Coding Pora

Coding Pora

අපි මෙමගින් කුඩා දරුවන්ගේ පරිගණක භාශ?

Operating as usual

11/11/2021

My Bright Student Feed Back😍😍😍
Congratulation Nethula Dulmith🤩🤩🤩

11/11/2021

My Bright Student Feed Back😍😍😍
Congratulation Sedani Amarasena🤩🤩🤩

03/10/2021

අද ඔයාලට මං කියන්න යන්නේ Python කියන Programming Language එක භාවිතා කරලා කොහමද Mobile App එකක් හදාගන්නේ කියලා 🤗😍

මේකට ඔයාට peo python භාවිතා කරලා App එකක් හදන්න ගියොත් ඔයාලාට ඉතාමත්ම අමාරූ වෙනවා...🙁

මේකට ඔයාලට හොද Framework ,Library ,Module එකක් භාවිතා කලොත් ඉතාමත්ම පහසුවෙන් App එකක් ඔයාලට හදාගන්න පුලුවන්.🤔

මේකට ඔයාලට භාවිතා කරන්න පුලුවන් Kivy කියන Framework එක..🙄

මේ Frameworks ගැන වැඩි විස්තර ඔයාලට අපේ FB Page එකේ Articles වලින් දැන ගන්න පුලුවන්.🙄🙄

මේක භාවිතා කරලා ඔයාලට Android App, ios App, Windows App Develop කරන්න පුලුවන්෴😇

22/09/2021

Pygame කියලා කියන්නේ Python, C, Assembly Programming Languages භාවිතා කරලා හදපු සුපිරිම සුපිරි Library එකක්.😎

අපිට ඒක භාවිතා කරලා 2D Game Development කරන්න පුලුවන්.😍

මේක Open Source Library එකක් ඒ කියන්නේ සරලව කිවූවොත් ඔයාලට මේක කිසිම වියදමක් නැතුව භාවිතා කරන්න පුලුවන්.😉

ඔයාලට වැඩි විස්තර මේ වෙබ් අඩවියෙන් බලාගන්න පුලුවන්.෴
👉 www.pygame.org

16/09/2021

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
ඔයත් ඔයාගේ දරුවාගේ අනාගතය ගැන පසු තැවෙනවාද?...😔😔😔

Computer games, mobile games නිසා දරුවා නාස්ති වෙයි කියලා ඔයා සිතනවාද?🙁😟😕

ඔවූ අනිවරයෙන්ම ඒ දෙවල් වලට ඇබ්බැහි වුනොත් ඔයාගේ දරුවා නස්ති වෙන එක ස්තීරයි ...🙄🙄🙄

ඉතින් මේ දෙවල් වලින් දරුවාව මුදව ගන්නේ කොහොමද ?🤔

ක්‍රම 2ක් තියෙනවා...😇😇😇

👉 අංක එක සම්පූර්ණයෙන්ම Computers Mobile Phones ඉවත් කරලා දාන එක..

👉 අංක දෙක නිසි පලනයකින් ළමයින්ට එවා ලබා දෙන ගමන් Computers සම්බන්ධ යහපත් දෙවල් වලට ඔයාගේ දරුවා යොමු කිරීම

ඉතින් මේ අතරින් ඔයා ගන්නේ මොන තීරණේද🤔🤔🤔

❌ ඔයා පලවෙනි තිරනේ ගත්තොත් අනිවරයෙන්ම ඔයාගේ දරුවා අනගතයට සූදානම් කරන්න බැරි වෙනවා🙄

✅ එහනම් ඔයාට ඉතිරි වෙන්නෙ දෙවෙනි තිරනේ විතරයි..

ඉතින් කොහමද ඔයා ඒක කරන්නේ 🤔

👉 ඔයාට පුලුවන් ළමයට computers mobile phones භාවිතා කරන්න කාල සටහනක් හදාලා දෙන්න.

👉 ඒ වගේම දරුවාව Computer සම්බන්ධ යහපත් දේවල් වලට යොමු කරන්න..

