Royal College Panadura Senior Prefects' Association

Royal College Panadura Senior Prefects' Association

Share

Always a step ahead

Operating as usual

02/12/2021

Congratulations Đewanga Kumara Brother 😀🔰

"හරියට නොදැන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ගිහින් අතේ තිබුණ සල්ලිත් මට නැති වුණා. "
______________________________

මම මුලින්ම Online Business කියන Field එක ගැන දැන ගන්නෙ ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ ලොකු කුතුහලයක් තිබ්බා අත පය වෙහෙසලා වැඩක් නොකර මේ Internet කියන එකෙන් සල්ලි හොයන්න පුලුවන් ද කියලා. ඉතින් ඒ කාලෙ ආසාවෙන් මේ ගැන හොයද්දි මට විවිද ක්‍රම හම්බුනත් ගොඩක් එවා නිකන් Scams වගේ. පස්සෙ OL/AL එක්ක මට ඒ පැත්තට තිබ්බ උනන්දුව ටික ටික නැති වෙලා යනවා. කොහොමහරි මම Al කරලා ගෙදර ඉන්න දවස් වල මම අහම්බෙන් Facebook එකේ දකිනවා Ad එකක් "අන්තර්ජාලය හරහා මුදල් උපයන්න ඔයත් කැමතිද" කියලා Post එකක්. මේක දැක්ක ගමන් ඒ කාලෙ අර තිබ්බ කුතුහලය ආසාව ආයි ඇවිස්සෙන්න ගන්නවා. ඉතින් පස්සෙ Post එක ගැන විස්තර හොයලා බලද්දි මට හම්බුනා එක්තරා ආයතනයක ඒ වගේ අන්තර්ජාල ව්‍යාපාර හරහා මුදල් උපයන ආකාරය ගැන උගන්වන පාඨමාලාවක් තියනවා කියලා. එතනදි මම තෝරගත්තේ Online Business වලින් ඉතාමත් වේගයෙන් Success වෙන්න පුලුවන් method එකක් වුණ Ebay Dropshipping / Direct Shipping කියන Method එක. ඉතින් ආරම්භයේදි පාඨමාලාවට ගෙවන්න අවශ්‍ය මුදලත් බොහෝම අමාරුවෙන් තමයි මම හොයාගත්තෙ. එ විදිහට මම Online Business කියන Field එකට ආවෙත් ගොඩක් අමාරුවෙන්. පාඨමාලාවට සම්බන්ධ වුණේ ලොකු බලාපොරොත්තු ගොඩක් තියාගෙන. හැබැයි පාඨමාලාව කරගෙන යනකොට මට තේරුනා මම බලාපොරොත්තු වුණ දේ මට ලැබුණේ නැහැ කියලා... ඉතින් ඒ විදිහට මගෙ Online Business field එකේ ආරම්භයම මට එතරම් සුන්දර නොවුණත් මම අත ඇරියේ නැහැ.

