නොදන්න දෙයක් Nodanna Deyak

නොදන්න දෙයක්  Nodanna Deyak

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නොදන්න දෙයක් Nodanna Deyak, Education Website, .

04/02/2024

Hospital වල දරුවන්ට ප්‍රතිකාර ගැනීමේදී පරිස්සමෙන්, බෙහෙත් වර්ග ,එන්නත් වර්ග ගැන දෙමාපියන්ට අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි

Share This ⭕

13/01/2024

"ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් හොඳම ෆයිනෑන්ශල්‍ ප්ලෑන් එක"
💰 💸 💳 🪙

—————————————-

⚠️ මේක එක පාරක් හිමින් සැරේ කියවන්න. අමාරුවෙන් හම්බ කරන හැම රුපියලින්ම ගොඩ යන්න ප්ලෑන් එකක් මේ.
කියෙව්වා කියලා පාඩුවක් වෙන්නේ නෑ කියලා හොඳටම ෂුවර්.

—————————————-

🔆 මේක ලියන මමත්, කියවන අති බහුතරයක් ඔබත් ගත කරන්නේ ෆයිනෑන්ෂලි අමාරු කාලයක්.

🔆 මහන්සි වෙලා අමාරුවෙන් හොයන සල්ලි වියදම් වුණේ කොහොමද කියලා හිතාගන්න බැරි, අතේ සතයක්වත් මාසේ අන්තිමට ඉතුරු වෙන්නේ නැති කාලයක් පහු කරන අති බහුතරයක් ඇති මේ වෙලාවේ.

🔆 අද මම ලියන්නේ කොහොමද හොයන සල්ලි හරි පිළිවෙලකට ට්‍රැක් කරගෙන, කීයක් හරි ඉතුරු කරගෙන ජීවිතේ ගොඩ දාගන්න ට්‍රයි එකක් දෙන්න පොඩි ආරම්භයක් ගැන.

🔆 මතක තියාගන්න මේ මගේ විව් එකෙන් ලියවෙන දෙයක්, ඔයාට පුළුවන් මේක ටික ටික වෙනස් කරගෙන ඔයාගෙම විදියක් හදාගන්න.

—————————————-

🔆 මේ කතාව "කොහොමද බජට් එකක් හදන්නේ" කියන එක ගැනයි...

🔆 මුලින්ම "බජට්" එකක් කියන්නේ මොකක්ද කියලා බලමු.

🔆"බජට්" එකක් කියන්නේ ප්ලෑන් එකක්. නැතුව වියදම් කරන එක නවත්තන්න කරන වැඩක් නෙමෙයි.
බජට් එක තියෙන්නේ තමන් ළඟ තියෙන සල්ලිවලට කරන්නේ මොකක්ද කියලා ප්ලෑන් කරන්නයි.

පියවර 5 ක් තියෙනවා මේ වැඩේ. එකින් එක හිමින් හිමින් කියවගන්න....

—————————————-

1️⃣) සියළුම ආදායම් ටික ලිස්ට් කරගන්න

🖍️ ඔයාට මාසෙට සැරයක් හම්බෙන සැලරි එක, ෆ්‍රීලාන්ස්වලින් හම්බෙන ආදායම, මොකක් හරි දෙයක් කුලියට දීලා හම්බෙන ගාන, වගේ මොන විදියකින් හරි ලැබෙන මුදල් ක්‍රම ඔක්කොම ටික ලිස්ට් එකකට දාගන්න මුලින්ම.

🖍️ ඔය ලිස්ට් එක හදද්දී ටැක්ස් එහෙම කැපිලා එන වටිනාකම් දාගන්න අමතක කරන්න එපා.

🖍️ මාසෙන් මාසෙට හම්බෙන ගාණ වෙනස් වෙන ආදායම් මාර්ගයක් තියෙනවා නම් පසුගිය මාසවල හම්බුණ අඩුම ගාණ දාගන්න, රිස්ක් එක අඩුයි එතකොට.

