03/07/2026
“බලාපොරොත්තුවේ ප්‍රාර්ථනාව”
හදිස්සි අනතුරකට මුහුණ දී දැනට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අප විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක කේ.වී.උමේෂ් ආකල්ප විතාරණ පුතුණුවන්ට ඉක්මන් සුවය පතමින් විදුහල්පතිතුමිය ප්‍රමුඛ ගුරුභවතුන්ගේ ප්‍රධානත්වයෙන් සාමාබෝධි විහාරස්ථානයේදී 2026.07.01 දින පැවැත්වූ ආශිර්වාද බෝධිපූජාමය පිංකම මෙහෙයවූ ලුණුවටුලෑවේ සුජාත ශෝබන නායක ස්වාමීන්වහන්සේට බෙහෙවින්ම ගෞරවපූර්වක ස්තූතිය පුදකර සිටින අතර, ඒ සඳහා සහසම්බන්ධ වූ පාසලේ සිසු සිසුවියන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ටත් බොහොම පිං.