Student Action Committee - University College of Anuradhapura
නිදහස් අධ්‍යාපනය රැකගැනීම උදෙසා......
21/06/2026
"අයිතීන් වෙනුවෙන් හඬ නැඟූ, හෙට දවස වෙනුවෙන් ජීවිතය කැප කළ ඒ ශිෂ්‍ය වීරයන්ගේ මතකය අභිමුව..."
අප අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේදී ඊයේ දින ඉතාමත් අභිමානවත් අයුරින් ශිෂ්‍ය වීර දිනය සමරනු ලැබූ අතර , එදා මෙදා තුර ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් සහ පොදු ජන අයිතීන් වෙනුවෙන් දිවි පිදූ, කැපවීම් කළ සියලුම වීර සිසුන්ව අපි මහත් ගෞරවයෙන් සිහිපත් කරමු.
Student Action Committee - University College of Anuradhapura
ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - විශ්ව විද්‍යාල විද්‍යායතනය අනුරාධපුර
19/06/2026
" හෙට දින වෙනුවෙන් අද දවස කැප කළ අමරණීයයන්ගේ මතකයයි! "
"නූපන් පරපුරක හෙට දිනය වෙනුවෙන් තම අද දිනය කැපකල අභීත දූ පුතුන් පිරිසක් මිහිතලය මත මිහිදන් වූහ!"
නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙනුත්, මතු පරපුරේ සුරක්ෂිතභාවය වෙනුවෙනුත් දිවි පිදූ, සටන් වැදුණු ඒ අභීත ශිෂ්‍ය වීරයන් අපට දැක්වූ අසීමිත ප්‍රේමය සදා අනුස්මරණීයයි. ඔවුන්
උරුම කර දුන් නිදහස රැකගැනීමටත්, අයිතිවාසිකම් දිනාගැනීමටත් පෙළගැසෙන සිසු පරපුරේ අභිමානය රැකගමු .
"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ"
"அவர்கள் உங்களை வரம்பින්றி நேசித்தனர்"
"They have loved you unconditionally"
නිදහස් අධ්‍යාපනයේ සහ ශිෂ්‍ය අයිතිවාසිකම්වල නාමයෙන් ඉතිහාසය රන් අකුරින් ලියූ ඒ විරුවන්ගේ මතකය හදවත් තුළ දල්වා ගනිමු.
🎓 Student Action Committee - University College of Anuradhapura
🎓 ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - විශ්ව විද්‍යාල විද්‍යායතනය අනුරාධපුර
07/06/2026
"විද්‍යායතනය යනු උගතුන්ගේ තක්සලාවකි; නූගතුන් රජ කරන වධකාගාරයක් නොවේ!"
"අකුරු උගන්වන දේශකයා පීඩිත කොට, අකුරු නොදත් අනධ්‍යන හෙංචයියන් රජ කරවන මේ 'පිළිකුල් සහගත පාලනය' වහාම හකුලා ගනු!"
අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය තුළ අද සිදුවන්නේ සමස්ත අධ්‍යාපන පද්ධතියටම මරණ සහතිකය ලියන නින්දිත ක්‍රියාවලියකි. දහඩිය හෙළා අපට දැනුම දෙන ගෞරවනීය දේශකවරුන්ගේ වෘත්තීය අභිමානය පාගා දමමින්, ඔවුන්ව මර්දනය කරමින්, පරිපාලන පුටුවල සැඟවී සිටින "නූගත් මාෆියාවක්" අද මුළු විද්‍යායතනයම තම ග්‍රහණයට ගෙන ඇත. තොප සිතන්නේ පරිපාලන බලය පාවිච්චි කර දේශකයන්වත්, ශිෂ්‍යයන්වත් බිය ගැන්විය හැකි බවද? උගතුන් දණගසා සිටින තැනක, නූගතුන් සෙල්ලම් දමන මේ විකෘති පාලනයට එරෙහිව අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනය සිසු බලය අද පෙන්වීමට සූදානම්ය.
