තවත් මෙවැනි වීඩියෝ නරබන්න follow කරල එකතු වන්න two faced scientist සමග
Two faced scientist
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Two faced scientist, Education, .

ලංකාවට මුල්ම මිනිසා පැමිණියේ කොහි සිටද?
අද සිටින හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානවයා වෙනස් පරිසර තත්වයන්ට අනුවර්තනය වීමට උත්සාහ කළ පුරාණ වානර විශේෂයකින් (Hominids)සම්භවය ලැබූ බව කියැවෙන පරිනාමවාදය ඉතා ප්‍රබල සාක්‍ෂි මගින් තහවුරු වූ විද්‍යා දැනුමකි. (කියවන්න :The Greatest show on earth; evidence for evolution කෘතිය : Prof. Richard Dawkins) අද ජීවත්වන වදුරන්, ගෝරිල්ලන් වැනි අනෙකුත් වානර විශේෂ හා මිනිසා පරිනාමීය ඥාති සොහොයුරන් (evolutionary cousins) වන අතර ඔවුන් හා වර්තමාන මිනිසා අතර ඈත අතීතයේ දි සමීප පොදු මුතුන්මිත්තෙකු (close common ancestor) සිට ඇත.නොඑසේව මිනිසා අද සිටින වදුරන්ගෙන් පරිනාමය වූවා නොවේ.
පොසිල සාක්‍ෂි හා මෑතකාලීන ජාත්‍යන්තර Human genome project ආදී විද්‍යාත්මක පර්යේෂණ වලින් හෙළිවන්නේ වර්තමාන ‘හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානවයා එම පරිනාමීය අදියරට පැමිණෙන්නේ ඈත අතීතයේ වසර දෙලක්ෂයකට පමණ පෙර බවයි. එනම් හෝමෝ සේපියන්ස් සේපියන්ස් යැයි සැලකිය හැකි මුල්ම දරුවා හෝමෝ නියැන්ඩතාල් මවකගේ කුසින්, මින් වසර දෙලක්ෂයකට පමණ පෙර උපත ලබා තිබේ. හෝමෝ නියැන්ඩතාල් මානවයා පරිනාමය වූයේ ඉන් පෙර විසූ හෝමෝ ඉරෙක්ටස් මානවයාගෙනි. ඔහු පරිනාමය වූයේ හෝමෝ හැබිලිස් මානවයාගෙනි. හෝමෝ හැබිලිස් මානවයා අප්‍රිකාවේ ජීවත් වූ අතර ඔහුගෙන් සම්භවය ලැබූ හෝමෝ ඉරෙක්ටස් මානවයා මින් වසර මිලියන 1.3 සිට 1.8 දක්වා කාලයකට පමණ පෙර අප්‍රිකාවෙන් එපිටට සංක්‍රමණය වී ආසියාවේ හා යුරෝපයේ පැතිරගොස් තිබේ. ජෛව පරිනාමය වනාහි පරපුරෙන් පරපුරට සිදුවන ජාන විකෘතීන්(Genatic mutation) හා පරිසරයට මනාව අනුවර්තනය වන ශක්තිවන්තයාගේ ගැලවීම(survival of the fittest) /එසේ අනුවර්තනය වීමට අපොහොසත් සත්වයන් නෂ්ඨ වී යාම(Extinction)හරහා ඉතා සෙමෙන්,වසර මිලියන ගණනාවක් තිස්සේ සිදු වූ ක්‍රියාවලියකි.
මෙසේ අතීත ලොව ජිවත් වූ යම් මානව සමුහයක් අප්‍රිකාව හරහා ආසියාවට සංක්‍රමණය වී, ඉන්දියාවට සංක්‍රමණය වී, ලංකාවට සංක්‍රමණය වන්නට ඇත.(වසර දහස් ගණනකට පෙර ඈත අතීතයේ ලංකාව හා ඉන්දියාව යාවී පැවතුනි.) පුරාවිද්‍යා සාක්‍ෂි මගින් හෙළිවන්නේ ලක්බිමට සංක්‍රමණය වී මානවයන් අඩුම තරමින් වසර 50000ක පමණ කාලයක සිට ජීවත්ව ඇති බවයි. මිට සාක්‍ෂි ලෙස පාහියන් ගලින් හමු වූ වසර 48000ක් පැරණි මානව ඇටසැකිල්ල, දඹුල්ලෙන් හමු වූ පුරාණ නිවාස, ඇඹිලිපිටියෙන් හමු වූ පුරාණ සොහොන් ආදී සාක්‍ෂි රාශියක් දැක්විය හැකිය.
