05/09/2021
*ඉටි තම්බා නිර්මාණ රස විදිමු.*
ඉටි තැම්බීමේ දී විවිධ වූ රසායනික ද්‍රවය යෙදීමට ඇතත් ඒවා නිසි ආකාරව සකසා නිසි වේලාවෙන් තම්බා අවසන් කර ගන්නේ නම් ඒවා අවශ්‍ය නොවේ.
පරණ නිර්මාණයක් වූවද නිවැරදි උෂ්ණත්වයේදී සබන් කුඩු පමණක් යොදා ඉටි ඉවත්කර ගත හැක.
මෙසේ නිවැරදිව ඉවත් කරන ඉටි නැවත නව නිර්මාණ සදහා ආපසු යොදා ගැනීමේ හැකියාව ඇත.
ආධුනික ඔබේ ඉටි තැම්බීමේ කලාව තරමක් අසාර්ථක වූවද ඉතිරි වූ ඉටි නැවත අයන් කිරීම මගින් ඉවත් කර ගැනීමේ හැකියාවද ඇත.
05/09/2021
*ඔක්කොම පංති වල උගන්වන ඩයි වර්ග හරියටම දාන්නේ කොහොමද?*
*ඩයි වර්ග*
01. නැප්තෝල් ඩයි
02. වැට් ඩයි
03. රිඇක්ටිව් ඩයි
ඉහත ඩයි වර්ග සදහා වෙනස් ආකාරයේ ඩයි අනුපාත , රසායනික ද්‍රවය හා වතුර පරිමාණ පවතී.
ඒවා නිසි ආකාරව මිශ්‍ර කිරීමෙන් නිවැරදිව පැල්ලම් නැතිව ලස්සන නිර්මාණ කරමු.
*නැප්තෝල් ඩයි*
අවශ්‍ය ද්‍රවය:-
නැප්තෝල්
ඩයි සෝල්ට්
කෝස්ටික් සෝඩා
වයින් ස්ප්‍රීට්
දිය ලුණු
*වැට් ඩයි*
වැට් ඩයි
කොස්ටික් සෝඩා
ජලය
හයිඩ්‍රො
*රිඇක්ටිව් ඩයි*
*Method 01*
රිඇක්ටිව් ඩයි
Soda ash
යූරියා
සෝඩියම් සිලිකේට්
*Method 02*
රිඇක්ටිව් ඩයි
Global Salt
යූරියා
සෝඩියම් සිලිකේට්
ඇසිටික් ඇසිඩ්
Soping Agent
Fixing
නිවැරදි අනුපාතයන්ගෙන් නිවැරදි ලෙස මිශ්‍රකර නිසි කාලයක් තිබෙන්නට හැර සෝදාගන්නේනම් වර්ණවත් හා දීප්තිමත් වර්ණ බතික් කලාවේ සිහිනයක් නොවේ
තවද, විවිධ ආයතන මගින් ගෙන්වනු ලබන වැට් , නැප්තෝල් හා රිඇක්ටිව් ඩයි වර්ග සදහා අදාල අමුද්‍රවයම විවිධ අනුපාත වලින් නිවැරදිව මිශ්‍ර කිරීමෙන් නිවැරදි ලෙස වර්ණ ගැන්වීම සිදුකල හැක.