VINSARA

VINSARA Vinsara Institue of Education

04/09/2026

දරුවා Maths වලින් ඉස්සරහට ගෙනියන්න නම්, විෂය උගන්වනවා වගේම දරුවාව හරියට තේරුම්ගන්න ගුරුවරයෙක් හමුවෙන්නත් ඕනේ. ❤️

ඕස්ට්‍රේලියාවේ වසර 25ක Maths teaching experience තියෙන අතිල් ගුණසේකර සර් ගැන වැඩි විස්තර මේ වීඩියෝවෙන් දැනගන්න.

ඊළඟ අවුරුද්දේ පන්ති ගැන විමසන්න, පහත WhatsApp number එකට message එකක් දාන්න.

📲 WhatsApp: +61433113836

Have you done the Census?
11/08/2026

Have you done the Census?

Wishing you a Blessed Poson Full Moon Day! 🙏🌿Poson commemorates the arrival of Arahant Mahinda Thera, who brought to Hel...
28/06/2026

Wishing you a Blessed Poson Full Moon Day! 🙏🌿

Poson commemorates the arrival of Arahant Mahinda Thera, who brought to Hela Divaina (present-day Sri Lanka) not merely a religion or a tradition, but the timeless teaching of the Buddha—the Dhamma.

The Buddha taught with one ultimate purpose: the complete end of suffering through the realisation of Nibbāna. At the heart of His teaching is the understanding of anicca, dukkha, and anattā.

Anicca is far deeper than simply “everything changes.” It means that everything conditioned is fundamentally incapable of providing the lasting satisfaction our minds seek. The more we expect permanent happiness from people, possessions, achievements, status, or even our own bodies, the more attachment (chandarāga) grows, and with it, suffering. When this truth is deeply realised, craving gradually fades, the mind becomes free, and the path to Nibbāna unfolds.

The Buddha did not teach us how to change the world, but how to transform and free our own minds from greed, hatred, and delusion. That inner transformation is the true purpose of the Dhamma.

On this sacred Poson Poya Day, may we all have the opportunity to listen to the true Dhamma, reflect upon it with wisdom, and practise it in our daily lives, walking steadfastly on the Noble Path.

May the blessings of this Poson Full Moon Day help us deeply realise the truths of anicca, dukkha, and anattā, gradually abandon craving and attachment, and may we all be blessed with the causes and conditions to attain the Supreme Peace of Nibbāna in this very life. 🙏

Athil Goonesekera
📞 0433 113 836

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏🌿

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් හෙළ දේශයට ගෙන ආවේ හුදෙක් ආගමක් හෝ සම්ප්‍රදායක් නොව, ලෝකෝත්තර ධර්මයයි.

ඒ ධර්මයේ එකම අරමුණ වන්නේ සසර දුකට හේතුව හඳුනාගෙන, අනිච්ච, දුක්ඛ, අනත්ත යන යථාර්ථය අවබෝධ කර, චන්දරාගය ක්‍රමයෙන් ප්‍රහාණය කරමින් උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීමයි. බුදුන් වහන්සේ දේශනා කළේ ලෝකය වෙනස් කිරීමට නොව, අපගේ සිත රාග, ද්වේෂ, මෝහයන්ගෙන් නිදහස් කරගැනීමේ මාර්ගයයි.

මෙම පින්බර පොසොන් පොහොය දිනයේ, අප සැමටත් ඒ උතුම් ධර්මය අසා, විමසා, නුවණින් පිරික්සා, තම ජීවිත තුළ ප්‍රායෝගිකව වඩමින්, ආර්ය මාර්ගයේ ස්ථිරව ගමන් කිරීමට ශක්තිය හා වාසනාව උදාවේවා!