ලංකාවේ බලංගොඩ මානවයාගේ යුගයේ සිට මිනිසුන් පරිනාමය වෙමින් පැවති අතර, ඔවුන්ගෙන් කොටසක් මෙරට ප්‍රධාන ජනගහනයට එක් වීය යන ප්‍රවාදය මහාචාර්ය රාජ් සෝමදේවයන් දැරූ අතර, එය 2007 වසරේ ඔහු සිදු කළ රංචමඩම සුසාන භූමියේ කැණීම් වලින් සනාත වුණි. ඉන් පලමු වරට ලංකාවේ වසර 3300ක් පම්ණ පැරණි ශිෂ්ඨාචාරයක සාකිෂි ලැබුණි
මෑතකාලීනව අනුරාධපුර පැරණි නගරයෙන් වසර 3000-4000ක් පමණ පැරණි නගරයක් පුරාවිද්‍යා කොමසාරිස් ශිරාන් දැරණියගල මහතා ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් විසින් මතු කර ගැනුණි.එම කැනීම් වලදී සිය මතය අනුව, ලක්බිම හමු වූ ඉතා වටිනාම පුරාවස්තුව හමු වූ බැව් දැරණියගලයන් පවසයි.එම පුරාවස්තුව වනාහි කාබන් නිර්ණනයන් මගින් වසර 3000-3100ක් පැරණි යැයි ඔප්පු කරන ලද, මැටි පුවරුවක සදහන්ව තිබු පුරාණ “ජාතය” හා “බිය” යන සිංහල වචන දෙකයි.
එනම් සිංහල අක්ෂර පරිනාමයේ අතීතය ගොඩනැංවීමේ දී අක්ෂර කිහිපයක දැනට සොයාගත් මුල්ම ස්වරූපය අනුරාධපුර පැරණි නගරයේ කැණීම් වලින් සොයාගැණිනු මැටි පුවරුවක දැක ගත හැකි වීය. මෙම අක්ෂර ආසියාවේ සොයාගෙන ඇති පෞරාණිකම අක්ෂර වන අතර මහා භාරතයෙහි මොහන්දජාරෝ හරප්පා වැනි පුරාණ ශිෂ්ටාචාර වලින්වත් මේ තරම් පැරණි අක්ෂර හමු වී නොමැත. ඒ පිළිබඳව ඉන්දියානු පුරාවිද්‍යාඥයින් ලැජ්ජාවෙන් යුතුව පුදුමය පළ කරන බැව් ශිරාන් දැරණියගල මහතා සඳහන් කරයි. සිංහල භාෂාවේ මූල අක්ෂර මහින්දාගමනයට පෙර යුගයක මැටි පුවරුවක සඳහන්ව තිබීම හේතුවෙන් මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයෙන් පසුව මෙරටට අක්ෂර කලාව ඉන්දියාවෙන් ලැබුණේය යන මතය බොරු වේ.
මේ අනුව ඔප්පු වන්නේ සිංහල ශිෂ්ටාචාරය විජය රජතුමාගෙන් ආරමිභ නොවූ බවත්, විජයගේ ආක්‍රමණයෙන් සිදු වූයේ මෙතෙක් පැවති ශිෂ්ටාචාරයෙහිම නව පරිච්ඡේදයක් ඇරඹීම පමණක් බවත්ය. ශිරාන් දැරණියගල මහතා පෙන්වා දෙන්නේ අනුරාධපුර පැරණි නගරයේ කැණීම් වලින් පෙනීයන පරිදි, විජයගේ ආක්‍රමණය සිදු වූ කාලයෙන් පසුව අනුරාධපුර එතෙක් පැවති නගරයේ හදිසි පරිනාමීය දියුණුවක් එකවර ඇති වී ඇති බවයි.
තව ද විජයගෙන් එපිට එබඳු නාගරික ජනාවාසයක් පැවැතීමෙන්, ඊටත් අතීතයෙහි ලංකාවේ පැවතුනා යැයි ඉන්දීය මහා කාව්‍යයක් වූ රාමායනයේ හා අනෙකුත් පුරාණ ග්‍රන්ථවල කියැවෙන රාවණ යුගයේ (ඇතැම් මත වලට අනුව මෙම යුගය පැවත ඇත්තේ මින් වසර 5000කට පෙරය.) මහා අසුර ශිෂ්ටාචාරය හා රාමාගේ ආක්‍රමණයෙන් හෝ වෙනත් හේතුවක් නිසා එම ශිෂ්ටාචාරය බිදවැටීම සිදුවිය හැකි දෙයක් බැව් පෙනී යයි. තව ද පුරාණ භාරතයෙහි රාමායනය හැරුණු කල සම්භාවනීය මහා කාව්‍යය වූ මහා භාරතයෙහි ද ලංකාව හා සිංහලයන් පිළිබඳව සදහන්ය. ක්‍රි.පූ. 6 – 9 සියවස් අතරතුර එනම් විජයගේ සම්ප්‍රාප්තියට පෙර යුගයක, මහා භාරතය හා රාමායනය ලියැවුනේ යැයි සැලකේ.