මොනවද ඒ යහපත් දේවල්🤔🤔

🔴 දරුවාට programming Language එකක් උගන්වන්න

🔴 Graphics Designing , 3D Designing උගන්වන්න

🔴 software එකක් mobile app එකක් හදන විදිහ කියලා දෙන්න

අපි දන්නවා මේ දෙවල් ඔයාලට කියලා දෙන්න අමාරු බව

ඒකට අපි ඔයාලට උදවූ කරන්නම්......😍😍😍

👇👇👇👇Whatsapp Link👇👇👇👇👇

https://chat.whatsapp.com/Hgdv415kOqaEhXw4qRnpNh

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

19/08/2021
07/07/2021

🛑Free Fire වසංගතයෙන් දරුවන් බේරා ගනිමු!❗❗❗❗❗❗

දෙමාපියනි, ගුරුවරුනි, දරුවනි

Online අධ්‍යාපනයට මුවාවී, එකිනෙකා මරා ගැනීමේ Free Fire නම් පරිගණක හා මොබයිල් ක්‍රීඩාවට දරුවන් ඇබ්බැහි වන digital වසංගතයක් ලෝකය පුරා පැතිර යන බව ඔබ දන්නවාද?

මෙයට ඇබ්බැහි වන දරුවන්, අධ්‍යාපනයෙන් ඉවත්ව, දෙමාපියන්ගේ මුදල් සොරකම් කරමින් කණ්ඩායම් වශයෙන් රාත්‍රි කාලයේ අන්තර්ජාලය ඔස්සේ එකිනෙකා අතර සටන් කිරීමේ ක්‍රීඩාවක යෙදෙන බවට තොරතුරු ලැබී ඇත.

ඔබේ දරුවා මානසික රෝගියකු වීමට මේ Free Fire ක්‍රීඩාව ඇබ්බැහි වීම බලපායි. එමෙන්ම එකිනෙකා මරාගැනීම තෘප්තියක් වීම නිසා ළමයාගේ කලහකාරී, ද්වේශ සහගත හා අකීකරු වීමේ ලක්‍ෂණ මතුවේ.

තම ජංගම දුරකථනයට reload මගින් මේ සඳහා මුදල් ලබා ගන්නා දරුවන් අධ්‍යාපන කටයුතු වලින් ඈත්වී කණ්ඩායම් වශයෙන් තරගාවලි සංවිධානය කරමින් ඒ සඳහා විශාල මුදල් ඔට්ටු අල්ලමින් සිටිති.

එක්තරා ළමයකු Free Fire ක්‍රීඩාවට රුපියල් 11,000ක මුදලක් පසුගිය මාසයේ දී වැය කළ බවට තොරතුරු ලැබී ඇත.

අධ්‍යාපනික පරිගණක ක්‍රීඩා කිරීම ළමුන්ට විනෝදයක් මෙන්ම, ඉන් ළමුන්ගේ තීරණ ගැනීමේ ශක්තිය හා මනස දියුණු වීම සිදුවේ.

නමුත් පහසුවෙන් ඇබ්බැහි වන Free Fire වැනි සහාසික පරිගණක ක්‍රීඩා වලින් ළමුන්ට ඇතිවන්නේ අයහපතක්මය.

ඊට හේතු:

* Free Fire සහාසික බව යථාර්ථවාදීය. මරණයට පෙර ලේ දැකීම සහ වේදනාවෙන් කෑගැසීම අඩංගුය.

* Free Fire ක්‍රීඩකයන්ට නුසුදුසු භාෂාවකින් නාඳුනන අය සමග chat කිරීම හා ලිංගික විලෝපිකයන් හා දත්ත සොරකම් කරන හැකරුන් සමග ආශ්‍රයට පෙළඹීම.

* Free Fire ක්‍රීඩකයන්ට ආරම්භයේ සිටම virtual මුදල් භාවිතා කර ආයුධ හා යුද ඇඳුමි ගැනීමටද, ඔට්ටු අල්ලන සූදු වලටද තදින්ම පොළඹවයි.