—————————————-

2️⃣) සියළුම වියදම් ටික ලිස්ට් කරගන්න

🖌️ මුලින්ම "මනි ගෝල්ස්" ටිකට සල්ලි ටික වෙන් කරන්න.
මනි ගෝල්ස් කියන්නේ සල්ලි ඉතුරු කරලා කරන්න හදන දේවල් ටික.

🖌️ සල්ලි ඉතුරු කරලා හදන "එමර්ජන්සි ෆන්ඩ්" එක,
කාගෙන් හරි ගත්තු ණයක් ඉවර කරන්න එකතු කරන ෆන්ඩ් එක,
ඉස්සරහා මාසෙක කොහේ හරි ට්‍රිප් එකක් යන්න එකතු කරන ෆන්ඩ් එක,
අවුරුද්දකට සැරයක් එන වාහනේ ඉන්ෂුවරන්ස් එකට කරන ෆන්ඩ් එක,
බිස්නස් එකකට හදන්න කැපිටල් එක,
මොනාහරි ගෙදරට ගන්න ඕනේ දෙකට එකතු කරන ෆන්ඩ් එක,
කම්පියුටර් එකක් ෆෝන් එකක් ගන්න එකතු කරන ෆන්ඩ් එක
වගේ එක එක "මනි ගොල්ස්" ඔයාට හදාගන්න පුළුවන්.

🖌️ ඒවාට වෙන වෙනම ඩෙඩ්ලයින් හදාගෙන මාසෙට ගාණක් වෙන් කරන්න තමයි "මනි ගෝල්ස්" හදාගන්න.
ඒවාට මුලින්ම සල්ලි වෙන්කරලා දාන්න.

🖌️ ඊට පස්සේ "බිත්ති හතර" කවර් කරන්න.
ඒ කියන්නේ "ආහාර", "සේවා", "වාසස්ථානය" සහ "ප්‍රවාහනය" කියන හතර.

🖌️ ඔය වර්ග හතරට වැටෙන වියදම් ටිකට මුලින්ම මුදල් අයින් කරන්න.
ඕක තමයි මෙතන තියෙන අමාරුම වැඩේ. මොකද "ආස" දේවල්වලට වඩා "අවශ්‍ය" දේවල්වලට ඉඩ දෙන්න වෙයි ඔයාට.

🏠"ආහාර" කියන්නේ මූලික දේ. ග්‍රොසරි ලිස්ට් එක තමයි මෙතනට එන්නේ මූලිකවම, නැතුව එලියට ගිහින් රෙස්ටූරන්ට්වලින් කන බොන එකවත්, හිතෙන හිතෙන වෙලාවට අරන් එන ටේක්-අවේ නෙමෙයි. තෙරුනානේ? ඒ ටික පස්සේ එකතු කරමු.

🏠"සේවා" කියන්නේ ඔයාව මාසේ පුරා කකුල් දෙකින් හිටවන දේවල් ටිකනේ. ඒ කියන්නේ විදුලිය, ජලය, ගෑස්, දුරකථන, නඩත්තු කිරීමේ වියදම් තමයි මූලිකවම "සේවා" යටතට වැටෙන්නේ.
මාසෙන් මාසෙට වෙනස් විදියට එනවා නම් මේ වියදම් ටික බජට් එකට දාද්දි පසුගිය මාසවල ආපු වැඩිම එක දාන්න. එතකොට රිස්ක් එක අඩුයි.

🏠"වාසස්ථානය" කියන්නේ ගෙදරට අරන් තියෙන නිවාස ණය වාරිකය, කුලියට ඉන්න තැනට දෙන්න ඕනේ මාසික කුලිය සහ ඒවාට අදාළ රක්ෂණ වාරිකය වගේ ඒවා.

