25/05/2026
🍵 Japanese Tea Ceremony (茶道 – Sadō / Chadō) – ජපන් තේ පැන් කළාව ගැන අද අපි බලමු. .
ජපානයේ Tea Ceremony (茶道 – Sadō / Chadō) කියන්නේ සාමාන්‍ය තේ බොන ක්‍රියාවක් විතරක් නෙවෙයි. එය සංස්කෘතිය, ගෞරවය, සාමය, විනය සහ සෞන්දර්යය එකට බැඳුණු විශේෂ චාරිත්‍රයක්. මේක ජපානයේ සම්ප්‍රදායික කලා අංගයක් ලෙස සලකනවා.
“茶 (Cha)” කියන්නේ තේ, “道 (Dō)” කියන්නේ මාර්ගය/ජීවිත මග කියන අදහස. ඒ නිසා “茶道” කියන්නේ “තේ තුළින් ජීවිතය ඉගෙන ගන්නා මග” වගේ අර්ථයක් තියෙනවා.
🍃 Tea Ceremony එකේ ඉතිහාසය
ජපානයේ තේ සංස්කෘතිය ආරම්භ වුණේ චීනයෙන් තේ ජපානයට ගෙනා කාලයේදීය .පසුව Zen Buddhism (සෙන් බෞද්ධ චින්තනය) සමඟ මෙය ගැඹුරු සම්බන්ධයක් ඇති විය . 16වන සියවසේ Sen no Rikyū නම් පුද්ගලයා Tea Ceremony එක අද තිබෙන සරල, සාමකාමී ආකාරයට සංවර්ධනය කලේය . ඔහු “සරලකම තුළ ලස්සන” කියන අදහසට වැඩි වටිනාකමක් දුන්නේය.
🍵 Tea Ceremony සදහා භාවිතා කරන තේ මොනවාද ?
මෙහි වැඩිපුර භාවිතා කරන්නේ Matcha (抹茶) කියන කොළ පැහැති තේ කුඩු වේ. Matcha එක විශේෂ බඳුනක දමා උණු වතුර එක්ක whisk (කෝප්ප වගේ කුඩා උපකරණයක්) එකෙන් මිශ්‍ර කරයි.
Tea Ceremony එකේ ප්‍රධාන තේ වර්ග දෙකක් තිබේ .ඒවා නම් ,
1. 濃茶 (Koicha) – ගැඹුරු, තද තේ
2. 薄茶 (Usucha) – සාමාන්‍ය, ටිකක් සැහැල්ලු තේ
🏡 Tea Room (茶室 – Chash*tsu)
Tea Ceremony එක බොහෝ විට පවත්වන්නේ චාශිත්සු (Tea Room) කියන විශේෂ කුඩා කාමරයක වේ . මේ කාමර සරලව, නිශ්ශබ්දව, ස්වභාවික ලස්සනකින් සැලසුම් කර ඇත . අමුත්තන් ඇතුල් වෙන්න කලින් බොහෝවිට අත් සෝදා පිරිසිදු වෙනවා. ඒක ශාරීරික පිරිසිදුකමට වඩා මනස පිරිසිදු කිරීම කියන අදහසත් දරනවා.
🌸 Tea Ceremony එකේ වැදගත් මූලධර්ම 4
Tea Ceremony එකේ ජීවිතයටම අදාල මූලික වටිනාකම් 4ක් තියෙනවා:
和 (Wa) – Harmony (සමගිය)
අය අතර සමාදානය සහ ස්වභාවය සමඟ එකතු වීම.
敬 (Kei) – Respect (ගෞරවය)
අනිත් අයට, උපකරණවලට, පරිසරයට ගෞරව දැක්වීම.
清 (Sei) – Purity (පිරිසිදුකම)
ශරීරයෙන් පමණක් නොව, හිතෙන්ද පිරිසිදු වීම.
寂 (Jaku) – Tranquility (සන්සුන් බව)
අභ්‍යන්තර සාමය සහ නිහඬ බව.
Tea Ceremony එකේ ආචාර :
Tea Ceremony එකේ විනය සහ manners ගොඩක් වැදගත්.
✔️ තේ ලබාගන්න කලින් bow (නමස්කාර) කරනවා
✔️ තේ කෝප්පය අත් දෙකෙන් ගන්නවා
✔️ කෝප්පය ටිකක් හැරවලා බොනවා (front side එකෙන් නොබොන ආචාරයක්)
✔️ බොන්න කලින් “お点前頂戴します (Otemae chōdai shimasu)” වගේ ගෞරව වචන භාවිතා කරනවා.
🌿 Tea Ceremony එක ජපානයට වැදගත් ඇයි?
Tea Ceremony එකෙන් ජපන් මිනිස්සු සහනය, patience, respect, mindfulness වගේ දේවල් ඉගෙන ගන්නවා. ඉක්මන් ලෝකයක මොහොතකට නතර වෙලා, සාමයෙන්, හිත එකතු කරගෙන ඉන්න එක මේකෙන් උගන්වනවා.
ජපානයේ බොහෝ දෙනා Tea Ceremony ඉගෙන ගන්නේ සංස්කෘතිය රැක ගැනීම සහ හොඳ manners ඉගෙන ගැනීම සඳහා වේ.
ජපානයේ Tea Ceremony එකේ අදහසක් තියෙනවා:
一期一会 (Ichigo Ichie) – “මෙම හමුව එකම වතාවක් විය හැක” කියන අර්ථය. ඒ කියන්නේ, එක් එක් මොහොත අගය කරමින් ජීවත් වෙන්න කියන ලස්සන ජපන් අදහසක්.🌸