Chanu N Shammi

Chanu N Shammi Travel, Educational & day to day vlogs/posts across the UK 🇬🇧 by Chanika & Shammika 😊

Urquhart Castle - Scotland 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 🏰උර්ක්හාර්ට් බලකොටුව ස්කොට්ලන්තයේ Inverness නගරයට ආලෝකයක් එක් කරන ඓතිහාසික බලකොටුවකි....
19/03/2026

Urquhart Castle - Scotland 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 🏰

උර්ක්හාර්ට් බලකොටුව ස්කොට්ලන්තයේ Inverness නගරයට ආලෝකයක් එක් කරන ඓතිහාසික බලකොටුවකි. 13 වන සියවසේදී ඉදිකරන ලද මෙම බලකොටුව ස්කොට්ලන්තයේ ප්‍රබලතම බලකොටු වලින් එකක් විය.

*ඉතිහාසය*

- 13 වන සියවසේ මුල් භාගයේදී ඉදිකරන ලදී
- 1296 දී එංගලන්තයේ පලමුවන එඩ්වඩ් විසින් අල්ලා ගන්නා ලදී
- 1314 දී ස්කොට්ලන්තයේ රොබට් ද බෲස් විසින් නැවත අල්ලා ගන්නා ලදී
- 1689 දී ජැකෝබයිට් කැරැල්ලට (Jacobite uprising) සම්බන්ධ වූ අතර, 1692 දී විනාශයට පත් විය

- මෙම බලකොටුව පිහිටා ඇත්තේ ලොක් නෙස් (Loch Ness) හි ඊසාන දෙසින් නෙස් හි පිටාර ගැලීම ආරම්භ වන ස්ථානය අසල ය
- මෙම බලකොටුව ස්කොට්ලන්තයේ ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන අතර, එහි ඉතිහාසය හා සුන්දරත්වය විඳ ගැනීමට බොහෝ දෙනෙක් පැමිණෙති.

*ලොක් නෙස් රකුසා* (Loch Ness monster)🐉

ලොක් නෙස් රකුසා යනු ස්කොට්ලන්තයේ ලොක් නෙස් හි ජීවත් වන බව කියන ප්‍රසිද්ධ රකුසෙකි. 1933 දී පළමු වරට දැකීමක් වාර්තා වූ අතර, එතැන් සිට බොහෝ දෙනෙක් මෙම රකුසාව දැක ඇති බව කියති.

- ලොක් නෙස් රකුසා යනු දිගු (අඩි 20-30 පමණ), සර්පයාකාර සත්වයෙකි
- මෙම රකුසා ගැන බොහෝ කථා හා ජනප්‍රවාද ඇත, සමහරු එය සත්‍යයක් බව විශ්වාස කරන අතර, අනෙක් අය එය මිථ්‍යාවක් බව කියති.

*ලොක් නෙස් රකුසාව දැකීම*

- 1933 දී පළමු වරට දැකීමක් වාර්තා විය
- 1960 දී ඡායාරූපයක් ගන්නා ලදී (පසුවේ එය වංචාවක් බව හෙළි විය)
- 2007 දී වීඩියෝවක් ගන්නා ලදී (නමුත් එය තහවුරු නොවීය)

ලොක් නෙස් රකුසා ගැන ඔබ දන්නේ කුමක්ද?
පහලින් කොමෙන්ට් එකක් දාන්න😃

අපි මේ Castle එක සහ scottish highlands සංචාරය ඇසුරින් කරපු වීඩියෝ එකක් මේ👇....Castle එක ගැන තවත් පුරාවෘත්ත සහ රසමුසු තැන මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුලුවන් 😘

https://youtu.be/N-8V3HXR06g?si=j3I4H44xFCrHWzL0

31/12/2025
අපිත් එක්ක Wales යමුද😘
06/07/2025

අපිත් එක්ක Wales යමුද😘

මීට අවුරුදු 4000කට කලින්, ඒ කියන්නේ ලෝකඩ යුගයේදී (Bronze Age) භාවිතයට ගත් තඹ පතලක් උතුරුදිග වේල්සයේ තියෙනවා කියලා ඔයාලා ...
06/07/2025

මීට අවුරුදු 4000කට කලින්, ඒ කියන්නේ ලෝකඩ යුගයේදී (Bronze Age) භාවිතයට ගත් තඹ පතලක් උතුරුදිග වේල්සයේ තියෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? 😮

ඔව්, ඒක ඇත්තක්......පුරාවිද්‍යා කැණීම් වලින් හමුවුන සාක්ෂි අනුව මෙම පතල ක්‍රි.පූ. 1900 සිට ක්‍රි.පූ. 600 අතර කාලය තුල භාවිතයට ගෙන තිබෙනවා.

