12/05/2026
නයිටින්ගේල් පරපුරට උපාහාරයක්ම වේවා!
===================================
දුක දරාගන සිනා සෙන්නට
අපුල සුවදක් දරාගන්නට😔
ජිවිතේ බර කරට ගන්නට
මඟ කියූ තුන් සිළු පහන මට.......❤️
මාර සේනා හදුන ගන්නට 🤎
නිවන්දොර ලඟ එලිය කරනට 💛
සෙනෙහසින් ජිවිතේ විඳිනට💕
එලිය දුන් තුන් සිළු පහන මට....❤️
මගේ නොවනා මගේ ලෙඩුනට
ජිවිතේ සුව සදා දෙන්නට 💙
පහන් සිල දෝතීන් දරන් අද
පුදමි දිවියම හෙදකමට මම....... ❤️
₹ජී ₹
✍️ Jeevani Kuruppuarachchi
15/04/2026
කැව්ම් කිරිබත් කන්න ආසයි
පුතේ මට දැන් බෝම වයසයි
අලුත් අවරුදු නැකත් මොහොතට
මමත් දෝනිට කැව්වා මතකයි
නහයේ බටයෙන් පොවන කොට කැද
මට මගේ දූ සිහිවුනාමයි
පුංචිවුන් එක්කලා ඒකිත්
ජිවිතේ දුක් විදිනවා බෝමයි
හිනාවෙනකොට වෙනසක්ම නෑ
මගේ දෝනිත් නුබ වගේමයි
අව්රුද්ද මං ලගට ගෙන ආ
මීසි නුබනම් දෙව්දුවක්මයි
₹ජී ₹
✍🏻Jeevani Kuruppuarachchi
13/04/2026
රට ඉදන් 𝗘𝗽𝗶𝘀𝗼𝗱𝗲 𝟭𝟰
80-90 දශකයේ ඉපදුණු අපිට හරීම ලස්සන ළමා කාලයක් තිබුණා. ඒ ළමාකාලේ සුන්දරම දවස් තමයි අළුත් අව්රුද්ද. යුරෝපේට ඇවිත් සමරන දෙවැනි සිංහල අළුත් අව්රුද්ද මේ. (පලවෙනි අව්රුද්දෙ කිසිම දෙයක් කරගන්න තරම් ලොකු හයියක්වත් තේරුමක්වත් නොතිබුනාට මේ වෙනකොට පොඩ්ඩක් විතරයි පුළුවන් 😆)
හිතට මොකද්දෝ දුකක් දැනෙන්න අරන්. හැම වෙලේම හිත දුවන්නේ ලංකාවට. අනේ ලංකාවේ හිටියනම් මේ කාලේ පොරකාගන shopping කරනවා.
ගෙවල් අස්කරනවා. කැවිලි සුවද මුළු ගේ පුරා. ඒ අතරේ සිංහල අච්චාරුවක් වරදින්නෙත් නෑ.
අලුත්ම ඇදුම් ඇදන් කෑම පිඟන් අරන් ගෙවල් ගනේ ගියපු හැටි..... යාලුවෝ එක්ක පංච දාපු හැටි..... නිලා, බබර චක්‍ර අහස්කුරු යවලා සතුටු වුණු හැටි...... ඇත්තමයි ඒ කාලේ කොච්චර ලස්සනද?
වගකීම් අරන් දෙමව්පියෝ වුනාට පස්සෙත් ගත්ත පඩියෙන් කොහොමහරි වගකීම් යුතුකම් ඉෂ්ට කරලා පුංචි උන්ගේ මුණේ හිනාව බලලා අපි කොච්චර සතුටින් හිටියද මේ සිංහල අළුත් අව්රුද්දෙ.
හැමදේම මෙහෙ තිබ්බට මොකද්දෝ ලොකු අඩුවක් හිතට දැනෙනවා. ආපහු ලංකාවට දුවගන යන්න හිතෙනවා. සිය දහස් වාරයක් හිතින් ලංකාවට ගිහින් එනවා.
නෑදෑයෝ යාලුවෝ එක්ක සතුටින් ගෙවපු දවස් මතක් වෙද්දී අපි මෙහෙ ආවේ ඇයි කියලා නොහිතෙනවා නෙමේ.