මහා භාරතයෙහි I වන කාණ්ඩයේ 177 පරිච්ඡේදයේ මෙසේ සඳහන්ය.
“ විශ්වමිත්‍ර රජුගේ යුද හමුදාව මගින් වශිෂ්ඨ සෘෂිවරයාගේ පිරිසට පහර දී මරා දැමුණු විට එම වශිෂ්ඨගේ කාම ධේනුව නමැති එළදෙන විසින් නැවත ලොවට මිනිසුන් වර්ග බිහිකරන ලදී.
වල්ගයෙන් පල්ලව හමුදාව ද, උදරයෙන් ද්‍රවිඩ හා ශක හමුදාව ද, ගර්භාෂයෙන් යවන හමුදාවක් ද, ගොම වලින් සවර හමුදාවක් ද, මුත්‍රා වලින් කාංචි හමුදාවක් ද, රූපයෙන් සවර හමුදා දෙකක් ද බිහි කරන ලදී. මුඛයෙන් පන්දුවරු ද, කිරාටවරුන් ද, සිංහලයන් ද, නොදියුණු ගෝත්‍රයන් වන කසා, වීචුක, පුලින්ද, චීන, හූන, කේරළ හා විවිධාකාර තවත් මිලේච්ඡයන් ද බිහි කෙරිණි. ”
මහා භාරතයෙහි යුධිෂ්ඨීර රජතුමා තම පළමු හා දෙවන රාජ්‍ය කාලවලදී පැවැත් වූ රාජසූය හා අශ්වමේධ යන යාග දෙක පිළිබදව සදහන්ය. අශ්වමේධ යාගය වනාහි සිව් දිගට අශ්වයන් යවා, එම අශ්වයන් පසුපස සේනාව යවා, එම අශ්වයන් සේන්දුවන සතරදිග සියලු රාජ්‍ය අවනත කොටගෙන, අවතන නොවුවහොත් යුද්ධයෙන් පරදවා, අධිරාජ්‍යයාගේ බලය විහිදුවා අවසාන සිවුදිගට යැවූ අශ්වයන් මරා සිදුකරන මහා යාගයකි.
මහාභාරතයෙහි ii වන කාණ්ඩයේ 33 වන පරිච්ඡේදයේ උක්ත පළමු යාගය පිළිබඳ විස්තරයෙහි මෙය සදහන්ය.
“.....පූජ්‍යොතිශයෙහි භාගදත්ත රජු පිරිවරා සිටි මුහුදුබඩ වගුරු ප්‍රදේශවාසී සියලුම මිලේච්ඡ ගෝත්‍රිකයන් ද, බොහෝ කඳුකර ගිරි ආශ්‍රිත රජුන් ද, වෘහද්වාල රජු ද, පුන්ද්‍රයන්ගේ වාසුදේව රජු ද, වංග හා කාලිංග රජුන් ද, ආකාස්ත කුන්තලමාලාව හා අන්ද්‍රක රජවරුන් ද, ද්‍රවිඩ, සිංහල හා කාෂ්මීර රජුන් ද, කුන්තිභෝජ රජු ද, ගෞරවාහන රජු ද, මල්භිකහි අනෙකුත් සියලු වීර රජුන් ද, තම පුතුන් දෙදෙනා සමග ආ විරාට රජු ද, තම පුත්‍රයා සමග ආ ශිශුපාල රජු ද යන මේ සියලු දෙනා යුධිෂ්ඨීර රජුගේ රාජසූය යාගයට පැමිණ සිටියහ. ”
මහා භාරතයෙහි උක්ත යාගය අවසානයෙහි උක්ත ශිශුපාල රජු හා ශ්‍රී ක්‍රිෂ්ණ අතර ඇති වූ ගැටුමකින් ශිශුපාල රජු මරණයට පත් වීමත්, ඔහුගේ රුධිරයෙන් යාග භූමිය අපවිත්‍ර වීම අසුභ පෙර නිමිත්තක් වූ බවත් සඳහන්ය.
මහාභාරතයෙහි ii වන කාණ්ඩයේ 51 වන පරිච්ඡේදයේ උක්ත යාගයට සිංහලයන්ගේ රජු ගෙන ආ ත්‍යාග භාණ්ඩ පිළිබඳව ද සඳහන්ය.
