Shak tube

Shak tube to give some information on education

14/02/2024
14/02/2024

අද (06) නව දිල්ලියේ පිහිටි Observer Research Foundation හෙවත් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවීමු.

Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන ආයතනයකි.

අනතුරුව අප ඉන්දියාවේ ඉලෙක්ට්‍රෝනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරිය (Unique Identification Authority of India) නැරඹූ අතර එහි ප්‍රධානීන් සමග සුහද සාකච්ඡාවකද නිරත වූයෙමු.

14/02/2024
14/02/2024
12/02/2024

ගෙදර ලයිට් කපලා.
දරුවන්ට පාඩම් කරන්න
අල්ලපු ගෙදරින් ලයිට් ගන්න
පියා විදුලිසැර වැදී මිය යයි.
දිවයින වාර්තා කරයි.

රුපියල් දහසය දහසක හිග විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය විසින් නිවසේ විදුලිය විසන්ධි කර ඇති බැවින්, අසල්වැසි නිවසකින් විදුලිය ගැනීමට උත්සාහ කළ පියෙකු විදුලි සැර වැදී මියයාමේ පුවතක් අද වෙළද පොලට නිකුත්ව තිබෙන දිවයින පුවත්පත වාර්තා කරයි.

පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, විදුලිසැර වැදී මියගොස් ඇත්තේ දෙදරු පියෙකි.

ඔහුගේ දරුවන් පාසල් යන අය බවත්, විදුලිය විසින්ධි කර ඇති නිසා, දරුවන්ට පාඩම් වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්, ඒ පිළිබදව මෙම පුද්ගලයා කම්පාවෙන් පසු වූ බවත් පැවසේ.

මේ පිළිබදව දිවයින පුවත්පත පළ කර තිබෙන ලිපියේ කොටසක් අපි පහත පළ කරමු.

දිවයින පුවත්පතට මෙම වාර්තාව සපයා ඇත්තේ ගම්පොල සුරංග දිල්හාන් නමැති මාධ්‍යවේදියා විසිනි.

විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වූ නිවසක විදුලිබල
මණ්ඩලය මගින් විදුලිය විසන්ධි කිරීමෙන් පාසල් දරු දෙදෙනාට
පාඩම් කිරීමට නොහැකි බව පවසමින් අසල්වැසි නිවසකින්
විදුලිය ගැනීමට උත්සාහ කළ දෙදරු පියකු එම විදුලි රැහැනේ
පැටලී මිය ගොස් ඇතැයි ගම්පොළ පුපුරැස්ස පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පුපුරැස්ස ලෙවලන්වත්ත ජී.කේ.
කොටසේ පදිංචිව සිටි අලගන් ගනේෂන් නමැති තිස් අට
හැවිරිදි දෙදරු පියෙකි.

දැඩි ආර්ථික අපහසුතා නිසා මීට සතියකට පෙර මොහුගේ
බිරිඳ ද ගෘහ සේවය සඳහා විදේශගතව ඇති අතර පළමු වසරේ
ඉගෙනුම ලබන ගැහැණු දරුවකු හා හය වසරේ ඉගෙනුම ලබන
පිරිමි දරුවා බලාගනිමින් මොහු වත්තේ පේළි නිවසක ජීවත් වී
තිබිණ.

මොහු සමග ඔහුගේ පියා ද සිටින අතර රුපියල් දහසය
දහසක හිඟ මුදලක් ඇති නිසා මොහුගේ නිවසේ විදුලිය
විසන්ධි කර තිබේ.

විදුලිය නොමැතිකම සමග නිවසේ දැඩි අඳුරු බව හා දරු
දෙදෙනාගේ පාඩම් කටයුතු අඩාල වීම පිළිබඳව ඔහු දැඩි දුකින්
සිටි බව ඔහුගේ ඥාතීන් ගම්පොල හදිසි මරණ පරීක්ෂක නලින්
ඒ. මැදිවක මහතා හා පොලිස් නිලධාරීන් ඉදිරියේ සඳහන් කර
සිටියේය.

විදුලිය නැති හේතුව නිසා එම පේළි නිවසේ සිටින
ඥාතියෙකුගේ නිවසින් රැහැන් යොදා මොහුගේ නිවසට විදුලිය
ගැනීමට උත්සාහයක් ගෙන ඇති අතර ඒ අවස්ථාවේදී එම විදුලි
වයරය ගෑවී ඔහු කෑ ගසා බිම වැටී තිබේ.

ඒ අවස්ථාවේ අසල්වැසියන් විදුලිය විසන්ධි කොට ඇති අතර
මොහුගේ පියාගෙන් ඔහු බීමට ජලය ඉල්ලා ඇති අතර ජලය
පානය කිරීමට පෙර මොහු මිය ගොස් තිබේ.

03/02/2024

Indirizzo

Via Savonarola Geronimo 1115. 494
Messina
98121MESSINAME

Telefono

+393773581459

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Shak tube pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta La Scuola/università

Invia un messaggio a Shak tube:

Scelte rapide

Condividi