වලදී Professor කියන term එක විශ්වවිද්‍යාල ගුරුවරු හැමෝටම යොදාගන්නවා. ඒ කියන්නේ PhD එකක් තිබ්බා හෝ නැතා, ඒ අය විශ්වවිද්‍යාලයක උගන්නනවා නම් professor කියලා හදුන්වනවා.⁣
- British system එකේදී ( ලංකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලත් තියෙන්නේ ඒ system එක) අනිවාර්‍යෙන්ම විශ්වවිද්‍යාලය මහාචාර්‍ය පදවිය ප්‍රදානය කළ යුතුයි.⁣
- යමෙක් විශ්වවිද්‍යාලයෙන් අයින් උනාම මහාචාර්‍ය කියන title එක අයින් වෙලා නැවත ආචාර්‍ය වෙනවා. ⁣
- හැබැයි සමහර අවස්ථා වල සුවිශේෂ පුද්ගලයන්ට ජීවිත කාලයටම බලපාන විදිහට මහාචාර්‍ය පදවි (Emeritus professor) පිරිනමනවා. මහාචාර්‍ය VK සමරනායක එවැනි අයෙක්.⁣ (සේවාර්ජිත මහාචාර්ය තමයි සිංහල නාමය)
මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Professor Amarabandu Rupasinghe⁣
o මහාචාර්‍ය අමරබන්දු රූපසිංහ⁣

------------------------------------------------------

මේ අධ්‍යාපන සුදුසුකම් නිසි ආකාරයෙන් සම්පූර්ණ කරන්න “හරියට” කරන මිනිස්සු පට්ටම කට්ටක් කනවා වගේම ලෝක දැනුම් පද්ධතියට හරයක් එකතු කරන්න තමන්ගේ ජීවිතේ සැළකියයුතු කාලයක් කැප කරනවා. ⁣

ඒ වගේම මේ උපාධි පිරිනමන “නිසි” ආයතන/ විශ්වවිද්‍යාල හරි ආකාර නියාමනයන්ට යටත් වෙලා කටයුතු කරනවා. ⁣

එහෙම තියෙද්දි ඩොලර්, රුපියල් වලට මේ අකුරු තුන හතර අලෙවි වෙද්දි, තමන්ට නැති උපාධි ගත්තා වගේ මාකට් කරද්දී, එව්වට කට පියාගෙන ඇස් අයාගෙන ඉන්නවා කියන්නේ අර වටිනාකමක් තියෙන මිනිස්සුන්ගෙත් වටිනාකම නැති කරන දෙයක්.⁣

තමන්ගේ දුවා දරුවන්ට පොඩ්ඩක් හරි ආදරයක් තියෙනවානම් “නිසි” අධ්‍යාපනයේ අගය වටහලා දෙන එක දෙමව්පියන්ගේ වගකීමක්. ඒත් එක්ක මේ සුදුසුකම්, උපාධි වල තියෙන බර, වටිනාකම අනිවාර්‍යෙන්ම කියලා දෙන එකත් යුතුකමක්! ⁣

උපුටා ගැනීමකි

19/07/2025

සොබාදහම +ආදරය+ සෞන්දර්ය +යෞවනය+අධ්‍යාපනය 🥹🍃
නමුණුකුල එළිමහන් රංග පීටය Uva Wellassa UniversityImage copyright belongs to the owner.👌

19/07/2025

සාමාන්‍යපෙළ සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා අයදුම්පත් කැඳවයි

සා.පෙළ විභාගය සමත් වුවද, අසමත් වුවද, උසස් පෙළ අධ්‍යාපනයක් හරහා වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමට අවස්ථාවක් සෑදීමේ අරමුණින් ක්‍රියාත්මක උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා දැන් අයදුම්පත් භාර ගැනීම ආරම්භ වී තිබේ.

මෙම විෂය ධාරාව හරහා 12 ශ්‍රේණියෙන් පසුව ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම 4 දක්වා වෘත්තීය පුහුණු පාඨමාලාක් පුරනය කිරීමේ හැකියාව උදාවන අතර, සිසුන්ට 28ක් දක්වා විවිධ විෂයන් අතරින් තම කැමැත්තට අනුව තේරීමක් කළ හැකියි.

🎓 පිවිසිය හැක්කේ කාටද?
• සා.පෙළ සමත් හෝ අසමත් ඕනෑම සිසුවෙකුට.

• 2023, 2022, 2021 වැනි වසරවල සා.පෙළ විභාගයට පැමිණි සියලුම සිසුන්ට.

• වයස් සීමාවක් නොමැත.

