Next Step In Australia

Next Step In Australia

Share

We are a trusted team of immigration lawyers and education consultants, offering clear and reliable support for your visa and university needs.

22/05/2026

🇦🇺 Australia Dependent Child Visa (Subclass 445) දැන දන්නවද? දැනන් හිටියට මේ වගේ විස්තරයක් දැන ගෙන හිටියද? එහෙනම් අද අපි මේ ගැන කතා කරමු....

ඔයාගේ Permanent Partner Visa එක process වෙමින් තියෙන අතරේ ඔබගේ දරුවාව Australia වලට ගෙන්වා ගැනීම ටිකක් සංකීර්ණ වගේ දැනෙන්න පුළුවන්. ඒ නිසා තමයි Subclass 445 Dependent Child Visa එක introduce කරලා තියෙන්නේ . මේ visa එකෙන් ඔබගේ දරුවාට temporary ලෙස Australia තුළ stay කරන්න පුළුවන්, ඔබගේ permanent Partner visa application එකේ final decision එක එනතුරු.

Subclass 101/802 වගේ permanent Child visas වලට වඩා, 445 visa එක temporary visa එකක්. ඒකෙන් දරුවාට legally Australia වල ජීවත් වෙන්න, settle වෙන්න සහ future permanent residency එකට යන්න අවස්ථාව ලැබෙනවා. ඔබගේ permanent Partner visa එක approve වූ පසු, දරුවාවත් ඒ application එකට add කරලා permanent resident කෙනෙක් කරන්න පුළුවන්.

මෙම guide එකෙන් eligibility, benefits, costs, processing times සහ application process එක ගැන සම්පූර්ණ විස්තර දැනගන්න පුළුවන්.

👉 මේ Visa එක කාටද?
Subclass 445 visa එක apply කරන්න පුළුවන් child කෙනෙක්ට, එයාගේ parent:
• Temporary Partner visa application එකට (Subclass 309 හෝ 820) childව ඇතුළත් කරලා නොතිබීම
• Temporary Partner visa එක already grant වෙලා තිබීම
• Permanent Partner visa (Subclass 100 හෝ 801) එකේ final decision එක තවම නොලැබී තිබීම වගේ දේවල් වලදීයි.

445 visa grant වුනාට පස්සේ, childව parentගේ permanent Partner visa application එකට add කළ යුතුමයි.

👉 “Dependent Child” කියන්නේ කවුද?
Dependent child කියන්නේ visa holder parentගේ child හෝ step-child කෙනෙක්, එයා:
• Married, engaged හෝ de facto relationship එකක නොසිටිය යුතුයි
• Age 18 ට අඩු විය යුතුයි
හෝ
• Age 18 ට වැඩි වුණත් parent මත financially dependent විය යුතුයි
• නැත්නම් bodily හෝ mental condition එකක් නිසා work කරන්න incapacity තිබිය යුතුයි

Age 18ට වැඩි children සඳහා Department එක financial dependency ගැන ගොඩක් අවධානයෙන් බලනවා. Childගේ income එක basic living expenses වල 50% ට අඩු විය යුතුයි. Parent විසින් regular financial support දෙන බව bank transfers, school fee payments වගේ evidence වලින් prove කරන්න ඕනේ. Full-time study කරනවා නම් ඒකත් dependency prove කරන්න help වෙනවා.

👉 Parent කෙනාට තිබිය යුතු Visa එකේදී Parent කෙනා පහත visas වලින් එකක් hold කළ යුතුයි:
• Subclass 309 – Spouse (Provisional)
• Subclass 310 – Interdependency (Provisional)
• Subclass 445 – Dependent Child
• Subclass 820 – Partner
• Subclass 826 – Interdependency

Child ව sponsor කරන්න ඕනෙත් parentගේ Partner visa එක sponsor කළ same sponsor කෙනාමයි. මේ visa එකට separate sponsorship form එකක් නැහැ. Sponsor කෙනා Form 918 එකේ relevant sections complete කරලා sponsorship එක confirm කරනවා.

👉 මේ Visa එකෙන් දරුවාට ලැබෙන අවස්ථා ගත්තොත් එහෙම, මේකෙන් Subclass 445 visa එක grant වුණාම child කෙනාට:
• Australia වල stay කරන්න හෝ move වෙන්න පුළුවන් permanent Partner visa decision එක එනතුරු
• Work සහ study කරන්න restrictions නැතුව පුළුවන්
• Australia වලට freely travel කරන්න පුළුවන්
• Eligible නම් Adult Migrant English Program හරහා free English classes attend කරන්න පුළුවන්
• Permanent Partner visa application එකට add කළ පසු Medicare වල register වෙන්නත් පුළුවන්

👉 හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි Visa Fees. එහෙනම් අපි ඒ ගැනත් කතා කරමු:
• Main applicant (child) – AUD 3,235
• Additional applicant (18+) – AUD 1,615
• Additional applicant (under 18) – AUD 810

මෙම fees July 2025 අනුව correct වන අතර සෑම financial year එකකම වෙනස් විය හැකියි. ඒ නිසා ඒ ගැන අවබෝධයෙන් ඉන්න.

👉 Processing Times ගැනත් මතක් කළොත්, මේකට Application volume සහ documents completeness අනුව processing time වෙනස් වෙනවා.

