16/02/2026
Vital Signs ගැන 🩺❤️
バイタルサイン (Vital Signs) කියන්නේ ශරීරයේ මූලික ජීවිත ලක්ෂණ මැන බලන ප්‍රධාන අගයන් 4–5ක්.
කයිගෝ (介護) කරද්දි මේවා හරියටම තේරුම් ගැනීමෙන් 利用者さん ගෙ අසාමාන්‍යතා ඉක්මනින් හඳුනාගන්න පුළුවන් වෙනවා.
バイタルサイン
1️⃣ 体温(たいおん)– ශරීර උෂ්ණත්වය
සාමාන්‍ය: 36.0℃ – 37.0℃
37.5℃ ඉක්මුවොත් උණ ලෙස සැලකේ
Infection, inflammation වගේ දේවල් වලට ඉහළ යන්න පුළුවන්
2️⃣ 脈拍(みゃくはく)– නාඩි Pulse)
සාමාන්‍ය: 60 – 80回/分
Tachycardia 頻脈(ひんみゃく)(වේගවත් නාඩි වැටීම)
Bradycardia 徐脈(じょみゃく)(මන්දගාමී නාඩි වැටීම)
මෙන්න මේ තත්ත්වයන් ගැන විභාගයට අහනවා.
3️⃣ 呼吸(こきゅう)– ශ්වසන වාර ගණන (Respiratory rate)
සාමාන්‍ය: 12-20 回/分
4️⃣ 血圧(けつあつ)– රුධිර පීඩනය (Blood Pressure)
සාමාන්‍ය: 約120/80 mmHg
5️⃣ SpO₂(酸素飽和度)さんそほうわど– රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය
සාමාන්‍ය: 95% – 99%
ශරීර උෂ්ණත්වය ,රුධිර පීඩනය , නාඩි සහ ශ්වසනය යන මේ දේවල් අපේ ආතති තත්ත්වයන් වැනි හේතු නිසා ඉහළ පහළ යාමේ හැකියාවක් තියනවා.
16/02/2026
මොකක්ද මේ 恒常性(こうじょうせい)
නැතිනම් Homeostasis 👇
ホメオスタシス (Homeostasis) කියන්නේ ශරීරය ඇතුළේ තත්වයන් ස්ථාවරව (සමතුලිතව) තබාගැනීමේ හැකියාවයි.
නැතිනම් ශරීරයේ අභ්‍යන්තර ස්ථායීතාවය පවත්වාගැනීම කියන්න පුළුවන්.
✅සරළව කියනවනම්
අපිට පිටත පරිසරය වෙනස් උනත් (උණුසුම, සීතල වගේ)
අපේ ශරීරය ඇතුළේ වැදගත් දේවල් නියමිත මට්ටමක තබාගන්න උත්සාහ කරන එක තමයි ホメオスタシス කියලා කියන්නෙ.
උදාහරණ
1️⃣ ශරීර උෂ්ණත්වය
සාමාන්‍යයෙන් 36.5°C – 37°C වටා තමයි තියෙන්න ඕනි.
නමුත් ශරීරය උෂ්ණත්වය වැඩි වෙනකොට දහදිය පිට කිරීම මගින් ස්ථායී කරගන්න උත්සාහ කරනවා.
2️⃣ රුධිරයේ සීනි ප්‍රමාණය (ග්ලූකෝස් මට්ටම ) පාලනය කරගැනීම
Homeostasis ප්‍රධානවම මොළයේ 視床下部
(ししょうかぶ) (Hypothalamus)හරහා පාලනය වෙනවා.
ඒක අපේ ශරීරයේ “control center” එක වගේ.ස්වයංක්‍රිය ස්නයු පද්ධතිය සහ හෝමෝන හරහා ශරීරයේ ස්ථායීභාවය පවත්වා ගන්නවා.
15/02/2026
මොකක්ද මේ Jitsumusha Kenshuu එක කියන්නෙ ❗️
実務者研修
ඔයා SSW Nursing Care Sector එකට අදාලව ජපානයේ රැකියාවක් කරන කෙනෙක් නම් මේක ගොඩක් වැදගත් වෙන නිසා කියවලා තියාගන්න ළමයි 👇
එක පාරින්ම kaigofukushishi පාස් වෙලා ඔයාගෙ wife /husband දරුවා ජපානයට අරගෙන ජීවත් වෙන්න හිතන කෙනෙක්නම් එක පාරින්ම මේ exam එක පාස් වෙන එක වටිනවා. ඔයා SSW ඉන්න මුල් අවුරුදු 3 ඇතුලත
මුලින්ම ජපන් භාෂාව N2 මට්ටමට ගේන්න. ඒක බැරි දෙයක් නෙමෙයි. ඊට පස්සෙ මේ අවුරුදු තුන ඇතුලතම jitsumusha kenshuu එකත් කරන්න පටන් ගන්න.
