MJ Education

MJ Education MJ Education, 教育関連サイト, Saga-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

අපි MJ අධ්‍යාපනය ජපානයේ ඔබේ සිහින සැබෑ කර ගැනීමට හොඳම සහ පහසුම මාර්ගය ඔබට සපයයි! 🎌

Embrace yourself where dreams come true, we MJ Education provides you the best and easiest path to make your dreams come true in 🇯🇵

🇯🇵 ජපන් ඉගෙනගෙන ජපානයට යන්න! 🇯🇵ජපානයේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා සූදානම් වන ඔබ වෙනුවෙන් ජපන් ගුරුවරුන් විසින් පවත්ව...
19/08/2026

🇯🇵 ජපන් ඉගෙනගෙන ජපානයට යන්න! 🇯🇵

ජපානයේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා සූදානම් වන ඔබ වෙනුවෙන් ජපන් ගුරුවරුන් විසින් පවත්වනු ලබන විශේෂ දින 2ක වැඩමුළුවක්! 🌸

📚 ජපන් භාෂාව ඉගෙන ගන්න
🇯🇵 ජපානයට යන මාර්ගය පිළිබඳ දැනුවත් වන්න
👨‍🏫 ජපන් ගුරුවරුන්ගෙන් සෘජුවම දැනුම ලබාගන්න

🎉 කිසිදු අය කිරීමක් නොමැත!

📅 දිනය: සැප්තැම්බර් 5 සහ 6
🏫 MJ EDUCATION (PVT) LTD

📲 WhatsApp: +81 90 2851 3001

✨ ඔබේ ජපාන සිහිනය සැබෑ කරගන්න අදම එක්වන්න! 🇯🇵🌸

Dream. Plan. Work. Make it happen. 🇯🇵✨At MJ Education, we believe every Japan dream deserves the right guidance, dedicat...
17/08/2026

Dream. Plan. Work. Make it happen. 🇯🇵✨

At MJ Education, we believe every Japan dream deserves the right guidance, dedication, and support. From learning Japanese to taking the next step toward your future in Japan, we’re here to help turn your dreams into a real journey. 📚✈️🌸

Your dream. Your journey. Your Japan. ❤️🇯🇵

🇯🇵 MAIMI JAPANESE EDUCATION INSTITUTE (PVT) LTD 🇯🇵🌸 ජපානයේ අධ්‍යාපනයට යන්න බලාපොරොත්තුවෙන් සිටින ඔබට විශේෂ අවස්ථාවක්! 🌸ජ...
09/08/2026

🇯🇵 MAIMI JAPANESE EDUCATION INSTITUTE (PVT) LTD 🇯🇵

🌸 ජපානයේ අධ්‍යාපනයට යන්න බලාපොරොත්තුවෙන් සිටින ඔබට විශේෂ අවස්ථාවක්! 🌸

ජපන් භාෂාව ඉගෙනගෙන ජපානයේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට, වයස් සීමාවකින් තොරව සහභාගී විය හැකි විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අප විසින් සංවිධානය කර ඇත.

මෙහිදී ඔබට,

🇯🇵 ජපානයේ අධ්‍යාපන ක්‍රමය
📚 ජපන් භාෂා අධ්‍යාපනය
🏫 ජපානයේ ජපන් භාෂා පාසල් පිළිබඳ වැදගත් තොරතුරු
📋 ජපානයේ අධ්‍යාපනයට අදාළ නීති හා රෙගුලාසි
🎓 ජපානයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා
📝 සම්මුඛ පරීක්ෂණ සහ විභාග පිළිබඳ තොරතුරු
📢 ජපානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන නවතම වෙනස්කම්

ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳව සෘජුවම දැනුවත් විය හැක.

📅 දිනයන්

සැප්තැම්බර් 05 සහ 06

දින දෙක පුරාම ඔබ සමඟ රැඳී සිටිමින් අවශ්‍ය සියලු තොරතුරු ලබාදීමට අප සූදානම්.

👨‍👩‍👧‍👦 දෙමාපියන් සමඟ පැමිණිය හැක.