Latest Department data අනුව:
• 50% applications – මාස 17 ඇතුළත process වෙනවා
• 90% applications – මාස 21 ඇතුළත process වෙනවා

සමහර අවස්ථාවල මාස 24 – 27 දක්වා ගතවෙන්නත් පුළුවන්. ඒ නිසා official Home Affairs processing time tool එක regularly check කරන්න.

👉 මේක Apply කරන විදිහ ඇවිල්ලා අපි Step by Step මතක් කරන්නම්;
1. Eligibility check කරන්න - Parent කෙනා valid Subclass 309 හෝ 820 visa එකක් hold කරනවාද සහ permanent Partner visa application එක pending ද කියලා verify කරන්න.

2. Documents ready කරන්න - Birth certificates, passports, dependency evidence සහ parental consent documents gather කරන්න.

3. Forms complete කරන්න - Form 47CH සහ Form 40CH submit කරන්න.

4. Application lodge කරන්න - ImmiAccount හරහා online හෝ paper application ලෙස lodge කරන්න පුළුවන්. Australia ඇතුළේ හෝ පිටත සිට apply කරන්න පුළුවන්.

5. Visa fee pay කරන්න - Main applicant fee එක AUD 3,235 (වෙනස් වෙන්න පුළුවන්)

6. Health & character checks complete කරන්න - Medical examination සහ police clearances submit කරන්න.

7. Processing wait කරන්න - Processing time වෙනස් වෙන නිසා අවදානයෙන් ඉන්න ඕනේ.

8. Childව permanent visa application එකට add කරන්න - 445 visa grant වුණාම Form 1002 භාවිතා කරලා childව permanent Partner visa application එකට add කරන්න.

9. Permanent visa decision එක wait කරන්න - Subclass 100 හෝ 801 grant වුණාම child වත් permanent resident කෙනෙක් වෙනවා.

👉 මේකේ Required Documents Checklist එක ඇවිල්ලා:
--- Identity Documents:
• Passport bio-data page copy
• Name change proof (අදාළ නම්)
• Passport size photos

--- Relationship Evidence:
• Birth certificates
• Family relationship proof
• Sponsorගේ Australian citizenship / PR proof

--- Visa Holder Parent:
• Parentගේ visa grant letters
• Acknowledgement letters

--- Health & Character:
• Police clearances
• Medical examination reports

--- Required Forms:
• Form 47CH
• Form 40CH
• Form 1229 (child under 18 සහ one parent migrate නොකරනවා නම්)

👉 මේකේ තියෙන වැදගත් කරුණු කිහිපයක් මතක් කරන්නත් ඕනේ,
• 445 visa grant වුණාම childව permanent visa application එකට ඉක්මනින් add කරන්න
• Permanent Partner visa එක grant වුණාට පස්සේ apply කරන්න එපා
• Child processing අතරතුර 18 turn වුණත් dependency evidence maintain කරන්න
• Child Australia තුළ වෙනත් visa එකකින් ඉන්නවා නම් Bridging Visa A එකකට eligible වෙන්න පුළුවන්
• එක් child කෙනෙක්ට වෙනම 445 visa application එකක් lodge කළ යුතුයි

👉 මෙහෙම අපි ඔයාට සම්පුර්ණ විස්තරයක් දුන්නට මේකදීත් ඔයගොල්ලෝ mistakes කරනවා, ඉතින් පොදු mistakes ටිකක් කියන්නම් ඔයගොල්ලෝ කරන,
• Permanent Partner visa grant වුණාට පස්සේ apply කිරීම
• Child ව permanent application එකට add නොකිරීම
• Incomplete documents submit කිරීම
• Health සහ character requirements ignore කිරීම
• Same sponsor requirement එක අමතක කිරීම

මෙහෙම වැරදීම් කරන්න එපා, ඒ නිසා තමයි අපි ඉන්නේ. වැරදීම් කරනවට වඩා ඔයාට ඔයාගේ visa කටයුතු ටික හරියටම කරගන්න ඕනේ නම් දැන්ම අපිට කතා කරන්න. ඔබගේ family එක එකට තබාගෙන Australia journey එක successfully complete කරගන්න අපි ඔබට සහාය දෙනවා.
👤+61436282908‬‬ ‬‬(Chamoda Dilshan)
Registered Education Agent (QEAC No: 14598) | Paralegal (Client Intake & Case Coordination) Working under the supervision of Lawyer Gill Lamhing (Legal Practitioner No: 5512648)

📧E-mail: [email protected]

*Disclaimer:
This content is provided for general informational purposes only and should not be considered migration or legal advice. Visa requirements, fees, processing times, and eligibility criteria for the Australian Dependent Child Visa (Subclass 445) may change at any time by the Australian Department of Home Affairs. Every application is different, and outcomes are not guaranteed. Please consult the official Department of Home Affairs website or a registered migration agent for the most up-to-date and personalized advice.

20/05/2026

🇦🇺ඕස්ට්‍රේලියාවට ඔබේ දරුවාත් ගෙන්වා ගන්න මෙන්න අවස්ථාව....
Child Visa (Subclass 101 & 802) සම්පූර්ණ මාර්ගෝපදේශය – 2026

ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්, Permanent Resident කෙනෙක්, හෝ සුදුසු New Zealand citizen කෙනෙක් නම් ඔබගේ depend වන දරුවා ඕස්ට්‍රේලියාවේ ස්ථිරව ජීවත් වීමට sponsor කිරීම සඳහා මෙම visa එක භාවිතා කළ හැක.

