20/08/2026
නර්සින් කියන්නේ එච්චරම අමාරු රස්සාවක්ද.........
ඔව්......
හැමෝම දකින්නේ,
යුනිෆෝම් එකක්.....
වගකීම් ඉටුකලයුතු සේවකයෙක්
සේවයට අදාල වැටුපක්
දකින හැමවෙලේම ඩියුටි ඉන්න නර්ස් කෙනෙක්......
ඒත් කාටවත් පෙනෙන්නේ නෑ,
යුනිෆෝම් එක ඇතුලේ ඉන්නේ
ඇට මස් ලේ නහර හැගීම් දැනීම් තියන මනුස්සයව....
රැයවල් එළි වෙනකල් නිදිමරපු ඇස්....
වතුර උගුරක් නැතුව ගෙවපු පැය ගණන්.....
නහර ගැට ගැහෙනකල් හිටන් හිටපු දවස්.....
කවුරුත්ම දකින්නේ නෑ,
තමන්ගේ ආදරණියයන් මගහැරුණු හැටි
නිවාඩුවක් නැතුව ලතැවුණු හැටි
අසනීප තියන් ලෙඩ්ඩුන්ට බෙහෙත් පොවපු හැටි......
තමන්ගේම වුර්තිකයන්ගෙන් පීඩනයට පත්වුණු හැටි.....
කාටවත්ම ගානක් නෑ
තියන සීමිත දෙයින් ජිවිත ගොඩ දාන්න දගලන හැටි.....
අනුන්ගේ ජිවිත වලට වගකියන හැටි......
පුංචිම බෙහෙත් පෙත්තේ ඉදන් කොටිගණන් වටින රජයේ දේපල සුරකින හැටි......
පඩියකට වඩා ජිවිතේ කැපකරන හැටි.....
₹ජී ₹
✍🏻 Jeevani Kuruppuarachchi
,