ලෝකඩ යනු තඹ සහ ටින් 88% සහ 12% අනුපාත වලින් සෙල්සියස් අංශක 1100ත් 1200ත් අතර උශ්ණත්වයකදී රත් කිරීමෙන් සාදා ගන්නා ලෝහයකි (alloy), නමුත් විශ්මයට කරුණ නම් මෙම පතලට ටින් රැගෙන විත් තියෙන්නේ මෙතන සිට කි.මී. 500කටත් ඈත Cornwall නම් නිරිත දිග එංගලන්තයේ ප්‍රදේශයකින්.

මුහුදු මට්ටමේ සිට අඩි 500ක් පමණ ගැඹුරට විහිදුනු භූගත කොටස (The Great Cavern) සැලකෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ කණිනු ලැබූ විශාලතම භූගත කැණීම (The largest prehistoric underground excavation in the world) ලෙසයි.

මෙම පතල පිළිබදව මුල්වරට කරුණු අනාවරණය කරගෙන තියෙන්නේ 1987 දී සිදුකෙරුණු ගවේෂණයක ප්‍රතිඵල මගින්.

බ්‍රිතාන්‍යයේ සිදුවූ රෝම ආක්‍රමණ වලට වසර 2000කට පෙර භාවිතයට ගැනුණු මෙම පතල මගින් පුරාතන බ්‍රිතාන්‍යයේ ලෝහ කර්මාන්තය ගැන මනා වැටහීමක් ලබාගත හැක.

මෙහි ඇති සංචාරක මධ්‍යස්ථානය තුල (visitor centre) ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසර පොසිල සහ තවත් කැණීම් වලින් හමුවූ පාෂාණ කොටස් ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

🌞Enjoy this අවුරුදු season with " අවුරුදු Special Rates"🌞🇱🇰 ශ්‍රී ලංකාවේ සිට ලෝකයේ ඕනෑම රටවල් සදහා සහ🇬🇧 එක්සත් රාජධානියේ...
20/03/2025

🌞Enjoy this අවුරුදු season with " අවුරුදු Special Rates"🌞

🇱🇰 ශ්‍රී ලංකාවේ සිට ලෝකයේ ඕනෑම රටවල් සදහා සහ
🇬🇧 එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාව දක්වා 🇱🇰

සිංහල අලුත් අවුරුදු සදහා විශේෂ වට්ටම් දැනගනීමට දැන්ම අපට කතා කරන්න.

දිනේෂ් +447503 288488

08/02/2025

මේ දවස්වල මගේ lifestyle එක සරලව කෙටියෙන් 🥱🥱🥱


Greenford Quay festive Street Food and Artisan Market 2024🎄🎁☃️❄️එංගලන්තයේ බටහිර ලන්ඩන් හි Greenford නගරයේ නත්තල් සැමරුමක...
30/11/2024

Greenford Quay festive Street Food and Artisan Market 2024🎄🎁☃️❄️

එංගලන්තයේ බටහිර ලන්ඩන් හි Greenford නගරයේ නත්තල් සැමරුමක් හා සමගාමීව පැවති අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක් තමා මේ 👇

Greenford Quay නිවාස සංකීර්ණයේ කළමනාකාරිත්වය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ප්‍රදර්ශනය නොවැම්බර් 29 හා 30 යන දෙදින පුරා නිවාස සංකීර්ණය තුල සහ ඒ අවට එළිමහන් භූමියේදී පැවැත්විණ.

නිවාස සංකීර්ණයේ සහ ඒ අවට පදිංචිකරුවන් විසින් සිය දෑතින්ම නිමකර තිබූ විවිධ ආලේපන වර්ග, සම් භාණ්ඩ, ආභරණ, Ceramic සහ විවිධ හැඩතල වලින් යුත් resin නිෂ්පාදන මෙහිදී විවිධ මිලගණන් යටතේ මිලදී ගැනීමට පහසුකම් සලසා තිබුණි.

මෙයට සමගාමීව ඉන්දීය, වියට්නාම, කැරිබියානු සහ යුරෝපීය ආහාරපාන රැසක් ඇතුලත් වූ Street Food Festival එකක්ද පැවැත්වුණි. 🍔🌯🫔🌮🍿🥟🍩🍪

UK වල ඉගෙනගන්න බලාගෙන ඉන්න අයට මෙන්න සුබ පණිවිඩයක් 😍මොකක්ද මේ Commonwealth Scholarship කියන්නේ🤔Masters හෝ PhD එකක් හදාරන...
02/10/2024

UK වල ඉගෙනගන්න බලාගෙන ඉන්න අයට මෙන්න සුබ පණිවිඩයක් 😍

මොකක්ද මේ Commonwealth Scholarship කියන්නේ🤔

Masters හෝ PhD එකක් හදාරන්න Commonwealth එහෙමත් නැත්තං පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල සිසුන් ට UK government එකෙන් ලබාදෙන ශිෂ්‍යත්වයක්.

