යම් දිනෙක මගේ දරුවන් මා පසු කර ඉදිරියට යා යුතුම යි...🥺❤️🩹🙏
අහිංසක දරුවෝ එක්ක ගෙවුන හැම තත්ත්පරේ ම *"සතුට"* මහ ගොඩක් උතුරන්න පිරිලා තිබ්බා...❤️🥰
ගුරුවරයා - Teacher
ආදරණීයයන් සතුටු කරන්න අපෙන් වටිනාකමක්
10/04/2026
වර්තමාන සමාජය තුළ දරුවන් අතර ගුරු ගෞරවය පිරිහී යාම බරපතළ සමාජීය ගැටලුවක් බවට පත්ව තිබේ. ඒ සඳහා බලපාන ප්‍රධාන හේතු කිහිපයක් පහත පරිදි හඳුනාගත හැකිය.
1. පවුල් පසුබිම සහ දෙමාපියන්ගේ ආකල්ප
දෙමාපියන් ගුරුවරුන් විවේචනය කිරීම: දරුවන් ඉදිරියේ දෙමාපියන් විසින් ගුරුවරුන්ගේ අඩුපාඩු කතා කිරීම හෝ ඔවුන්ට දොස් පැවරීම නිසා දරුවා තුළ ගුරුවරයා කෙරෙහි ඇති පැහැදීම නැති වී යයි.
අධික සුරතලය: ඇතැම් දෙමාපියන් තම දරුවා කරන වැරදි පවා සාධාරණීකරණය කරමින් ගුරුවරුන් සමඟ ගැටුම් ඇති කර ගැනීම.
2. අධ්‍යාපන ක්‍රමයේ සහ සමාජයේ වෙනස්කම්
අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් වීම: අතිරේක පන්ති (Tuition) සංස්කෘතිය නිසා අධ්‍යාපනය යනු මුදලට ගන්නා සේවාවක් යන හැඟීම දරුවන් තුළ ඇති වී තිබේ. මෙය "ගුරු-ශිෂ්‍ය" සම්බන්ධතාවයට වඩා "ගනුදෙනුකරු-සේවාදායක" සම්බන්ධතාවයක් බවට පත්ව ඇත.
තාක්ෂණයේ බලපෑම: අන්තර්ජාලය සහ ස්මාර්ට් දුරකථන හරහා ඕනෑම තොරතුරක් ක්ෂණිකව ලබාගත හැකි නිසා, ගුරුවරයා යනු දැනුම ලබා දෙන එකම මූලාශ්‍රය නොවන බව දරුවන් සිතීමට පෙළඹීම.
3. ගුරුවරුන්ගේ පාර්ශවයෙන් සිදුවන අඩුපාඩු
වෘත්තීය ගෞරවය ආරක්ෂා නොකිරීම: ඇතැම් ගුරුවරුන්ගේ හැසිරීම්, ඇඳුම් පැළඳුම් හෝ අපක්ෂපාතී නොවන ක්‍රියාකලාපයන් නිසා දරුවන් තුළ ඔවුන් කෙරෙහි පවතින ගෞරවය අඩු විය හැකිය.
සෙනෙහස සහ මඟපෙන්වීම අඩුවීම: ගුරුවරයා යනු හුදෙක් විෂය කරුණු උගන්වන්නෙකු පමණක් නොව, දරුවාගේ ජීවිතයට ආදර්ශයක් දිය යුතු අයෙකි. එවැනි ආදර්ශවත් බවක් නොමැති වීම ගෞරවය හීන වීමට හේතුවකි.
4. ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල බලපෑම
චිත්‍රපට, ටෙලිනාට්‍ය හෝ විහිළු වීඩියෝ මගින් ගුරුවරයා උපහාසයට ලක්වන අයුරින් නිරූපණය කිරීම දරුවන්ගේ මානසිකත්වයට සෘජුවම බලපායි.