🛠️ පාඨමාලා 28ක් මෙසේය
(තෝරා ගත හැකි විෂය ක්ෂේත්‍ර)

ළමා මනෝ විද්‍යාව හා ආරක්ෂණය
සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය
ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා
ප්‍රාසංගික කලාව
කාර්ය සිද්ධි කළමනාකරණය
ශිල්ප කලා
අභ්‍යන්තර නිර්මාණකරණය (Interior Designing)
විලාසිතා නිර්මාණකරණය (Fashion Designing)
ග්‍රැෆික් නිර්මාණකරණය
සංචරණය හා ආගන්තුක සත්කාර
භූ දර්ශන නිර්මාණකරණය (Landscaping)
ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය
පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය
වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය
මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය
විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය
පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය
ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය
ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය
කලාව හා පිරිසැකසුම්කරණය
පාරිසරික අධ්‍යයනය
පරිගණක, දෘඪාංග හා ජාලකරණය
නිමැවුම්කරණය
විකිණුම් හා අලෙවිකරණය
සැපයුම් කළමනාකරණය
🏫 පාසල් 608කින් දිවයින පුරා ඉගැන්වීම්
• ඔබේ දිස්ත්‍රික්කයට අදාළ පාසල් සහ දුරකතන අංක බලන්න:

මෙතැන ක්ලික් කරන්න

https://moe.gov.lk/wp-content/uploads/2025/05/16/Annex2ALVSSchoolList2025.pdf

අයදුම් කිරීමට ඔබ කළ යුත්තේ:

1. ඔබට පහසු පාසලක් තෝරාගන්න.

2. ඒ පාසල වෙත අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න.

3. අවසන් දිනයක් සදහන් නැත

4. තවත් විස්තර සඳහා ඇමතිය හැක:

• 📞 011 2786136 / 011 2786746

මේ සමඟ අමුණා ඇති පාසල් ලේඛනය සහ 12 ශ්‍රේණියට ඇතුළත් වීමේ අයදුම්පත

28/06/2025

‼️‼️Attention for the applicants ‼️‼️

⚠️️Admission for University Colleges 2025 – Higher National Diploma (HND) Courses (NVQ 5,6)⚠️️

〽️University Colleges List〽️

❇️University College of Anuradhapura
❇️University College of Kuliyapitiya
❇️University College of Matara
❇️University College of Ratmalana
❇️University College of Jaffna
❇️University College of Batangala

〽️Courses List〽️

❇️Aquaculture and Aquatic Resources Technology
❇️Automobile Technology
❇️Building Services Technology
❇️Construction Technology
❇️Cosmetology
❇️Drafting Technology
❇️Electrical Technology
❇️Electronic Technology
❇️Event Management
❇️Farm Machinery Technology
❇️Fashion Designing Technology
❇️Food Technology
❇️Hospitality Management
❇️Maritime and Logistics Management
❇️Mechatronics Technology
❇️Post-Harvest Technology
❇️Production Technology – Mechanical and Manufacturing
❇️Quantity Surveying
❇️Refrigeration and Air Conditioning Technology
❇️Telecommunication Technology
❇️Travel and Tour Management
❇️Television Programme Production Technology
❇️Television Post Production Technology
❇️Information & Communication Technology (ICT)

〽️Entry Qualifications – GCE A/L 03 Passes in Relevant Stream / Subjects or NVQ 4 Qualifications in Relevant Field〽️

🔺Duration: 03 Years and 04 Months
🔺Medium: English
🔺NVQ Levels: 5,6
🔺Age Limit: Below 29
Pay your attention for this websites ⏱️🌏
Anuradhapura
www.uca.ac.lk
Batangala
www.ucbatangala.lk
Jaffna
www.ucj.ac.lk
Kuliyapitiya
www.uck.ac.lk
Matara
www.ucm.ac.lk
Ratmalana
www.ucr.ac.lk

100% free NVQ Level 06 programs.
Bursary scheme (Nipunatha Sisu Saviya) available for students who have financial dificuilties.
Government institues under University of Vocational Technology (Ministry of Education, Higher Education and Vocational Education)
High employability rate for course completed students.

University colleges have been gazetted for the 2025 batch of students and all applications are still pending. All applicants are advised to keep an eye on the above mentioned web pages and download your applications as soon as they are posted on the web pages.

Best Wishes ❤

2025ශිෂ්‍ය කණ්ඩායම් සදහා විශ්වවිද්‍යාල විද්‍යායතන මේ වන විට ගැසට් කර ඇත...