実務者研修 කියන්නේ මොකක්ද?
✅ 初任者研修 (Shoninsha kenshuu) එකට වඩා වැඩි level
එකක්
✅ Kaigofukushishi) exam එකට අනිවාර්ය qualification එකක්
✅ සම්පූර්ණ කරන්න සාමාන්‍යයෙන් පැය 450 පමණ තියෙනවා (course එක අනුව වෙනස් වෙන්න පුළුවන්)
කාටද මේක කරන්න පුළුවන්?
🎀ජපානයේ 介護 ක්ෂේත්‍රයේ වැඩ කරන අය
🎀介護福祉士 විභාගයට යන්න ඉන්න අය
🎀SSW (特定技能) හෝ 技能実習 වල ඉන්න අයටත් කරන්න පුළුවන්
මේකට යන cost එක සාමාන්‍යයෙන්
Qualifications නැති මුල්වරට නම් 90,000-130,000¥
Shoninsha kenshuu වගේ කරපු කෙනෙක් නම් 80,000-100,000¥
මේ මුදල් වලින් 80%ක් නැවත ලබා ගැනීමේ ක්‍රමවේදයකුත් තියනවා. ඔයා employment insurance ගෙවන නිසා කොන්දේසි සහිතව ලබා ගැනීමේ ක්‍රම තියනවා. Kaisha එකත් එක්ක කතා කරලා විස්තර අහගන්න. මේක course එක පටන් ගන්න කලින් hello work එකට ගිහින් කරන්න ඕනි.
ගොඩක් school වල විදේශික අයට supportive පැති තියනවා. Text bookවල ෆුරිගනා Add කරලා තියනවා.
අපි හැමදේම මහන්සි වෙලා කරගන්න තරමට තමයි හොඳ. දැන් ජපානෙ බෑ මුකුත් කරන්න එහෙම හිතන්න එපා. SSW ගත්තම ඉදිරියේදී අවස්ථා ගොඩක් ලැබෙයි. ඔයාගෙ සුදුසුකම් වැඩි කරගන්න එතකොට ජීවත් වෙන්න ලේසි වෙන රටක.
12/02/2026
ලිපි අංක 5
長期記憶(ちょうききおく) – දිගුකාලීන මතකය
長期記憶 කියන්නේ
දින, මාස, අවුරුදු ගණනක් තියාගන්න පුළුවන් මතකය.
කෙටිකාලීන මතකය (短期記憶) නිතර මතක් කිරීම හරහා එය දිගුකාලීන මතකයට යනවා
✅දිගුකාලීන මතකය ප්‍රධාන වශයෙන් වර්ග 3ක් තියෙනවා:
① 手続き記憶(てつづききおく)– ක්‍රියා පටිපාටි මතකය (Procedural memory)
👉යමක් “කරන හැටි” පිළිබඳව මතකය.
අපි ශරීරයෙන් කරන දේවල් automatic වෙලා මතක තියෙන එක.නිතර නිතර පුහුණු කිරීම හරහා තැන්පත් වූ මතකය
🔹 උදාහරණ:
සයිකල් පැදීම
ඇඳුම් ඇඳීම
❗️❗️මේ මතකය අපි මහලු වුනත් ආරක්ෂා වෙලා තියනවා
ඒක තමයි point එක.
② 意味記憶(いみきおく)– අර්ථ මතකය (Semantic memory)
👉 “තොරතුරු / දැනුම” මතකය.
🔹 උදාහරණ:
ජපානයේ අගනුවර Tokyo
ලෝකයේ මහද්වීප සංක්‍යාව
ADL යනු
📌 මේක fact / knowledge type memory එක.
③ エピソード記憶 – අත්දැකීම් මතකය (Episodic memory)
👉 අපිට සිදු වූ පුද්ගලික අත්දැකීම්.
🔹 උදාහරණ:
ඔයා ජපානයට ආපු පළවෙනි දවස
exam දවස
කයිෂා එකේ first night shift එක
📌 “කවදාද? කොහෙද? කා සමඟද?” කියන details එක්ක තියෙන මතක.ජීවිතේ අත්දැකීම් තමයි.
❗️❗️ වයස්ගත පුද්ගලයන්ගේ මතකය ගත්තම වැඩිපුරම හානි වෙන්නෙ අමතක වෙලා යන්නෙ මේ මතකය.
කෙටිකාලීන මතකය දිගුකාලීන මතකය වෙන්නේ කොහොමද?