සාරාංශය:
ගුරු ගෞරවය රැකීම යනු හුදෙක් සම්ප්‍රදායක් නොව, එය දරුවාගේ විනය සහ අනාගත පෞරුෂ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. මෙය යථා තත්ත්වයට පත් කිරීමට නම් දෙමාපියන්, ගුරුවරුන් සහ මුළු මහත් සමාජයම වගකීමෙන් කටයුතු කළ යුතුය.
09/04/2026
තමන්ගේ පාසල පිළිබඳ හැගෙන දේ ලියාගෙන යමු.
03/04/2026
පාසලේදී දරුවන්ගේ රුචිය අනුව ඔවුනට ඕනෑම ආකාරයකට හැසිරිය හැක..
" කිසිදු ආකාරයේ දඬුවමක් හෝ බැනවැදීමක් සිදුකල නොහැක"
ඉතින් ආදරණිය ජනතාවට පාසල් ගුරුවරයෙක් ලෙස මෙලෙස පවසන්නම්..
අවුරුදු ගාණක් දුක් විඳලා...නිදිමරාගෙන...විභාග සමත්වෙලා විශ්ව විද්‍යාල හෝ විද්‍යාපීඨ ගොස් රැකියාවක් ලබාගත්තේ හොඳ කරන්න ගොස් හිරබත් කෑමට නොවෙයි.
යම් දඬුවමක් මත කිසියම් හෝ පැමිණිල්ලක් සිදු කලහොත් නීතිය අනිවාර්‍යෙන්ම ගුරුවරයාට එරෙහිව කටයුතු කරාවි.
ඒ නිසා
" අනේ බලන්නකෝ..ගුරුවරු ලමයිනේ විනය ගැන හොයන්නේ නෑ..,,, ගුරුවරු ඉස්කෝලේ වැඩ කරන්නේ නෑ...,,මේ ඉස්කෝලවල ගුරුවරු ඉන්නේ ඇස් කන් පියාගෙනද...,, ඉස්සර ගුරුවරු නම් මෙහෙම නෙවෙයි...අපිට ගැහුවේ හරමයි..මෙහෙමයි" කියාගෙන නම් එන්න එපා...🙏🙏🙏
මොකද ඉස්සර කොහොම දඬුවම් කලත් මෙහෙම නීතියෙන් ගුරුවරයාව වැරදිකාරයෙක් කරේ නෑ...
ඒ නිසා වෙනකෙකුගේ දරුවන්ගේ අනාගතය සුබ දායි කරන්න ගිහින්...තමන්ගේ දරුවාට මවක් හෝ පියෙක් අහිමි කර ගැනීමට නොහැකි බව මෙසේ ප්‍රකාශ කර සිටිමි...අනාගත පරපුරර දෙවියන්ගේම පිහිටයි..🙏🙏
සෑහෙන කට්ටක් කාලා ගත්ත ජොබ් එක වටිනවා
වර්තමානයේ ගෙනෙන අලුත් නීති
සීමාවන් නොඅසා අනාගතයේ දඬුවම් ලබාදෙන වගයි.
02/04/2026
මින් ඉදිරියට ඔබේ දරුවාට කිසිදු දඬුවමක් හිමි නොවේ.
මම උගන්නන විට
ළමයෙක් නිදාගෙන සිටියා හේතුවක් නොඅසා අනිත් ළමයින්ට විෂය කරුණු පමණක් කියාදෙමි.
පන්තියෙන් එළියට ගියොත් ඇයි කියලවත් අහන්න බැරි වෙයි.
උගන්නවන්න බැරි මට්ටමටම පන්තිය නොසන්සුන් වුනොත් මම ගුරු පුටුවෙ වාඩි වී බෙල් කල පසු පන්තියෙන් එලියට එමි...
මට වටිනවා අවුරුදු දහතුනක් ඉගෙනගෙන කට්ට කාලා ගත්ත මගේ මේ පුංචි රැකියාව.
කිසිදු රැකියාවක් සර්ව සම්පූර්ණ නැත.
සතුටින් රැකියාවේ නිරත වන්න....
Click here to claim your Sponsored Listing.