Srihan Ariyasinghe

Srihan Ariyasinghe

Share

PhD Student @LJMU, UK
Former News Personality ITN Sri Lanka
The Best Mindfulness Coach-Asia Awards-2021
Certified International Mindfulness Trainer-WPI

10/12/2025

" මානසික ත්‍රස්තවාදය සහ දේශපාලනය"

අනුර ප්‍රමුක ආන්ඩුවේ පැමිනීමෙන් වුන ලොකුම දෙය තමයි පාර්ලිමේන්තුව බූදලයක් කරගත් බහුතරයකට වරම් අහිමි වීමයි.

නමුත් අද වෙනකොට අනුර දන්නවා තමන් fail කියලා. හැබැයි අවබෝධ කරගෙන නෑ.

අනුර ප්‍රමුක ආණ්ඩුව ආවේම පසුගිය පාලකයන් ගැන වෛරය ද්වේශය ජනතාව තුල ඇතිකරමින්. ඒ approach එක විපක්ශයේ අනුරට ඉතා සාර්තකයි. නමුත් ජනාදිපති අනුර හා ආන්ඩුව අදටත් විශ්වාස කරන්නේ ආන්ඩුවේ ජනප්‍රියත්වය රදා පවතින්නේ ජනතාව තුල ඒ වෛරය maintain කරන තරමට කියලයි. ඒකෙන් වුනේ පැවති පාලනයන් ආයිත් promote වීමයි.

මෙච්චර රටේ විපතක් වෙලත් තවමත් තමන්ගේ ආන්ඩුව අතින් කිසිම අඩුවක් වුනේ නෑ කියලා පිලිගන්න තරම්වත් උද්දච්ච කම අඩු වෙලා නෑ.

අනුර පට්ට success විපක්ශයේ භූමිකාව තුල. හැබැයි බලය ලබා ගත් හැම අවස්තාවකම අනුර fail. චන්ද්‍රිකාගේ ආන්ඩුවේ කෘෂිකර්ම ඇමතිවෙලා හදපු වැවකුත් නෑ, යහපාලන ආන්ඩුවේ ඉදන් අල්ලපු හොරෙකුත් නෑ.

සමහරු කියන්වා 159 fail හැබැයි අනුර pass කියලා. ඒ අය නායකයෙක් කියන එකේ තේරුම දන්නැති කමයි. නායකයෙක් කියන්නේ තමන්ගේ තනි දක්ශතා පෙන්නන වැඩ්ඩෙක් නෙමේ, තමන්ගේ team එක හරි දිශානතියකට මෙහෙයවන එකයි නායකයෙක් කියන්නේ. ඝෝටාභය හොද හමුදා නායකයෙක්, හැබැයි දුර්වල දේශපාලන නායකයෙක්.

දහස් ගනනක් වන රාජ්‍ය සේවකයන් තියා තමන්ගේ 159 තාම හදා ගන්න බැරි වුන අනුර අදටත් පට්ට fail.

කන්ටේනර් සිද්ධි, හා තමන්ගේ නොහැකියාව වහ ගන්න ගැලරිය form කරන්න සහ මින්සුන් තුල රෝපනය කල වෛරය maintain කරන්න මහින්දව විතරක් එලියට දාලා, රනිල්ව පැය කිහිපයකට ලපයිසිපයි නඩුවකට හිරේ දාලා, try කරකර හිටියා මිසක් ලැබුනු අසාමාන්‍ය බලයෙන් එක වැදගත් පනත් කෙටුම්පතක් සම්මත කරගන්න බැරිවුනා. සමලිංගික පනත් තමයි ඔලුවේ වැඩකලේ.

අනිත් කරුන නම් නායකයෙක් වුනහම අංගසම්පූර්න වෙන්න ඕනේ නෑ. හැබැයි අනිත් මිනිස්සු කරපු හොද දෙයක් අගය කරන්න තරම්වත් මානසිකත්වයක් තියෙන්න ඕනේ.ගං වතුරේ දී සහන සලසන්න යොදාගත් හමුදා මූලස්ථානය, ප්‍රේමදාස ක්‍රීඩාංගනය, ජීවිත දහස් ගනනක් ආරක්ශා කල වික්ටෝරියා බැම්ම, බණ්ඩාරනයක පදනමෙන් ලැබුනු අධාරත් 76 වසරේ සාපයෙන් ලැබුනු දායාද බව පිලිගන්නට අනුරට හා ආන්ඩුවට කොන්දක් ද නැත.

විශ්වවිද්‍යාල සිසුන්ගේ උපාදිය හැමදාම කල් ගියේ , රටේ අධ්‍යාපනය ඉංග්‍රීසි මාධයයෙන් ඉගැන්වීම පනත හැකිලුවේ, මහපොල ගන්න විශ්ව විද්‍යාල සිසුවා හංදි ගානේ කැට හොල්ලලා තමන්ගේ පක්ශයේ දේශපාලන උවමනාවන් කලේ , රාජ්‍ය දේපල විනාශ කලේ පසුගිය 76 වසරේ සාපයේම කොටසකි.