* Free Fire චරිත (characters) ‍ලිංගිකත්වය උලුප්පයි. සමහර කාන්තා චරිත විනිවිද පෙනෙන ඇඳුම් ඇඳ සිටිති.

* දිගු කාලයක් Free Fire ක්‍රීඩා කිරීමට දැඩි මානසික ඒකාග්‍රතාවයක් යෙදවීමෙන් ළමා මනස දැඩිසේ විඩාවට පත්වේ. ළමයෙකු දිනකට විනාඩි 74 කට වඩා සාමාන්‍යයෙන් Free Fire ක්‍රීඩා කරන බව පර්යේෂණ වලින් හෙලිවී ඇත.

* Free Fire හි parental controls නැත. එම නිසා වෙනත් ක්‍රමයකට Qustodio වැනි උපාංගයක් භාවිතයෙන් screentime limits ඇති කරන්න.

* ඔබේ ළමයා සමග පරිගණක ක්‍රීඩා වල ඇති සහාසිකකම ගැන කතා කරන්න. ඔවුන්ට සත්‍ය ලෝකයේ සහාසිකත්වයේ බැරෑරුම්කම පහදා දෙන්න. බොරුවට උනත් සහාසිකත්වය හොඳ දෙයක් නොවන බව අවධාරණය කරන්න.

* Free Fire පමණක් නොව ඕනෑම ඇබ්බැහි වන පරිගණක ක්‍රීඩාවක් ක්‍රීඩා කිරීම අවහිර කරන්න.

* ඔබගේ දරුවාට online විලෝපිකයන් (predators) ගැන හා පෞද්ගලික දත්ත ලබාදීමෙන් ඇති ගැටළු කියා දෙන්න.

* Free Fire වැනි ක්‍රීඩා කිසි විටක free නොවේ. in-app purchases මගින් ඔබේ දරුවා මුදල් සොරකම් කිරීමට යම් අවස්ථාවක එය පොළඹවනු ඇත.

* කිසි විටක ඔබේ දරුවාට ඔබේ credit card එක හෝ debt card එක නොදෙන්න.

* මෙම කාරණා නිසා ඔබේ දරුවාට Free Fire ක්‍රීඩා කිරීමට ඉඩ නොදෙන්න. ඊට වඩා හොඳ මනස වැඩෙන, ඇබ්බැහි නොවෙන අධ්‍යාපනික ක්‍රීඩා ඇති තරම් ඇත.

* යම් දරුවකු Free Fire වැනි ක්‍රීඩාවකට ඇබ්බැහි වී සිටින්නේ නම්, එක වරම එය නතර කිරීම ඔබට ගැටළුවක් විය හැකිය. එවැනි අවස්ථාවක දරුවා දෙමාපියන් සමග අමනාප වී, වෛර බැඳ, කලහා කරගත් අවස්ථාවන් ඇත.

* මේ සඳහා ළමයා සමග සංවාදයකට යාමත් අවශ්‍යනම් මානසික වෛද්‍යවරයකු වෙත යොමු කිරීමත් කළ හැකිය.

* මේ සඳහා ඉතාම සුදුසු ක්‍රමයක් වන්නේ ළමයා පරිගණක ක්‍රීඩා නිරිමාණය සහ programming වැනි දේකට යොමු කිරීමයි. ඒ සඳහා Scratch , App Inventor හා Python ආදී මෘදුකාංග මගින් programming ඉගෙනීම් කල හැක.

උපුටා ගැනීමකි....

07/07/2021

හොදයි අද මං ඔයාලට කියන්න යන්නේ Game Play කලාම අපිට ලැබෙන වාසි හා අවාසි කීපයක්... 🤩🤩🤩

අපි මුලින්ම Game Play කලාම අපිට ලැබෙන වාසි ටිකක් බලමුකෝ .....

