Science teacher- Gayani Chathurangani

Science teacher- Gayani Chathurangani රසවත්ව විද්‍යාව

🛑2024 වසරේ 6 ශ්‍රේණියට පිවිසෙන ආදරණීය දූ පුතුනිඔයාලගේ ආසම විශයය විද්‍යාව බවට පත්වෙනවා නොඅනුමානයි.එන්න හොදම තැනින් හොදම ව...
09/11/2023

🛑2024 වසරේ 6 ශ්‍රේණියට පිවිසෙන ආදරණීය දූ පුතුනි
ඔයාලගේ ආසම විශයය විද්‍යාව බවට පත්වෙනවා නොඅනුමානයි.
එන්න හොදම තැනින් හොදම විදියට ඉගෙන ගන්න.
පාඩමට අදාල
🛑ප්‍රායෝගික පරීක්ෂණ
🛑ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමග
විමසීම් - වට්ස්ඇප් 077 0422 696

පොඩ්ඩන්ගේ විද්‍යා පන්තිය6 ශේණිය නව බදවගැනීම් දැන් ඇරඹී ඇත.
08/11/2023

පොඩ්ඩන්ගේ විද්‍යා පන්තිය
6 ශේණිය නව බදවගැනීම් දැන් ඇරඹී ඇත.

05/05/2023

#පොතකින්_කොටසක්

හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ පුංචි දේකදී හරි දරුවන් අගය කරන්න පුලුවන් නම් ඒක එයාලට මහමෙරක්ඉස්කෝලේදීත් අපි පුංචි පුංචි ඒව...
29/04/2023

හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ
පුංචි දේකදී හරි දරුවන් අගය කරන්න පුලුවන් නම් ඒක එයාලට මහමෙරක්

ඉස්කෝලේදීත් අපි පුංචි පුංචි ඒවගේ වැඩ අගය කල අවස්තාවක්
පාසලේ විදුහල්පති තුමාටත්,සියලුම අචාර්ය මණ්ඩලයටත් මාගේ හදවතින්ම ස්තූති කරනවා

පොඩ්ඩන්ට සයන්ස්
28/04/2023

පොඩ්ඩන්ට සයන්ස්

නව වර්ෂය සදහා විද්‍යාව පන්තියට නවක සිසුන් දැන් බදවාගැනේ.
17/04/2023

නව වර්ෂය සදහා විද්‍යාව පන්තියට නවක සිසුන් දැන් බදවාගැනේ.

සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
14/04/2023

සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏

26/03/2023

කලාකරුවනි ඔබට නිවන් සුව 🙏

අදින් අවසන් වුනු 2022 වසරේ මගේ පුංච් පැටවු එක්ක  මම පාසලේ කල ක්‍රියාකාරකම් කීපයක් ...❤මහන්සි දැනුනත් පුන්චි එවුන්ගේ ප්‍ර...
26/03/2023

අදින් අවසන් වුනු 2022 වසරේ මගේ පුංච් පැටවු එක්ක මම පාසලේ කල ක්‍රියාකාරකම් කීපයක් ...❤
මහන්සි දැනුනත් පුන්චි එවුන්ගේ ප්‍රායෝගික වැඩවලට තියෙන ආසව එයාලා එක්ක හරි හරියට වැඩ කරද්දී අපිත් ආයේ පාසල් කාලෙට ඉබේම යනවා..😊😍

⭕රසවත්ව විද්‍යාව,⭕2023 වර්ෂය වෙනුවෙන් නව කාලසටහන නවක සිසුන් දැන් බඳවා ගැනේ.⭕සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරී,⭕වසර පහක ...
19/03/2023

⭕රසවත්ව විද්‍යාව,

⭕2023 වර්ෂය වෙනුවෙන් නව කාලසටහන
නවක සිසුන් දැන් බඳවා ගැනේ.

⭕සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරී,

⭕වසර පහක පලපුරුද්දක් සහිත රජයේ පාසැල් ගුරුවරියකගෙන් ඔබගේ දරුවාට හොදම ඉගැන්වීම.

⭕විද්‍යුතය,ඉලෙක්ට්‍රොනික විද්‍යාව,රසායන විද්‍යා ප්‍රායෝගික ක්‍රියාකාරකම් පන්තිය තුළදීම දරුවන්ට ලබාදීමට උපකරණ

⭕තනි හෝ කණ්ඩායම් පන්ති සදහා විමසන්න.
⭕ගයනි මිස්
076-8572696

විද්‍යා විශයට ආදරය කරන පොඩ්ඩන්ට සියලුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත පන්ති කාමරයක අත්දැකීම විදගන්න
20/02/2023

විද්‍යා විශයට ආදරය කරන පොඩ්ඩන්ට සියලුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත පන්ති කාමරයක අත්දැකීම විදගන්න

