Science for life with Jayasanka

Science for life with Jayasanka

A Science Page

Operating as usual

Photos from Science for life with Jayasanka's post 22/09/2023

මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් - 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ලාංකික අපත් බෝ වෙන රෝග සම්බන්ධයෙන් පසුවන්නේ දැඩි විමසිල්ලකින්.

ඉන්දියාවේ කේළර ප්‍රාන්තයේ පැතිරෙන බවට වාර්තාවෙන නිපා (Nipah) වෛරසය පිළිබඳ විවිධාකාරයේ අදහස් පැතිරෙමින් පවත්නා මොහොතක, මේ තත්වය පිළිබඳව මේ වනවිට තහවුරුව පවත්නා විද්‍යාත්මක දැනුම ඔබ සමග බෙදාගැනීමටයි අපගේ මේ සූදානම.

මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති මෙම නිපා (Nipah) වෛරසය,1999 වසරේ දී මුල්වරට හඳුනාගැනෙන්නේ මැලේසියාවේ ඌරු ගොවිපළවල කටයුතු කල පිරිසක් අතර පැතිරගිය අවස්ථාවේ දී. වෛරසය ආසාදිත ඌරන් අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන් ඔවුන්ගේ පටක, ශරීර තරළ සහ මළ මූත්‍රාමගින් එවර මිනිසුන්ට රෝගය බෝවී තිබෙනවා.

ඉන් අනතුරුව මැලේසියාවෙන් නැවත රෝගීන් වාර්තා නොවුවත් 2001 දී බංග්ලාදේශයෙනුත් නැගෙනහිර ඉන්දියාවේ කලින් කලටත් මෙම රෝගය පැතිර යෑම් සිදුවී තිබෙනවා. මෙවර අවධානයට ලක්ව තිබෙන කේරළය පසුගිය වසර පහ තුළ මෙම වසංගතයට මුහුණ දෙන්නේ හතරවෙනි වතාවටයි.

ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව මෙම ආසාදන පැතිරීමේ හේතුව ලෙස සැළකෙන්නේ, ස්වභාවිකවම නිපා (Nipah) වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක ආසාදිත සතුන්ගේ මූත්‍රා සහ කෙළ තැවරුණ පළතුරු වර්ග / යුෂ මිනිසුන් විසින් ආහාරයට ගැනීමයි.

දැනට පවත්නා විද්‍යාත්මක දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි. රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මූත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝවිට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කල අය වීම විශේෂයෙන්ම සඳහන් කල යුතුයි.

යම් හෙයකින් වෛරසය මිනිසෙකුහට ශරීරගත වුවහොත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වීම, සාමාන්‍ය ශ්වසන ආසාදනයක ලක්ෂණ පෙන්වීම මෙන්ම මාරාන්තික මස්තිෂ්ක ප්‍රදාහ (encephalitis) තත්වයක් දක්වා පුලුල් පරාසයක තත්වයන් ඇතිවීමට ඉඩ කඩ තිබෙනවා. වෛරසය සිරුරට ඇතුලු වී දින 4 - 14 ත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇති වෙනවා. හඳුනාගත් රෝගීන්ට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රමවේදයි.

මිනිසුන් අතර සිදුවන ආසාදන වළක්වාගැනීමට රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී ආරක්ෂිත ක්‍රමවේද මගින් ඔවුන්ගේ ශරීර තරලවලට නිරාවරණය වීම වළක්වා ගැනෙනවා. මෙය වළක්වන එන්නතක් දැනට භාවිතයේ නැහැ.

යම් ප්‍රදේශයක නිපා (Nipah) රෝගය පැතිර යන අවස්ථාවල දී ඊට අදාළව මහජන සෞඛ්‍ය උපදෙස් නිකුත් කෙරෙන අතර ලාංකික අප නිසි දැනුමෙන් සවිමත්ව සහ අවධානයෙන් යුතුව පසුවීම මේ අවස්ථාවේ දී ප්‍රමාණවත්.

ඉදිරියේදී පවත්නා තත්වයේ වෙනසක් ඇතිවුවහොත් හෝ මේ පිළිබඳව විද්‍යාත්මක දැනුම යාවත්කාලීන වීමක් සිදුවුවහොත් කඩිනමින් ඔබව දැනුවත් කිරීමට අප සූදානමෙන් සිටිනවා.

උපුටා ගැනීමකි.

