සිතුධන Sithudhana

සිතුධන Sithudhana

Share

පළමුව පාසල දෙවනුව අපි.

30/11/2024

සිතුධන

11/08/2024

පන්තියේදි විතරක් නෙමෙයි, ගෙදරිනුත් වැඩ කරන්න ඕනෙ පුතා.

11/08/2024
29/06/2024

නොපෙනෙන දේ දකින්න පුරුදු වෙන්න.. 🌻

ඉදිරියේ තිබූ මෝටර් රථය ඉබ්බෙක් වගේ හෙමින් හෙමින් යද්දි මම එක දිගට හෝන් එක නාද කලත් සතුටු වෙන්න පුලුවන් ප්‍රතිචාරයක් මට ලැබුනේ නෑ..

ටික වෙලාවකින් මෝටර් රථයේ පිටුපස අලවා තිබුනු කුඩා ස්ටිකරය දැක්කම මට මගේ සිහිය නැති වේගෙන යනවා වගේ ලොකු දුකක් , මං ගැනම කණගාටුවක් ඇති වුනා..

ඒකෙ තිබුනේ..
"ශාරීරික ආබාධ සහිතයි; කරුණාකර ඉවසන්න."
🥺

ඒ වාක්‍යය හැමදේම වෙනස් කලා.. මං සන්සුන් වෙලා වේගය වහාම අඩු කලා..

මම විනාඩි කිහිපයක් ප්‍රමාද වී වැඩට ආවත් , ඒක ගැටලුවක් වුනේ නෑ..

මං කල්පනා කලා.. ඒ ස්ටිකරය නොතිබ්බත් මට ඉවසන්න තිබුනා නේද..? 😔

මිනිස්සු එක්ක ඉවසීමෙන් ජීවත් වෙන්න අපිට ස්ටිකරයක් අවශ්‍යද.. ?

මිනිසුන්ගේ නළලේ ලේබල් අලවා තිබුණේ නම් අපි මිනිස්සු සමඟ වඩාත් ඉවසීමෙන් හා කරුණාවෙන් කටයුතු කරනවාද?

මේ වගේ ලේබල්..

~ මගේ රස්සාව නැති වුණා.
~ පිළිකාවට එරෙහිව සටන් කිරීමි.
~ නරක දික්කසාදයක් හරහා ගමන් කිරීමි.
~මානසික අපයෝජනයට ලක්වී සිටිමි.
~ ආදරය කරන කෙනෙකු අහිමි වී ඇත.
~ මා පිළිබදව කිසිදු වටිනාකමක් නැති හැඟීමක් සමග ජීවත් වෙමි.
~ මූල්‍යමය ගැටලු රැසක හිර වීඇත.
....සහ මේ වගේ තවත්.🥺

හැමෝම ඉන්නේ අපි නොදන්න සටනක.

අපට කළ හැකි අවම දෙය නම් ඉවසීමෙන් හා කරුණාවන්ත වීම නේද.. ?

අපිට ඔවුන්ගේ වේදනාව තේරුම් ගන්න හෝ ඔවුන්ට උදව් කරන්න , ඔවුන් අපිට ඒ පීඩාකාරී ගැටලු පැහැදිළි කරන්නම ඕනෙද?

අපිට පුලුවන් නේද හැමෝම ජීවත් වෙන්නෙ නොපෙනෙන ලේබලයක් හෝ ලේබල් කිහිපයක් තමන් ලග තියාගෙන කියන එක තේරුම් ගන්න..

ඉතින් අපි හැමෝම එක්ක සතුටින් ඉමු..
ආදරය, කරුණාව බෙදමු..
පුලුවන් හැම වෙලාවකම අනිත් අයට උදව් කරමු..

අනිත් අයට ආදරය, කරුණාව බෙදලා අපේ හිතට දැනෙන සැනසීම විදිමු.. 🌻♥️

✍️ FB උපුටා ගැනීමකි මුල් අයිතිකරුට ස්තූතියි
Translated & edited
Rashali

Photos from සිතුධන Sithudhana's post 17/06/2024

තිලකරත්න අවුසදපිටිය සර් අද දින පැවැත්වූ ශිෂ්‍යත්ව පෙරහුරු පරීක්ෂණය සහ සම්මන්ත්‍රණය ඉතා සාර්ථකව නිම විය.

Want your school to be the top-listed School/college in Anuradhapura Town?

Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Anuradhapura Town