🏠"ප්‍රවාහනය" කියන්නේ වාහනයේ ලීස් එක, ඒකට ගහන තෙල්වලට යන වියදම, පොදු ප්‍රවාහනයට(බස්, කොච්චි,ත්‍රී වීල්) යන වියදම, වාහන සර්විස් ගාස්තු වගේ ඒවා තමයි මේ කොටසට වැටෙන්නේ. ට්‍රිප් යන්න ඕනේ ගමන් වියදම් මේකට දාන්න ඔට්ටු නෑ. ඒවා පස්සේ. පොඩ්ඩක් ඉන්න ඉතින්.

🖌️ දැන් ඔයාගේ ජීවිතේට අනුව අනිත් වියදම් ලිස්ට් කරගන්න.

අනිත් ණය වාරික, රක්ෂණ වාරික, දරුවන්ගේ වියදම් වගේ අත්‍යවශ්‍ය සේවා වගේම, එලියට ගිහින් කන බොන එක, ට්‍රිප් යන එක වගේ අත්‍යවශ්‍ය නොවන වියදම් ඔක්කොම පිළිවෙලට ලිස්ට් කරගන්න.

—————————————-

3️⃣) දැන් ආදායම්වලින් වියදම් ටික අඩුකරන්න.

️ ⚜ උත්තරය "0" නම් ඔයා දිනුම්. ඒ කිව්වේ???

⚜ ඔයාගේ ආදායමට වියදම් ටික සමාන වුනොත්, ඒ දෙකේ වෙනස "0" නම් ඒකෙන් තේරෙන්නේ ඔයාගේ ආදායම හරියටම හැමද්ටම තේරුමක් ඇතුව වෙන් කරලා තියෙනවා කියන එක.

⚜ බැරි වෙලාවත් ඔයාට ධන වෙනසක් ආවොත් මොකක්ද කරන්නේ?
ඒ කියන්නේ ඔයාගේ ආදායමේ යම් ප්‍රමාණයක් මොනයම් දේකටවත් ඉතුරු නොවී තියෙනවා කියන එක.
එහෙනම් කරන්න තියෙන්නේ ඒ කොටස "මනි ගෝල්" එකකට එකතු කරන එක.

⚜ බැරි වෙලාවත් ඔයාට ඍණ වෙනසක් ආවොත් මොකක්ද කරන්නේ?
ඒ කියන්නේ ඔයාගේ ආදායමට වඩා ප්‍රමාණයක් වියදම්වලට වෙන් වෙලා තියෙනවා එකනේ.
එහෙනම් කරන්න තියෙන්නේ අත්‍යවශ්‍ය නොවන වියදම්වලින් කොටසක් අඩු කරලා (අකමැත්තෙන් හරි) ආදායම වියදමට බැලන්ස් කරගන්න. නැත්තන් කොහොම හරි මැච් එකක් ගහලා අමතර ආදායම් මාර්ගයක් හදාගන්න මහන්සි වෙන එක.

⚜ ඒ කියන්නේ ඔයා අමාරුවෙන් හොයන හැම රුපියලකටම කරන්න වැඩක් තියෙන බවත්, ඒ වැඩ ගැන නිශ්චිත අවබෝධයක් මේ වෙනකොට ඔයාට තියෙන බවත් දැන් ඔයා තේරුම් අරගෙන ඇති.

—————————————-

4️⃣) හැම මාසේ පටන් ගන්න කලින් දවසක බජට් හදලා ලැස්ති කර ගන්න.

🔰 එක මාසෙක හදපු බජට් එක මාසේ ගත වෙද්දී ටික ටික වෙනස්කම්වලට භාජනය වෙන්න පුළුවන් නෙහ්.

🔰 ඒ නිසාම ඒවත් අප්ඩේට් කරගෙනම අලුත් මාසෙට බජට් එක මාසේ පටන් ගන්න කලින් අප්ඩේට් කරගෙන තියාගන්න.

—————————————-

5️⃣) එහෙනම් සියළුම ආදායම් වියදම් පරිස්සමින් ට්‍රැක් කරගෙන වැඩේ පිළිවෙලට කරන්න පටන් ගන්න.