💰 සහභාගී වීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

📍 ස්ථානය:
MJ EDUCATION – මැදිරිගිරිය

🇯🇵 ජපානයේ ජපන් භාෂා පාසල්වල ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ වැඩසටහන සංවිධානය කර ඇත.

⚠️ ආසන සීමිත බැවින් අදම ඔබගේ සහභාගීත්වය තහවුරු කර ආසනය වෙන්කරවා ගන්න!

📞 වැඩි විස්තර සඳහා අපව අමතන්න.

MAIMI JAPANESE EDUCATION INSTITUTE (PVT) LTD
🇯🇵 ඔබගේ ජපාන අධ්‍යාපන සිහිනයට නිවැරදි මඟ පෙන්වීමක්! 🇯🇵

TP-+81 90 2851 3001
+94 76 735 5002

විදේශීය සිසුන් සඳහා මිනිත්තු 10කින් සූදානම් කළ හැකි සරල ජපන් ආහාරයක් 🇯🇵🍚🥢 අවශ්‍ය ද්‍රව්‍ය:* පිසූ බත්* බිත්තර* මිසෝ (Miso...
07/08/2026

විදේශීය සිසුන් සඳහා මිනිත්තු 10කින් සූදානම් කළ හැකි සරල ජපන් ආහාරයක් 🇯🇵🍚

🥢 අවශ්‍ය ද්‍රව්‍ය:

* පිසූ බත්
* බිත්තර
* මිසෝ (Miso) පේස්ට්
* ටෝෆු
* වකාමේ (වියළි මුහුදු පැළෑටි)
* ලූනු කොළ
* ජලය
* සෝයා සෝස් (අවශ්‍ය නම්)

👩‍🍳 සාදන ආකාරය:

1. ටෝෆු කුඩා කැබලිවලට කපා, ලූනු කොළ සිහින්ව කපා ගන්න.
2. ජලය උණු කර ටෝෆු සහ වකාමේ දමා මිනිත්තු 2–3ක් පිසගන්න.
3. ගින්දර නිවා, මිසෝ පේස්ට් දියකර සුප් එකට මිශ්‍ර කරන්න. (මිසෝ දැමූ පසු නැවත උණු නොකරන්න.)
4. වෙනම පෑන් එකක බිත්තරය බැදගන්න.
5. බත් බඳුනකට දමා උඩින් බිත්තරය තබා ලූනු කොළ ඉසින්න. මිසෝ සුප් සමඟ පිළිගන්වන්න.

✅ මෙම ආහාරයේ වාසි:

* මිනිත්තු 10කින් සූදානම්
* සෞඛ්‍ය සම්පන්න සහ සමබර
* අඩු වියදම්
* කාර්යබහුල සිසුන්ට ඉතා සුදුසු

💡 ඉඟිය: ටූනා, කිම්චි, නැට්ටෝ වැනි දේ එකතු කර ඔබේ රුචිය අනුව වෙනස් කර ගත හැකිය.

🇯🇵 ජපානයේ නව නීතියක්!ජපානයට නැවත ඇතුළුවන විදේශිකයන් සඳහා රෝහල් බිල්පත් ¥10,000 හෝ ඊට වැඩි මුදලක් ගෙවා නොමැති නම් ආගමන පර...
05/08/2026

🇯🇵 ජපානයේ නව නීතියක්!

ජපානයට නැවත ඇතුළුවන විදේශිකයන් සඳහා රෝහල් බිල්පත් ¥10,000 හෝ ඊට වැඩි මුදලක් ගෙවා නොමැති නම් ආගමන පරීක්ෂණ දැඩි කර ඇත. එමෙන්ම නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිවද බලධාරීන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

✅ ජපානයේ නීති පිළිපදිමු, වගකීමෙන් ජීවත් වෙමු.

The Japanese government has implemented stricter immigration checks for foreign nationals attempting to re-enter the country with unpaid medical bills of 10,000 yen or more. According to a July 24 progress report from the Cabinet Secretariat in Tokyo, this policy change took effect in April, significantly lowering the previous enforcement threshold of 200,000 yen.