03/09/2023

අපේ ගෙදර බල්ලෙක් ඇත. ඌට මගේ බිරිඳ බීමට දෙන්නේ නිවා ගත් උණු වතුරය. ඌ ඒවා ටිකක් බී මිදුලේ මඩ වලකින් බඩ පුරා වතුර බොයි. මා කුමක් හෝ දෙයක් ඌට කෑමට දුනහොත් "ඕකට බඩේ අමාරුවක් හැදෙයි දෙන්න එපා" කියා බිරිඳ කියයි. මා එය නැවැත්වූ විට ඌ මිදුලට ගොස් ගලක් ගිලියි .

අපේ බල්ලා සහ අපේ රටේ මිනිස්සු (මා ඇතුළු ) එක සමානය .
මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත.

නමුත් අපි ඒවා කන්නේ සබන් යොදා අත් සෝදාගෙනය.

කුඹුරේ වල් මැරීමට පස් බුරුල් වීමට කෘම්න් නැසීමට වස ගසයි. හාල් වලට ගුල්ලන් ගැසීම වැලක්වීමටත් වස ගසයි .

එළවලු වලට කෘමිනාශක ගසා පසු දිනයේම කඩා වෙළඳපොළට එයි .ඒවා විශාල කිරිමටත් කල් තබා ගැනීමටත් වස ගසයි.

පලතුරු වලට සියළු වස ගසා විශාල කර පලදාව නෙලා ගත් පසු ඉදවිමටත් වස ගසයි .

මස් පිණිස ඇති කරණ සියළු සතුන් වස ගසා ජාන විකෘති කර ඇත.මාළුන් පමණක් බේරී ඇත්තේ උන් මුහුදේ ඉන්න නිසා වුවත් උන්ද අල්ලා කල් තබා ගැනීමට වස ගසයි .

මුදවපු කිරි දින දෙකකින් ඇඹුල් රසය. නමුත් වස ගසා මුදවූ කිරි වල කල් ඉකුත් වන දිනය එන්නේ සති දෙකකිනි .

මෑතක් වන තුරු වසවිස නැතුව කොස් කෑමට හැකිව තිබුනත් මේ වනවිට කොස් කල් තබා ගැනීමට වැසිකිලි සේදීමට ගන්නා දියර ගසති .

පළා වර්ග වල සම්මත ප්‍රමාණයට වඩා 700%කින් වස තැන්පත්වී ඇත .

කුළුබඩු බොහෝ ඒවායේ ඇත්තේ රොඩු සහ විස ඩයි වර්ගය .

බයිට් වර්ග බැදීමට පෙර තෙල් තාච්චියට ප්ලාස්ටික් දමන්නේද ඒවා කල් තබා ගැනීමටය .

ලෝකයේ හොඳම තේ ඇත්තේ ශ්‍රී ලංකාවේ වුවත් අපි බොන්නේ කසල තේය .එසේත් නැතිනම් විස ඩයි වර්ග කලවම් කළ තේය .

පිටි කිරි කියා බොන්නේ ස්වභාවික කිරි වල ඇති පෝෂණ කොටස් අයින් කරන ලද කටු පොල් තෙල් හා රසකාරක යොදා නිපදවන වස ගොඩකි .

ආප්ප වාටිය ශක්තිමත් කිරීමට ප්ලාස්ටර් ඔ‍ෆ් පැරිස් දමති .

කෝලා බිම වර්ග ඇතුළු සියළු පැණි බීම වස ආකරය .

සෝයා මීට් යනු පුන්නක්කු හා රසකාරක යොදා සකසන වස ගුලියකි .ඒවා දැල්ලෝ, ඉස්සෝ සහ පොලොස් වැනි නානාප්‍රකාර රසයෙන් ඇත්තේ ඒ රස ගැනීමට වස කලවම් කර ඇති නිසාය. .
සුප් කැටය යනු වස කුට්ටියකි.

සොසේජස් යනු පුන්නක්කු සහ සතුන්ගේ ඉවතලන කොටස් එකට අඹරා එහි නැවුම් රුධිරය ඇති බව පෙන්වීමට වස ගසා රතු පාට ගන්නා වස ගුලියකි .

අජිනොමොටෝ නමැති වස නොදමන ෆ්‍රයිඩ් රයිස් කඩයක් ලංකාවේම නැත .

