UK PhD Life

UK PhD Life Sharing Tips, Stories, and Advice

Story 2.....ඔන්න ඉතින් කැම්පස් යන්න වගේම මට පාර්ට් ටයිම් එකකුත් හොයා ගන්න උනා... මොකද මට හම්බුන ශිෂ්‍යත්වයෙන් කවර් උනේ ම...
29/09/2025

Story 2.....

ඔන්න ඉතින් කැම්පස් යන්න වගේම මට පාර්ට් ටයිම් එකකුත් හොයා ගන්න උනා... මොකද මට හම්බුන ශිෂ්‍යත්වයෙන් කවර් උනේ මගේ කෝස් ෆී එක විතරයි.. ඒක නිසා මගේ එදිනෙදා වියදම් හොයා ගන්න මට පාර්ට් ටයිම් එකක් හොයා ගන්න උනා...කොහොම හරි කොරේ පිටට මරේ කියලා මට ජොබ් එකක් හම්බුනා ළමයි උදේ 7-10 වැඩ කරන්න.. නිදා ගන්න එක විතරයි මට සැනසීමකට තිබුණෙ මේ රටේ😩...කොහොම හරි දෛවය මට ඒකත් නැති කලේ ඒ රස්සාවට යන්න මාව උදේ 5.30ට ඇහරවලා...

ඔන්න ඉතින් මම උදේ 5.30ට නැගිටිනවා😢.. 6ට ගෙදරින් යනවා.. 10ට ඉවරවෙලා එහෙම්මම කැම්පස් එකට යනවා. 6 වෙනකන් කැම්පස් එකේ වැඩ. 6 ට කැම්පස් එකෙන් එනවා. 7ට ගෙදරට එනවා. වොශ් එකක් දා ගන්නවා.. නිදා ගන්නවා.. ආයේ උදේ නැඟිටිනවා😖.... ජීවිතේ මොන තරම් දුකක්ද කියලා මම මේ ජීවන රටාවෙන් ඉගෙන ගත්තා. පොඩි කාලේ අපි කොච්චර සහැල්ලුවෙන් ජීවත් වෙනවද? ඒ සතුට ආයෙ කවදාවත් ගන්න වෙන් නෑ...

ඔය ඔක්කොමත් හරි PhD එකේ ස්ට්‍රෙස් එක දරා ගන්න එක මට මාර අමාරු දෙයක් උනා.. මොකද මගේ PhD එක අලුත්ම area එකක්. ඒක කරන්න මට මෙච්චර ගට්ස් තියෙනව කියල මම අද වෙනකන් වත් විශ්වාස කරන් නෑ. මොකද මට මාව වත් විශ්වාස නැති පුද්ගලයෙක්. කම්මැලිකම නිසා මට යන්න පුලුවන් තැන්වලට මට යන්න බැරි උනා... අදටත් මම ඒවා ගැන දුක් වෙනවා...

ඔන්න ඔය වෙලාවෙ තමයි මම හිතා ගත්තේ කරන්න ඕනෙ වැඩ නිසි වෙලාවට කරන් නැතුව පස්සෙ දුක් වෙලා වැඩක් නෑ කියල. ඒක නිසා මන් හිත තද කරන් වැඩට බහින්න ගත්තා... මන් අමාරුවෙන් හරි මගේ කාලය effectively භාවිතා කරන්න උත්සාහ කලා. අදටත් උත්සාහ කරනවා.. මම තේරුම් ගත්ත ලොකුම දේ තමයි අපි ඉඳගෙන ඉන්න පැය ගාන නෙමෙ අපේ සාර්ථකත්වයට හේතුව, අපි දවස අවසානයේ ඉගෙන ගත්තු දේවල්, සම්පූර්ණ කරපු කාර්‍යන් ප්‍රමාණය බව.. ඉතින් මන් මටම තරඟයක් හදා ගත්තා... ඒ අහුවෙන හැම තප්පරේම වැඩ කරන්න. හරි නම් එහෙම කරන්න ඕනෙ AL කාලේ...දැන් මට ආයෙ AL ලියන්න වෙන්නෙ ලබන ආත්මෙ තමයි.. ඒක නිසා මම ඒ effort එක PhD එකට දෙන්න තීරණය කලා.

කාලය අපිව දවසින් දවස ඉස්සරහට අරගෙන යනවා.. හැබයි අද ඉන්න මම හෙටට යන එකේ තේරුමක් නෑ කියලා තේරුම් ගත්තා. ඒක නිසා මම දවසින් දවස update වෙන්න හැකිතරම් උත්සාහ කලා.. ඔය අතරෙ ළමයි, කාලය ගත උනා මගේ ආතල්
ජීවිතය මට මඟ හැරුනා.. මට මාවම අමතක උනා... (මේ photos වල හිනා වෙලා වගේ හිටියට මම මේ එකකවත් ආතල් එකේ කලේ නෑ ළමයි...)