This financial measure is a key component of Japan's "Comprehensive Policy for Orderly Coexistence with Foreign Nationals," designed to actively curb the growing issue of unpaid healthcare expenses. Alongside medical debt enforcement, Japanese authorities are simultaneously intensifying crackdowns on other illicit activities, including organized theft and unauthorized "white taxi" operations run by foreign nationals. Recent police operations highlighting this enforcement include the July arrests of a Vietnamese national operating illegally near Narita Airport and a Chinese highly-skilled professional offering unlicensed taxi services at Tokyo Station. Moving forward, Japanese law enforcement agencies will continue to closely coordinate with international counterparts to foster a secure, orderly, and responsible environment for all residents.

🇯🇵 2027 Intake සඳහා තවමත් ජපන් භාෂා පාසලක් තෝරාගෙන නැද්ද?ඔබගේ අනාගතය නිවැරදි මාර්ගයට යොමු කිරීමට අදම පියවර ගන්න!MAIMI JA...
22/07/2026

🇯🇵 2027 Intake සඳහා තවමත් ජපන් භාෂා පාසලක් තෝරාගෙන නැද්ද?

ඔබගේ අනාගතය නිවැරදි මාර්ගයට යොමු කිරීමට අදම පියවර ගන්න!

MAIMI JAPANESE EDUCATION INSTITUTE (PVT) LTD සමඟ,
✅ සුදුසු ජපන් භාෂා පාසලක් තෝරා ගැනීම
✅ අයදුම්පත් සකස් කිරීම
✅ සම්මුඛ පරීක්ෂණ පුහුණුව
✅ වීසා ක්‍රියාවලිය සඳහා මඟපෙන්වීම
✅ ජපානයේ අධ්‍යාපනය සහ ජීවිතය පිළිබඳ උපදේශනය

ඔබගේ 2027 ජපාන අධ්‍යාපන සිහිනය අදම ආරම්භ කරන්න.

📞 අදම අප හා සම්බන්ධ වී ඔබගේ ස්ථානය වෙන්කරවා ගන්න.
MAIMI JAPANESE EDUCATION INSTITUTE (PVT) LTD

☎️(+81)9028513001
☎️(+94) 0767355002


🇯🇵 2027 April Intake – නව සිසුන් බඳවා ගැනීම🎉 ජපන් භාෂා විභාගයක් (JLPT) නොමැතිව 2027 April Intake සඳහා අයදුම් කළ හැකි ජපන...
15/07/2026

🇯🇵 2027 April Intake – නව සිසුන් බඳවා ගැනීම

🎉 ජපන් භාෂා විභාගයක් (JLPT) නොමැතිව 2027 April Intake සඳහා අයදුම් කළ හැකි ජපන් පාසලක් සිසුන් බඳවා ගැනීමට කැමැත්ත පළ කර ඇත.

✅ සම්මුඛ පරීක්ෂණය (Interview) පමණක් ප්‍රමාණවත් වේ.

📍 ටෝකියෝ නගරයේ පිහිටි මෙම ජපන් භාෂා පාසල සඳහා අයදුම් කිරීමට කැමති සහ සුදුසු අය අදම අප හා සම්බන්ධ වන්න.

📞 MAIMI JAPANESE EDUCATION INSTITUTE (PVT) LTD.

☎️ 090-2851-3001

🍛 ජපානයේ සිටින විදේශීය සිසුන් සඳහා පහසු සහ අඩු වියදම්, පෝෂ්‍යදායී සහ බඩ පිරෙන ආහාරයක්! 🇯🇵ඔයාකොඩොන් (Oyakodon) 🍚🍗🥚🛒 අවශ්‍...
14/07/2026

🍛 ජපානයේ සිටින විදේශීය සිසුන් සඳහා පහසු සහ අඩු වියදම්, පෝෂ්‍යදායී සහ බඩ පිරෙන ආහාරයක්! 🇯🇵

ඔයාකොඩොන් (Oyakodon) 🍚🍗🥚

🛒 අවශ්‍ය ද්‍රව්‍ය (පුද්ගලයෙකුට)