මිට අමතරව කෘතිමව නිෂ්පාදනය කරන නුඩ්ල්ස් බිස්කට් වර්ග ඇතුළු සියලුම දේට වස මිශ්‍ර කරයි . එහි නියමිත මාත්‍රාවක් ඇතත් එයද වසය.

පොල් තෙල් නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර ලාභදායි තෙල් වර්ග එයට කලවම් කරයි .

මේවායේ ප්‍රතිඵල මේ වනවිට අප අත් කරගෙන ඇත. එනම් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා ඇත. දැනට වසර දහයකට පමණ පෙර එය ඉතා සුළු ප්‍රමාණයකි . දැන් දහස තව වසර පහකින් පන්දහස විය හැක. තව වසර දහයකින් රටම පිළිකා වාට්ටුවක් විය හැක. දැනටත් මෙය කියවන ඔබ දන්නා එක අයෙක් හෝ පිළිකා රෝගයෙන් පෙලෙන අයකු සිටිය හැක. අතීතයේ පිළිකා රෝගය යනු දුර්ලභ රෝගයකි.
අපේ රටේ සවුඛ්‍ය අංශයේ වැඩිම වියදමක් දරනු ලබන්නේ පිළිකා රෝගීන්ගේ ඖශධ වලට වන අතර 100% ආනයනික ඖශධය.
.

අපේ රටේ නීතියට අනුව මේවා ගැන සොයා බලන්නේ කවුද ?

පාරිභෝගික කටයුතු අධිකාරියද ?
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයද ?
මහජන උපයෝගිතා කොමිසමද ?
මහජන සවුඛ්‍ය පරික්ක්ෂක වරුද ?
සම්මතවී ඇති පනත් හරහා වූ නීතියද ?

මා නම් නොදනී .ඔබ දන්නවද ?

අපේ රටේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට සම්මත වූ අණ පනත් සහ ආයතන ඕන තරම් තිබුනත් ඒවාට වගකිවයුතු කිසිදු අයකු නැත. මෙතරම් වූ අනතුරක් ඇතත් ඒ ගැන කතා කරන සංවිධානයක් දේශපාලකයෙක් පෙනෙන්නට නැත.

අප ප්‍රමුඛතාවය දී හඬ නැඟිය යුත්තේ යුත්තේ 13න වන සංශෝධනයට විරුද්ධවද ? නැත්නම් මේ ව්‍යසනයට හේතුවූ වස විසට විරුද්ධවද ?

කිසිවකුත් මේ ගැන කතා නොකරනවානම් ජනතාව වන අප කුමක් කල යුතුද ?

උපුටා ගැනීමකි.

24/06/2023

වෛද්‍යවරයෙකුගේ අත්දැකීමකි.
දිනක් ENT තියටර් එකට පැමිණි රෝගියෙකි. ඔහු මැදි වසයේ පසු වූ ඉතා දැඩි සිරුරකින් යුතු වූවෙකි. ඔහුගේ පැමිණිල්ල වූයේ ඔහුගේ උගුරේ මාලු කට්ටක් හෝ මස් කට්ටක් සිර වී ඇති බවත් ඒ නිසා ඔහුගේ උගුරෙහි ඉතාමත් අපහසුතාවයක් දැනෙන බවත් ය.
වෛද්‍යවරයා සහ කාර්‍ය මණ්ඩලය එකතුව ඔහුගේ උගුරෙහි තිබූ ආගන්තුක් ද්‍රව්‍ය ඉවත් කිරීමට සූදානම් විය.
ටික වේලාවකින් උගුරෙහි රැඳී තිබු ආගන්තුක ද්‍රව්‍ය ඉවතට ගන්නට හැකි විය. දුටු දෙයින් සියලු දෙනා විශ්මිත විය. එය තරමක ප්‍රමාණයෙන් යුත් යකඩ කැබැල්ලකි. රෝගියාගෙන් මේ පිළිබඳව විමසන විට ඔහු කියා සිටියේ පෙර දින රාත්‍රියේ ආහාරය සඳහා කඩයකින් කොත්තුවක් මිලදී ගත් බවත් එය ආහාරයට ගන්නා අතරතුර මෙලෙස සිර වූ බවත් ය.
ඔබත් වැඩි වේල් ගණනක් කොත්තු ආහාරයට ගැනීමට පෙළබී ඇත්නම් කෑමට පෙර, කොත්තු ගසන ආකාරය දෙස බලා සිටින්න.
ඒ තහඩුව ගෙවී ඇත්තේ ඔබේ කොත්තුවේ යකඩ මදි නිසා යකඩ එකතු කිරීමට ගොස් ය.😅කොත්තු දමන පුද්ගලයා ඔබේ සිතැඟි පරිදි රොටියට උඩ පනිමින් තවත් තහඩුවකින් ගසන්නේ ඔබට මදි පුංචි කමක් වේ යැයි සිතමින්ය. ඔබද ඒ මනහර දර්ශනය දෙස බලා සිටින්නේ තහඩු එකිනෙක ගැටී කොත්තුවට එක්වන යකඩ කැබලි ඔබේ ඇසට නොපෙනෙන නිසාය. නමුත් ඔබ ආහාරයට ගන්නේ ඒවාය. 😅
ඔබට කඩේකින් කෑමට ඇති නරකම කෑම නම් කොත්තුය. පිටි, තෙල්, මිරිස් සැර නොඅඩුව ශරීරයට ලැබේ.😅😅
අනාගත රෝගියෙකු වීමට බලාපොරොත්තුව සිටින ඔබට කදිම ආහාරය කොත්තු ය.😌