Story 1.......මුලින්ම කියන්න ඕනෙ මම ජීවිතේට PhD එකක් කරන්න හිටපු මනුස්සයෙක් නෙමේ. හැබැයි දෛවය අපිව එක එක තැන් වලට කරකවනව...
29/09/2025

Story 1.......

මුලින්ම කියන්න ඕනෙ මම ජීවිතේට PhD එකක් කරන්න හිටපු මනුස්සයෙක් නෙමේ. හැබැයි දෛවය අපිව එක එක තැන් වලට කරකවනවනේ. මමත් ඒ කැරකැවිල්ලට අහුවෙලා එක්සත් රාජධානියට ගොඩ බැහැපු කෙනෙක්😇. ඉතින් කොහොම හරි මෙහට ගොඩ බැස්ස නිසා, ආපු කාරණාව හොදින් හරි නරකින් හරි කර ගන්න ඕනෙ කියල වගකීමක් මගෙ පුංචි ඔලුවෙ වද දුන්නා. ඉතින් ළමායී..... ඉතාම නසරානි සහ පට්ට ආතල් ජීවිතයක් ලංකාවෙ ගත කල මා හට, ඉතාම දුක්බර කාලයක් උදා උනා.. ඒ මීට වසර දෙකකට කලින්. ඔව් ඔව් දැන් මම 3 වසරෙ ළමයෙක්😊...

මගේ අතීත කතාව මම ඉස්සරහට අරන් එන්නම්. දැනට මගෙ දුක්බර කතාව අහන් ඉන්නකෝ... කොහොම හරි මම එක්සත් රාජධානියට ආවා. ආව දවසෙම මට මොකක්දෝ මුස්පේන්තු ගතියක් දැනුනා. මට ගෙදර දුවන්න හිතුනා. මම හොදටම ඇඬුවා. හැබයි මේ වෙද්දි ආපහු හැරෙන්න බැරි තරම් ලොකු කැප කිරීම් ගොඩක් කරල තියෙන නිසා මට කොහොම හරි හිත හදා ගන්න උනා.....😔

ඔහොම ඉන්න කොට මගේ සුපවයිසර් ඒ කියන්නෙ මගේ PhD එකට උදව් කරන ප්‍රොෆෙසර් මට කතා කරල කැම්පස් එකට එන්න කිව්වා. ලංකාවෙ ඉද්දිත් ඔය ලොකු ලොකු මිනිස්සු එක්ක කතා කරන්න බැරි ෆෝබියා එකක් මට තිබ්බා.. ඒක කොච්චර තීව්‍ර එකක්ද කියනවා නම් දන් නැති අංකයට කෝල් එකක් ගන්නවත් කැමති නැති සීන් එකක්..
දැන් ඉතින් අම්මයි තාත්තයි නෑනේ මාව එක්ක යන්න. ඔන්න ඔය දවසෙ ඉදන් තමයි මගේ ගොන් වැඩවලට කර ගහන්න මගේ හස්බන්ඩාට සිදු උනේ..කොහොම කොහොම හරි කැම්පස් යන්න පස්ස ගහපු මාවත් ඇදගෙන මෙයා මාව කැම්පස් එකට ඇදගෙන ගියා ළමයි. මට තිබුණ බයට ඇඩෙන්න වගේ ඇවිත් තිබුනේ. මොනවා කරන්නද මරන්න අරන් යන හරකෙක් වගේ මන් කැම්පස් එකට ගියා..

කොහොම හරි මගෙ වදෙන් බේරෙන්න බැරුව අපේ හස්බන්ඩාටත් මාත් එක්ක සුපර්වයිසර්ගේ රූම් එකට එන්න උනා😂... PhD එකක් කරන්න ඕනෙ විදිය, ඒ කරන්න ඕනෙ කැපකිරීම, කොහොමද කාලය කලමනාකරනය කරන්නෙ වගේ ලොකු ලොකු දේවාල් ගොඩාල් කියල දුන්නා. ඇත්තටම මම බොරුවට ඔලුව වන වන හිටියට මම
වෙන කල්පනාවක හිටියේ.. ඒ කොහොමද මන් මෙහෙන් පැනලා ගෙදර යන්නේ කියලා...කොහොම හරි කතා කරල අපි ගෙදර ආවා. මම ගෙදර කොහොම ආවද කියලවත් මට මතක නෑ ළමයි...

ඊළඟ දවසෙ ඉදන් තමයි මම මගේ ජීවිතේ දුෂ්කරම කාලය පටන් ගත්තේ......(මේ photo එකේ ඉන්න පූස් බබාවත් හිටියා නම් හිත හදා ගන්න තිබ්බා....එහෙම කෙනෙක්වත් හිටියෙ නෑ ළමයි..)

Address

Glasgow

Website

Alerts

Be the first to know and let us send you an email when UK PhD Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to UK PhD Life:

Shortcuts

Share