* 🍗 චිකන් මස්
* 🧅 ලූණු
* 🥚 බිත්තර
* 🥣 මෙන්ට්සුයු (Mentsuyu)
* 💧 වතුර
* 🍚 පිසූ බත්

👩‍🍳 සාදන ආකාරය

1. චිකන් කුඩා කැබලිවලට කපා ලූණු සිහින්ව කපා ගන්න.
2. පෑන් එකකට චිකන් සහ ලූණු දමා මධ්‍යම ගින්නක පිසගන්න.
3. මෙන්ට්සුයු සහ වතුර එකතු කර මද වේලාවක් තැම්බෙන්න දෙන්න.
4. ගසාගත් බිත්තර මිශ්‍රණය උඩින් දමා මිනිත්තු 1–2ක් පියන වසා පිසගන්න.
5. උණු බත් මත දමා අවශ්‍ය නම් කපාගත් ලූණු කොළ ටිකක් ඉස පිළිගන්වන්න.

💡 සිසුන් සඳහා උපදෙස්

* 🍚 ඉතිරි වූ බත් භාවිතා කළොත් තවත් වේලාව ඉතිරි කරගන්න පුළුවන්.
* 🍗 චිකන් වෙනුවට ටූනා, ටෝෆු හෝ ඌරු මස්ද භාවිතා කළ හැකිය.

🛍️ මිලදී ගත හැකි ස්ථාන

AEON, Seiyu, Life, OK Mart, Gyomu Super සහ ඔබේ ළඟම ඇති සුපිරි වෙළඳසැලෙන් මෙම ද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකිය.

🇯🇵 ජපානයේ ශිෂ්‍ය ජීවිතය පහසු කරගන්න සරල ආහාර වට්ටෝරු තවත් ඉදිරියටත් අපෙන් බලාපොරොත්තු වන්න! 🍱✨

💙 𝗠𝗔𝗜𝗠𝗜 𝗝𝗔𝗣𝗔𝗡𝗘𝗦𝗘 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗜𝗡𝗦𝗧𝗜𝗧𝗨𝗧𝗘 (𝗣𝗩𝗧) 𝗟𝗧𝗗 💙🇯🇵 2027 April Intake 🚨✈️🇯🇵📘ලංකාවේ අපගේ ආයතනික සංචාරයජපන් පාසලේ නියෝජිතයි...
12/07/2026

💙 𝗠𝗔𝗜𝗠𝗜 𝗝𝗔𝗣𝗔𝗡𝗘𝗦𝗘 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗜𝗡𝗦𝗧𝗜𝗧𝗨𝗧𝗘 (𝗣𝗩𝗧) 𝗟𝗧𝗗 💙

🇯🇵 2027 April Intake 🚨✈️🇯🇵📘

ලංකාවේ අපගේ ආයතනික සංචාරය

ජපන් පාසලේ නියෝජිතයින් සමඟ විශේෂ වැඩමුළුව සහ දෙමාපියන් හා සිසුන් හමුව.

2027 April Intake සඳහා අයදුම් කරන සිසුන්ට මෙවර විශේෂ වරප්‍රසාද රැසක් හිමි වේ.

N5,මට්ටමට ජපන් කතා කිරිමේ හැකියාව ඇති ඔබට අප පාසලට ඇතුලත් විමේ හැකියාව.

සම්මුඛ පරික්ෂණය ලබන මස ආරම්භ වේ.

🎓 විශේෂ දීමනා

✅ ජපන් භාෂා විභාගය සමත් සිසුන් සඳහා පාසල සහ අප ආයතනය විසින් විශේෂ දීමනා.

✅ ශිෂ්‍යත්ව අවස්ථා.

✅ ගුවන් ටිකට්පත්.

✅ දෙවන වාරයේ පාසල් ගාස්තු මාසික වාරික ලෙස ගෙවීමේ පහසුකම.

✅ ඉතා අඩු මුදලකට නවාතැන් පහසුකම්.

✅ ආර්ථික හෝ පෞද්ගලික අපහසුතා ඇති සිසුන් සඳහා පාසල සෘජුව මැදිහත්ව අවශ්‍ය සහයෝගය ලබාදීම.