දේශකයන් යනු ශිෂ්‍යයන්ගේ මග පෙන්වන්නාය. දේශකයා මර්දනය කරනවා යනු ශිෂ්‍යයාගේ අනාගතය අඳුරු කිරීමකි. AC කාමරවල සැඟවී තොප දමන පෑන් පාරට වඩා, අපේ ගුරුවරුන්ගේ ගෞරවය සුරැකීම අපට වටින්නේය. විද්‍යායතනය යනු පරිපාලන නිලධාරීන්ගේ "බප්පාගේ බූදලයක්" නොව, අපේ දහඩියෙන් සහ කඳුළෙන් ගොඩනැගුණු අනාගතයේ උල්පතයි. පරිපාලනයේ නාමයෙන් සිදු කරන මේ ම්ලේච්ඡ කුහකත්වය සහ අත්තනෝමතික මර්දනය වහාම නතර කරනු! නැතහොත් තොපේ කුහක සිංහාසන සිසු බලය හමුවේ සුනුවිසුනු වන දිනය වැඩි ඈතක නොවන බව මතක තබා ගනු!.
සහෝදරයා... සහෝදරිය... නිහඬව සිටියා ඇති! උගතුන් පීඩාවට පත් වන තැනක, නූගතුන් රජ කරන තැනක යුක්තියක් බලාපොරොත්තු විය නොහැක. මේ කුහක අනධ්‍යන පාලනය පලවා හැරීමටත්, දේශකයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ අයිතීන් ජයග්‍රහණය කරවීමටත් එකා මෙන් පෙළගැසෙමු!.
"උගතුන් පීඩිත තැන - නූගතුන් රජ කරන පාලනය පලවා හරිමු!"
ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය
04/06/2026
සිසුන්ගේ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් ගත් තීරණාත්මක පියවරක්!
01) අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ යටිතල පහසුකම් සංවර්ධනයට අග්‍රාමාත්‍යතුමියගේ උපදෙස්!
02) අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීමට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් පියවරක්!
අනුරාධපුර තාක්ෂණ විද්‍යාලයට අයත්ව තිබූ අප විශ්වවිද්‍යාලට හිමි වීමට නියමිත ඉඩමෙන් කොටසක් අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය වෙත පවරා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්තුමිය විසින් නිකුත් කරන ලද නිල ලිපිය පහත පරිදි වේ .
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ උතුරු, උතුරු මැද සහ වයඹ යන පළාත්වල සිසුන්ගේ වෘත්තීය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ස්ථාපනය කරන තෙක් සිසුන්ගේ ප්‍රායෝගික පුහුණු කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සැපයීමයි.
සිසුන්ගේ අධ්‍යාපන හා ප්‍රායෝගික පුහුණු කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සඳහා 2027 අයවැය යෝජනාවලිය මගින් ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමටත්, දිගුකාලීන යෝජනාවලියක් අදාළ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමටත් මෙහිදී සැලසුම් කර ඇත.
අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යටිතල පහසුකම් කඩිනමින් සැපයීමට අග්‍රාමාත්‍ය කාර්යාලය මැදිහත් වෙයි. (වැඩිදුර විස්තර ලිපියෙහි දැක්වේ .
අපට නිසි විශ්වවිද්‍යාලයක් ලබා දෙන බවට බලධාරීන් ලිඛිතව පොරොන්දු වී ඇත. සිසුන් වන අප, හුදෙක් බලාපොරොත්තු ඇති කරගෙන නිහඬව සිටින පිරිසක් නොවේ. එම ලිඛිත පොරොන්දුව යථාර්ථයක් වන තෙක් අපේ ශිෂ්‍ය ප්‍රජාව දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් බලා සිටිමු!
අපේ අයිතිය අපට ලැබෙන තුරු අපේ සෝදිසිය සහ හඬ නතර නොවේ. ✊🎓
#ඉඩක් #වෙනුවෙන් #හඩක්
03/06/2026
#ඉඩක් #වෙනුවෙන් #හඩක් !
*අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යාතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව*
වසර 10කට අධික කාලයක් මුළුල්ලේ ශිෂ්‍යයන්ගේ ලේ, දහඩිය, කැපවීම සහ අඛණ්ඩ අරගලය මත, අපගේ විශ්වවිද්‍යාල විද්‍යාතනය සඳහා වෙන් කිරීමට නියමිත යාබද ඉඩමෙන් කොටසක් 2026/05/26 දින සිට නිල වශයෙන් අපගේ අයිතියට පත්වී ඇත.
නමුත්, මේ ලැබූ කොටසෙන් අප සෑහීමකට පත් නොවේ. ශිෂ්‍යයන්ට හිමි සියලු අයිතිවාසිකම් සම්පූර්ණයෙන් දිනාගන්නා තෙක් අපගේ අරගලය නොනවතිනු ඇත.