1. ඔයා දිගටම Game Play කලොත් ඔයාට වෙනදාට වඩා වේගයෙන් තීරණ ගැනීමේ හැකියාවක් ඇති වෙනවා.
2. ඔයා යාළුවොත් එක්ක multiplayers Game Play කරන විට අලුත්ම Social Network එකක් හදාගන්න පුළුවන් .
3. ඔයා මොකක් හරි හිත් පීඩාවකින් ඉන්නවනම් එයින් මිදීමට Game Play කිරීම හොදයි .
4. ඔයාගේ ක්‍රියාශීලිත්වය වැඩිකරගන්න පුළුවන් .
5. ඒ වගේම සමහර පරීක්ෂණ මගින් කියලා තියනවා මොලේ ආයු කාලය Game Play කිරීම තුලින් වැඩි වෙන බව.

හරි දැන් අපි බලමු Game Play කිරීම තුලින් ලැබෙන අවාසි ....

1. දිගු කාලයක් Game Play කිරීම මගින් ඔයාට මානසික පීඩන තත්වයන් ඇති වෙන්න පුළුවන් .
2. ඔයා තනිවම Game Play කිරීම මගින් ඔයාලගේ දෙමවුපියන් සමග තියන සම්බන්ධතාවය අඩු වෙනවා.
3. ඔයා Games වලට මුදල් වියදම් කරනවානම් ඔයාගේ ආදරණිය අම්මගේ තාත්තගේ මුදල් නිකරුනේ නාස්ති වෙනවා.
4. එය ඔයාගේ අධ්‍යාපනික කටයුතු වලට බාධාවක් වෙනවා.
5. සමාජය සමග තියන සම්බන්ධතාවය අඩු වෙනවා.

28/06/2021

හරි ඔන්න අද මං ඔයාලට කියලා දෙන්නම් Python කියන programming language එක ගැන ටිකක් .......🤩🤩🤩

Python programming language එක programming වලට මුලින්ම එන කෙනෙක්ට ඉගෙනගන්න ඉතාමත්ම හොද Language එකක්...🙄🤔

Python අනෙක් Programming Language වලට සාපේක්ෂව ඉගෙනගන්න හරිම ලේසියි.මේ Python ඔයාලා ඉගෙන ගත්තොත් Mobile App Development , Desktop App Development ,Game Development , Machine Leaning ,A.I වැනි ශ්‍රේස්ත්‍ර වලට පහසුවෙන් යොමු වෙන්න පුළුවන්.😮😮😮

දැන් මං ඔයාලට ටිකක් සරලව කියන්නම්කො........

ඔයාට ඕනේ කියලා හිතන්නකෝ පුංචි රොබෝ කෙනෙක් හදන්න, ඒ වගේම Auto ගමන් කරන Plane එකක් ,Car එකක් , අපිට WhatsApp වලට එන messages වලට auto reply කරන bot කෙනෙක් හදන්න,පුංචි game එකක් හදන්න අන්න ඒ වගේ අපූරු දේවල් ඔයාට Python ඉගෙන ගත්තාම කරන්න පුළුවන්. 🤩🤩🤩

මේ ඇවිල්ලා python වලින් කරන්න පුළුවන් පුංචිම පුංචි උදාහරණ කිපයක් විතරයි.මේ Python බාවිතා කරලා Advanced දේවල් ගොඩාක් ලෝකේ කරලා තියෙනවා.😎

හරි ඒ කියන්නේ ඔයා Python කියන Language .ඉගෙන ගන්න ඕනෙම Language එකක්.....😜😜😜

ඇත්තටම මෙච්චර වටිනා Python ඉතාමත්ම පැරණි Language එකක්. එය Guido van Rossum මහත්මයා විසින් 1980 අග බාගයේදී සොයාගන්න ලදී.Python ඇවිල්ලා interpreted high-level general-purpose programming language එකක්. වචනේ දිග වැඩියි වගේ නේ.. තේරුනේ නැත්නම් අපි ඉදිරියේදී එන ලිපි වලදී ඒ ගැන කතා කරමූ .හරි අදට මේ ටික ඇති කියලා මම හිතනවා ඔයාට අවසානෙට කියන්නේ මම ,
👇👇👇👇👇👇👇👇
𝐘𝐨𝐮𝐋𝐨𝐯𝐞𝐏𝐲𝐭𝐡𝐨𝐧 = 𝐓𝐫𝐮𝐞
𝐢𝐟 (𝐘𝐨𝐮𝐋𝐨𝐯𝐞𝐏𝐲𝐭𝐡𝐨𝐧):
𝐥𝐞𝐚𝐫𝐧_𝐩𝐲𝐭𝐡𝐨𝐧()