✅ අනෙකුත් පාසල්වල නැති විශේෂ පහසුකම් රැසක්.

📚 ඉගෙනීමට කැපවූ සිසුන් වෙනුවෙන්ම නිර්මාණය කළ විශේෂ අධ්‍යාපනික වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

ඔබත් අදම අප හා සම්බන්ධ වී 2027 April Intake සඳහා ඔබේ ස්ථානය වෙන්කරවා ගන්න!

📞 Japan: +81 90 2851 3001
📞 Sri Lanka: +94 76 735 5002

With new hopes,
With a new beginning,
Join us!

☎️ +81 090 2851 3001 🇯🇵

☎️ +94 76 735 5002 🇱🇰


🇯🇵 ජපානයේ ගිම්හානය (Summer in Japan)විදේශීය සිසුන් සඳහා වැදගත් උපදෙස් ☀️ජපානයේ ගිම්හානය (ජූනි අග සිට සැප්තැම්බර් දක්වා) ...
09/07/2026

🇯🇵 ජපානයේ ගිම්හානය (Summer in Japan)

විදේශීය සිසුන් සඳහා වැදගත් උපදෙස් ☀️

ජපානයේ ගිම්හානය (ජූනි අග සිට සැප්තැම්බර් දක්වා) ඉතා උණුසුම් සහ අධික ආර්ද්‍රතාවයකින් (Humidity) යුක්ත වේ. විශේෂයෙන් ජූලි සහ අගෝස්තු මාසවල උෂ්ණත්වය 30°C – 40°C දක්වා ඉහළ යා හැකි අතර, Heat Stroke (තාප ආඝාතය) ඇතිවීමේ අවදානමද වැඩියි. එබැවින් ඔබගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

💧 Heat Stroke වළක්වා ගැනීමට

✅ දවස පුරා නිතර ජලය පානය කරන්න. පිපාසය නොදැනුණත් ජලය බොන්න.

✅ ORS, ක්‍රීඩා පානයන් (Sports Drinks) හෝ ලවණ අඩංගු පාන වර්ග අවශ්‍ය විට භාවිතා කරන්න.

✅ උදේ 11.00 සිට සවස 3.00 දක්වා සෘජු හිරු එළියේ වැඩි වේලාවක් රැඳී නොසිටින්න.

✅ සැහැල්ලු, ලා පැහැති ඇඳුම් අඳින්න. තොප්පියක්, කුඩයක් සහ හිරු ආවරණ (Sunscreen) භාවිතා කරන්න.

✅ Air Conditioner හෝ Fan භාවිතා කර ශරීරය සිසිල්ව තබා ගන්න.

🍱 දිනපතා සැලකිලිමත් වන්න

🌿 පෝෂ්‍යදායී ආහාර ගන්න.

😴 ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

🚶 සැහැල්ලු ව්‍යායාම පමණක් කරන්න.

🧊 විවේක ගනිමින් ශරීරය සිසිල්ව තබා ගන්න.

👵 වයස්ගත පුද්ගලයන් සහ මිතුරන්ගේ සෞඛ්‍යය ගැනද සැලකිලිමත් වන්න.

⚠️ Heat Stroke ලක්ෂණ

* කරකැවිල්ල
* අධික දහඩිය දැමීම
* හිසරදය
* ඔක්කාරය
* ශරීර උෂ්ණත්වය ඉහළ යාම
* දුර්වල බව හෝ සිහිමද වීම

👉 මේ ලක්ෂණ පෙනී ගියහොත් වහාම සිසිල් ස්ථානයකට ගොස් ජලය පානය කරන්න. තත්ත්වය බරපතළ නම් 119 අමතා හදිසි වෛද්‍ය සහාය ලබා ගන්න.

☀️ සෞඛ්‍ය සම්පන්නව හා ආරක්ෂිතව ජපානයේ ගිම්හානය භුක්ති විඳිමු! 🇯🇵

住所

Saga-shi, Saga

電話番号

09028513001

ウェブサイト

アラート

MJ Educationがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

その学校に問い合わせをする

MJ Educationにメッセージを送信:

ショートカット

共有する

カテゴリー