23/03/2026
අදින් පටන් ගන්නේ මේ ලෝකයේ ඉරණම තීරණය වෙන අතිශය තීරණාත්මකම සතිය.මහා ඛේදවාචකයක් වනවාද නැත්නම් ආක්‍රමණිකයන් යුද්ධය අත හරිනවාද යන්න මේ සතියේ තීරණය වේවි.ඒකට හේතු හුඟක් තියෙනවා.
අමරිකානු ජනාධිපති වරයා හෝමූස් සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කරන්න ඉරානයට පැය 48ක් ලබා දුන්නා.ඒ පැය 48 හෙටින් අවසන් වෙනවා.එය නොකලහොත් ඉරාන බලාගාර ඉල,ක්ක කරනවා කියලා දැඩි අ,නතුරු ඇඟවීමක් ඔහු නිකුත් කරා.ඉරානය ප්‍රකාශ කලේ එහෙම කරොත් තමන් අනිත් ගල්ෆ් රටවල බලාගාර ඉලක්, ක කරනවා කියලා.
මැදපෙරදිග ජල බලාගාර වලට හානි සිද්ධ උනොත් වෙන තත්වය හිතා ගන්න බෑ.අපේ වගෙ රටක නම් ගඟකින් ඇලකින් හරි අපි හැමෝටම වතුර ටිකක් හොයා ගන්න පුලුවන්.හැබැයි මැදපෙරදිග ඒක කරන්නබෑ.ඒ නිසා ඒක ව්‍යසනයක් වෙන්න පුලුවන්.
එහෙම තත්වයක් ඇතිඋනොත් සෞදි අරාබිය,කටාර් රාජ්‍ය සෘජුවම යුද්ධයට එකතු වෙන එක නතර කරන්න බෑ.හුඟක් දුරට අමරිකාව ඒකම බලාපො,රොත්තු වෙනවත් වෙන්න පුලුවන් .
එහෙම උනොත් ඉතාම භයානක තත්වයක් අත් වෙන්න ඉඩ තියෙනවා.ඉරානය දැනටම ඔප්පු කරලා තියෙනවා තමන්ගේ Hypersonic අවි වලින් කලාපයේ න්‍යෂ්,ටික බලාගාර උනත් ඉල,ක්ක කරන්න පුලුවන් කියලා.ඉරානයට තමන්ට අහිමි වෙන්න දෙයක් නෑ කියලා යම් මොහොතක දැනුනොත් ඔවුන් ඉතාම භයානක ඒ අවස්ථාවට ලෝකය අරන් යන්න ඉඩ තියෙනවා.ලෝකෙම අල්ලපු ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා පවා වරෙක ප්‍රකාශකරේ පර්සියානු බිමේ මිනිසුන් කිසිවිටෙකත් පහසුවෙන් තම භූමිට යටත් කර ගැනීමට ඉඩදෙන්නේ නැති ජාතියක් කියලා.
මේ සතිය ඒ සියල්ල තීරණය කරාවි.මේ දින 7 සිද්ධවෙන දේවල් ලෝකයේම අනාගතය තීරණය කරාවි.හැමෝම පරිස්සමට ඉන්න..🙏
Copied