Child Visa (Subclass 101 සහ 802) කියන්නේ මේ සඳහාම සකස් කර ඇති permanent residency මාර්ගයකි. නමුත් මේ ක්‍රියාවලියට දැඩි අවශ්‍යතා, නිශ්චිත ස්ථාන නීති සහ දිගු processing කාලයන් ඇත.

Offshore vs Onshore – කුමක්ද ඔබට සුදුසු?
මෙහි ප්‍රධාන වෙනස වන්නේ දරුවා අයදුම් කරන අවස්ථාවේ සිටින ස්ථානයයි.

👉Subclass 101 (Offshore Visa):
*දරුවා අයදුම් කරන විටත්, visa ලැබෙන විටත් ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටිය යුතුය.
*සාමාන්‍යයෙන් තම රටේ සිටින දරුවන් සඳහා සුදුසු වේ.

👉Subclass 802 (Onshore Visa):
*දරුවා අයදුම් කරන විට ඕස්ට්‍රේලියාව තුළ සිටිය යුතුය.
*Tourist visa වැනි temporary visa එකකින් සිටින දරුවන් සඳහා භාවිතා වේ.

මෙම visas දෙකම approval ලැබූ පසු දරුවාට ඕස්ට්‍රේලියාවේ ස්ථිරව ජීවත් වීමට හැක.

👉Visa අවශ්‍යතා (101 & 802 දෙකටම පොදු කරුණු කිහිපයක්) ඇවිල්ලා:
දරුවා පහත නීති වලට අනුකූල විය යුතුය:
•දරුවා සහ parent සම්බන්ධතාවය මෙම කරුණු වලින් එකක් විය යුතුමයි. මම කරුණූ ටික ඔක්කොම කියන්නම්, ඔයාගේ දරුවා මේ ගොඩෙන් එකක ඉන්නවානම් මේ visa එක apply කරන්න පුළුවන්.
*ජීව විද්‍යාත්මක දරුවා (biological child)
*දරුකමට ගත් දරුවා (adopted child) – නීතිමය නියමයන් යටතේ
*step-child
*Artificial Conception Procedure (ACP) මගින් උපන් දරුවා
*surrogacy මගින් උපන් දරුවා (court order සමඟ)

👉වැදගත් Adoption නීතිය ඇවිල්ලා:
දරුවා parent Australian citizen / PR ලැබූ පසු adopt කර ඇත්නම්, සාමාන්‍යයෙන් Subclass 101/802 සඳහා නොගැලපේ. එවැනි අවස්ථාවල Adoption Visa (Subclass 102) භාවිතා කළ යුතුය.

👉වයස් සහ dependancy එක ගැන කතා කරොත් මේකදී,
*අවුරුදු 18 ට අඩු විය යුතුය
*18–25 අතර නම් full-time student කෙනෙක් විය යුතුය, සහ financial dependency තිබිය යුතුය
*18 ට වැඩි නම් disability එකක් නිසා වැඩ කිරීමට නොහැකි විය යුතුය

👉විවාහ තත්ත්වය පැත්තෙන් ගත්තොත් ඔයාගේ දරුවාට partner කෙනෙක් නැති වෙන්න ඕනේ (married / engaged / de facto නැත).

👉Sponsor අවශ්‍යතා:
Sponsor කෙනා විය යුතුය:
*Australian citizen / PR / eligible New Zealand citizen
*දරුවාගේ parent හෝ parent ගේ spouse / de facto partner
*පළමු අවුරුදු 2 තුළ දරුවාට financial සහ housing support ලබාදීමට එකඟ විය යුතුය

👉අවශ්‍ය ලේඛන (සාමාන්‍ය ලැයිස්තුව):
හඳුනාගැනීමේ ලේඛන පැත්තෙන් නම්,
*Passport copy (bio data page)
*නම වෙනස් කර ඇත්නම් ඒ සදහා සාක්ෂි
*passport photo

👉Forms:
*Form 47CH (visa application)
*Form 40CH (sponsorship)

👉සම්බන්ධතාවය තහවුරු කිරීම සඳහා:
*birth certificate
*sponsor ගේ citizenship / PR proof

👉සෞඛ්‍ය සහ චරිතය:
*medical examination (501)
*police clearance (වයස 16ට වැඩි නම් සහ රටවල්වල වසර 10ක ඉතිහාසය අනුව)

👉DNA test අවශ්‍යද?
සෑම විටම නැත. නමුත් ලේඛන ප්‍රමාණවත් නොවූ විට DNA test භාවිතා කළ හැක.

👉නිතර කට්ටිය අහන ප්‍රශ්න ඇවිල්ලා:
•දරුවාට වැඩ හෝ අධ්‍යාපනය කළ හැකිද?
ඔව්. permanent visa එක ලැබූ පසු සම්පූර්ණ අයිතිවාසිකම් ඇත.

•Medicare ලැබෙනවද?
ඔව්, Australian public health system එකට ප්‍රවේශය ලැබේ.

•කාලය කොච්චරද?
*101: මාස 20–28
*802: මාස 19–23

•18ට වැඩි දරුවන්ට apply කළ හැකිද?
ඔව්, නමුත් full-time study සහ dependency නීති තදින් බලපායි.