Photos from Nalin Hewage's post 23/06/2025

🫡

Photos from Nalin Hewage's post 22/06/2025

මෙතෙක් කල් ඇස් නොපාපු රජයන් අතරින් වත්මන් රජයටස්තූතියි..කඩදාසි හා වචනයෙන් සිදුකරන්නක් නොව දියුණුවක් හා ප්‍රමිතියක් යුතු අධද්‍යාපන ආයතන ව්‍යුහයක් දැකීමයි අපගේ දැක්ම ❤...📣

Photos from HEART of UC's post 04/06/2025

මේ අනුරාධපුරයේ හා සමාජ ජාලා ක්‍රියාකාරීන්ගේ හා පරිශීලකයන්ගේ අවධානය ලබා දී බෙදාගත යුතුම පෝස්ටුවක්...🙏
අනුරාධපුර නගර මධ්‍යට වන්න කාර්මික විදුහල ඉදිරි පිට ඇති මෑත කාලීනව ආරම්භ උනු උසස් අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාල විද්‍යායතන මගින් මේ දිනවල හඩ නගන්නා වූ ගැටලුවක් ගැනයි.🫡
වර්තමානය වන විට මෙම උසස් අධ්‍යාපන ආයතනය ජනප්‍රියතාව නිසාම මානව සම්පතෙහි වැඩි වීමක් සිදු වී ඇත..නමුත් භෞතික සම්පතෙහි අඩු පාඩුවක් නිසාම ගුණාත්මක අධ්‍යාපනයක් වුර්තීය පුහුණු ආයතනයක් ලෙසින් ලබා දීමට මෙම ආයතනය අපොහොසත් වී ඇත..දේශන ශාලා හිගය,විද්‍යාගාර පුලුල් නොවීම,හරිතාගාර පහසුකම්,ජලජ ජීවී තටාක සදහා ඉඩ ප්‍රමාණ,යෝජිත නමුත් නොලැබෙන නේවාසිකාගාර,ක්‍රීඩා පහසුකම්,සනීපාරක්ෂක කටයුතු එකී මෙකී නොකී අපහසුකම් රැසක් දක්නට ඇති ආයතයක් ලෙස පෙන්නුම් කල හැකියි..
නමුත් එය මෙසේ වීමට තිබු වූවක් නොවේ.පර්චස් 120කට යෝජිත භූමියක්ද නොවෙ.මේ යෝජිත නමුත් නොලැබුනු භූමියක් පිලිබද කරන අනාවරණයකි...
ඒ 2014හි විද්‍යායතනය තලාව ප්‍රදේශයේ රජයේ ඉඩමක අක්කර 5ක වපසරියක ඉදි වීමට තිබූවකි.නමුත් දුශ්කරතා නිසා නගර මධ්‍යට ගෙන ඒම සදහා ඒ වන විට කාර්මික විද්‍යාලයේ පරිපාලන නිල නිවාස පිහිටි අක්කර දෙක හමාරකට ආසන්න ප්‍රමාණයක් වෙන් වුනි..නමුත් අවසානයේ ගොඩ නැගිල්ලේ ප්‍රමාණයට භූමිය සීමා කරමින් අනෙක් භූමි ප්‍රමාණය නිදහස් කිරීමට ඔවුන් සූදානම් වූයේ නැත.ඒත් සමගම රාජපක්ෂ ආණ්ඩුව මාරු වූයෙන් විශ්ව විද්‍යාල විද්‍යායතන යනු අනෙක් බිහි වූ ආණ්ඩු වලට අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස හණ්වඩු ගැසීමක් පමණක් වී කිසිදු ප්‍රතිපාදනයක් වෙන් නොකිරීමට තරම් පිලිකුල් දේශපාලන රටාවක් ගෙන ගිය බව පැහැදිලි කරුණකි..එහි මානව සම්පත වැඩි උවද භෞතික සම්පතේ දියුණුවක් නම් නොකිරිනි.ඒත් සමගම වෙන් කෙරුණු භූමිය කාර්මික විද්‍යාල පරිපාලනය හා අනුරාපුර පරිපාලන අංශද ඇස් මනා පිට වල් වැදීමට ඉඩ හැරියේය..ඔවුනවුන්ගේ තානාන්තර කම් පෙන්වා ඔවුන් සිදු කලේ නිදහස් අධ්‍යාපනය පාගා දැමීමකි...අද වන විටත් එම වටිනා භූමිය වල් වැදී නිරපරාදේ තිබෙන අයුරු දැක ගත හැක..මෙම කරුනු ගැන අනාවරණ හා අදහස් ,තොරතුරු දැන ගැනීම ආදිය ජනතාව වශයෙන් ඔබට භාරයි...නගරයේ මැද එලෙස හුදකලා වන භූමියක් උසස් අධද්‍යාපයට ලබා දීම ගැන ඔබත් අදහසක් පල කරන්න....
#ඉගෙන_ගන්න_ඉඩක්_දියව්

Photos from HEART of UC's post 22/03/2025

අ'පුර සරසවියේ තවත් ලස්සන දවසක් GRAND IFTAR ☪️
ලස්සන වැඩක් 22❤️ උබලට ජය

Photo credit goes to owner.

Want your school to be the top-listed School/college in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Anuradhapura