සඳ මත ගොවිතැනFUTURESPACEමිනිසා අවසන් වරට සඳ මත ඇවිද ගියේ 1972 වසරේ දීයි. ඒ ඇපලෝ 17 මෙහෙයුම මගින්. සඳ වෙත පියාසර කෙරෙන නි...
18/02/2023

සඳ මත ගොවිතැන
FUTURESPACE

මිනිසා අවසන් වරට සඳ මත ඇවිද ගියේ 1972 වසරේ දීයි. ඒ ඇපලෝ 17 මෙහෙයුම මගින්. සඳ වෙත පියාසර කෙරෙන නියමු මෙහෙයුම් නවතා දමා මේ වසරේ දෙසැම්බර් මසට අඩසියවසක් සැපිරෙනවා. ඇපලෝ 11 සිට ඇපලෝ 17 වන තෙක් චන්ද්‍ර මෙහෙයුම් හතක් පුරාවට සඳ මත ඇවිද යමින් විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් නව මං මාවත් විවර කර දෙන්නට NASA ආයතනය සමත් වූවා. මේ මෙහෙයුම් මගින් අනාගත පර්යේෂණ කටයුතු සඳහා විටින් විට කිලෝ ග්‍රෑම් 382 බරින් යුතු චන්ද්‍ර පාංශු කොටස් පෘථිවිය වෙත ගෙන එනු ලැබුණා.

සඳ මත මානව ජනාවාස ඉදිකිරීම කාලයත් සමඟ ඉදිරියේ දී නිසැක වශයෙන් ම සිදුවන්නක් ලෙස හඳුනාගත හැකියි. NASA ආයතනය සිය Artemis වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේත් 2024 වන විට යළි සඳ මතට ගොස් මානව ජනාවාසයක් ගොඩනැංවීමේ අරමුණ ඇතිවයි. ඕනෑම අභ්‍යවකාශ මෙහෙයුමක ගගනගාමීන් සඳහා වෙන්වන ආහාර පාන පිළිබඳව යොමුවන්නේ විශේෂ අවධානයක්. ජනාවාස ගොඩනැංවුණ අනාගතයක දී ආහාර පාන සඳහා ම වෙන්වුණු පියාසැරි සඳවෙත දියත් කිරීම අතිශය අකාර්යක්ෂම මෙන් ම වියදම් අධික ක්‍රියාදාමයක් වනු ඇති. මීට ඇති වඩාත් පහසු ම විසඳුම වන්නේ ආහාර පිළියෙළ කරගත හැකි ආකාරයේ භෝග සඳ මත වගා කිරීමයි.

එතරම් වියලි, නිසරු, තියුණු ස්වභාවයකින් යුතු චන්ද්‍ර දුහුවිල්ලේ ශාක වගාකිරීම කළ හැකි දෙයක් දැයි ඔබ සැක කරනවා විය හැකියි. නමුත් ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් ඇපලෝ 11, 12 සහ 17 යන මෙහෙයුම්වලින් පෘථිවියට ගෙන ආ චන්ද්‍ර පස් සාම්පල 12ක් මත සාර්ථක ලෙස ශාක පැළකරන්නට සමත් වී තිබෙනවා. චන්ද්‍ර පස් සාම්පලවලට අමතරව සංයුතියෙන් ඊට සමාන පෘථිවියේ යමහල් ආශ්‍රිත අළු සාම්පල 16ක් ද ඔවුන් සන්සන්දනය සඳහා යොදාගෙන තිබෙනවා.

පර්යේෂණ කණ්ඩායම විසින් පුරා වසර 11 ක් තිස්සේ මේ කටයුත්ත සඳහා පස් සාම්පල ලබාදෙන මෙන් NASA නාසා ආයතනයෙන් කළ ඉල්ලීම් ගණන තුනක්. ඉන් මුල් දෙවතාවේ දී ම ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරුණු බව Time ​සඟරාව වාර්තා කරනවා. කෙසේ නමුත් අවසානයේ පර්යේෂණ කණ්ඩායමට හිමි වූයේත් ග්‍රෑම් 12ක පස් ප්‍රමාණයක් පමණයි. චන්ද්‍ර පස් සාම්පල අධික විද්‍යාත්මක වටිනාකමකින් යුතු වීම ඊට හේතුවයි. මේ හේතුව නිසා ම මෙවැනි අතිශය සුළු පාංශු ප්‍රමාණයක් මත වැඩිය හැකි, ප්‍රමාණයෙන් කුඩා ශාකයක් සොයාගැනීමට ඔවුන් පෙළඹුණා. මේ අධ්‍යයනයේ කර්තෘවරයෙකු වන ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ ආචාර්ය රොබට් ෆර්ල් පවසන්නේ ඉහත හේතුව නිසාත්, වැඩි වශයෙන් විද්‍යාත්මක පර්යේෂණයන්ට බඳුන් කළ ශාකයක් වීම නිසාත් මේ කටයුත්ත සඳහා Arabidopsis thaliana යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මීවන ශාක විශේෂය තෝරාගත් බවයි.

