ප්‍රථමාධාර යනු කුමක්ද?
ප්‍රථමාධාර ඉගෙනීමට ප්‍රථම ප්‍රථමාධාර යනු කුමක්ද යන්න වටහා ගැනීම ඔබට වැදගත් බව මා සිතමි.
හදිසි අනතුරකදී හෝ ආපදාවකදී වෛද්‍ය ආධාර ලැබෙන තෙක්, පිලිගත් නවීන ශිල්පීය ප්‍රතිකාර ක්‍රමවලට අනුව, අවට ඇති සුදුසුම දේ උපයෝගි කරගනිමින් , මනා නිපුණත්වයකින් යුතුව ලබා දෙන ආධාරය උපකාරය ප්‍රථමාධාරය ලෙස හැදින්වේ
ප්‍රථමාධාර යනු දිනෙන් දින අලුත් වන විෂයකි.එම නිසා නිරන්තරයෙන් දැනුවත්වීම ඉතා වැදගත්. නවීන දැනුම එක් රැස් කිරීම ඔහු/ඇය සතු වගකීමකි.පිලිගත් ප්‍රතිකාර ක්‍රම හා නිවැරදි ප්‍රථමාධාර අප දැනුවත් විය යුතුය.එසේ නොමැත් වුවහොත් අප ලබා දෙන ආධාරය උපකාරය නිසා රෝගියා සදාකාලික ආබාධිත තත්වයට පත්වීම රෝගය උත්සන්න වීම හෝ මරණයට පත්වීමට ඉඩ ඇත.
එම නිසා නිවැරදිව ප්‍රථමාධාර ඉගෙන ගැනීම හා දැනුම යාවත්කාලීන කිරීම ඉතා වැදගත් වේ.
Learn First aid ,save lives
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Learn First aid ,save lives, Education Website, .
වර්ෂ 2002 ඔක්තෝබර් මාසයේ 20වන දින මාතලේ සාන්ත තෝමසුවෙන් ශාන්ත ජෝන් ගිලන් රථ සංගමයට ඇතුලත්ව ,ජාති, ආගම් බේදයෙන් තොරව මානව සංහතියේ සේවය උදෙසා කැපවී ප්‍රථමාධාර ලබා දෙන බවට පහන් ආලෝකයක් අත දරන් දිව්රා ප්‍රකාශ කල මා එදා සිට අද දක්වා වසර 18 කට ආසන්න කාලයක්
ඒ වෙනුවෙන් මා හට හැකි සෑම වේලාවකම කැපවුනෙමි.
එදා ශාන්ත ජෝන් ගිලන් රථ සංගමයේ මූලික ප්‍රථමාධාර පාඨමාලාව සාන්ත තෝමසුවෙන් හදාරා සාමාජිකයකු ලෙස විද්‍යාලීය ගිලන් රථ සංගමයට එක්ව පාසලේ අවශ්‍ය ප්‍රථමාධාර කටයුතු වලට සහාය ලබා දෙමින් පාසලට සහ පාසලේ ශිෂ්‍ය ප්‍රජාවට සේවය ලබා දුනි.එසේම පාසලට පමණක් නොව අප එදා මාතලේ දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ විවිධ පොදු ආගමික උත්සව,රාජ්‍ය උත්සව,ක්‍රිඩා උත්සව,ආදියට අපගේ ප්‍රථමාධාර සේවාව ලබා දුනි.විශේෂයෙන් සංගායනා පෙරහැර,තේරැ උත්සවය,නිදහස් උලෙල,ක්‍රිඩා තරග,මිහින්තලයේ පොසොන් උත්සවය,ආදී අවස්ථාවල අප ප්‍රථමාධාර සේවා ලබා දුනි.
මේ අතර තුල කාලයේදී මා ලද අත්දැකීම්,පලපුරැද්ද හා පුහුණු මත මා හට නායකත්ව භූමිකාවට වරම් හිමිවිය.
සැරයන් වරයෙකු ලෙස 2004 වර්ෂයේ ද,2005 වර්ෂයේ සේනංක සැරයන් මේජර් වරයකු ලෙසත් 2008 වර්ෂයේ කාලප සැරයන් මේජර් වරයෙකු ලෙසත් විශාල දායකත්වයක් සංගමයට,පාසලට හා සමාජයට දක්වන්නට මා හට අවස්ථාව හිමිවිය.
පසුව සංවිධානයේ ජාතික පුහුණුකරැවකු ලෙස සුදුසුකම් ලැබීමට අවශ්‍ය පුහුණුව නිම කල මා අද වන විට මාගේ සේවය මාතලේ දිස්ත්‍රීක්කයේ සහකාර දිස්ත්‍රීක් කොමසාරිස් වරයෙකු ලෙස ද ජාතික පුහුණුකරැවකු ලෙසද ස්වෙච්චාවෙන් ලබා දෙමින් සිටී.ප්‍රථමාධාර පුහුණුකරැවකු ලෙසින් මා පාසල් ලමුන්, ගුරැවරැන්,විරෝධාර රණවිරැවන්,පෞද්ගලික ආයතන සේවකයින් හා ප්‍රජා සමිතිවල සාමාජිකයින් පුහුණු කිරීම් සිදුකරයි.
පුරා වසර 18 කට ආසන්න කාලයක් පුහුණුව තුලින් මා ලබාගත් දැනුම හා අත්දැකීම් තුලින් ලබාගත් දැනුම ඔබ සමග මෙතැන් සිට බෙදා හදා ගෑනීමට මෙම පිටුව භාවිතා කරනු ලැබේ.
මෙහි අරමුණ නිවැරදි ප්‍රථමාධාර ශීල්පීය ක්‍රම ඔබට ලබාදීම තුලින් යම් දැනුමක් ඔබට ලබා දීමයි.එතුලින් ඔබද හදිසි අවස්ථාවකදී අවශ්‍ය උපකාරය උදව්ව ජාති ආගම් කුල බේද නොසලකමින් අවශ්‍ය පුද්ගලයන්ට ලබාදීමට හැකි ප්‍රථමාධාර දැනුමින් සන්නද්ද පුද්ගලයෙකු සමාජයට දායද කිරීමටයි.අවසානයේ සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහිකිරීම අපගේ අභිලාශයයි.
දුෂාන්ත කෝණාර
ජාතික පුහුණුකරැ
සහකාර දිස්ත්‍රික් කොමසාරිස් -මාතලේ
ශාන්ත ජෝන් ගිලන්රථ සංගමය