27/07/2025
ආදරණිය මිනිසුනි,
පහුගිය දවසක උන සිදුවිමක් නිසා ඔයාලා එක්ක කතා කරන්න හිතුවෙි.
පහුගිය දිනක රිය අනතුක් නිසා 🏍️ ලංකාවෙි දරැවෙක් මැරැණා.
ඒ වගේ රිය අනතුරැ වලින් දැන් දැන් ලංකාවේ පුද්ගලයන් කිහිප දෙනෙක්ම මෙි ටික දවසට මැරැණා.
ජපානය කියන්නේ අපට ඔන තරමි නිදහස තියෙන, මුදල් හමිබකරන් අපට හිතෙන හිතෙන දේ කරන්න පුලුවන් රටක්,
ලංකාවේ පරමිපරා 2 ක් හමිබකරත් සුපිරි GTR එකක් සුපිරි බයික් 🏍️ ගන්න බැරි ගොඩාක් අය ජපානයට ඇවිත් ලස්සන වාහන අරගෙන ජිවිතේ විදිනවා❤️
ඇත්තටම පුද්ගලිකව මට මාර සතුටුයි.
සමහර දරැවන්ගේ මුලු ජිවිතේම ඒ වාහනය වෙන්න පුලුවන්.
පරිස්සමින් දරැවනේ ,
එක නිමෙිෂයක් ඇති තමන්ගේ ජිවිතය , නැතිවෙන්න, එක් තැන් වෙන්න.
මෙි රටෙි අපිට කොචිචර මුදල් තිබුනත්.
කරදරයක් වුනාම කාටවත් උදවු කරන්න බැ.
මම තව එක අත්දැකිමක් කියන්නමි.
මම ජපානයේ ප්‍රසිද්ධ බන්ධනාගාරයක කාලයක් වැඩකරා.
දැන් දැන් ජපානයේ බන්ධනාගාර ඇතුලේත් ලංකාවෙි අය දවසින් දවස වැඩි වෙනවා.
ලංකාවේ නීතීය වගේ ජපානයේ නිතීය අන්ධ නැ.
වරදක් කරෝත් අනීවාර්යෙන්ම අහුවෙනවා.
අහුවුනෝත් දඩුවම තදයි.
මරණේවත් ලංකාවට යවන්නේ නැ.
මොහෙතක් සිතන්න..
ඔයාලා ලෙකු මහත් කරලා,
අමාරැවෙන් සල්ලි හමිබකරලා,
ඒ අහිංසක දෙමවුපියන් ඔයාලා ජපානයට එවන්නේ ඒ මිනිස්සුන්ට සැප ගන්නනෙවෙයි.
ඔයාලා සැපෙන් සනිපෙන් ලස්සනට ජිවත් වෙනවා බලන්න.
තමන්ගේ ජිවිතය අයිති තමන්ට
ජිවිතය විදවන්න එපා විදින්න.