මේ සඳහා යොදා ගැනුණේ බැක්ටීරියාවන් වගා කිරීම සඳහා යොදා ගැනෙන ඇඟිලි තුඩක ප්‍රමාණයේ ප්ලාස්ටික් දීසියි. එක් එක් ශාකය වෙනුවෙන් වෙන් කර තිබුණේ පස් තේ හැන්දක, එනම් ග්‍රෑම් එකක ප්‍රමාණයක්. ඒවා වාතය සැපයෙන පරිදි ප්‍රශස්ත ආලෝක තත්ත්වයක් යටතේ පැය 48ත් 60ත් අතර කාලයක් පවතින්නට ඉඩ හැරි අතර බීජ වැඩෙන්නට පටන් ගෙන තිබුණා. නමුත් මාධ්‍යය ලෙස යොදාගත් විවිධ පස් සාම්පලයන්ගෙන් ලැබුණු ප්‍රතිඵල විවිධාකාර බව නිරීක්ෂණය වුණා. ශාක විශේෂය වඩාත් හොඳින් වැඩී තිබුණේ පෘථිවියේ යමහල් ආශ්‍රිත අළු මිශ්‍ර පස් සාම්පල මතයි. චන්ද්‍ර පස් සාම්පල මත ද ශාක වැඩී තිබුණ ද පෘථිවි සාම්පල මත පැළ වූ ශාක මෙන් සාරවත් බවක් ඒවායෙන් දිස් වූයේ නැහැ. නමුත් ඒවාගේ ද පැහැදිලි විවිධත්වයක් නිරීක්ෂණය වී තිබෙනවා. වඩාත් ම දුර්වල ලෙස වැවී තිබුණේ ඇපලෝ 11 මෙහෙයුමෙන් ගෙන ආ චන්ද්‍ර පස් සාම්පල මත වැඩුණු ශාකයි. ඇපලෝ 12 මෙහෙයුමෙන් ගෙන ආ පස් මත වැඩුණු ශාක ඊට සාපේක්ෂව තරමක් හොඳිනුත්, ඊට වඩා හොඳින් ඇපලෝ 17 චන්ද්‍ර පස් සාම්පල මතත් මීවන ශාක වැඩී තිබුණා. පර්යේෂකයන් පවසන්නේ මින් වැදගත් කරුණු කිහිපයක් ඉස්මතු වන බවයි.

ඇපලෝ 11 ගොඩබස්වන ලද ‘නිසල මුහුද’ ඇපලෝ 12 සහ 17 පිළිවෙළින් ගොඩබස්වන ලද ‘කුණාටු මුහුද’ හා ‘ටෝරස් – ලිට්‍රෝව්’ පෙදෙසට වඩා පැරණියි. කාලයත් සමඟ චන්ද්‍ර මතුපිට කොස්මික් කිරණයන්ට මෙන් ම සූර්ය කුණාටුවලටත් බඳුන් වනවා. එනිසා පස පැරණි වන්නට එහි ඇති සාරවත් ස්වභාවය වියැකී යනවා.

පර්යේෂකයන් පවසන්නේ චන්ද්‍රයා මත එළිමහනේ නම් වගා කිරීම අතිශය අපහසු කටයුත්තක් වනු ඇති බවයි. චන්ද්‍රයාගේ පස් මාධ්‍යය ලෙස භාවිතා කරමින් ජනාවාස අභ්‍යන්තරයේ ශාක වගා කිරීම සතුටුදායී ප්‍රතිඵල ගෙන දෙනු ඇතැයි ඔවුන් නිගමනය කරනවා. කෙසේ නමුත් මේ පිළිබඳ නිශ්චිත නිගමනයටකට එළැඹීමට මෙවැනි සුළු නියැදි ප්‍රමාණයක් යොදා ගනිමින් කළ පර්යේෂණයක් ප්‍රමාණවත් නොවනු ඇති බවත් පුළුල් පර්යේෂණයන් දියත් විය යුතු බවත් පර්යේෂකයන් අවධාරණය කරනවා.

එබැවින් චන්ද්‍රයා මත මානව ජනාවාසයන් ඉදිකිරීමේ දී එය ඉදිකරන ස්ථානය පිළිබඳ මෙන් ම එහි අවට ඇති පසෙහි ස්වභාවය ගැන ද විශේෂ අවධානයක් යොමුකිරීමට සිදුවනු ඇති.

අනාගතයේ මං සලකුණු
සත්‍ය හෙට්ටිආරච්චි

Address

Aluthwala
Ambalangoda
80332

Telephone

+94770422696

Website

Alerts

Be the first to know and let us send you an email when Science teacher- Gayani Chathurangani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share