කෙටිකාලීන මතකය (短期記憶) මුලින්ම process වෙන්නේ
🟣 海馬(かいば)කියන කොටසේ.
(English: Hippocampus)
ඊට පස්සෙ දිගුකාලීන මතකය තැන්පත් වෙන්නේ
🔵 大脳新皮質(だいのうしんひしつ)
(English: Cerebral Neocortex)
👉 දිගුකාලීන දැනුම, තොරතුරු ගබඩා වෙන්නේ මෙතන.
තව 感覚記憶(かんかくきおく)කියලා එකකුත් තියනවා.
මේ 感覚記憶(かんかくきおく / Sensory Memory) කියන්නේ
අපේ ඉන්ද්‍රියන් (පෙනීම, ඇසීම, සුවඳ, ස්පර්ශය, රස) හරහා එන තොරතුරු ඉතා කෙටි කාලයකට මතකයේ තබා ගැනීම.
මේ මතකය තමා අපේ පළමු memory stage එක.
👀👂👃🏻🏻👅
12/02/2026
ලිපි අංක 4
記憶のプロセス(きおくのプロセス)
කියන්නේ
“මතකය හැදෙන හා ගබඩා වෙලා නැවත මතක් වෙන ක්‍රියාවලිය” කියන එකයි.
මතකය සාමාන්‍යයෙන් පියවර 3යි 👇
① 記銘(きめい)– මතකයට ඇතුල් කිරීම (Encoding)
මේ කියන්නේ
අපි බලන, අහන, කියවන දේවල් මනසට ඇතුල් කරන ක්‍රියාවලිය.
🔹 උදාහරණයක්:
ඔයා kaigo exam එකට පාඩම් කරනවා.
නව වචනයක් කියවද්දි ඒක මුලින්ම මොළයට යන එක = 記銘
② 保持(ほじ)– ගබඩා කරගැනීම (Storage)
මේ කියන්නේ
මතකය මොළයේ තියාගෙන ඉන්න එක.
🔹 උදාහරණයක්:
ඔයා ඊයේ පාඩම් කරපු දේ අදත් මතකයි නම්, ඒ 保持
③ 想起(そうき)– මතක් කරගැනීම (Recall)
මේ කියන්නේ
අවශ්‍ය වෙලාවේ මතකයෙන් එළියට ගන්න එක.
🔹 උදාහරණයක්:
Exam එකේ ප්‍රශ්නයක් දැක්කම උත්තරය මතක් වෙනවා = 想起
❗️අපේ මතකය කෙටි කාලීන මතකය සහ දිගුකාලීන මතකය ලෙස කොටස් 2යි. කෙටි කාලීන මතකය යන්නෙ මොළයේ
海馬(かいば) කියන කොටසට.
ඒ ගැන ඉස්සරහට කතා කරමු වැඩිදුර. 🌸
12/02/2026
ලිපි අංක 3
🏔 マズローの欲求5段階説
よっきゅう5だんかいせつ
මාස්ලෝ කියන්නේ මනුෂ්‍යයාගේ අවශ්‍යතා පහළ සිට ඉහළට වර්ධනය වෙන 5 පියවරක් තියෙනවා කියලා.
මේක exam එකේදි ලොකු බරක් දීලා අහන්නෙ නෑ. විස්තරයක් දීලා A කියන පුද්ගලයා බලාපොරොත්තු වෙන අවශ්‍යතාවය හෝ සම්පූර්ණ වී නැති අවශ්‍යතාවය තෝරන්න වගේ තමයි බහුතරය එන්නෙ.
① 生理的欲求(せいりてきよっきゅう)
Seiriteki yokkyū
✅ශාරීරික / මූලික ජීවිත අවශ්‍යතා
食事(しょくじ) – ආහාර
水(みず) – ජලය
睡眠(すいみん) – නින්ද
排泄(はいせつ) – බහිස්ස්‍රාවය
📌 මේ මූලිකම අවශ්‍යතාවය නැත්නම් මනුෂ්‍යයාට ජීවත් වෙන්න බැහැ. ඒ නිසා මේකට 本能的欲求(ほんのうてき よっきゅう)කියලත් කියනවා.
② 安全の欲求(あんぜんのよっきゅう)
Anzen no yokkyū
✅ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතා
住まい(すまい) – නිවස
健康(けんこう) – සෞඛ්‍ය
安定した生活(あんていしたせいかつ) – ස්ථාවර ජීවිතය
📌 ශාරීරික හා මානසික ආරක්ෂාව.