“ චෝල හා පාණ්ඩ්‍ය රජවරුන් විසින් මලය කඳුවල රන් සහ සඳුන් යුෂ අඩංගු බඳුන් විශාල ප්‍රමාණයක් ද, දාරුදර කඳුවල සඳුන් හා කිහිරි දැව ද, අතිශය කාන්තිමත් මැණික් හා රනින් වැඩ දැමූ සිනිඳු රෙදිපිළි ද රැගෙන ආහ. සිංහලයන්ගේ රජු මුහුදේ සෑදුන ඉතා වටිනා මැණික් ද, මුතු ගොඩවල් ද, හස්ති ආවරණ සිය ගණනක් ද රැගෙන ආවේය. ”
මහාභාරතයෙහි ii වන කාණ්ඩයේ 51 වන පරිච්ඡේදයේ ශ්‍රී ක්‍රිෂ්ණ, යුධිෂ්ඨීර අධිරාජ්‍යයාට මෙසේ පවසයි.
“ වංග, අංග, පුන්ද්‍ර, ඹෟද්‍ර, චෝල, ද්‍රවිඩ, අන්ධක, සිංහල ඇතුළු සමුද්‍ර තීරය අසල හා දූපත්වල ද, එමෙන්ම දේශසීමා අසළ රාජ්‍යවල සියලුම පාලකයන් ද, ලංකාවේ නොයෙක් ස්වදේශික කොටස් නායකයන් ද, මිලේච්ඡ වනචාරීන් ද, බටහිර රජවරුන් දහස් ගණනක් ද, මුහුදුබඩ සියලු පාලකයන් හා ප්‍රධානීන් ද, පහ්ලව හා දරාදවරු ද, කිරාට, යවන, හූන, චීන, තුක්රාස් හා සින්ධව ආදී රජවරු ද ඔබගේ ආරාධනයට කීකරු වී පැමිණ සිටිති. “
උක්ත කොටසේ සිංහල රජු හා ලංකාවේ වෙනත් ස්වදේශික කොටස් නායකයන් යනුවෙන් වර්ග දෙකක් සදහන්ය.
උක්ත රාජසූය යාගයේ මහා රාජ ශ්‍රීය යුධිෂ්ඨීර අධිරාජ්‍යයා ප්‍රමුඛ පාණ්ඩවයන්ගේ ඤාති සොහොයුරන් වූ දුර්යෝධන ප්‍රමුඛ කෞරවයන්ගේ බලවත් ඊර්ෂ්‍යාවට හේතු විය. පසුකාලෙක පාණ්ඩවයන් හා කෞරවයන් අතර කුරු ක්ෂේත්‍රයේ සිදු වූ මහා සංග්‍රාමයට මෙම ඊර්ෂ්‍යාව හේතු පාදක වීය. මෙම යුද්ධයේ දී සිංහල සේනා කෞරව හමුදාවන්ට එක්ව යුද වැදුන බැව් මහාභාරතයෙහි සදහන්ය. කුරු ක්ෂේත්‍ර යුද්ධයේ දී කෞරව සේනාධිපති භීෂ්ම ඇදවැටුණ පසු, සේනාධිපතිත්වයට පත් වූයේ ද්‍රෝණ ආචාර්යයන්ය. මහා භාරතයෙහි ඔහු ගරුඪ පක්ෂියාගේ හැඩයේ ආකාරයෙන් සිදු කළ සේනා සංවිධානයක් ගැන මෙසේ කියවේ.
මහා භාරතය vii වන කාණ්ඩය 20 පරිච්ඡේදය…
“කාලිංග, සිංහල, පෙරදිගුවන්, ශූද්‍ර, අභිර, දසේරක, ශක, යවන, කාම්බෝජ, හංසපාද, සූරසේන, දාරුද, මදු, කාලිකේය, යන ජාතීහු ස්වකීය සිය දහස් ගණනින් හස්තීන් ද, අශ්වයින් ද, යුධ රථ ද, පාබල සේනාවන් ද, සමග අවුත් ද්‍රෝණගේ ගරුඪ යුද පෙරමුණෙහි ස්ථානගතව සිටිති. “
මේ අනුව විජයාගමනය සිදු වූ ක්‍රි.පූ. 543ට සියවස් දෙකකටත් පෙර ලියවී ඇති මහා භාරත කාව්‍යයයේ සිංහලයන්, ලංකාව හා සිංහල රජුන් ගැන කරුණු ඇතුළත්වීම හේතුවෙන්, මහා වංශ ප්‍රවෘත්තිය වන විජයාගමනය හේතුවෙන් සිංහල ජාතිය බිහිවීමේ න්‍යාය ප්‍රතික්ෂේප කිරීමට සිදු වේ. මේ අනුව වසර 3000කටත් එපිට කාලයක සිට සිංහලයන් අනන්‍ය ශිෂ්ටාචාරයක් ගොඩනගාගෙන මෙරට වාසය කළ බැව් පැහැදිළිය.