පොසොන් පුර පසළොස්වක පොහොයේ උතුම් පින්බලයෙන්, අනිච්ච, දුක්ඛ, අනත්ත යථාර්ථය මනාව අවබෝධ කරගෙන, චන්දරාගය ක්‍රමයෙන් ප්‍රහාණය කරමින්, මේ අත්භවයේදීම දුක් කෙළවර කරන උතුම් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට අප සැමට හේතු වාසනා උදාවේවා! 🙏

Athil Goonesekera
📞 0433 113 836

Great achievement by Sri Lankan javelin star Rumesh Tharanga at the Diamond League, continuing the proud legacy of Susan...
18/06/2026

Great achievement by Sri Lankan javelin star Rumesh Tharanga at the Diamond League, continuing the proud legacy of Susanthika Jayasinghe in putting Sri Lanka on the world athletics map. With his incredible consistency and record-breaking throws, Rumesh is rapidly emerging as one of the most exciting javelin talents in the world today.

His 92m+ performances have already placed him among the elite, and if this momentum continues, he has a genuine chance to reach World No. 1 in the near future.

We, the VINSARA team, extend our best wishes to him for the upcoming Doha Diamond League. May he deliver another powerful throw and make Sri Lanka proud once again on the global stage. 🇱🇰💪

ලෝක සිතියම හොල්ලපු අපේ හෙල්ලේ වීරයා හෙට (19) කටාර් දෝහා පිටියට!

" ලංකාවේ අපි තනි පුද්ගල දක්ෂතාවලින් ලෝකෙම හොල්ලන්න පුළුවන් ජාතියක්" කියලා මතක් කරලා දීපු සුපිරි වැඩ්ඩෙක් තමයි රුමේෂ් තරංග කියන්නේ. ක්‍රීඩාවට ආදරේ කරන ඕනෑම කෙනෙක් මේ දවස්වල ඇඟිලි ගැන ගැන බලන් ඉන්නේ මේ කොල්ලා කරන වැඩ කිඩ දිහා. හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලංකාවට අලුත්ම බලාපොරොත්තුවක් දීපු රුමේෂ්, තමන්ගේ ජයග්‍රාහී ගමනේ ඊළඟ මහා සටනට හෙට බහිනවා.

ටිකක් හැරිලා බැලුවොත්, කොල්ලා ලෝකේ වටේම ගිහින් කරපු දේවල් අදහාගන්නත් බැහැ. සති කිහිපයක් ඇතුළත රටවල් හතරක සිංහ කොඩිය ලෙළදුන්නුවේ නිකන්ම නෙවෙයි.

කෙන්යාවේ නයිරෝබි නුවරින් ඇරඹි ආධිපත්‍යය: නයිරෝබි පිටියේදී ප්‍රතිවාදීන්ට කිසිම ඉඩක් නොතියා තරගයේ පළමුවැනියා වෙන්න රුමේෂ්ට හැකි වුණා. එතනින් තමයි මේ සුපිරි ගමනේ වේගය වැඩි වුණේ.

මොරොක්කෝවේ රබාත් ඩයමන්ඩ් ලීග් සටන: ලෝකයේ ඉහළම මලල ක්‍රීඩකයෝ ගැටෙන රබාත් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී අතිශය තේජවන්ත ලෙස දෙවැනි ස්ථානය දිනාගනිමින්, ලංකාව කියන්නේ ලෙහෙසියෙන් අතහරින රටක් නොවන වග ඔහු ඔප්පු කළා.

රෝමයේ ලියවුණු අමරණීය ඉතිහාසය: ඉතාලියේ රෝම නුවර පැවැත්වුණු තරගය නම් කාටවත් අමතක වෙන්නේ නැහැ. එතෙක් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වුණු සුපිරිම හෙල්ල විසි කිරීමක් ප්‍රදර්ශනය කරමින් එහි ප්‍රථම ස්ථානය තමන් සතු කරගන්න රුමේෂ් සමත් වුණා.

චෙක් ජනරජයේ ඔස්ට්‍රාවා ආක්‍රමණය: යුරෝපයේ දරුණු තරගකාරීත්වයක් මැද ඔස්ට්‍රාවා නුවරදීත් තමන්ගේ සුපුරුදු දක්ෂතාවය අඟලක්වත් අඩු නොකර, තරගයේ අංක එක වෙමින් රන් පදක්කම ලංකාවට අරන් දුන්නා.

🇶🇦 හෙට (19) දෝහා පිටියේදී සිදුවන මහා පෙරළිය!