③ 社会的欲求(しゃかいてきよっきゅう)
Shakaiteki yokkyū
✅සමාජික / සම්බන්ධතා අවශ්‍යතා
家族(かぞく) – පවුල
友人(ゆうじん) – මිතුරන්
所属(しょぞく) – කණ්ඩායමක සාමාජික වීම
📌 තනි නොවී සිටීම.
④ 承認欲求(しょうにんよっきゅう)
Shōnin yokkyū
✅ගෞරව / පිළිගැනීමේ අවශ්‍යතා
認められたい – අගය වීමට
尊敬(そんけい) – ගෞරව
自信(じしん) – ආත්ම විශ්වාස
📌 “මාව අගය කරනවාද?” කියන අවශ්‍යතාව.
⑤ 自己実現欲求(じこじつげんよっきゅう)
Jiko jitsugen yokkyū
✅තමන්ගේ හැකියාවන් සම්පූර්ණ කරගැනීම
夢(ゆめ) – සිහින
目標達成(もくひょうたっせい) – ඉලක්ක සාධනය
成長(せいちょう) – වර්ධනය
平和な社会を作る ඒ කියන්නෙ සාමකාමී සමාජයක් කියන අවශ්‍යතාවයත් මේකට ඇතුලත් වෙනවා.
📌 “මට වෙන්න ඕන කෙනා වෙනවා ” කියන අවශ්‍යතාව.
12/02/2026
ලිපි අංක 2
健康 (けんこう) නීරෝගීකම පිළිබඳ අර්ථකථන විවිධ දෘෂ්ටිකෝණවලින් තියෙන්න පුළුවන්. WHO සංවිධානය විසින් ගෙනාපු අර්ථකථනය ගැන අපිට නිර්දේශ කරලා තියනවා
WHO (WORLD HEALTH ORGANIZATION ) මේ සංවිධානයට ජපන් භාෂාවෙන් කියන්නෙ 世界保健機関
(せかいほけんきかん) කියලා.
"健康とは、完全な肉体的、精神的および社会的福祉(ウェルビーング)の状態であり、単に疾病または病弱の存在しないことではない。"
මේ තියෙන්නෙ WHO මගින් 1948 වර්ෂයේ දී සෞඛ්‍ය පිළිබඳ ගෙනාපු අර්ථකථනය.
සිංහල අර්ථය:
“සෞඛ්‍යය යනු සම්පූර්ණ ශාරීරික, මානසික හා සමාජීය සුබසාධන තත්ත්වයක් වන අතර, රෝගයක් හෝ දුර්වලතාවයක් නොතිබීම පමණක් නොවේ.”
✅ 肉体的 (にくたいてき) → ශාරීරික
✅精神的 (せいしんてき) → මානසික
✅社会的福祉 (しゃかいてき ふくし) → සමාජීය යහපැවැත්ම හෝ සමාජීය සුබසාධනය සමාජයේ අයගේ යහපැවැත්ම.
ウェルビーング වචනය තමයි Point එක. well-being කියන එක highlight වෙලා ප්‍රශ්න එනවා.
👉 ඒ තුනම හොඳින් තිබුණොත් තමයි “සැබෑ සෞඛ්‍යය” කියන්නේ.
ලෙඩ නැතිව ඉන්න එක විතරක් සෞඛ්‍යය නෙවෙයි.
හිත සතුටින්, සමාජ ජීවිතය හොඳින්, ශරීරය සෞඛ්‍යවත්
මේ තුනම එකට තිබුණාම තමයි සම්පූර්ණ සෞඛ්‍යය කියලා.
Point words තමයි
❗️肉体的 කායික
❗️精神的 මානසික
❗️社会的福祉(ウェルビーング) සමාජීය සුබසාධනය
09/04/2025
介護福祉士制度の成立 (かいごふくししせいどのせいりつ)
රැකවරණ සාත්තුසේවා පද්ධතිය නීත්‍යානුකූලව ස්ථාපනය කිරීම ගැන තමයි මේ හරහා කතා කරන්නෙ.
介護福祉士 එහෙමත් නැත්නම් සුදුසුකම් ලත් සාත්තු සේවකයෙක් නිර්මාණය වීම දක්වා ක්‍රියාවලිය ආරම්භ වෙන්නෙ 老人福祉法(වැඩිහිටි සුභසාධනය සඳහා බලපැවැත්වෙන නීතිය) හරහා. 1963 (ෂෝවා 38) වර්ෂයේ දී නීතිගත කරන ලද 老人福祉法(ろうじんふくしほう)තුළ තමයි මුලින්ම 介護 කියලා කියන වචනය එලියට එන්නෙ.