✳️ මේ වැඩේ තමයි හොඳම සහ වටිනාම වැඩේ බජට් එකක.
මාසෙන් මාසේ බජට් අප්ඩේට් කරන්න සියලුම දේවල් ට්‍රැක් කරගන්න ඉතාමත් වැදගත්.

✳️ මේක ක්‍රම කීපයකින් කරගන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ ජීවන රටාව අනුව වෙනස් වෙනවා.
ඔයාලට හොඳයි කියලා හිතෙන ක්‍රමයකින් වැඩේ පටන් ගන්න.

1. පොතක් අරන් ඒකේ මාසෙන් මාසේ ආදායම්-වියදම් ලියලා වැඩේ කරගෙන යන්න පුළුවන්.

2. ස්ප්‍රෙඩ්ශීට් එකක් (එක්සල් වලින්,ගූගල් ශීට්ස් වලින් වගේ එකකින්) ගහගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්.

3. "බජට් ප්ලෑනින් ඇප් එකක්" පාවිච්චි කරන්න පුළුවන්. Pockett, Monefy, Wallet වගේ ඇප් හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන්.
මම නම් පර්සනලි පාවිච්චි කරන්නේ Pockett ඇප් එක. "මනි ගොල්ස්" ටික සෑහෙන්න පිළිවෙලට හදාගන්න පුළුවන් ඒකේ.

—————————————-

⚠️ අන්තිමට කියන්න තියෙනවා එක දෙයක්, මේ මට සෙට් වුණ, මම ගොඩ ගිය, අදටත් පාවිච්චි කරන ප්ලෑන් එක.
ඔයාලගේ ජීවිත අනුව ටික ටික වෙනස් කරගන්න පුළුවන් මේක ඔයාලට.

👍🏽 ඉතින් එහෙනම් වැඩේ අදම පටන් ගන්න. මේ අවුරුද්දේ මේ ප්ලෑන් එකට වැඩේ අරගත්තොත් ඔයා ගොඩේ ගොඩ.
මොනාහරි අහන්න තිබ්බොත් මැසේජ් එකක් දාන්න.

👍🏽 එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා.
දිනුම් කණුව ළඟදී ඉක්මනින්ම ජය සමරමු.

Copied
- විකුම් හර්ෂණ -

08/01/2024

ජීවිතය සරල කරන් සැනසීමේ ඉන්න විදිහ ❤️

04/01/2024

TIN එක, එහෙමත් නැත්නම් මේ දවස්වල හැමෝම වගේ කතා වෙන ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ තනිවම ලබාගන්නේ කෙසේද?

⭕ TIN ලබාගන්න හැටි ගැන දැනගන්න කලින් මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි, ඔබ TIN Certificate එක ලබාගැනීම සඳහා කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙක් ගෙන් සේවාවක් ලබාගන්නේ නැතිනම් කිසිම හේතුවක් මත ඔබගේ පෞද්ගලික සංවේදී තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර කිසිම පාර්ශවයකට ලබාදෙන්න එපා
✔ කොහොමද TIN Certificate එක තනිවම ලබාගන්නේ?

⭕ TIN Certificate එක (පෞද්ගලික) ලබාගැනීමට පෙර ඔබ පහත ලේඛනවල, පැහැදිලි scan පිටපත් සූදානම් කරගත යුතුයි.
01. ජාතික හැඳුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය / වැඩිහිටි හැඳුනුම්පත
02. ඔබගේ ස්ථිර ලිපිනය, ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම්, අදාල ලිපිනය තහවුරු කිරිම සඳහා ඔබගේ නමට නිකුත්කල ජල හෝ විදුලි බිල්පතක් / ස්ථාවර දුරකතන බිල්පතක් / ග්‍රාම සේවක සහතිකයක්
03. ඔබ, ලියාපදිංචි කරන ලද තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙක් නම්, අදාල ව්‍යපාර ලියාපදිංචි කිරීමේ සහතිකය.