•onshore / offshore apply කළ හැකිද?
ඔව්, 802 onshore සහ 101 offshore ලෙස භාවිතා කළ හැක.

👉2026 වැදගත් යාවත්කාලීන updates ටිකකුත් මේ පාරත් මතක් කරන්නම් මම,
•දැනට Department of Home Affairs විසින් processing කාලය අඩු කිරීමට උත්සාහ කරමින් සිටී. නමුත් තවමත් කාලය දිගු වේ.
•අඩු ලේඛන, වැරදි forms, හෝ dependency ඔප්පු නොකිරීම නිසා බොහෝ applications ප්‍රතික්ෂේප වේ.
•විශේෂයෙන් 18–25 වයස් කාණ්ඩයේ දරුවන් සඳහා full-time study ඔප්පු කිරීම අත්‍යවශ්‍යය.

Visa ක්‍රියාවලිය සංකීර්ණ වෙන්න පුළුවන් අනිවාර්‍යෙන්ම. ඔබට subclass තේරීම, dependency proof කිරීම, හෝ application review අවශ්‍ය නම් අපි උදව් කිරීමට සූදානම්.
එහෙමත් නැත්නම් ප්‍රශ්න තියෙනවානම් දැන්ම අපිට කතා කරන්න.
👤+61436282908‬‬ ‬‬(Chamoda Dilshan)
Registered Education Agent (QEAC No: 14598) | Paralegal (Client Intake & Case Coordination) Working under the supervision of Lawyer Gill Lamhing (Legal Practitioner No: 5512648)

📧E-mail: [email protected]

*Disclaimer:
Visa rules, eligibility requirements, processing times, and Department of Home Affairs policies may change at any time. This content is for general informational purposes only and should not be considered migration or legal advice. Please consult a registered migration agent or the Australian Department of Home Affairs for the most accurate and up-to-date information related to your personal situation.

17/05/2026

🇦🇺University Fees නිසා Australia සිහිනය නම් බොඳ කර ගන්න එපා...

UNIVERSITY FEES ගෙවන්න අමාරුද? Next Step In Australia අපිට පුළුවන් ඔයාව වඩාත් Affordable Colleges වලට switch කරලා දෙන්න.

ඒ වගේම අපෙන් ඔයාට:
👉Free Consultations (නොමිලේ උපදේශනය)
👉Affordable Solutions (අඩු වියදම් කොලේජ් සොයා දීම)
👉Personalized Service (පෞද්ගලික සේවාව)
👉Experienced Guidance (අත්දැකීම් සහිත මාර්ගෝපදේශනය)
👉PR Pathway Alignment (ඔබගේ ස්ථිර පදිංචිය [PR] සඳහාම අදාළ පාඨමාලාව සොයා දීම)

මේ කිසිම සේවාවකට අපෙන් මුදල් අය් කිරීමක් වෙන්නේ නෑ....
......................................
ඔයාගේ PR pathway එකට හරියන විදිහටම, Australia වල ඉන්න ගමන්ම මේ දේවල් කරගන්න දැන් ලේසියි!🎓

Fees ගැන වද නොවී ඔබේ Australia හීනය සැබෑ කරගන්න අදම අපිට කතා කරන්න:
👤+61420292908 ‬‬(Chamoda Dilshan)
Registered Education Agent (QEAC No: 14598) | Paralegal (Client Intake & Case Coordination) Working under the supervision of Lawyer Gill Lamhing (Legal Practitioner No: 5512648)

📧E-mail: [email protected]

16/05/2026

🇦🇺Australia වලට තමන්ගේ දරුවාව ගෙන එන්න: Adoption Visa (Subclass 102) ගැන සම්පූර්ණ විස්තරයක්🇦🇺

ආයුබෝවන් හැමෝටම!!!

ඔබ Australian citizen කෙනෙක්, permanent resident කෙනෙක්, හෝ eligible New Zealand citizen කෙනෙක් නම්, overseas country එකකින් දරුවෙක් adopt කරලා තියෙනවා හෝ adoption process එකේ ඉන්නවා නම්, immigration law process එක ටිකක් complex වගේ දැනෙන්න පුළුවන්.

ඒ නිසා අපි Adoption Visa (Subclass 102) ගැන තියෙන වැදගත් විස්තර සරල, පැහැදිලි සහ professional විදියට breakdown කරලා මේ guide එක හදාගෙන ආවා. මේ visa pathway එක හරහා ඔබගේ adopted childව Australia වල permanent විදියට settle කරන්න පුළුවන්.

👉Note: මේ visa එක applicable වෙන්නේ Australia වලට පිටත adopt කරන ලද children සඳහා පමණයි. Biological child cases හෝ orphan relative cases සඳහා Child Visa හෝ Orphan Relative Visa categories බලන්න.

👉Adoption Visa (Subclass 102) කියන්නේ මොකක්ද?
සරලව කියනවා නම්, මේක adopted child කෙනෙක්ට ලබාදෙන Permanent Residency visa එකක්. Sponsor කරන Australian parent කෙනා හරහා, childට Australia වල permanently live කරන්න අවස්ථාව ලැබෙනවා.