මෙය හුදෙක් ඉඩමක් ලබා ගැනීමක් නොව, වසර ගණනාවක් මුළුල්ලේ නිදහස් අධ්‍යාපනය, ශිෂ්‍ය අයිතිවාසිකම් සහ නූපන් පරපුරේ අනාගතය වෙනුවෙන් ගෙන ගිය දැවැන්ත අරගලයක එක් ජයග්‍රාහී පියවරක් පමණි.
2015 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා මෙම අරගලය වෙනුවෙන් කැපවූ සියලු සහෝදරත්වයන්ගේ දහඩිය, කැපවීම, මහන්සිය, අධිෂ්ඨානය සහ එකමුතුව මෙම ජයග්‍රහණයේ සැබෑ ශක්තිය බව අප ගෞරවයෙන් සිහිපත් කරමු. තම පුද්ගලික වාසි පසෙකලා, ශිෂ්‍ය අයිතිවාසිකම් සහ නූපන් පරපුරේ මතු අනාගතය වෙනුවෙන් අරගල භූමියේ සටන් වදිමින් නොසැලී සිටි සියලු දෙනාට අපගේ උත්තමාචාරය සහ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු.
විශේෂයෙන්ම 22 ශිෂ්‍ය කණ්ඩායමේ සියලු සහෝදර සහෝදරියන් තම කාලය,පුද්ගලික ජීවිතය, ශක්තිය සහ අධිෂ්ඨානය මෙම අරගලය ජයග්‍රහණය කරා ගෙන යාම සඳහා සිදු කරනු ලැබූ කැපවීම අප ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සිහිපත් කරමු.
මතු පරපුරට යහපත්, ගුණාත්මක සහ නිදහස් අධ්‍යාපන පරිසරයක් උදාකර දීම වෙනුවෙන් මෙම අරගලයට සෘජුව හෝ වක්‍රව සහයෝගය ලබාදුන් සියලු දෙනාටද අපගේ ගෞරවණීය ස්තූතිය සහ හෘදයාංගම කෘතඥතාවය පුද කරමු.
*අපගේ සියලු ශිෂ්‍ය අයිතිවාසිකම් සම්පූර්ණයෙන් දිනාගන්නා තෙක් —*
*අප අරගල භූමියේ නොසැලී සටන් වදින්නෙමු ✊🏴*
අපගේ අරමුණු
# ශිෂ්‍ය අයිතිවාසිකම් සුරැකීම
# නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම
# විශ්වවිද්‍යාල විද්‍යාතනයේ අනාගතය ගොඩනැගීම. # මතු පරපුර වෙනුවෙන් අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම.
නිදහස් අධ්‍යාපනය දිනේවා! ✊
විශ්වවිද්‍යාල විද්‍යාතනය දිනෙන් දින දියුණු වේවා!
27/05/2026
පරිපාලනය තවමත් අඩ නින්දේ...!
"කරනවා" කියූ පොරොන්දු ප්‍රායෝගික ක්‍රියාවන් බවට පත්වන තුරු අප නිහඬ නැත. පුරසාරම් දෙස බලා සිටි කාලය අවසන්.
පොරොන්දු පත්‍රවලට සහ ලස්සන වචනවලට සීමා වූ විසඳුම්වලින් ශිෂ්‍ය ප්‍රජාව තවදුරටත් රවටන්න බැහැ. අපිට අවශ්‍ය පුරසාරම් නෙවෙයි, ප්‍රායෝගික ක්‍රියාමාර්ග!
ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් අපේ හඬ! ✊
විශ්වවිද්‍යාල පරිපාලනයේ අඩ නින්ද සහ වගකීම් පැහැර හැරීම හමුවේ, ශිෂ්‍ය ප්‍රජාව ලෙස අප තවදුරටත් නිහඬව නොසිටිමු.
දුන් පොරොන්දු වහා ඉටු කරනු!
ප්‍රායෝගික විසඳුම් වහා ලබා දෙනු!
පුරසාරම් නොව, ක්‍රියාවෙන් පෙන්වනු!
18/05/2026
Remembering the sacrifices made for peace and honoring all those affected by the conflict. May we move forward with unity, respect, and hope for a peaceful future. 🇱🇰
14/04/2026
ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!
சிங்கள மற்றும் இந்துப் புத்தாண்டு அமைதியும் மகிழ்ச்சியும் நிறைந்ததாக அமையட்டும்..!
-අන්තර් විශ්වවිද්‍යාල විද්‍යාතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -
12/04/2026
"වංචාවෙන් මුලා කළ කාලය අවසන් - දැන් ඇත්තේ සටනින් අයිතිය උදුරා ගැනීමේ හෝරාවයි!"
🚩✊
ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Anuradhapura