16/02/2026
Vital Signs ගැන 🩺❤️
バイタルサイン (Vital Signs) කියන්නේ ශරීරයේ මූලික ජීවිත ලක්ෂණ මැන බලන ප්‍රධාන අගයන් 4–5ක්.
කයිගෝ (介護) කරද්දි මේවා හරියටම තේරුම් ගැනීමෙන් 利用者さん ගෙ අසාමාන්‍යතා ඉක්මනින් හඳුනාගන්න පුළුවන් වෙනවා.
バイタルサイン
1️⃣ 体温(たいおん)– ශරීර උෂ්ණත්වය
සාමාන්‍ය: 36.0℃ – 37.0℃
37.5℃ ඉක්මුවොත් උණ ලෙස සැලකේ
Infection, inflammation වගේ දේවල් වලට ඉහළ යන්න පුළුවන්
2️⃣ 脈拍(みゃくはく)– නාඩි Pulse)
සාමාන්‍ය: 60 – 80回/分
Tachycardia 頻脈(ひんみゃく)(වේගවත් නාඩි වැටීම)
Bradycardia 徐脈(じょみゃく)(මන්දගාමී නාඩි වැටීම)
මෙන්න මේ තත්ත්වයන් ගැන විභාගයට අහනවා.
3️⃣ 呼吸(こきゅう)– ශ්වසන වාර ගණන (Respiratory rate)
සාමාන්‍ය: 12-20 回/分
4️⃣ 血圧(けつあつ)– රුධිර පීඩනය (Blood Pressure)
සාමාන්‍ය: 約120/80 mmHg
5️⃣ SpO₂(酸素飽和度)さんそほうわど– රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය
සාමාන්‍ය: 95% – 99%
ශරීර උෂ්ණත්වය ,රුධිර පීඩනය , නාඩි සහ ශ්වසනය යන මේ දේවල් අපේ ආතති තත්ත්වයන් වැනි හේතු නිසා ඉහළ පහළ යාමේ හැකියාවක් තියනවා.