23/06/2021

21 සියවසේ මෑත බාගයේදී බිහිවූ බොහෝ ධනවතුන් තොරතුරු තාක්ෂනය නිසා දියුණු වූ මිනිසුන්ය. ඒ අතර Computer Programming නිසා ඔවුන්ගේ දියුණුව කරා ගිය බොහෝ දෙනෙක් ඇත. එය අනාගතෙයෙත් එලසමයි. දැනට ලංකාවේ පවා සෑම ශේෂ්ත්රයකම පරිගණක බාවිතා වෙනවා. එසේ බවිත කලද බොහෝ දෙනෙක් එය වැඩ කරන ආකාරය පිලිබදව හරි හැටි අවබෝධයක් නොමැතිවයි භාවිත කරන්නේ. එය වැඩ කරන ආකාරය හරි හැටි අවබෝධ කරගැනිමට නම් ඔබ Computer Programming ඉගෙන ගත යුතුයි.

හරි මං තවත් පැහැදිලි වෙන්න ඔයාලට කියන්නම්කෝ .ඔයාට දැන් මේ දේවල් කියන්නේ මම සිංහල භාෂාවෙන්නේ. හැබැයි අපි Computer එකට සිංහලෙන් කතා කළා කියලා එයාට තේරෙනවද? නෑ නේද ?..... එහනම් අපි එයාලට තේරෙනවිදිහට කතා කරන්න ඕනෙනේ ... අන්න එතකොට තමයි අපිට එයාගෙන් ඕනේ ඕනේ විදිහට වැඩ කරවගන්න පුළුවන් වෙන්නේ. එහනම් කොහමද අපි එයාට තේරෙන විදිහට කතා කරන්නේ එතකොට තමයි අපිට Programming වල අවශ්‍යතාවය ඕනේ වෙන්නේ.අපි Programming හරියට දැනගත්තොත් අපිට ඕනේ ඕනේ විදිහට අපේ Computer එකෙන් වැඩගන්න පුළුවන්.

ඉතින් ඉදිරි අනාගතයේදී මේ Programming හැම ශ්‍රේෂ්ත්රයකම භාවිතා වේවි. කොටින්ම කිවුවොත් ඉංජිනේරු ශේෂ්ත්රය , වෛද්‍ය ශේෂ්ත්රයේ පවා මෙම Programming බාවිතා වෙනවා . දැන් ඔයාලට තේරෙනවා ඇති Programming වල වටිනාකම .

19/06/2021

" Everybody in this country should learn to program a computer , because it teaches you how to think " (මේ රටේ සිටින සියළු දෙනාම පරිඝණකයක් program කරන විදිය ඉගෙනගත යුතුයි,මොකද ඒක ඔයාට සිතන හැටි උගන්වනවා ) 😎😎

මෙම ප්‍රකාශනය කරන ලද්දේ Steven Paul Jobs මහත්මයා විසින්ය. මොහු තමා ඔබ අපි කවුරුත් දන්නා Apple සමාගමේ නිර්මාතෘ .🤩
ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදුකලේ ඇයි . එය තමයි අපි සිත බැලිය යුත්තේ. ඔහු මෙම ප්‍රකාශනය සිදු කර ඇත්තේ මිට අවුරුදු ගණනාවකට පෙරය.මා සිතන පරිදි ඔහු අනාගතය ගැන මනා නුවණකින් දැක තමයි මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ . 😮😮