👉මේ Visa එක suitable වෙන්නේ කාටද?
සාමාන්‍යයෙන් මේ visa category එක situations දෙකකට apply වෙනවා:

01. Intercountry Adoption:
Adoption process එක Australian State/Territory Central Adoption Authority (STCA) හරහා Hague Adoption Convention හෝ bilateral agreement එකක් යටතේ arrange කරන cases.

02. Expatriate Adoption (Private Arrangement):
Australian parentsලා Australia වල නොව overseas country එකක 12 monthsට වඩා වැඩි කාලයක් live කරමින්, එම රටේ law අනුව child adopt කරන cases.

👉මේකේ Main Eligibility Requirements ඇවිල්ලා:
මේ visa එක approve වෙන්න strict requirements තිබෙනවා. Small mistake එකක් වුණත් refusal එකකට හේතුවක් වෙන්න පුළුවන්.

Child (Applicant) සඳහා:
*Age: Application lodge කරන වෙලාවේ, adoption කරන වෙලාවේ සහ visa decision එක ලැබෙන වෙලාවේ childට 18ට අඩු වයසක් තිබිය යුතුයි.
*Relationship: Child sponsorට relative කෙනෙක් වෙන්න ඕන.
*Marital Status: Spouse කෙනෙක් හෝ partner කෙනෙක් නොතිබිය යුතුයි.
*Location: Application එක lodge කරන්න ඕනේ Australia වලට පිටත සිට.
*Health & Character: Australian health requirements meet කරන්න ඕන. (Age 16ට වැඩි නම් character checksත් අවශ්‍ය වෙනවා.)

Sponsor (Adoptive Parent) සඳහා:
*Status: Settled Australian citizen, permanent resident හෝ eligible New Zealand citizen කෙනෙක් වෙන්න ඕන.
*Age: අවම වශයෙන් 18 years.
*Residency Requirement (Expat Route): Private adoption route එකෙන් යනවා නම්, application එකට පෙර continuous months 12ක් overseas live කරලා තියෙන්න ඕන.

Adoption Pathways 4ක්:
මේ visa category එක යටතේ adoption process types 4ක් තිබෙනවා:
1. Expatriate Private Adoption
2. STCA Involved (Non-Hague) Adoption
3. STCA Involved (Hague/Bilateral Agreement) Adoption
4. Third Country Hague Adoption

👉මේකට යන Processing Time & Costs (2026 Update) ගැන කතා කරමු දැන්:
මුලින්ම Processing Time,
2026 update අනුව approximate processing timeline:
*25% applications – Months 4
*50% applications – Months 6
*90% applications – Months 10

(Document completeness, overseas authority cooperation වගේ factors අනුව timeline වෙනස් වෙන්න පුළුවන්.)

Government Visa Fees (2026),
*Main Applicant (Child) – AUD $3,235
*Additional Applicant (18+) – AUD $1,615
*Additional Applicant (Under 18) – AUD $810

(මෙම fees visa application charges පමණක් වන අතර medicals, police clearances හෝ legal fees ඇතුළත් නොවේ.)

👉Required Documents:
සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන documents:
*Passport bio page
*Passport size photos
*Birth certificates
*Form 47CH & Form 40CH
*Official adoption papers
*STCA letter (applicable නම්)
*Sponsor citizenship proof
*Overseas residence evidence (Expat cases සඳහා)
*Police clearance certificates

👉Visa Grant වුණාට පස්සේ ලැබෙන Benefits ඇවිල්ලා:

Visa grant වුණාම childට:
•Australia වල indefinitely live කරන්න
•Study & work කරන්න
•Medicare access ලබාගන්න
•Years 5ක් travel facility use කරන්න
•Future එකේ Australian citizenship apply කරන්න පුළුවන්.

👉මේ වේලාවේ Important Updates & Professional Tips (2026) ටිකකුත් මතක් කරන්නම්:
•Settled” Definition,
Australian law අනුව “settled” කියන්නේ lawful සහ stable විදියට Australia වල live කරන person කෙනෙක්. Temporary visa holders සාමාන්‍යයෙන් මේ category එකට අයත් වෙන්නේ නැහැ.

•Private Adoption Warning,
Australia Hague Convention rules ඉතා strict විදියට follow කරනවා. Australian State Central Authority involvement නැති private arrangements බොහෝ වෙලාවට refusal වෙන්න පුළුවන්. Exception එක expatriate route එක පමණයි.

•Adoption vs Orphan Relative Visa
Child legally adopt කරලා නැත්නම් හෝ biological parents rights officially remove කරලා නැත්නම්, Orphan Relative Visa pathway එක more suitable වෙන්න පුළුවන්.

Intercountry adoption process එක emotional සහ important journey එකක්. ඒත් immigration paperwork සහ legal process එක complex වෙන්න පුළුවන්.
මට හිතෙනවා මේ විස්තර ටික ඇති කියලා. තවත් විස්තර අවශ්‍යද? එහෙනම් නැත්නම් ඔබගේ situation එකට suitable visa pathway එක මොකක්ද කියලා දැනගන්න හෝ application එක professionally prepare කරන්න support අවශ්‍ය නම්, දැන්ම අපිට කතා කරන්න.
👤+61436282908‬‬ ‬‬(Chamoda Dilshan)
Registered Education Agent (QEAC No: 14598) | Paralegal (Client Intake & Case Coordination) Working under the supervision of Lawyer Gill Lamhing (Legal Practitioner No: 5512648)

📧E-mail: [email protected]

*Disclaimer:
The information provided in this post is for general educational and informational purposes only and should not be considered as legal, migration, or immigration advice. Australian immigration laws, visa requirements, processing times, and government fees may change at any time without prior notice. Each adoption and visa case is unique, and eligibility outcomes depend on individual circumstances, supporting documents, and Department of Home Affairs assessments. We strongly recommend seeking professional migration or legal advice before making any visa-related decisions or submitting an application. We are not affiliated with the Australian Government or the Department of Home Affairs.