ඔන්න ඔය කියන ජයග්‍රහණ මාලාවත් එක්ක උපරිම Form එකේ ඉන්න අපේ සිංහයා දැන් ඉන්නේ කටාර්වල. ලෝකයේ සුපිරිම තරු විතරක් එකතු වෙන දෝහා ඩයමන්ඩ් ලීග් (Doha Diamond League) තරග බිමට හෙට (19 වැනිදා) රුමේෂ් තරංග පිවිසෙන්නේ ලංකාවේ අපේ ලොකුම බලාපොරොත්තුව වෙමින්.

මේ තරගයෙන් උපරිම දක්ෂතා දක්වලා, ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේම අංක එකේ ස්ථානය දක්වා ඉහළටම යන්න අපේ රුමේෂ්ට ශක්තිය, ධෛර්යය සහ වාසනාව එක ලෙස ලැබෙන්න කියලා මුළු රටක් විදිහට අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු!

"ජයවේවා රුමේෂ්! මුළු රටම ඔබත් සමඟයි!" 🇱🇰❤️🔥

🙏 Thank You for Being Part of Our FREE VCE Subject Selection Seminar 2026! 🎓A heartfelt thank you to all the parents and...
17/05/2026

🙏 Thank You for Being Part of Our FREE VCE Subject Selection Seminar 2026! 🎓

A heartfelt thank you to all the parents and students who joined us today and made this seminar a massive success.

We are proud to share that more than 500+ participants benefited from this valuable session conducted by Athil Goonesekera, helping families gain clarity on:
✅ Choosing the right VCE subjects
✅ Maximising ATAR opportunities
✅ Understanding university pathways
✅ Planning for future careers with confidence

Your incredible participation, engagement, and positive feedback truly inspired us. 💚

We look forward to continuing to support students and parents with more educational guidance sessions in the future.

Thank you once again for trusting Vinsara.

16/05/2026

🎓 Australia වල ඉන්න parentsලාට වැදගත් message එකක් 🇦🇺

ඔයාගේ childගේ future එකට impact වෙන biggest school decisions වලින් එකක් තමයි VCE subjects selection එක.

හරි subjects තෝරගත්තොත් ✅
✔️ ATAR maximize කරගන්න
✔️ Better university pathways open කරගන්න
✔️ Future career opportunities වැඩිකරගන්න පුළුවන්.

ඒ ගැන clear guidance එකක් දෙන්න, 25+ years experience තියෙන Australian Secondary School Teacher 👨‍🏫 Athil Goonesekera විසින් පවත්වන FREE Online Seminar එකට දැන්ම register වෙන්න.

📅 May 17 | 🕕 6PM
🎟️ Limited spots available
Register link: https://forms.gle/kBAhQcVzrsSp3vi1A
Especially parentsලා… මේ opportunity එක miss කරගන්න එපා 🙌

🎓 FREE VCE Subject Selection Seminar 2026One decision can shape your child’s ATAR, university pathway, confidence, and f...
10/05/2026

🎓 FREE VCE Subject Selection Seminar 2026

One decision can shape your child’s ATAR, university pathway, confidence, and future.

Join Australian Secondary School Teacher Athil Goonesekera (25+ years experience) for a practical session on:
✔️ Subject Selection
✔️ Scaling & ATAR
✔️ University Pathways
✔️ Supporting Students Through VCE

📅 Sunday 17th May
🕕 6:00 PM
💻 Online – FREE

👉 Use the following link to register: https://forms.gle/kBAhQcVzrsSp3vi1A

Highly recommended for Year 9 & 10 parents and students. 🌱

Happy Mother’s Day to all the incredible mums out there 💚🌸Your love, strength, and endless support make the world a bett...
09/05/2026

Happy Mother’s Day to all the incredible mums out there 💚🌸
Your love, strength, and endless support make the world a better place every single day. Thank you for everything you do for your families and communities ✨

Wishing you a day filled with love, happiness, and beautiful moments 💐

Address

Melbourne, VIC

Opening Hours

Tuesday 5pm - 9pm
Saturday 5pm - 9pm

Telephone

+61433113836

Alerts

Be the first to know and let us send you an email when VINSARA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to VINSARA:

Shortcuts

Featured

Share