ඒ ඇයි කිවුවොත් දැනටමත් ඔබට දැක ගත හැකියි, හැම ශ්‍රේස්ත්රයකම පාහේ පරිඝණක භාවිතා වෙනවා.එය ඉදිරියටත් මෙලෙසමයි තව දුරටත් එය භාවිතය වැඩි වෙනවා . එම නිසා අනාගතයට සුදානම් වන ඔබ අනිවාර්යෙන්ම පරිඝනකය වැඩ කරන ආකාරය හරි හැටි අවබෝධ කල ගත යුතුය. ඒ සදහා ඔබට Computer Programming පිලිබදව සුළු හෝ අවබෝධයක් තිබිය යුතුය. Computer Programming ඉගෙනීම මගින් ඔබට තවදුරටත් ඔබේ නිර්මාණශිලිත්වය වැඩි කල ගත හැකිය . ඒවගේම ඔබට සමාජයේ ගැටලුවකට තාක්ෂණික පිළිතුරු ලබාදිය හැකිය.ඉතින් ඔබම සිතා බලන්න Steve Jobs මහත්මයාගේ ප්‍රකාශය මොනතරම් වටිනවද කියා...😍😍

18/06/2021

හොදයි අද අපි කතා කරමු Compiler එකක් කියන්නේ මොකක්ද කියලා . 🤩

ඔයා දන්නවා අපි Computer Software හදන්න Programming Language එකක් භාවිතා කරනවා කියලා . Programming Language හැදිලා තියෙන්නේ English Letters සහා ඉලක්කම් සහ එක එක Characters වලින්ය. හරි මං හිතනවා ඔයාට ඒ ටික තේරෙන්න ඇති කියලා . 😎😎

හොදයි දැන් ඔයා හොදට හිතලා බලන්න අපේ Computer එක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා ?....ඔවූ ඒ මොනවත් නෙවෙයි එකේ ඇතුලේ තියෙන්නේ විදුළිය ගමන් කරන්න පුළුවන් Wires සහා Circuits. ඇත්තටම නිකන් හිතලා බලන්න දැන් Programming Language එකකින් කරන්නේ අපේ Computer එකට විධාන ලබා දෙන එක, ඒවා ලබා දෙන්නේEnglish Letters වලින් සහ එක එක Characters වලින් මොකද Programming Language එකක් හැදිලා තියෙන්නේ මේ Letters වලින්නේ. ඉතින් ඔයා හිතන්නේ මේ Letters අර අපේ Computer එකේ තියන Wires සහා Circuits වලට තේරෙනවා කියලද ?..😅😂

නෑ නේද ..?😆

මේ අපේ Wires සහා Circuits වලට Letters තේරුනේ නැති වුනාට එයාලට තේරෙන දෙයක් තියනවා... මොකක්ද ඒ...😎

ඇයි... එයාලට විදුළිය තියනවද නැද්ද කියල එයාලට තේරෙනවා නේද?..... ඔවූ ඒ කියන්නේ එයාලට තේරෙන භාෂාවකුත් තියනවා ඒ තමයි Binary Language එක. 🙄

ඉතින් ඔන්න ඔතනදි තමයි අපිට Compiler එකක් ඕනේ වෙන්නේ .ඒ කිවුවේ .........

ඒ කිවුවේ... අපේ Programming Language එක අපේ Computer එකට තේරෙන Binary Language එකට Convert කරන්න තමයි අපිට Compiler එක අවශ්‍ය වෙන්නේ... 🤩🤩🤩🤩

හරියට නිකන් මෙහෙම හිතන්නකෝ ඔයාට Chinese මනුස්සයෙක් හම්බවෙනවා එයා Sinhala දන්නේ නෑ ඔයා Chinese දන්නෙත් නෑ .එතකොට කොහමද ඔයාල දෙන්නා අදහස් හුවමාරු කරගන්නේ ... ඔයාල එකට Chinese හා Sinhala හොදට දන්නා භාෂා පරිවර්තකයෙක් ඕනේ නේද ?........🤪

අන්න ඒ භාෂා පරිවර්තකයා වගේ තමයි අපේ Compiler එක.. මං හිතනවා ඔයාට Compiler එක ගැන හොදට තේරෙන්න ඇති කියලා. 😎😎😎😎