මේ දක්වාම (1963) ජපානයේ වැඩිහිටි රැකවරණයේ වගකීම පැවරිලා තිබුනේ පවුලේ අයට.හරියට දැන් ලංකාවෙ වගේ. නමුත් නීතියක් ස්ථාපනය වීම හරහා වැඩිහිටි සුභසාධනය සඳහා විවිධ පියවර ගැනීමට ආරම්භ වුණා. මේ අනුව යමින් 老人福祉施設(ろうじんふくししせつ)බිහි වීම විශේෂත්වයක්.
නමුත් වැඩිහිටි සුභසාධන මධ්‍යස්ථාන ආරම්භ වූ මුල් අවධියේ දී ඒවා එක් එක් වැඩීහිටි පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හෝ එක් එක් අයට ආවේණික වූ ජීවන ක්‍රමයන්ට ගරු කළ බවක් පෙනුනේ නැත. 生活の場(せいかつのば) ජීවත් වියහැකි ස්ථානයකටත් වඩා එය කඳවුරකට සමාන වූ බවට කිව හැක.මෙය )(収容の場)(しゅうようのば)ලෙස හැඳින්වේ.
介護福祉士の制度化(かいごふくししのせいどか)
සුදුසුකම්ලත් රැකවරණ සේවක පද්ධතිය ස්ථාපනය වීම
සමස්ථ සමාජය දිහා බලනකොට 1970 මැද භාගය වෙද්දි ජපානය ළමා උපත් අවම වී වැඩිහිටි ජනගහනය ඉහළ යාමේ ගැටලුව මතුවෙමින් පැවතුණා. ඒත් එක්කම තත්වයෙන් උසස් දැනුම / තාක්ෂණය පිළිබඳ දැනුමක් ඇති වෘත්තීයමය සාත්තු සේවකයන්ගේ අවශ්‍යතාවය දැනෙන්නට වුණා.
Science Council of Japan's Social Welfare අපිට මේකට ජපානේ විද්‍යා කවුන්සිලය කියන්නත් පුළුවන්. මේකට ජපන් වචනය තමයි 日本学術会議社会福祉(にほんがくじゅつかいぎしゃかいふくし)කියලා කියන්නෙ. මේ කවුන්සිලය වගේම Social Insurance Research Liaison Committee සමාජ රක්ෂණ පර්‍යේෂණ සම්බන්ධතා කමිටුව ඒ කියන්නෙ 社会保険研究連絡委員(しゃかいほけんけんきゅうれんらくいいんかい)මෙන්න මේ පිරිස් දෙක එකතු වෙලා 1987 (ෂෝවා 62) දී ඒ කාලේ හිටපු සෞඛ්‍ය හා සුභසාධන ඇමත්වරයාට 厚生大臣 (こうせいだいじん) සමාජ සුභසාධනයට අයිති වන සාත්තු සේවකයන්ගේ වෘත්තීයමය පැතිකඩ සහ ඔවුන්ට යම් සුදුසුකමක් ලබාදීම පිළිබඳව අදහස් ඉදිරිපත් කළා. විශේෂත්වය තමයි ඒ වසරේම ඒ කියන්නෙ 1987 වර්ෂයේ දී (社会福祉士及び介護福祉士法)しゃかいふくししおよびかいごふくししほうසමාජ සුභසාධන සේවකයන් එසේම රැකවරණ සේවකයන් පිළිබඳව නීතිය නීතිගත කළා. ඉතින් මේ නිසාවෙන් 介護福祉士කියන ජාතික සුදුසුකම හඳුන්වා දුන්නා.
තව දෙයක් තියනවා 在宅介護(ざいたくかいご)කියලා දෙයකුත් ඔයා අහලා ඇති. ホームヘルプサービスකියන දේට සමානයි. 在宅介護 ස්ථාපනය වෙන්න මූලික වෙන්නෙ 1963 දී නීතිගත වුණ 老人福祉法(ろうじんふくしほう)වැඩිහිටි සුභසාධන නීතිය. ඉතින් මේ විදිහට ජපානයේ දරු උපත් ගනණ ප්‍රමාණාත්මකව පහත බැසීම නිසා ඊට සාපේක්ෂව සමාජයේ වැඩිහිටි ජනගහනය වැඩිවීම නිසාත් 介護 කියන රැකියා ක්ෂේත්‍රය පොදු සේවාවක් ලෙස වඩාත් ස්ථායී වෙන්න අවශ්‍ය මූලික අඩිතාලම හැදුනා.
介護福祉士 කියන ජාතික සුදුසුකම කරලියට එන විදිහ කෙටියෙන් තමයි මේ...........
Learn more ~ https://laws.e-gov.go.jp/law/362AC0000000030