උපුටා ගැනීමකි.

Photos from Science for life with Jayasanka's post 01/05/2023

සිරිලක පරසිදු ෆේක් බුරියානිවල පැටිකිරිය .

බිරියානි නොහොත් බුරියානි ලංකාවට ආවේ අපේ මුස්ලිම් සහෝදරවරුන්ගෙන්. හරි පදමට ප්‍රමිතියට හදා ගත්තොත් බුරියානි බොහොම රසවත් වගේම පෝෂණීය ආහාරයක්. මේ දවස්වල බුරියානි වලට ලොකු ඉල්ලු‍මක් තියෙනවා. සිදාදියේ තරමටම නැති වුනත් දැන් දැන් ගමේ ගොඩෙත් බුරියානි කඩ ජනප්‍රිය වෙමින් පවතිනවා. සිදාදියේනම් විශේෂයෙන් කොළඹ සහ තදාසන්න නගරවල බුරියානි වලටම නම ගිය ආපනශාලා එහෙමත් තියෙනවා. එමෙන්ම හුදී ජනතාවට හිතා ගන්නවත් බැරි ගණන් වලට අලෙවි කෙරෙන සුපිරි මට්ටමේ බිරියානි අවන්හල් එහෙමත් තියෙනවා. දැන් දැන් රාත්‍රී කාලවලට බුරියානි විකුණන මොබයිල් කාර්, වෑන්, ලොරි එහෙමත් නගරාසන්න පාරවල් අයින් වල දකින්නට තියෙනවා. ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම වුනත් උණු උනුවේම බිරියානි ගෙන්න ගන්න පුලු‍වන් .
කොයික කොහොම උණත්, මේ කොයි කඩෙන් කෑවත්ඔරිජිනල් බිරියානි වල රසය සුවද සහ ප්‍රමිතිය ගැන යම් අවභෝධයක් තියෙන අයනම් දන්නවා, දැන් මේ ගජරාමෙට විකුණන බොහොමයක් බිරියානි වල අර කලින් කිවුව රසයේ සුවදේ සහ ප්‍රමිතියේ ලොකු අවුලක් තියෙන බව.

ඇත්තටම මොකක්ද මේ අවුල...?

දැන් බොහෝ තැන්වල හදන බුරියානි වලට ඔරිජිනල් රෙසිපි එකේ අඩුම කුඩුම නෙවෙයි දාන්නේ. බිරියානි හදන බොහොමයක් තැන්වල ඔය පිංතූරයේ තියෙන කෘත්‍රිම බුරියානි රසකාරක බෝතල් ගණන් යූස් කරනවා. එම්එස්ජී වගේ කෘත්‍රිම රස ප්‍රවර්ධකත් කිලෝ ගණන් යූස් කරනවා. බිරියානි එකේ ඔරිජිනල් රසය සුවද ගන්න දාන කහ , ඉඟු‍රු , සේර, එනසාල්, කරාඹු නැටි, රම්පේ, කරපිංච, කොත්තමල්ලි කොල, ස්ටාර් අනීස්, සාදික්කා, වසාවාසි, සූදුරු, ගම්මරිස්, බේ ලීෆ්, ෆ්රේෂ් මිල්ක් ,,, ඔය මොකවත් නෑ. තනිකරම රසකාරක.