17/06/2021

ඇත්තටම මොකද්ද මේ PROGRAMMING කියන්නේ . PROGRAMMING කියන්නේ මොකද්ද කියන්න කලින් ඒවගේ භාවිත ටිකක් මං කියන්නම් . ඇත්තටම කිවුවොත් මම වෙනම විස්තර කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ PROGRAMMING වල භාවිත ගැන. ඔයා දැන් මේ POST එක කියවන්නෙත් මේ PROGRAMMING වලින් නිර්මාණය වුනු මෙවලමකින්ය.ඔවු ඒ FACEBOOK .😮😮😮

ඔයා පාවිච්චි කරන WHATSAPP ,TELEGRAM ,ZOOM ,ANDROID OS ,WINDOWS OS ,MAC OS වගේ පරිඝනකයේ භාවිත කරන Software හා දුරකථනයේ භාවිත කරන App ඒ සියල්ලක්ම නිර්මාණය කරන්න අපිට PROGRAMMING අවශ්‍ය වෙනවා.🙄🙄🙄

PROGRAMMING කියන්නේ සරලව කිවූවොත් මේ වගේ App ,Software ,Web App නිර්මාණය කිරීමට භාවිතා කරන ක්‍රමවේදයයි.
අපි කුමන හෝ PROGRAMMING Language(ex :c ,c ++,java ,python etc ..) එකක් භාවිත කරලා පරිඝනකයට විධාන ලබා දී තමයි App ,Software ,Web App වගේ නිරමාණ සිදුකරගනු ලබන්නේ. මෙම ක්‍රියාවලියට තමයි අපි සරලව PROGRAMMING කියන්නේ. 😎
මෙහිදී අපි ලබා දෙන විධාන පරිඝනකයට තේරෙන භාෂාවකට(Binary Language ) හැරවෙයි.ඉන්පසු පරිඝනකය ඒවා ක්‍රියාත්මක කරවයි.😃🤩

හොදයි, මම හිතෙනවා ඔයාට පුංචි හරි අවබෝධයක් එන්න ඇති කියලා PROGRAMMING පිලිබදව . අපි වැඩි දුර තොරතුරු ඉදිරි ලිපිවලදී කතා කරමූ .🥰😘😍😍

16/06/2021

Programming ඉගෙනීමෙන් ලැබෙන වාසි ..🤩🤩🤩

1. ඔබේ නිර්මාණශිලිත්වය වැඩිවීම.😍😎
2. ගණිතමය ගැටළු නිරාකරණය කිරීමේ හැකියාව වැඩිවීම. 😎
3. තර්කමය හැකියාව වැඩිවීම .😎🥰
4. සමාජමය ගැටලුවකට තාක්ෂණික පිළිතුරක් දිය හැකිවීම .🤩🤩
5 .ලංකාවේ ආර්ථිකයට සෘජු දායකත්වයක් දිය හැකි වීම .🤩😍😎

15/06/2021

අද අපි කතා කරන්න යන්නේ විශේෂ පුද්ගලයෙක් ගැන.. ❤
ඔහු නිසා ගොඩාක් අය අන්තර්ජාලය මගින් මුදල් උපයනවා , දැනුම බෙදාගන්නවා ,අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා ඉන්නවා, කොටින්ම කිවොත් එයා නැත්නම් ඔයාට මේ POST එකවත් කියවන්න වෙන්නේ නෑ .හොදයි ඔයාල දන්නවා එහනම් මන් කියන්න යන්නේ කවුද කියලා .........

