Anuradhapura Viharamahadevi Dhamma School

Anuradhapura Viharamahadevi Dhamma School Leading Dhamma School in Anuradhapura area...

*පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!* 🙏හුදෙක් විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජු හට “මිස්සක පව්ව” අසලදී මුළු ශ්‍රී ල...
29/06/2026

*පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!* 🙏
හුදෙක් විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජු හට “මිස්සක පව්ව” අසලදී මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්වීපයේ සිට වැඩි මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයාත් ඇතුලු දූත පිරිස මුණ ගැසුනේ මෙම පොහොය දිනයේ දීය. මිහිඳු හිමියන් රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කළේය. එපමනක් නොව භණ්ඩුක උපාසක තෙමේ මහණ කිරීම සමගම මෙරට භික්ෂු පරපුරේ ආරම්භයටද මූලික අඩිතාලම සැලසිණි. පොසොන් පොහෝ දින මහින්දාගමනය සමග අපට ලැබුණු ඒ අතිමහත් දායාදයන් නිසා අප රට ආධ්‍යාත්මිකව මෙන්ම සංස්කෘතික වශයෙන් ද මහත් දියුණුවක් අත්පත් කර ගන්නා ලදි.

මාධ්‍ය ඒකකය,
විහාරමහාදේවි දහම් පාසල,
අනුරාධපුර.




👨‍👧‍👦💙 *Happy Father's Day* 💙👨‍👧‍👦Today, we celebrate the strength, love, and sacrifices of every father who guides, pro...
21/06/2026

👨‍👧‍👦💙 *Happy Father's Day* 💙👨‍👧‍👦
Today, we celebrate the strength, love, and sacrifices of every father who guides, protects, and inspires their family every day. 🌟 From teaching life's greatest lessons to standing by us through every challenge, fathers are the silent heroes who make our lives brighter and stronger.

Thank you for your endless support, unwavering care, and the countless memories you create. 💙 Your love, wisdom, and dedication shape our future and remind us that we are never alone.

Wishing all fathers a day filled with love, happiness, and appreciation. 💐✨

Media unit,
Viharamahadevi dhamma school,
Anuradhapura.




*පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!* 🙏පන්සල් සුදුවන් පැහැයෙන් නැහැවෙන, සෑම නිවසක්ම වෙසක් කූඩු වලින් සැරසෙන, මං මාවත් දන්සල් ව...
29/05/2026

*පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!* 🙏
පන්සල් සුදුවන් පැහැයෙන් නැහැවෙන, සෑම නිවසක්ම වෙසක් කූඩු වලින් සැරසෙන, මං මාවත් දන්සල් වලින් ඉතිරෙන උතුම් වෙසඟ, බෞද්ධයන් සැමට වසරේ ශ්‍රේෂ්ඨතම දිනවලින් එකකි. මෙම දිනයේදී බෞද්ධයන්, බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සිදු වූ වැදගත්ම සිදුවීම වන තෙමඟුල සිහි කරයි.

● ලුම්බිණියේ සිදුහත් ගෞතමයන් උපත ලැබීම.
● සිද්ධාර්ථ ගෞතමයන්ගේ උත්තරීතර ජයග්‍රහණය වන බුදු බව ලැබීම.
● කුසිනාරාවේදී බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වීම.

බෞද්ධයන්ගේ වැදගත්ම පොහොය වන මෙම පොහෝ දින ලොව පුරා සිටින බෞද්ධයන් විසින් ආමිස මෙන්ම ‍ප්‍රතිපත්ති පුජා වලින් මහත් බැතියෙන් සමරනු ලැබේ.

මාධ්‍ය ඒකකය,
විහාරමහදේවි දහම් පාසල,
අනුරාධපුරය.




🌸💖 A mother’s love is the purest magic in this world — she sacrifices her happiness just to see her children smile. No m...
10/05/2026

🌸💖 A mother’s love is the purest magic in this world — she sacrifices her happiness just to see her children smile. No matter how old we grow, her heart is always our safest home. Happy Mother’s Day to every amazing mom! 👩‍👧‍👦🌷❤️

Media unit,
Viharamahadevi dhamma school,
Anuradhapura.