කෘත්‍රිම එළඟිතෙල්.
එළඟිතෙල් බිරියානිවලට නැතුවම බෑ. ඒත්, නියම ස්වභාවික එළඟිතෙල් ගිණි ගණන් නිසා මිල අඩු බාල එළඟිතෙල් රසකාරක දාලා හදපු කෘත්‍රිම එළඟිතෙල් මේ බිරියානි නිෂ්පාදනය කරන්නට භාවිත කරන බව බොහොම ප්‍රසිද්ධ රහසක්. අහිතකර ට්‍රාන්ස් මේදය පවා තිබිය හැකි ප්‍රමිතියෙන් බාල පාම් තෙල් වලින් නිෂ්පාදනය කරන කෘත්‍රිමව රස ගැන්වූ එළගිතෙල් වලට කිට්ටුවෙන් යන සැර සුවදකින් යුතු මේ කෘත්‍රිම එළඟිතෙල් ලීටර් හතරේ පහේ කෑන් වලට පුරවලා මේ බිරියානි හදන තැන්වල තිබෙන ආකාරය දකින්නට පුලුවන්.

ඩයි දාපු කහබත්.
බුරියානි සාමාන්‍යයෙන් කහ පාට ය. ඒ බිරියානි වලට ස්වභාවික කහ එකතු කරන නිසා ය. එහෙත් අවාසනාවකට දැන් වෙළදපොලේ තියෙන හුගක් බිරියානි, කහ බත්, නාසි ගුරැං, ප්‍රයිඩ් රයිස් වල තිබෙන තද කහ පාට තැඹිලි පාට ගන්නේ ස්වභාවික ඖෂධීය ගුණ රාසියක් තියෙන ස්වභාවික කහවලින් නොව, කෘත්‍රිම වර්ණක වලින් ය. ඔය පිංතූරයේ තියෙන කෘත්‍රිම වර්ණක අඩංගු පවුඩර් වර්ගත් කප් ගණනින් මේ තැන්වල යූස් කෙරෙනවා.
මේ හුගක් තැන්වල මස් වර්ග බදින්නේ සති ගණන් නැවත නැවත බදින ලද තත්ත්වයෙන් බාල රී යූස්ඩ් තෙල්වල. මේ තෙල් වල සෞඛ්‍යට හානිකර ට්‍රාන්ස් මේදය, ඇක්‍රිල් ඒමයිඩ වගේ විස පිළිකාකාරක වර්ග බොහෝ ප්‍රමාණයක් තිබෙන්නට පුලුවන්. අනික මේ තෙල්වල බදින මස් වර්ග තව දුරටත් සෞඛ්‍යට අහිතකර වෙන විදියේ වැඩක් මේ බොහෝ තැන්වල කරනවා. ඒ , මේ බදින මස් වලට ආකර්ෂණීය පැහැයක් ලබා දීම සදහා මස් වලට නීති විරෝධී ලෙස පෙර කිවුව කෘත්‍රිම වර්ණක යෙදීමයි.

ඔවුවා හදන හුගක් තැන්වල ෆුඩ් සේෆ්ටි අන්තිමයි. වැඩි ලාභ තෘෂ්ණාව නිසා පළපුරුදු පුහුණුව ලත් වෛද්‍ය පරීක්ෂණ කර ගත් කොලටි, කොලිෆයිඩ් චෙෆ් ලා මේ හුගක් තැන්වල සේවය යොදවන්නේ නෑ. එයාලගේ ආහාරවල සනීපාරක්ෂාව සහ ආරක්ෂාව පිළිබදව තියෙන්නේ අන්තිම සවුත්තු ආකල්ප . මැස්සන්, දූවිලි, දුම පිරිලා .
හොඳට කොලටියට පිරිසිදුවට බිරියානි හදන තැන් ඇති. එහෙම තැනකින් කන්න. ඔරිජිනල් රෙසිපි එකක් හොයාගෙන හරි කෑම හදන්න දන්න කෙනෙකු ලවා හදවගෙන නියම බිරියානියක් කාලා ඒ රසය සුවද හුරු කර ගන්න. එහෙම හුරු කර ගත්තු, ෂාප් ටියුන් කර ගත්තු දිවකට ඔය ෆේක් ආර්ටිෆිෂල් බිරියානි වල වෙනස බොහොම හොදට දැන හදුනා ගන්න පුලුවන්. එහෙම නැතුව සාක්කුවට තදට දැනෙන ලොකු ගණන් වියදම් කරගෙන මේ කිවුව ව්‍යාජ බුරියානි නිතර කෑවොතින් හැදෙන ලෙඩ ලොවෙත් නැති වෙන්න පුලුවන්.