14/05/2026

🇦🇺Australia Skilled Nominated Visa (Subclass 190) – සම්පූර්ණ Guide එක + අලුත් Updates එක්ක🇦🇺

මේ visa එකත් Permanent Residency (PR) visa එකක්. මේක apply කරන්න SkillSelect හරහා Invitation එකක් අවශ්‍යයි. මැයි මාසේට updated details එක්ක අද මේ ගැන කතා කරමු.

Subclass 190 Visa එක කියන්නේ මොකක්ද?
Subclass 190 visa එක කියන්නේ skilled workersලාට දෙන points-based Permanent Residency visa එකක්. මේකට apply කරන්න කලින් Australian State එකක් හෝ Territory එකක් මඟින් nomination එකක් ලැබිය යුතුයි.

👉ඕනම කෙනෙක්ට EOI (Expression of Interest) submit කරන්න පුළුවන්. හැබැයි visa apply කරන්න පුළුවන් වෙන්නේ State/Territory nomination එකක් ලැබුණාම විතරයි.

මේ Visa එක suitable වෙන්නේ කාටද?
Australia වල specific States/Territories වල demand තියෙන skills තියෙන අයට තමයි මේ visa එක mainly target වෙන්නේ. Visa grant වුණාට පස්සේ, nominate කරපු State/Territory එකේ අවම වශයෙන් අවුරුදු 2ක් ජීවත් වෙන්න ඔයාට සිද්ධ වෙනවා.

👉Step-by-Step Process එක ඇවිල්ලා මේකදී?
1.තමන් claim කරන points වල evidence prepare කරන්න
2.SkillSelect හරහා EOI submit කරන්න
3.State/Territory nomination එකට apply කරන්න
4.Invitation එක එනකල් wait කරන්න
5.Invitation ලැබුණාට පස්සේ දින 60ක් ඇතුළත visa apply කරන්න
6.Processing complete වෙලා visa grant වෙනකල් බලන් ඉන්න

👉General Eligibility Requirements වලදී මේ සියල්ලම ඔයා ළඟ තියෙන්න ඕනේ:
*State/Territory nomination එකක් සමඟ invitation එක ලැබිය යුතුයි
*වයස 45ට අඩු විය යුතුයි
*Relevant occupation එකකට valid skills assessment එකක් තිබිය යුතුයි
*අවම වශයෙන් 65 points තිබිය යුතුයි (real invitation scores සාමාන්‍යයෙන් ඊට වඩා වැඩියි)
*Competent English prove කරන්න ඕන
*Health සහ character requirements meet වෙන්න ඕන

👉ඇත්තටම ඔය කියන වගේ Subclass 190 වලින් PR ලැබෙනවද?
ඔව්. මේක direct Permanent Residency visa එකක්. Australia වල ඕනම තැනක live, work, study කරන්න පුළුවන්.

👉Apply කරන්න කලින් nominated occupation එකේ job එකක් කරන්න ඕනද?
අනිවාර්ය නැහැ. හැබැයි occupation experience එක nomination, points සහ skills assessment වලට බලපාන්න පුළුවන්.

👉Different occupations වලට different point scores යනවද?
ඔව්. Occupation demand එක සහ State priorities අනුව invitation score වෙනස් වෙනවා.

👉මේකදී Employerට දැනගන්න ලැබෙනවද?
නැහැ. Department එක ඔබගේ EOI හෝ visa application එක ගැන employerට notify කරන්නෙ නැහැ.

👉Process එක complete වෙන්න කොච්චර කාලයක් යනවද?
මේක නම් depend වෙනවා:
*State allocation
*State priorities
*EOI applicants ප්‍රමාණය
*ඔබගේ points score එක
>ඔයාගේ Invitation එකෙන් පස්සේ processing times Department website එකේ publish කරනවා.

👉Nominating State එකේම ඉන්න ඕනද?
Visa condition එකක් නෙවෙයි. හැබැයි nomination එක ගන්නකොට අවුරුදු 2ක් එහි ජීවත් වෙන්න commitment එකක් ඔයාට දෙන්න වෙනවා.

👉EOI submit කළාම Bridging Visa එකක් ලැබෙනවද?
හැමදාම කියනවා වගේ නැහැ. EOI එක visa application එකක් නෙවෙයි.

👉English test සහ skills assessment validity කොච්චරද?
*English test – සාමාන්‍යයෙන් අවුරුදු 3යි
*Skills assessment – බොහෝ authority වල අවුරුදු 3යි, සමහර ඒවා 2යි

👉Family include කරන්න පුළුවන්ද?
ඔව් – immediate family members only
*Spouse / de facto partner
*Dependent children
*Certain conditions යටතේ over 18 children
*Parents හෝ siblings include කරන්න බැහැ

👉Partner ට work කරන්න පුළුවන්ද?
මේ visa එකෙත් පුළුවන්. Full work rights තියෙනවා.