අනුරට ලැබුනු ලොකුම දඩුවම තමයි ජනාදිපතිකම.

අනුර හා පක්ශය කරපුවාට දැන් වන්දි ගෙවමින් පවතී. හැබැයි මිනිස්සුන්ගේ ජීවිත පිටින් ඒ වන්දිය යන එක තමයි අවුල.
මෑත ඉතිහාසයේ
1.)සිදුවූ රිය අනතුරු වලින් වැඩිම ජීවිත හානී පසුගිය වසරේය.
2.)වැඩිම ස්වාභාවික විපත් වලින් ජීවිත හානී සිදුවූ වසර පසුගිය ගෙවුනු වසරයි
3.)වැඩිම වෙඩි තබා ගැනීම්වලින් ජීවිත හානි වූ වසර පසුගිය වසරයි

අනුර දන්නවා පසුගිය සියලු පාලකයන්ට වැරදුනේ ඇයි කියලා. හැබැයි ඒ සියල්ල දැන ගත්තාට අවබෝධ කරගෙන නෑ. විපක්ශයේ හිටපු අනුර නැගිටින්න හදන හැම අවස්තාවකම හිතේ වෛරයයි, උද්දචකමයි තමන්ව පාලනය කරනවා කියලා අනුරට තාම අවබෝද වෙලා නෑ . එක්කෝ වෙනත් බලවේගයකට කොටු වෙලා කරන්න දෙයක් නැතිව ඉන්නවා වෙන්නත් පුලුවන්.

අවියෙන් නැතත් මේ වන විට බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද මානසික ත්‍රස්තවාදීන් වී හමාරය. තමන්ගේ මිතුරන් හා ඇසුරු කරන පිරිස් සමගම පරුස වචනයෙන්ම වාද කරගනිති. තමන්ට කරදරක් වුන වේලාවට අනුරවත්, මහින්දවත්, නාමල්වත්, සජිත්වත්, දිලිත්වත් ලගට නොඑන බවද අප මතක තබා ගත යුතුය.

සමාජ මාධ්‍ය කුනුහරප වපුලුවන, වෛරයෙන් මිනිස්සුන්ගේ හිත් දූශණය කරන තෝතැන්නේ නිර්මාපකයාද අනුර ප්‍රමුක ගෝලයන් වේ. ඒ හැම සිතුවිල්ලක්ම ශ්‍රීලංකාවේ සංඛ්‍යාතය ඉතා සීග්‍රයෙන් පහලට හෙලයි.සංඛ්‍යාතය පහල යන විට සතුටද ඒ සමානුපාතිකව ගමන් කරයි.

ඒ වගේම බුදුදහමට නිගරු කරන හැම වේලාවල් වල්දීම ඊට එරෙහිව සොභා දහම නැගිටුනු ඇත.

අපි තවමත් අතීතයට දඩුවම් දීලා ගොඩනැගෙන්න උත්සාහ කරන ජාතියක් ද ? නැත්නම් වර්ත්මාන සහ අනාගතය focus කරලා යන්න ඕනා ජාතියක් ද යන්න පාලකයා විසින් තීරනය කලයුතු වේ.

ගැලරිය තුල තමන්ගේ ජනප්‍රියත්වය maintain කරනවාට වඩා හාත්පසින්ම වෙනස් කාර්යභාරයක් පාලකයාට තිබිය යුතුය.

- ශ්‍රීහාන් ආරියසිංහ

Photos from Srihan Ariyasinghe's post 11/01/2025

As a News Anchor and Program Presenter ITN Sri Lanka

09/10/2024
02/01/2023

"සතිමත් විප්ලවය 2023" Online වැඩමුලුව! ( සිංහල / English )
දරුවන්ට ,දෙමව්පියන්ට හා තරුණයින්ට එක සේ වැදගත් මනස,ගුණධර්ම සහ ඉගෙනුම් ක්‍රියාවලිය "සතිය"(Mindfulness) මාර්ගයෙන් ඉහල නංවන විද්‍යානුකූල වැඩමුළුව ජනවාරි 14 වන දින!
ලියාපදිංචියට : 071-52 35 641 (WhatsApp)

22/12/2022

ඔබට නිර්මාණශීලී වීමට අවශ්‍යයි, ඔබට සියලු දුර්වල වැඩ, සාමාන්‍ය වැඩ හරහා යාමට අවශ්‍ය වේ, "විශිෂ්ට නිර්මාණය ශිලිපියෙක්" වීමට ඔබ "සාමාන්‍ය" විය යුතුය.

You need to be creative, you need to go through all the poor work, ordinary work, you need to be "ordinary" to be a "master of creativity".

Want your school to be the top-listed School/college in Liverpool?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Lime Street
Liverpool