තත්ත්වයෙන් බාල ආදේශක ආහාර කරළියට එන්නේ ඇයි...?
ආහාරවලට එකතු කරන ස්වභාවික , ආරක්ෂිත සහ තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය වල මිළ ගණන් ඉතා ඉහළ මට්ටමක තිබෙන අතර, ඒවා නිෂ්පාදනය කරන්නේ ද ඉතාමත් සීමිත ප්‍රමාණයක්. මේ සීමිතව නිෂ්පාදනය කෙරෙන ස්වභාවික තතත්වයෙන් උසස් අමුද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් ඉහළ ක්‍රය ශක්තියක් තියෙන කේන්ධ්‍රයේ ධනපති රටවල්වල සුඛෝපභෝගී ජීවිත ගෙවන ධනවතුන්ගේ හෝ දේශීය ධනවත් උදවියගේ ආහාරයට වෙන් කරනු ලැබ තිබෙනවා . වර්ථමාන ලෝකය නිර්මාණය වී තිබෙන්නේ එම න්‍යයායට අනුකූලව ය. රටේ ලෝකේ තියෙන ආරක්ෂිතම ඉස්තරම්ම සෞඛ්‍ය ආරක්ෂිතම කාබනිකම ආහාරය සදහා පහළ පන්තිවල හුදී ජනතාවගෙන් බරපතල ඉල්ලුමක් ආවොත් ධනවත් උදවිය වෙනුවෙන් වෙන් කර ගැනීමට එය බරපතල භාධාවක් වනු ඇත. මේ භාධාව, තරගය නැති කරන්නටනම් , වෙළදපොළ තුළ හුදී ජනතාවට මිළ දී ගත හැකි මට්ටමේ ව්‍යාජ ආදේශක ආහාර තිබිය යුතුය. එවැනි ආදේශක ආහාරවලට ගනු ලබන කෘත්‍රිම අඩුම කුඩුම නිෂ්පාදනය කර අළෙවි කිරීමෙන් නැවත පෙර කීව ධනවතුන්ගේ ලාභ කදු ගොඩ ගැහෙන අතර, ව්‍යාජ සෞඛ්‍යයට අනාරක්ෂිත ආහාර අනුභව කිරීමෙන් රෝගාබාධවලට ලක්වන හුදී ජනතාව මත නැවත ඖෂධ සහ වෛද්‍ය වෙළදපොළ ක්‍රියාත්මක වන නිසා මේ හැම පැත්තකින්ම ධනපති පෙළැන්තියේ උදවියගේ පැවැත්ම තහවුරු වෙයි .
ඒ නිසා හරකෙක් ඇති කරන ඔබ නිෂ්පාදනය කරන ඔරිජිනල් එළඟිතෙල් බෝතලය ඔබට දැණෙන ගාණකට මිළදී ගන්නා මුදලාලි ඉන් ඔරිජිනල් රෙසිපි එකට පිරිසිදු ඉස්තරම් කොලටියට බුරියානි හදල ධනවත් පෙළැන්තියට විකුණනවා. ඉදල හිටල හරි බුරියානි එකක් ඔබේ දරුවන්ට හරි අරන් දෙන්න තියෙන ඔබේ ආසාව සපුරන්න අර කිවුව ගාණෙන් අඩු කොලටියෙන් අන්තිම සවුතු ෆේක් බුරියානිත් හදල විකුණනවා . ඔබ,, එවුවයේ "වස විස නෑ. පිළිකාකාරක නෑ. ඔවුවා කෑවට ලෙඩ හැදෙනවා කියල කොහෙවත් පෲ කරල නෑ. සයන්ස්ටිෆික් එවිඩන්ස් නෑ. ( එහෙම පෲ කරපු සයන්ස්ටිෆික් එවිඩන්ස් තිබ්බත් ගණන් ගණන් ගන්නේත් නෑ) මේ වගේ බය හිතෙන කතා කියල ආතල් කඩන්න එපා....." කියල වැළලෙන්න හදනවා.
- - ගැමුණූ සාලිය පෙරේරා,
මහජන සෞඛ්‍ය පරීක්ෂක

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

Photos from H**p SL's post 30/04/2023
Want your school to be the top-listed School/college?

Website