👉Childrenලාට study කරන්න පුළුවන්ද?
ඔව්. Fees සහ rules state එක අනුව වෙනස් වෙන්න පුළුවන්.

👉Medicare access තියෙනවද?
ඔව්. Subclass 190 holders ලාට Medicare access තියෙනවා.

👉Health, character, English requirements තියෙනවද?
*Health examination required
*Competent English required
*Police clearance certificates අවශ්‍යයි

👉Health exams හෝ police clearances කලින් කරගන්න ඕනද?
Instructions එනකල් wait කරන්න. Wrong provider use කළොත් නැවත කරන්න වෙනවා.

👉Health insurance ඕනද?
නැහැ. Medicare coverage තියෙනවා.

👉Visa grant වුණාට පස්සේ nominated occupation එකේම වැඩ කරන්න ඕනද?
නැහැ. Visa එකට work conditions නැහැ.

මේ ටික නම් ඇපි හැමදාම කතා කරනවානේ, ඒකයි අද මම කෙටියෙන් මේ ගැන කතා කරේ. අපි Latest Updates ගැන කතා කරමු. එහෙනම්, Latest Updates – 2026 මැයි වෙනකොට:
*බොහෝ States 2026–27 nomination programs release කරලා තියෙනවා
*Current invitation scores occupations අනුව 75–95 points අතර යනවා
*Processing time: 50% applications මාස 6–9 අතර process වෙනවා
*Occupation lists update වෙලා cybersecurity related occupations add කරලා තියෙනවා
*English test validity invitation date එකේ valid වෙලා තියෙන්න ඕන

මේ visa pathway එක highly competitive. ඒ නිසා minimum 65 points තිබුණා කියලා invite වෙනවා කියලා assume කරන්න එපා. ඔබගේ occupation එකට සහ target state එකට actual invitation scores check කරන එක ඉතා වැදගත්.

ප්‍රශ්න තියෙනවාද? Eligibility check කිරීමේ සිට State nomination options සහ full visa process එක දක්වා අපේ team එක ඔබට support කරන්න සූදානම්. Comment එකක් දාන්න හෝ නැත්නම් දැන්ම අපිට කතා කරන්න.
👤+61436282908‬‬ ‬‬(Chamoda Dilshan)
Registered Education Agent (QEAC No: 14598) | Paralegal (Client Intake & Case Coordination) Working under the supervision of Lawyer Gill Lamhing (Legal Practitioner No: 5512648)

📧E-mail: [email protected]

*Disclaimer:
Visa rules, occupation lists, invitation scores, processing times, and state nomination requirements can change at any time based on Australian Government and State/Territory updates. The information shared in this post is for general informational purposes only and should not be considered migration or legal advice. Individual eligibility and outcomes may vary depending on personal circumstances. Always refer to the official Australian Government immigration website or consult a registered migration professional before making any visa decisions.

12/05/2026

🇦🇺National Innovation Visa (Subclass 858) – Australia PR ගන්න අලුත් Pathway එකක්!

BIG NEWS guys!

Australia officially launch කරලා තියෙනවා National Innovation Visa (NIV) – Subclass 858 visa එක.
මේක කලින් තිබ්බ Global Talent Visa (GTI) replace කරන අලුත් visa pathway එකක්.
Best part එක ඇවිල්ලා?👉මේකත් direct Permanent Residency (PR) visa එකක්.

Research field එකේද, business founder කෙනෙක්ද, investor කෙනෙක්ද, athlete කෙනෙක්ද, creative field එකේද?
එහෙනම් මේ opportunity එක ඔයාට වැදගත් වෙන්න පුළුවන්....

මේ visa එක කාටද ලැබෙන්නේ?
Australia මෙතන target කරන්නේ highly talented peopleලා විතරයි.

Main categories ටික ඇවිල්ලා:
•Global Researchers – strong publication & citation records තියෙන academicsලා
•Entrepreneurs / Founders / Innovative Investors – especially Australia වල business ideas commercialise කරන්න පුළුවන් අය
•Athletes & Creatives – international level recognition තියෙන talentsලා
•High-skilled professionals – priority sectors වල experience තියෙන අය
......................................
Priority එක ලැබෙන අංශ – ඒ කියුවේ Invite එක ඉක්මනින් එන්නේ කාටද?
•Priority 1 – World Level Experts
ඕනෑම අංශයකින් වෙන්න පුළුවන්. හැබැයි international top awards තියෙන්න ඕනේ.

Example ගත්තොත්:
🏆Nobel Prize 🏆Pulitzer Prize 🏆Olympic Gold Medal

•Priority 2 – Australian Government Nomination
Australian Government agency එකකින් nomination එකක් ලැබෙන අය. Form 1000 හරහා nominate කරනවා.