Anuradhapura Viharamahadevi Dhamma School - Media Unit

*සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!*🙏සිංහල භාෂාවෙන් "අලුත් අවුරුදු" සහ දෙමළ භාෂාවෙන් "පුතාන්ඩු" ලෙසද හඳුන්වන සිංහ...
14/04/2026

*සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!*🙏
සිංහල භාෂාවෙන් "අලුත් අවුරුදු" සහ දෙමළ භාෂාවෙන් "පුතාන්ඩු" ලෙසද හඳුන්වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිංහල සහ දෙමළ ප්‍රජාව විසින් සමරනු ලබන සැලකිය යුතු සංස්කෘතික හා සම්ප්‍රදායික උත්සවයකි. එය සාම්ප්‍රදායික සිංහල සහ දෙමළ දින දර්ශන අනුව අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් කරන අතර සාමාන්‍යයෙන් අප්‍රේල් මැද භාගයේදී වැටේ.

ජීවිතය, සමෘද්ධිය සහ පවුල් බැඳීම් අලුත් කිරීම සංකේතවත් කරන බැවින් මෙම සැමරුම අතිමහත් වැදගත්කමක් දරයි. විවිධ පුද පූජා, චාරිත්‍ර වාරිත්‍ර, උත්සව ආදියෙහි නිරත වීමට පවුල් එකතු වන කාලයකි. මිනිසුන් තම නිවෙස් පිරිසිදු කරයි, සාම්ප්‍රදායික රසකැවිලි පිළියෙළ කරයි, තෑගි හුවමාරු කර ගනී. අලුත් අවුරුදු උදාව සෞභාග්‍යය සහ වාසනාව සංකේතවත් කරීම ලිප දැල්වීමෙන් සලකුණු කෙරේ.

එපමණක් නොව, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ආගමික හා වාර්ගික සීමාවන් ඉක්මවා විවිධ ජන කොටස් අතර සමගිය සහ සහජීවනය ඇති කරයි. එය සංස්කෘතික උරුමයන් තුළ ගැඹුරින් මුල් බැසගත් සැමරුමක් වන අතර එය ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන්හි පොහොසත් පටිත්ත සිහිගන්වන්නකි.

මාධ්‍ය ඒකකය,
විහාරමහාදේවී දහම් පාසල,
අනුරාධපුර.


ස්වභාදහමේ අනර්ඝතම සිතුවම ලොවට එළි දක්වන, කාගෙ කාගෙත් සිත් සතුටින් උතුරන, එකිනෙකා අතර සහයෝගය සහෝදරත්වය තව තවත් දළු ලන, හෙ...
12/04/2026

ස්වභාදහමේ අනර්ඝතම සිතුවම ලොවට එළි දක්වන, කාගෙ කාගෙත් සිත් සතුටින් උතුරන, එකිනෙකා අතර සහයෝගය සහෝදරත්වය තව තවත් දළු ලන, හෙළයන්ගේ මහා කල එළි මංගල්‍යය, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද 2026, නැකැත් සීට්ටුව මෙසේ ඔබ වෙතට සමීප කරමු.

https://www.divaina.lk/breaking-news/67331

මාධ්‍ය ඒකකය,
විහාරමහාදේවී දහම් පාසල,
අනුරාධපුරය.


Happy New Year 2026 🎉✨A fresh beginning filled with new hopes and brighter days 🌅Grateful for the lessons of the past ye...
01/01/2026

Happy New Year 2026 🎉✨
A fresh beginning filled with new hopes and brighter days 🌅
Grateful for the lessons of the past year and ready for what’s ahead 🌱
This year is for growth, focus, and positive change 💪
Let’s move forward with confidence and kindness 🤍
Wishing everyone a joyful and successful New Year 🥂🎆

Media unit,
Viharamahadevi dhamma school,
Anuradhapura.


