29/09/2025
Story 2.....
ඔන්න ඉතින් කැම්පස් යන්න වගේම මට පාර්ට් ටයිම් එකකුත් හොයා ගන්න උනා... මොකද මට හම්බුන ශිෂ්‍යත්වයෙන් කවර් උනේ මගේ කෝස් ෆී එක විතරයි.. ඒක නිසා මගේ එදිනෙදා වියදම් හොයා ගන්න මට පාර්ට් ටයිම් එකක් හොයා ගන්න උනා...කොහොම හරි කොරේ පිටට මරේ කියලා මට ජොබ් එකක් හම්බුනා ළමයි උදේ 7-10 වැඩ කරන්න.. නිදා ගන්න එක විතරයි මට සැනසීමකට තිබුණෙ මේ රටේ😩...කොහොම හරි දෛවය මට ඒකත් නැති කලේ ඒ රස්සාවට යන්න මාව උදේ 5.30ට ඇහරවලා...
ඔන්න ඉතින් මම උදේ 5.30ට නැගිටිනවා😢.. 6ට ගෙදරින් යනවා.. 10ට ඉවරවෙලා එහෙම්මම කැම්පස් එකට යනවා. 6 වෙනකන් කැම්පස් එකේ වැඩ. 6 ට කැම්පස් එකෙන් එනවා. 7ට ගෙදරට එනවා. වොශ් එකක් දා ගන්නවා.. නිදා ගන්නවා.. ආයේ උදේ නැඟිටිනවා😖.... ජීවිතේ මොන තරම් දුකක්ද කියලා මම මේ ජීවන රටාවෙන් ඉගෙන ගත්තා. පොඩි කාලේ අපි කොච්චර සහැල්ලුවෙන් ජීවත් වෙනවද? ඒ සතුට ආයෙ කවදාවත් ගන්න වෙන් නෑ...
ඔය ඔක්කොමත් හරි PhD එකේ ස්ට්‍රෙස් එක දරා ගන්න එක මට මාර අමාරු දෙයක් උනා.. මොකද මගේ PhD එක අලුත්ම area එකක්. ඒක කරන්න මට මෙච්චර ගට්ස් තියෙනව කියල මම අද වෙනකන් වත් විශ්වාස කරන් නෑ. මොකද මට මාව වත් විශ්වාස නැති පුද්ගලයෙක්. කම්මැලිකම නිසා මට යන්න පුලුවන් තැන්වලට මට යන්න බැරි උනා... අදටත් මම ඒවා ගැන දුක් වෙනවා...
ඔන්න ඔය වෙලාවෙ තමයි මම හිතා ගත්තේ කරන්න ඕනෙ වැඩ නිසි වෙලාවට කරන් නැතුව පස්සෙ දුක් වෙලා වැඩක් නෑ කියල. ඒක නිසා මන් හිත තද කරන් වැඩට බහින්න ගත්තා... මන් අමාරුවෙන් හරි මගේ කාලය effectively භාවිතා කරන්න උත්සාහ කලා. අදටත් උත්සාහ කරනවා.. මම තේරුම් ගත්ත ලොකුම දේ තමයි අපි ඉඳගෙන ඉන්න පැය ගාන නෙමෙ අපේ සාර්ථකත්වයට හේතුව, අපි දවස අවසානයේ ඉගෙන ගත්තු දේවල්, සම්පූර්ණ කරපු කාර්‍යන් ප්‍රමාණය බව.. ඉතින් මන් මටම තරඟයක් හදා ගත්තා... ඒ අහුවෙන හැම තප්පරේම වැඩ කරන්න. හරි නම් එහෙම කරන්න ඕනෙ AL කාලේ...දැන් මට ආයෙ AL ලියන්න වෙන්නෙ ලබන ආත්මෙ තමයි.. ඒක නිසා මම ඒ effort එක PhD එකට දෙන්න තීරණය කලා.
කාලය අපිව දවසින් දවස ඉස්සරහට අරගෙන යනවා.. හැබයි අද ඉන්න මම හෙටට යන එකේ තේරුමක් නෑ කියලා තේරුම් ගත්තා. ඒක නිසා මම දවසින් දවස update වෙන්න හැකිතරම් උත්සාහ කලා.. ඔය අතරෙ ළමයි, කාලය ගත උනා මගේ ආතල්
ජීවිතය මට මඟ හැරුනා.. මට මාවම අමතක උනා... (මේ photos වල හිනා වෙලා වගේ හිටියට මම මේ එකකවත් ආතල් එකේ කලේ නෑ ළමයි...)
29/09/2025