03/24/2026
ඉරාන නායක Khamenei ඝාතනය හා යුද්ධයේ පසුබිම
ඝාතනය වූ නායකයා කවුද?
අයතොල්ලා අලී ඛමේනේ (Ayatollah Ali Khamenei) — ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රේෂ්ඨ නායකයා (Supreme Leader). ඔහු 1989 සිට ඉරාන රාජ්‍යයේ ඉහළම බලය දැරූ පුද්ගලයා විය. ජනාධිපතිවරයාටත් වඩා ඉහළ බලතල රාජ්‍ය ආගමික ව්‍යූහය තුළ ඔහු සතු විය.
ඝාතනය සිදු වූයේ කෙසේද?
- 2026 පෙබරවාරි 28 දා Khamenei ගේ නායකත්ව සංකීර්ණය පිහිටි Tehran හි Pasteur Street ආසන්නයේ, Israel ගේ precision airstrike (නිශ්චිත ගුවන් ප්‍රහාරයක්) දියත් කෙරුණා.
- ප්‍රහාරයට CIA (ඇමෙරිකාව) හා Mossad / IDF (ඊශ්‍රායලය) ඒකාබද්ධව සහභාගී වී සිටියා.
- Tehran ගේ රථ වාහන කැමරා අවුරුදු ගණනාවක් තිස්සේ Israel රහසිගතව hack කරගෙන, Khamenei ගේ ආරක්ෂකයින්ගේ ගමන් රටා, vehicle patterns, හා රැස්වීම් කාලසටහන් mapping කරලා තිබ්බා. Khamenei ගේ නායකත්ව සංකීර්ණය ඉදිරිපිට ඇති Pasteur Street ආසන්නයේ කැමරාවකින් ආරක්ෂකයින්ගේ රථ, ගමන් කාලසටහන් හා රැස්වීම් pattern පැහැදිලිව දකින්නට ලැබුණා . Israel අවුරුදු ගණනාවක් තිස්සේ ඒ කැමරා ජාලයට රහසිගතව ඇතුළු වෙලා, video ධාරාවන් නිහඬව ඊශ්‍රායලය ලෙසට යළි-හරවා ගෙන ගිහිං.
- ප්‍රහාර දවසේ camera intelligence, දුරකතන ජාල data, හා ශ්‍රේෂ්ඨ ඔත්තු ස්ථාන ඒකාබද්ධ කරමින් ඔහු සංකීර්ණය තුළ ඇති බව නිශ්චිතව තහවුරු කෙරුණා. කැමරා දත්ත, දුරකතන ජාල ප්‍රවේශය, හා ශ්‍රේෂ්ඨ ඔත්තු ස්ථාන ඒකාබද්ධ කරමින් Khamenei ගේ පිහිටීම නිශ්චිතව තහවුරු කර, දිවා කාලයේ ප්‍රහාරය දියත් කෙරුණා.
- ප්‍රහාරයට ටික කාලයකට පෙර ආසන්න ජංගම දුරකතන ජාල බාධා කළා ආරක්ෂකයින්ට අනතුරු ඇඟවීම් නොලැබෙන්නට.
----ශ්‍රී ලංකාවට ඇති පාඩම----
ශ්‍රී ලංකාවද දැන් නාගරික ආරක්ෂා කැමරා, ස්මාර්ට් නගර තාක්ෂණය, රථ වාහන නිරීක්ෂණ ජාල ක්‍රමයෙන් ව්‍යාප්ත කරමින් සිටිනවා. හොඳ ප්‍රතිඵල ගෙනෙන ඒ වෑයම ගැන සතුටු විය යුතු වුවද, ඉරානය ගේ අත්දැකීම අපට පෙන්නුම් කරන්නේ
- ජාල කොටස් වෙන් කිරීම - කැමරා, NVR, සහ VMS ට ස්වාධීන ජාල කොටස් (VLAN) ලබා දෙන්න. සියල්ල එකම ජාලයේ ගොඩ නොකරන්න.
- firmware යාවත්කාලීන කිරීම - පරාණ software = විවෘත දොරක්. නිතරම update කරන්න.
- default passwords ඉවත් කිරීම - කැමරාවේ හෝ NVR ගේ "admin/admin" password රාජකීය ආරාධනාවකි.
- internet ගතව නිරාවරණය සීමා කිරීම - කැමරා හෝ VMS කෙලින්ම internet ගත නොකර, VPN හෝ ආරක්ෂිත ප්‍රවේශ ක්‍රම හරහා සම්බන්ධ කරන්න.
- නිරීක්ෂණ හා විමර්ශන ක්‍රමය - සැකසහිත ක්‍රියා (නොදන්නා ඇතුළු වීම්, අසාමාන්‍ය traffic) සඳහා alerts system එකක් ගොඩ නැගීම.
- පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය - කැමරා data කවුරු, කොතරම් කලකට, කොයි නීති රාමුව යටතේ ගබඩා කෙරේ ද? ඒ ගැන පැහැදිලි ප්‍රතිපත්තියක් අවශ්‍යයි.
#ශ්‍රීලංකා