1. I have told you umpteen times not to look here and there.
මම ඔයාට අනන්තවත් කියලා තියනවා එහෙ මහෙ බලන්න එපා කියලා.
2. I have told you umpteen times not to tell lies.
මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා බොරු කියන්න එපා කියලා.
3. I have told him umpteen times not to scream.
මම එයාට අනන්තවත් කියලා තියෙනවා බෙරිහන් දෙන්න එපා කියලා.
4. I have told you umpteen times not to keep company with them.
මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එයාලා ආශ්‍රය කරන්න එපා කියලා.
5. I have told you umpteen times to learn English well.
මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා ඉංග්‍රීසි හොඳට ඉගෙන ගන්න කියලා.
6. I have told you umpteen times not to say so.
මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එහෙම කියන්න එපා කියලා.
7. I have told you umpteen times not to do so.
මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එහෙම කරන්න එපා කියලා.
8. I have told you umpteen times not to kill animals it is a sin.
මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා සත්තු මරන්න එපා කියලා ඒක පව්.
9. I have told you umpteen times not to go to the road.
මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා පාරට යන්න එපා කියලා.
10. I have told you umpteen times to buy a new land
මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා අලුත් ඉඩමක් ගන්න කියලා.
So please guys make your own sentences. Then only you can improve your English. At least it's enough to make 5 sentences.
NS English Academy
Our effort to create a new society.
Sweet dreams
Subject +may as well +verb stem= කමක් නැහැ
1. You may as well go
ඔයා ගියාට කමක් නැහැ
2. You may as well change your idea
ඔයා වෙනස් කළාට කමක් නැහැ ඔයාගේ අදහස
3. You me as well forget me
ඔයා මාව අමතක කලාට කමක් නෑ
4. Kamal may as well take a any decision
කමල් ඕනෑම තීරණයක් ගත්තාට කමක් නැහැ.
5. Nimal may as well get late
නිමල් පරක්කු උනාට කමක් නෑ.
6. You may as well scold me.
ඔයා මට බැන්නාට කමක් නෑ.
7. You may as well come
ඔයා ආවට කමක් නැහැ.
8. You may as well sleep.
ඔයා නිදාගත්තට කමක් නෑ.
9. You may as well blame him.
ඔයා ඔහුට බැන්නට කමක් නෑ.
10. You may as well fail the exam. Try again.
ඔයා විභාගය අසමත් උනාට කමක් නෑ නැවත උත්සාහ කරන්න.
ඔබත් may as well ( කමක් නෑ ) යන වාක්‍ය රටාව භාවිතා කරනමින් වාක්‍ය සෑදීමට උසාහ කරන්න. ඒ වගේම ඔබ කතාකරන විටදී ඒවා භාවිතා කිරීමට අමතක නොකන්න.
*"Beside" is a preposition that means "close to" or "next to."*
1. Your umbrella is *beside* the chair.
ඔබේ කුඩය පුටුව *එහාපැත්තෙ* තියෙනවා
2. please come and sit *beside* me.
කරුණාකර ඇවිත් මා *අසලින්* වාඩි වෙන්න.
3 I like to sit *beside* that picture and
take a picture. මම කැමතියි ඒ පින්තූරය *ළඟ/අසලින්* වාඩි වි පින්තුරයක් ගන්න.
4. The tree *beside* the home fell down previous night. නිවස *අසල/එහාපැත්තෙ* තිබූ ගස පෙරේදා රාත්‍රියේ කඩා වැටුණා.
5. She bought the land *beside* my land.
ඇය මගේ ඉඩම *අසල/එහාපැත්තෙ* ඉඩම මිලදී ගත්තා.
*"Besides"* is also a preposition that
means "in addition to" or "apart from."*
1. *Besides* Tom, who else has
completed the project?
ටොම්ට *අමතරව*/ *හැර* වෙන කවුද ඒ ව්‍යාපෘතිය සම්පූර්ණ කරලා තියෙන්නේ
2. She is too tired to go for
practice. *Besides*, she has
hurt her knees.ඇයට පුහුණුවීම සදහා යන්න බැ ගොඩක් මහන්සි. *ඊට අමතරව,* ඇගේ දණහිස් රිදෙනවා.
3. He wishes to learn more.
*Besides,* he is a competitive
person. ඔහු තව දුරටත් ඉගෙන ගැනීමට කැමතිය. *ඊට අමතරව,* ඔහු තරඟකාරි පුද්ගලයෙකි.
4. There was no one in the
room *besides* Tom and
Mary. ඒ කාමරයෙ ටොම් හා මේරි *අමතරව/හැර* වෙතත් කිසිවෙක් සිටියෙ නැත.
5. He has no friends besides
me. ඔහුට මට *අමතරව*/ *මා හැර* මිතුරන් නැත
6. He speaks two languages
*besides* English. ඔහු භාෂා දෙකක් කතා කරණවා ඉංග්‍රීසි *හැර*