ඒ වෙලාවට හිතෙනවා මොනදේ උනත් අපේ කම තිබුණේ අපේ රටේ නේද කියලා
මැරෙන්න කලින් ආයෙම ලංකාවට ගිහින් සිංහල අව්රුද්දක් සමරන්න ආයෙම දැන් හීන දකිනවා 😔
12/04/2026
මේ පාරත්
නැකතට ලිපගිනි මෙලවේවි
කැවුම් කිරිබත් සුවද පැතිරේවි
නැකතට වැඩ අල්ලාවී
මට ඩියුටි ඉන්න වේවි.....
මගෙ පුංචි පැටවුන්ට
අත්තම්මගේ අතින් කිරිබත් හැදේවි
අප්පච්චි නැකතට කවාවී....
වැඩ අල්ලන නැකතට
අම්මව මතක් වේවි.......
අම්මා එනකල්
බුලත් අත මැලැවේවි......
නෑගම් යන්නනම්
නිවාඩුනම් නැතිවෙවී.........
අම්මා එකකල්
නිලා පත්තු නොකරාවි.,.....
හිසතෙල් ගාන්නවත්
අම්මා නැද්දැයි අසාවී....
මේ අළුත් අව්රුද්දත්
මේ විදිහටම ගෙවිලා යාවි......
අළුත් අව්රුද්දට ඩියුටි කරන ඔබ සැමට සුබ අළුත් අව්රුද්දක් වේවා 🙏🏻💚🙏🏻
₹ජී ₹
✍🏻 Jeevani Kuruppuarachchi
03/04/2026
Resuscitate කරද්දීත් හිනා වෙලා කලාම
කිසි හිතක් පපුවක් නැති බදු සල්ලි වලින් ඉගනගත්ත කාලකන්නි කියන්න ඔට්ටු නෑ ඔන්න 🤣
29/03/2026
...නයිටින්ගේල් අවතාර..
.. මේ සිද්දිය උනෙත් කලින් වැඩකරපු වාට්ටුවෙදි තමයි . ඒකෙ කැශුවල්ටි දවසෙ විස්තර මම කිව්වනෙ .. ඉතිම් ඔය දවසට අපිට තියෙන වඩ අස්සෙ දහයෙ විතර ඉදන් තියෙන අමාරුම එක වැඩක් තමයි ලෙඩ්ඩුන්ට ඇදවල් හොයන එක . ලෙඩ්ඩු කීයක් ආවත් උපරිම හතරදෙනයිනෙ නයිට් එකකට දාන්නෙ .(ඇයි එහෙම හතරක් විතරක් දාන්නෙ කියල මට තාම හිතාගන්න බෑ . ඇත්තටම ඒ ගැන දන්න අය ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න.)
ඔන්න ඉතිම් දහය හමාර විතර වෙද්දී ලෙඩ්ඩු පනස්ගානක් සෙට් උනා . ඒ හුන්ඩුවෙ තිබුනෙ බෙඩ් තිස් ගානයිනේ. දැන් ඉතිම් ඇවිදින්න ටිකක් පුලුවන් ලෙඩ්ඩු එහෙම ලගපාත තියෙන අනිත් වාට්ටු වලට දාන්න ඕන . අල්ලපු වාටුටුවෙත් ඇදවල් කීපයක් තිබුන ඒවටත් කට්ටිය යවල එත් ටික දෙනෙක් ඉතුරුයි . අන්‍තිමේ කරදරයක් උනාම අපිට පිහිට වෙන්නෙ ධර්මය විතරයිනෙ . ඔන්න ඉතිම් භික්ෂු වාට්ටුවට කතා කරල ඇදවල් ටිකක් හොයල ඒකට අර කට්ටිය යැව්ව.. රෑ දොලහ වෙද්දී තමයි අර ජර්මන් , ස්විස්ටර්ලන් ,ඕස්ට්‍රේලියානු නර්ස්ල මතක් වෙන්නෙ . අපි දෙන්නෙක් එක්ක අඩුම ලෙඩ්ඩු විස්සක් විසිපහකටවත් iv දෙන්න ඕන . වෝඩ් එකේ ටික කොහොමහරි මැනෙජ් කරගත්ත කියමුකො. වෙන වෝඩ් වලට දාපු pt ලට දෙන්න ගියාම තමයි ඇඩෙන්නෙ. ඒ වොඩ් වල pt ල ඉන්න තැන්වත් දන්නෙ නෑනෙ . රෑ දොලහට ඒ වෝඩ් වල ගිහින් නම් කියල කෑ ගහනකොට ඒකෙ ඉන්න මිස්ලයි ලෙඩ්ඩුයි අපේ දිහා බලන්නෙ ඉරානෙ ඊශ්‍රායලය දිහා බලනව වගේ..
