Kshethrarama Maha Pirivena - Kandeviharaya

Kshethrarama Maha Pirivena - Kandeviharaya විද්‍යා දදාති විනයං

27/08/2026

පොහෝ දින දහම් සිතුවිල්ල. 🙏

පිංබර නිකිණි පොහෝ දිනයක් වේවා!. 🍀🌼🌿🌸

නිකිණි පුන් පොහෝ දින ඓතිහාසික හා ශාසනික වැදගත්කම 🌸🙏

ශාසන ඉතිහාසයේ පර්යාප්ති ධර්මයේ චිරස්ථිතිය උදෙසා මෙන්ම ශාසනික විනය කර්මයන්හි වැදගත් සන්ධිස්ථාන රැසක් සනිටුහන් වූ දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක පොහොය දිනය සැලකේ.🙏

🌸ප්‍රරථම ධර්ම සංගායනාව:

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් තෙමසකට පසු, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අජාසත් රජුගේ රාජ්‍ය අනුග්‍රහයෙන් රජගහනුවර සප්තපණ්ණී ගුහා ද්වාරයේදී පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කෙරුණේ නිකිණි පොහෝ දිනයකදීය.

🌸ආනන්ද හිමියන් රහත්භාවයට පත්වීම

ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරණුවන් ප්‍රථම ධර්ම සංගායනාවට එක්වීමට පෙර දින, එනම් නිකිණි පොහෝ දිනයේදී සිව් ඉරියව්වෙන් තොරව අරහත් ඵලයට පත්විය.

🌸පසුවස් සමාදානය:

ඇසළ පුර පසළොස්වකට පසුදින (පෙරවස්) වස් විසීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා සඳහා නිකිණි පොහොය දිනට පසුදින 'පසුවස්' විසීමට බුදුරදුන් විනය ප්‍රඥප්තියක් පනවන ලදී.

🌸රාහුල තෙරණුවන්ගේ රහත්භාවය

බුදුරජාණන් වහන්සේ 14 වන වස් කාලයේදී ශ්‍රාවස්තිපුර ජේතවනාරාමයේ වැඩ වසද්දී දේශනා කළ මහාරාහුලෝවාද සූත්‍රය ශ්‍රවණය කළ රාහුල හිමියන් අරහත්භාවය ලබාගත්තේ ද නිකිණි පොහෝ දිනකය.

🌸ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය:

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර වීදි සංචාරය කරනු ලබන්නේ ද නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාත්‍රියේදීය.🙏

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා.🙏

මාධ්‍ය ඒකකය
ක්ෂේත්‍රාරාම මහ පිරිවෙණ
කන්දෙවිහාරය
අළුත්ගම

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා.🙏මාධ්‍ය ඒකකයක්ෂේත්‍රාරාම මහ පිරිවෙණ කන්දෙවිහාරයඅළුත්ගම
29/07/2026

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා.🙏

මාධ්‍ය ඒකකය
ක්ෂේත්‍රාරාම මහ පිරිවෙණ
කන්දෙවිහාරය
අළුත්ගම

අලුත්ගම කන්දෙවිහාර ක්ෂේත්‍රාරාම මහ පිරිවෙණෙ මධ්‍ය වාර විභාගය අවසන් කොට ශිෂ්‍ය ප්‍රගති වාර්තා ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලා හා ...
25/07/2026

අලුත්ගම කන්දෙවිහාර ක්ෂේත්‍රාරාම මහ පිරිවෙණෙ මධ්‍ය වාර විභාගය අවසන් කොට ශිෂ්‍ය ප්‍රගති වාර්තා ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලා හා සිසු දරුවන් වෙත ලබා දීම.

මධ්‍ය වාර විභාගය අවසන් කොට ශිෂ්‍ය ප්‍රගති වාර්තා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා හා සිසු දරුවන් වෙත ලබා දීම අද දින අප පිරිවෙණෙහි ගරු පරිවේණාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දාපනේ ශ්‍රී මහින්ද හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.

එහිදි සිසුන් ඇගයීමට ලක් කිරීම, උත්තරපත්‍ර ලිවීමේදී සිදු වී ඇති අඩුපාඩු පෙන්වා දීම හා ප්‍රගති වාර්තා සිසුන් වෙත ලබා දීම පරිවේණාධිපති ස්වාමීන්වහන්සේ විසින් සිදු කල අතර නියෝජ්‍ය පරිවේණාධිපති (පරිපාලන) නවදගල නාලක ස්වාමීන්වහන්සේ විසින් අදහස් දක්වමින් සිසුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දෙන ලදී.

මාධ්‍ය ඒකකය
ක්ෂේත්‍රාරාම මහ පිරිවෙණ
කන්දෙවිහාරය
අළුත්ගම

වාර්ෂික අධ්‍යාපන චාරිකාව -2026ක්ෂේත්‍රාරාම මහ පිරිවෙණමාධ්‍ය ඒකකයක්ෂේත්‍රාරාම මහ පිරිවෙණ කන්දෙවිහාරයඅළුත්ගම
21/07/2026

වාර්ෂික අධ්‍යාපන චාරිකාව -2026
ක්ෂේත්‍රාරාම මහ පිරිවෙණ

මාධ්‍ය ඒකකය
ක්ෂේත්‍රාරාම මහ පිරිවෙණ
කන්දෙවිහාරය
අළුත්ගම

පිරිවෙන් අධ්‍යාපන අංශය මගින් පවත්වන මධ්‍ය වාර විභාග කටයුතු ආරම්භ කරමින් 2026.07.13මාධ්‍ය අංශයක්ෂේත්‍රාරාම මහ පිරිවෙණකන්ද...
15/07/2026

පිරිවෙන් අධ්‍යාපන අංශය මගින් පවත්වන මධ්‍ය වාර විභාග කටයුතු ආරම්භ කරමින්
2026.07.13

මාධ්‍ය අංශය
ක්ෂේත්‍රාරාම මහ පිරිවෙණ
කන්දෙවිහාරය
අලුත්ගම

අන්තර් පාරිවේණික දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම 2026 තරගාවලියේ ක්ෂේත්‍රාරාම මහා පිරිවෙණේ ජයග්‍රහණය ලැබූ සියලුම ශිෂ්‍ය හි...
15/07/2026

අන්තර් පාරිවේණික දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම 2026 තරගාවලියේ ක්ෂේත්‍රාරාම මහා පිරිවෙණේ ජයග්‍රහණය ලැබූ සියලුම ශිෂ්‍ය හිමිවරුන්ට උණුසුම් සුභ පැතුම්!.

මාධ්‍ය අංශය
ක්ෂේත්‍රාරාම මහ පිරිවෙණ
කන්දෙවිහාරය

06/07/2026
29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා.
ක්ෂේත්‍රාරාම මහා පිරිවෙණ - කන්දේ විහාරය

මාධ්‍ය අංශය
ක්ෂේත්‍රාරාම මහ පිරිවෙණ
කන්දෙවිහාරය
අලුත්ගම

📸 Photography by - Kavindu Abeygunawardhana
🎨 Edit, Design & Published by - PDS Creation - Studio & Print Shop

පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා. 🙏
29/06/2026

පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා. 🙏

පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා.
29/05/2026

පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා.

Address

Kandeviharaya
Aluthgama
12080

Website

Alerts

Be the first to know and let us send you an email when Kshethrarama Maha Pirivena - Kandeviharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share