Sri Seelakkandha Dhamma School (සීලක්ඛන්ධ දහම් පාසල)

Sri Seelakkandha Dhamma School (සීලක්ඛන්ධ දහම් පාසල) ආලෝකෝ උදපාදි (ආලෝකය උදාවිය)

අම්බලන්ගොඩ සුමනසාර නායක හිමිපානන්ගේ (අපවත්වීවදාල) අනුශාසකත්වයෙන් වර්ෂ 1975 සැප්තැම්බර් මස 22 දින හිරේවත්ත සිරි විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ආරම්බ කරන්නට යෙදුන ශ්‍රී සීලක්ඛන්ධ දහම් පාසල මේ වන විට අම්බලන්ගොඩ පුරවරයේ ප්‍රමුකතම දහම් පාසල ලෙස සමස්ත ලංකාව තුලම සිය කීර්තිය පතුරැවමින් දැහැමි බොදු සමාජයක් ගොඩ නැගීමේ සත් කාර්යයේ නියලී සිටී.

දක්ෂිණ ලංකාවේ අමරපුර මහා නිකායේ (මාතර පාර්ෂවයේ) සංගනායක (Deputy Chief Sanga Nayake (Matara Chapter)Southern Sri Lanka of the Amarapura Maha Nikaya) ශාස්ත්‍රපති, පණ්ඩිත අතිපූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම නායක හිමි වර්තමාන ප්‍රදානාචාර්යය ධුරය දරන අතර උප ප්‍රදානාචාර්යය මාවරල සුමන රංසි හිමි ප්‍රමුඛ සංඝයා වහන්සේලාත් ඇතුලු 25 දෙනෙකක්ගෙන් පමන සමන්විත උගත් ආචාර්යය මණ්ඩලයක් විසින් දහම් පාසල මෙහෙයවනු ලබයි.

අප දහම් පාස‍ලේ විශේෂත්වය වනුයේ නිර්මල බුදු දහම බෙදාහරින අතරම එහි ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයට යොදා ගැනීමට අවශය ක්‍රියාකාරකම් මෙහෙයවමින් ළමයා එයට හුරැ කිරීමයි. වර්තමාන සමාජයේ දක්නට ලැබෙන ඉරිදා ටියුෂන්, ළමා මනස විකෘති කරන ආර්ථික ක්‍රමය, ළමා කාලය ගිලගන්නා තරගකාරී අධ්‍යාපන ක්‍රමය, රූපවාහිනිය වැනි සමාජ පිලිල හා තරග කරමින්සාරධර්ම සපිරි යහපත් දරැවකු බිහිකරන්න වෙහෙසන අතරතුර දරැවාගේ සහජ කුසලතා (කථික,විවාද,නාට්‍ය, චිත්‍ර,නර්තන,වාදන) එළිදක්වන්නටත් දියුණු කරන්නටත්කටයුතු යොදා ඇත.

හෙට දින පසුතැවෙනවා වෙනුවට අද දින නිවැරදි දේ කරමු, මේ ඉරිදා ඹබත් ලගම දහම් පාසලට එන්න.

අම්බලන්ගොඩ හිරේවත්ත සීලක්ඛන්ධ දහම්පාසලේ ත්‍යාග ප්‍රධානෝත්සවයට අරමුදල් සපයා ගැනීම සදහා පවත්වන භාණ්ඩ සල්පිල, 2022/02/05 පෝ...
01/02/2023

අම්බලන්ගොඩ හිරේවත්ත සීලක්ඛන්ධ දහම්පාසලේ ත්‍යාග ප්‍රධානෝත්සවයට අරමුදල් සපයා ගැනීම සදහා පවත්වන භාණ්ඩ සල්පිල, 2022/02/05 පෝය දින සවස 6යේ සිට වෙලේ පන්සලේදී පැවැත්වේ. මේ අවස්ථාවට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන ලෙස ඔබට ආරාධනා කර සිටිමු..

12/03/2020

කොවිඩ් 90 හේතුවෙන් අප්‍රේල් 20 දක්වා දහම්පාසල් වසාතබන ලෙස දැනුම්දී ඇත.

17/12/2017
27/04/2014

වෙසක් මහා පෙරහැර මෙවරත් මැයි මස 15 දින අම්බලන්ගොඩ නගරය පුරා වීදි සංචාරය කරනු ලබයි. සංවිධාන ශක්තිය අම්බලන්ගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලය, දහම් ගුරු සංසදය සමගින් ශ්‍රී සීලක්ඛන්ධ දහම් පාසල

02/01/2013

ශ්‍රී සීලක්ඛන්ධ දහම් පාසල - 2013 වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනීම ජනවාරි මස 13වැනි ඉරුදින දක්වා සිදු කෙරේ.විමසීම්, උපප්‍රදානාචාර්ය මාවරල සුමන රංසි හිමි.

01/01/2013

ආයු වඩ්ඩකෝ
ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ
යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ
වර්ණ වඩ්ඩකෝ
සුක වඩ්ඩකෝ
2013 සුභ නව වසරක් වේවා!

29/12/2012
20/11/2012

ශ්‍රී සීලක්ඛන්ධ දහම් පාසලේ ගුරු දෙගුරු හමුව 2012.12.02 දින පෙ.ව.9.00ට හිරේවත්ත,සිරි විජයාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. මෙම රැස්වීම සදහා සිසු දරු දැරියන්ගේ මව,පියා හෝ භාරකරු සහභාගිවිය යුතුය.

Address

Sri Wijayaramaya
Ambalangoda
80300

Telephone

+94912259417

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Seelakkandha Dhamma School (සීලක්ඛන්ධ දහම් පාසල) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category