*චිරං ජයතු!*අප දහම් පාසලේ ප්‍රධානාචාරිනී අනුරාධපුර සුමනසීලී සිල් මෑණියන් වහන්සේ කසාවත දරා 52 වසරක් පිරෙන අද දවසේ තව චිරා...
09/12/2025

*චිරං ජයතු!*
අප දහම් පාසලේ ප්‍රධානාචාරිනී අනුරාධපුර සුමනසීලී සිල් මෑණියන් වහන්සේ කසාවත දරා 52 වසරක් පිරෙන අද දවසේ තව චිරාත්කාලයක් සාසනය බබලන්නට ශක්තිය ධෛර්යය ලැබේවායී අපි සැම පතමු.

සිසු දරුවන්,
ආචාර්ය මණ්ඩලය,
මාධ්‍ය ඒකකය,
ශිෂ්‍යනායක සංසදය.

සැකසුම - සුවහස් සචින්ත (11 ශ්‍රේණිය)
මාධ්‍ය ඒකකය,
විහාරමහාදේවි දහම් පාසල,
අනුරාධපුර.


මෙවර පැවැත්විමට සුදානම් වෙමින් තිබු ශ්‍රී සඟමිත් තෙරණි ගුණසමරු ජාතික පෙරහැර රට තුළ පවතින ව්‍යසනය හමුවේ නොපැවෙත්වෙන අතර ප...
30/11/2025

මෙවර පැවැත්විමට සුදානම් වෙමින් තිබු ශ්‍රී සඟමිත් තෙරණි ගුණසමරු ජාතික පෙරහැර රට තුළ පවතින ව්‍යසනය හමුවේ නොපැවෙත්වෙන අතර පෙරහැරේ ගමන් කරන දරුවන්ගේ රාත්‍රී ආහාර වේල සඳහා ඔබ ලබාදුන් අධාර මුදල් වලින් කොටසක් වියදම් කර අද දින ජල ගැලීම් නිසා අසරණ වූ සරණ ළමා නිවාසයේ දරුවන් වෙනුවෙන් හා යහලේගම ප්‍රදේශයේ පවුල් කීපයකට ඇඳුම් සහ වියලි ආහාර ලබාදෙන ලදී. මේ සඳහා දායකත්වය ලබා දුන් ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තූතියි!

සංවිධානය - දහම් පාසල් ආදිශිෂ්‍ය සංගමය

මාධ්‍ය ඒකකය,
විහාරමහාදේවි දහම් පාසල,
අනුරාධපුරය.

*පින්බර බිනර පොහෝ දිනයක් වේවා! 🙏*ශාසන ඉතිහාසය තුළ ඉතා වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ අද දිනය පින්බර බිනර පුර පසළොස්වක...
07/09/2025

*පින්බර බිනර පොහෝ දිනයක් වේවා! 🙏*
ශාසන ඉතිහාසය තුළ ඉතා වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ අද දිනය පින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයයි. බිනර පොහෝ දින ශාසනික වැදගත් කම :-
1. එවකට භාරතීය සමාජයේ කාන්තාවන්ට තිබු අඩු සැලකිලි වලින් මුදවා නිසි තැන ලබා දීම සඳහා අෂ්ඨ ගරු ධර්ම පිළිගැනීම මගින් භික්‍ෂුණී ශාසනය පිහිටුවීම හා එතෙක් සම්පූර්ණ නොවූ සිව්වනක් පිරිස සම්පූර්ණ වීම.
2. බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම වීම.
3. තපස්සුභල්ලුක වෙලඳ දෙබෑයන්ට බුදුරජාණන්වහන්සේ ලබාදුන් කේශ ධාතු තැන්පත් කර ගිරිහඞුසෑය ලක්දිව පිහිටුවීම.
4. ග්‍රීවා ධාතුව ලක්දිව ප්‍රථම සෑය වන මහියංගන සෑරදුන්ගේ තැන්පත් කිරීම.
මෙවැනි වැඩගත්කම් රාශියක් පෙන්වන අද දවස ඔබ සැමට පින්බර පොහෝ දිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමු.

සැකසුම - සුවහස් සචින්ත (11 ශ්‍රේණිය)
මාධ්‍ය ඒකකය,
විහාරමහාදේවි දහම් පාසල,
අනුරාධපුර.




Address

Bandaranayaka Mawathawa
Anuradhapura
5000

Alerts

Be the first to know and let us send you an email when Anuradhapura Viharamahadevi Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category