🔴 01 පියවර
TIN Certificate එක අයදුම් කිරීම වෙනුවෙන් ඕනෑම වෙලාවක පිවිසිය හැකි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ePortal වෙත මුලින්ම ඔබ පිවිසිය යුතුයි. 👇
https://eservices.ird.gov.lk/.../TINReg.../ShowRequestHeader
පහළින් තියන QR Code එක scan කරලා යන්නත් පුළුවන්

🔴 02 පියවර
එම අතුරු මුහුණතේ ‘Registration Type’ ලෙස සඳහන්ව ඇති තැන ‘INDIVIDUAL LOCAL’ ලෙසින් තෝරා, එවිට ලැබෙන අයදුම්පත නිවැරදිව පුරවන්න
◾ Nearest regional office යන කොටස පුරවන්න එපා.
◾ CONTACT NUMBER කොටසේ, ඔබගේ ජංගම දුරකතන අංකය සහ භාවිතයේ පවතින email address එක නිවැරදිව ඇතුළත් කරන්න
◾ අයදුම්පත පිරවීමේදී BANK INFORMATION ලබාදිම අත්‍යවශ්‍ය කර නැති නිසා එම කොටස පිරවීම හෝ නොපිරවීම ඔබේ තීරණයක්.
◾ ඔබ විවාහක නම් FAMILY INFORMATION යටතේ සම්පූර්ණ කල යුතු විස්තරද නිවැරදිව සම්පූර්ණ කරන්න.
◾ ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙක් නම් INDIVIDUAL BUSINESS යටතේ ඔබගේ ව්‍යාපාරයේ විස්තර නිවැරදිව ඇතුළත් කරන්න

🔴 03 පියවර
Supporting Documents ලෙසින් ඇති කොටසට ඔබ සුදානම් කරගෙන ඇති ජාතික හැඳුනුම්පත ඇතුළු scan ලේඛන නිවැරදිව තොරා upload කරන්න.
◾ Purpose of registration ලෙසින් ඇති කොටසට Tax Purpose ලෙස තෝරන්න.
◾ පසුව, එම අතුරු මුහුණතේ පහත ඇති ‘Next’ button එක click කරන්න.

🔴 04 පියවර
ඔබ ඇතුළත් කල සම්පූර්ණ විස්තර දැන් ඔබට දිස්වනු ඇත.
◾ එම තොරතුරු වෙනස් විය යුතු නැත්නම් DECLARATION යන කොටස සම්පූර්ණ කර පසෙකින් පෙන්වන සත්‍යාපන කේතය ඇතුළත් කර ‘Submit’ කරන්න.
◾ එවිට ඔබට ලැබෙන Acknowledgement එක, TIN Certificate එක ලැබෙන තුරු සුරැකිව තබාගන්න.
◾ වැඩකරන දින පහක් ඇතුළත් ඔබ ලබාදුන් email address වෙත ඔබගේ TIN Certificate එක සහ PIN එක ඔබට ලබාදේ.

🔴🔴 විශේෂයි :
TIN Certificate එකක් ලබාගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවීම සඳහා බැඳී සිටින්නේ නැත. ඔබගේ ආදායම බදු ගෙවිය යුතු මට්ටමේ පවතීනම් පමණක් බදු ගෙවීම හා බදු වාර්තා ගොනු කිරීම සිදු කළ යුතුයි.
මේ පහසු පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබට TIN Certificate එක ලබාගත හැක.

01/01/2024

😌❤️ 2024

Want your school to be the top-listed School/college?

Videos (show all)

Hospital වල දරුවන්ට ප්‍රතිකාර ගැනීමේදී  පරිස්සමෙන්, බෙහෙත් වර්ග ,එන්නත් වර්ග ගැන දෙමාපියන්ට අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි ...
ජීවිතය සරල කරන් සැනසීමේ ඉන්න විදිහ ❤️
😌❤️ 2024

Website