ඉතිං UK Government එක ලගදි announced කරා ලබන අවුරුද්දෙ ඒ කියන්නේ 2025 සැප්තැම්බර් මාසයේදී මේ ශිෂ්‍යත්වයට අදාළ courses පටන් ගන්නවා කියලා.

ඉතිං අපි පොඩ්ඩක් බලමු මේ ශිෂ්‍යත්වය ඔයාට ලැබුනොත් ඔයාට මොනවද තියෙන special benefits කියලා 👇

1️⃣ තමන්ගෙ රටේ, ඒ කියන්නෙ ඉතිං අපේ ශ්‍රී ලංකාවේ ඉදලා UK වලට එන්න නොමිලේ ගුවන් ටිකට්පතක් ලැබෙනවා.

2️⃣ ඔයා ජීවත් වන ප්‍රදේශය මත මාසික දීමනාවක් ලැබෙනවා, ඒකෙන් ඔයාට ඔයාගෙ නවාතැන් සදහා යන වියදම් cover කරගන්න පුලුවන්.

3️⃣ ඔයා එන්නෙ සැප්තැම්බර් මාසයේදී, ඒ කියන්නෙ UK වල autumn එකේදී, ටිකක් සීතලයි, ඒ නිසා ඔයාට සීතලට අදින ඇදුම් ඕන වෙනවා, ඉතිං ඒ ඇදුම් ගන්න ඔයාට warm cloth allowance එකකුත් ලැබෙනවා.

4️⃣ ඔයාලා දන්නවනේ, UK වල අලුත් immigration rules වලට අනුව 2024 ජනවාරි ඉදන් ඔයාලට ඔයාලගෙ dependant UK වලට අරන් එන්න බැහැ, නමුත් මේ ශිෂ්‍යත්වයේ තියෙන ලොකුම benefit එකක් තමයි ඔයාට ඔයාගෙ dependant ත් ඔයත් එක්කම අරගෙන එන්න පුලුවන්

ඉතිං තවත් ගොඩක් කරුණු සහ මොනවද ඔයාට කරන්න පුලුවන් courses ගැන අපි කරපු වීඩියෝ එකක් තමා මේ👇,

https://youtu.be/KZv8mmGDvMA?si=Gu6Hr3c38Z27UZLP

මේක බලලා ඔයාලට දැනගන්න කැමති ඕන එකක් අපිට කියන්නකෝ, අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා අපි දන්න දේවල් ඔයාලත් එක්ක share කරගන්න ❤


ඉතිං යාලුවනේ....ඔන්න කාලෙකට පස්සෙ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා 😍අපි UK වලට ඇවිල්ලා අදට අවුරුදු දෙකක් ❤......ඉතිං මේ අවුරු...
19/09/2024

ඉතිං යාලුවනේ....ඔන්න කාලෙකට පස්සෙ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා 😍

අපි UK වලට ඇවිල්ලා අදට අවුරුදු දෙකක් ❤......ඉතිං මේ අවුරුදු දෙකට අපි ගත්ත experiences ඔයාලත් එක්ක share කරගන්න හිතුවා.

මීට මාස තුනකට විතර කලින් අපි පෝස්ට් එකක් දැම්මා අපෙන් UK life එක ගැන ප්‍රශ්න මොනාහරි තියෙනවනං අහන්න කියලා.

ඉතිං ඒ පෝස්ට් එකට වගේම අපෙන් private මැසේජ් කරලා අහලා තිබ්බ ප්‍රශ්න කීපයකට අපි තීරණය කලා Q&A type වීඩියෝ එකක් කරන්න

මේ link එකෙන් ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුලුවන් 👇
https://youtu.be/TZvisA3XmCs?si=nLg1T1DdSLTOTsnq

ඔයාලට තව මොනාහරි දැනගන්න තියෙනවනං UK වලට අදාළව අපි ලෑස්තියි අපිට පුලුවන් විදියට ඒවාට උත්තර අරගෙන එන්න 🤝









Address

Greenford

Telephone

+447743469466

Website

Alerts

Be the first to know and let us send you an email when Chanu N Shammi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chanu N Shammi:

Shortcuts

Share