ඔවූ ඒ කවුරුත් නෙවෙයි ඒ FACEBOOK නිර්මාණකරු MARK ZUCKERBERG මහත්මයා ගැනයි.😎😎😎
ඔහු මේ 21 වෙනි සියවසට පහල වූ විශේෂ පුද්ගලයෙක් .හොදයි අද අපි ඔහුගේ අතීතය ගැන පොඩ්ඩක් විමසලා බලමු . මාර්ක් ඉපදුනේ 1984 .05 .14 දිනයි.ඔහුගේ මව Karen Kempner හා පියා Edward Zuckerberg යන අයයි. ඔහුගේ මව සහ පියා දෙදෙනාම වෘතියෙන් වෛදයවරුන්ය.විටක මාර්ක් පවසා තියනවා ඔහුගේ දෙමව්පියන් ඔහුට මේ Computer Science ශේෂ්ත්‍රයේ ඉහලටම යන්න ගොඩාක් උදවුවක් කලා කියලා . මොකද ඔහු අවුරුදු 12 දී ZUCKNET නමින් software එකක් නිර්මාණය කර ඇත .එයින්ඔහුගේ පියා දන්ත වෛද්‍ය කාර්යාලයේ මෙම SOFTWARE එක භාවිතා කළ අතර, පිළිගැනීමේ නිලධාරියාට කාමරය පුරා කෑගැසීමකින් තොරව නව රෝගියෙකු ගැන දැනුම් දීමට හැකි විය. මෙතනින් නොනැවතුණු මාර්ක් ඔහු කුඩා කුඩා පරිගණක ක්‍රීඩා නිර්මාණය කලා.ඔහුගේ දක්ෂතාවය කෙතරම්ද කියනවනම් ඔහු විශ්වවිද්‍යාලයේ සිටිද්දීම ඔහුට රැකියාවන් සදහා MICROSOFT වැනි ප්‍රසිද්ධ ආයතන වලින් ඇරයුම් ලැබුනා . 😲නමුත් ඔහු ඒ එකක්වත් පිලි නොගෙන තමන්ගේම දෙයක් ආරම්භ කිරීමට උත්සහ කළා එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ඔයත් මමත් අද FACEBOOK භාවිතා කරන්නේ .ඔහුට FACEBOOK නිර්මනයේදීත් විශාල ගැටළු වලට මුහුණ දෙන්න සිද්ද වුනා .නමත් ඔහු ඒ සෑම අභියෝගයක්ම ලස්සනට විසදා ඔහුගේ හීනය වෙත ඔහු ලගා වුනා. ඔහුට ඔහුගේ අම්මයි තාත්තයි කිසිම විටක බල කරලා නෑ වෛදය ශේෂ්ත්‍රයේන් ඉහලට යන ලෙස ඒ නිසයි අද ඔහු මේ තැන සිටින්නේ.

ඉතින් ඔයත් තවත් MARK ZUCKERBERG කෙනෙක් වෙනවද නැත්නම් ඊටත් වඩා හොද පුද්ගලයෙක් වී අපේ රටට උදවු කරනවද කියන එක ඔයගේ අතේ තමයි තියෙන්නේ ............

15/06/2021

while(Live){
Learn(code);
Solve(probs);
}

Want your school to be the top-listed School/college?

Videos (show all)

My Bright Student Feed Back😍😍😍Congratulation Nethula Dulmith🤩🤩🤩
My Bright Student Feed Back😍😍😍Congratulation Sedani Amarasena🤩🤩🤩
Python Pygame Project😍😍Github Link ---> https://github.com/Omihiraj/space-hacker.git
හරි ඔන්න අද මං ඔයාලට කියලා දෙන්නම් Python කියන programming language එක ගැන ටිකක් .......🤩🤩🤩Python programming language එ...
21 සියවසේ මෑත බාගයේදී  බිහිවූ බොහෝ ධනවතුන් තොරතුරු තාක්ෂනය  නිසා දියුණු වූ මිනිසුන්ය. ඒ අතර Computer Programming   නිසා ...
" Everybody in this country  should learn to program a  computer , because  it  teaches you how to  think " (මේ රටේ සිටි...
ඇත්තටම මොකද්ද මේ PROGRAMMING කියන්නේ .  PROGRAMMING කියන්නේ මොකද්ද කියන්න කලින් ඒවගේ භාවිත ටිකක් මං කියන්නම් . ඇත්තටම කි...
Programming ඉගෙනීමෙන් ලැබෙන වාසි ..🤩🤩🤩1. ඔබේ නිර්මාණශිලිත්වය වැඩිවීම.😍😎2. ගණිතමය ගැටළු නිරාකරණය කිරීමේ  හැකියාව වැඩිවීම....
while(Live){    Learn(code);    Solve(probs);}

Telephone

Website