මේ category එකට:
*athletes
*creatives
*entrepreneurs
*investors include වෙන්න පුළුවන්,
especially:
‣commercialisation success තියෙනවා නම්
‣international patents / IP තියෙනවා නම්

•Priority 3 – Tier One Sectors
Exceptional achievements තියෙන අය:
*Critical Technologies (AI, Cyber, Quantum etc.)
*Health Industries
*Renewable & Low Emission Technologies

•Priority 4 – Tier Two Sectors
*AgTech & Agri-food
*Defence & Space
*FinTech & Financial Services
*Infrastructure & Transport

👉මේකේ Important update එක ඇවිල්ලා:
Old GTI visa එකට වඩා NIV visa එකේ investorsලාවත් officially include කරලා තියෙනවා. Plus government agencies වලට direct nomination power එකත් දීලා තියෙනවා.
......................................
👉Application Process එක කොහොමද?
•Step 1 – Submit EOI
මුලින් Expression of Interest (EOI) submit කරන්න ඕනේ. හැමදාම කියනවා වගේ මේක visa application එක නෙවෙයි.

•Step 2 – Wait for Invitation
Department එක EOI review කරලා selected candidatesලාට invite කරනවා. Processing time එක තාම officially publish කරලා නැහැ.

•Step 3 – Lodge Visa Application
Invitation එක ලැබුණාම 60 days ඇතුළත ImmiAccount හරහා visa apply කරන්න ඕනේ.

•Step 4 – Nomination
මේ visa එකට nominator කෙනෙක් අනිවාර්යයි. Nominator වෙන්න පුළුවන්:
*Australian citizen
*PR holder
*Eligible NZ citizen
*Australian organisation කෙනෙක්ට, හැබැයි ඔයාගේ field එකේ national reputation එකක් තියෙන්න ඕනේ.

👉තව වැදගත් දේයක් කියන්නම්:
Visa lodge කරාට පස්සේ nominator change කරන්න බැහැ කියලා මතක තියා ගන්න.

👉මේ Visa එකෙන් ඕස්ට්‍රේලියාවට තාම ඇවිල්ලා නැති Family එකත් එක්කම එන්න හිතන් ඉන්න අයටත් මේකෙන් ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්ද?
අනිවාර්‍යෙන්ම එන්න පුළුවන්.

මේකට Include කරන්න පුළුවන්:
*spouse / partner
*dependent children

මෙතනදී, 18+ children dependency prove කරන්න ඕනේ, ඒ වගේම 23+ children usually include කරන්න බැහැ. තව දේයක් parents & siblings include කරන්නත් බැහැ.

👉Work & Study Rights ගැන කතා කරොත්.
•Partner ට full work rights තියෙනවා
•Kids ලට study කරන්න පුළුවන්

හැබැයි school fees state එක අනුව වෙනස් වෙන්නත් පුළුවන්. Visa grant වෙනකන් work කරන්න බැහැ, unless already work rights තියෙන visa එකක් තිබ්බොත්.

👉Medicare Benefits ඇවිල්ලා, NIV PR holdersලට Australia Medicare access තියෙනවා.

👉English Requirement ගත්තොත්, English test වල minimum scores roughly මෙහෙම:
*IELTS – 4.5 overall
*TOEFL iBT – 32
*PTE – 30
*CAE – 147 ඔයාට තියෙන්න ඕනේ.

👉Health & Police Checks වලදී Health checks & police clearances book කරන්න එපා. Department approved panel doctorsලා හරහාම medical කරන්න ඕනේ. වැරදිලා හරි Wrong documents දුන්නොත් නැවතත් reports ගන්න වෙයි.

මේක ගැන ආයෙත් කතා කරොත් Old GTI visa එකට වඩා NIV visa එක totally upgraded pathway එකක්.
Especially:
•entrepreneurs
•investors
•patent holders
•government nominated candidatesලට මේක huge opportunity එකක් වෙන්න පුළුවන්.

And remember — EOI processing times තාම officially announce කරලා නැහැ. So අවදානයෙන් ඉන්න.

මේ වගේ Visa එකකට apply කරනකොට අපි වගේ වෘත්තීමය අයගෙන් උපකාර වැදගත් වෙන්නේ ඇයි? ඒ ගැන කියනවානම් NIV visa එක brand new pathway එකක්. EOI, nomination, documentation mistakes උනොත් delays හෝ refusals එන්න පුළුවන්.
Especially:
*achievements present කරන විදිහ
*nomination quality
*evidence preparation කරන විදිහ අනුව තමයි ඔයාට Visa grant වෙන්නේ, ඒ නිසා මේවා properly handle කරන්න ඕනේ. එකට තමයි අපි ඉන්නේ. ඔයාටත් තවමත් Eligibility check කරගන්න ඕනේද? EOI එක ගැන confused ද? Nominator කෙනෙක් හොයනවද?

එහෙනම් දැන්ම අපිට කතා කරන්න.
👤+61436282908‬‬ ‬‬(Chamoda Dilshan)
Registered Education Agent (QEAC No: 14598) | Paralegal (Client Intake & Case Coordination) Working under the supervision of Lawyer Gill Lamhing (Legal Practitioner No: 5512648)

📧E-mail: [email protected]

*Disclaimer:
The information shared in this post is for general educational purposes only and should not be considered as migration, legal, or financial advice. Visa rules, eligibility criteria, processing times, English requirements, and government policies can change at any time based on Australian Government updates. Approval of a National Innovation Visa (Subclass 858) depends on individual eligibility, supporting documents, nomination quality, and Department of Home Affairs assessment. Submitting an EOI or visa application does not guarantee an invitation or visa grant. Please consult a registered migration professional or qualified advisor before making any migration decisions.

Want your school to be the top-listed School/college in Melbourne?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Level 05 , 55 Swanston Street
Melbourne, VIC
3000