ලයිට් දාන්නත් බෑනෙ. කරුවලේම අල්ලපු වාට්ටුවෙ ලෙඩ්ඩු ටික කවර් කරා.. මම ඒ අයට දීල එනකොට මිස් iv රෙඩි කරන් ඉන්නව භික්ෂු වාට්ටුවෙ ලෙඩ්ඩුන්ට දෙන්න . ඒ වෝඩ් එකට යන්න මීටර් පනහකට වඩා දුර යන්න ඕනි දෙන්නත් එක්ක දැන් මිස් ඉස්සරහින් යනව මම ටිකක් පස්සෙන් යනව . ඔය යන අතරෙ තමයි මට මතක් උනේ ..නයිටින්ගේලුත් මේ වගේම රෑ වෙලාවෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න යන්න ඇති නේද කියල .. නයිටින්ගේල් මතක කරගෙන මම මිස්ගෙ දිහා බැලුව
දෙන්න සංසන්දනය කරද්දී මට පොඩ්ඩක් හිනාත් ගියා. මිස් නයිටින්ගේල්ට වඩා මිටියි හැබැයි ශුවර් ඊට වඩා තුන් ගුනයක්වත් මහතයි . මහතයි කිව්වට බෝලයක් වගේ. නයිටින්ගේල්නම් ගියේ ලාම්පුවක් අරගෙන ඒත් මිස් යන්නෙ ෆෝන් එකේ ටෝච් එක ගහගෙන. මට හිතෙන විදියට නයිටින්ගේල් ඇවිදින්න ඇත්තෙ හෙමින් . හැබයි මිස් උසේන් බෝල්‍ට් ලගින්ම යනව.. නයිටින්ගේල්නම් මොනව කියව කියව ගියාද දන්නෙ නෑ . මිස්නම් මේ වගේ තැනක වැඩකරන එකට එයාටම බැන බැන ගියේ.. භික්ෂු වාට්ටුවෙ ඇදවල් ලගට ගිහින් ෆෝන් එලියෙන්ම ලෙඩ්ඩු හොයාගෙන iv ටික දෙන්න උනා. Flagyl දාපු අයට ඉතිම් ඒක ඉවරවෙනකම්ම බලගෙන ඉදල ඒවා ආපහු ගලවගෙනම තමයි ආවේ . ලෙඩ්ඩුනම් සනීපෙට නිදි . අපි අවතාර වගේ ඇවිදිනව . අනිත් එක අපි ලෙඩ්ඩුත් එක්ක හිනාවෙන්න ගියේ නෑ සමහරු කියනව වගේ ඒ වෙලාවෙ හිනා උනත් පේන්නෙත් නෑ.. ඔන්න ඔහොම තමයි නයිටිංගේල් අවතාර තාම හොස්පිටල් වල රෑට ඇවිදින්නෙ . ඔය පිටරට ඉදන් මෙහෙ නර්ස්ල වැඩ කරන්නෙ නෑ කියල කියන අයයි ඒ රටවල වැඩකරන අයයි පොඩ්ඩක් කියන්නකො ඒ රටවලත් මෙහෙම කරනවද කියල දන්නෙ නැති නිසා අහන්නෙ...
.....පසුව ලියමි .. මමනම් ටික කාලයයි ඒ හොස්පිටල් එකේ හිටියෙ ඒත් අර මිස්නම් තාමත් රෑට ලෙඩ්ඩුන්ට බෙහෙත් අරන් යනව ඇති🥺🥺
කතාවේ නම ගැන එච්චර හිතන්න එපා...