මොකද අපිට අද වෙනකොට වුණත් Online Business Opportunities ඕන තරම් තියනවා එලියෙ අපිට තනියම වුණත් ඉගෙන ගන්න පුලුවන්. හැබැයි එහෙම ඉගෙන ගත්තට මදි අවශ්‍ය දැනුම සම්පූර්ණයෙන්ම ලැබෙන්න ඕන වගේම Business එක කරන් යන අතරතුර අනිවාර්යයෙන්ම අපිට Life Time අපේ Business එක වෙනුවෙන් අපිට අපෙ ලග කෙනෙක් හෝ ආයතනයක් ඉදීම අත්‍යවශ්‍යයි අපේ Business එක අපිට දිගටම Continue කරන් යන්න නම්. ඉතින් එ අවශ්‍ය Support එක මට නොලැබුණු නිසා මම ඒ ආයතනයෙන් අයින් වෙලා තනියම වැඩ කරන් යන්න හිතාගන්නවා. එ විදිහට කොහොමහරි තනියෙන් හුගක් දේ ඉගෙන ගන්නවා. එ වෙද්දිත් විශාල මුදලක් මගෙ අපතේ ගිහින් තිබුණ නිසා ගොඩක් අමාරු වුණා මට Business එකෙන් වැටෙන්නෙ නැතුව අල්ලන් ඉන්න. සමහර දවස් තිබ්බා ගෙදරින් සල්ලි ඉල්ලන්න බැරි කමට Data Card දාගන්නවත් සල්ලි නැතුව ඉතුරු වෙලා තිබ්බ Night Data වලින් රෑ 12 ට වැඩ පටන් අරන් පාන්දර එලි වෙනකන් වැඩ කරපු. සමහර දවස් වලට Business එකට ඕන කරන් යන්න අවශ්‍ය වෙන මුදල් ඉතුරු කරගන්න ඕන කමට මම නොකා සල්ලි ඉතුරු කරපු දවස් , පයින් ගොඩක් දුර සල්ලි ඉතුරු කරන්න ඇවිද්ද දවස් තිබ්බා. කොහොමහරි එහෙම කට්ට කාලා මම එක තැනකදි Business එකෙන් ටික ටික මගේ මහන්සිය නිසා ඉස්සරහට එන්න ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට එ වෙද්දි මම Dropshipping හරහා මාසයකට $1500- $2000 ක් අතර මුදලක් උපයන මට්ටමක ඉදියත් මට ගොඩක් වුවමණා වුණේ මට මන් ගන්න Income එක වැඩි කරගන්න අවශ්‍ය Knowledge එක සහා Life time මම වෙනුවෙන් Business එකේ ඕනම ප්‍රශ්නයකදි Help කරන්න බැදිලා ඉන්න කෙනෙක්. ඔහොම ඉන්නකොට අහම්බෙන් මට කලින් ගොඩක් Business එක ඇතුලෙදි උදව් කරපු මගේම සහෝදරයෙක් වගෙ ලගින් ඉදපු Romesh Dilshan අයියව මුණ ගැහෙනවා. ඒ හරහා මට Equest ආයතනය ගැන දැන ගන්න ලැබෙනවා. ඒත් කලිනුත් Company එකක් එක්ක Join වෙලා මම ආමරුවෙ වැටුන එක නිසා මම ටිකක් අවිශ්වාසයක් ඇතුව තමා Equest ආයතනයට සම්බන්ධ වෙන්නෙ. හැබැයි Equest ආයතනයෙන් මට ලැබුණු Service එක එක්ක ඉක්මනින් ම ඒ අවිශ්වාසය නැති වෙනවා වගේම මම ඒ වෙද්දි Earn කරපු මුදල් ප්‍රමාණය දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි කරන්න මට හැකි වෙනවා.

ඒ විදිහට Equest ආයතනයත් එක්ක සම්බන්ධ වුණ මට ආසාව තිබ්බෙ මගෙ දැනුම අනෙක් අයට Share කරන්න පුලුවන් Lecturer කෙනෙක් වෙන්න. ඒ Dream එකට Equest Company Owner Mr Dinisu Indrachapa අයියා මට ගොඩක් උදව් කරනවා. ඉතින් ඒ විදිහට මට ඉතාමත් අඩු වයසකින් Lecturer කෙනෙක් වගේම එ Company එකේ Main Branch එකක Branch Manager Post එකක් ලැබෙනවා මගෙ මහන්සියේ හා සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් මේ Online Business ගැන දශමෙකවත් දැනුමක් නැතුව අතේ බොහොම අඩු මුදලක් තියාගෙන අවුරුදු 19 දි මේ Online Business Field එකට ආව මම අද වයස අවුරුදු 21 ක් වෙනකොට සාර්ථක Online Entrepreneur කෙනෙක්ම විතරක් නෙමේ. මේ වෙද්දි ප්‍රසිද්ධ ආයතනයක e commerce සම්බන්ධයෙන් මේ වෙද්දි මගේ Knowledge එක Students ලා 2000 කට අධික පිරිසකට Sahre කරපු Lecturer කෙනෙක් වගේම ලාබාලතම Branch Manager කෙනෙක් විදිහට ඉතාමත් සාර්ථකව වැඩ කරගෙන යනවා.

ඉතින් එදා මම මුලින්ම E business වලට ඇවිත් වැටුණ වෙලේම මම මේක අත ඇරියනම් අද මෙ තැන මට ඉන්න ලැබෙන්නේ නැ. මගේ මේ සාර්ථකත්වයට මන් ලග තිබුණේ උනන්දුව උත්සහය සහා කැමවීම විතරයි. ඉතින් Online Business වලට එන්න ආසාවෙන් කෙනෙක් ඉන්නවනම් එ අයට දෙන්න එක පණිවිඩයක් තියෙනවා. එ තමා Online Business වලින් ඕනම කෙනෙක්ට මුදල් උපයන්න පුලුවන්. එ වගේම සාර්ථක වෙන්න පුලුවන්. හැබැයි ඒකට නිසි මග පෙන්වීමක් වගේම Life time අපි වෙනුවෙන් උදව් කරන්න යම් කෙනෙක් හෝ ආයතනයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. හබැයි අපි යම් ආයතනයකට සම්බන්ධ වෙද්දි අපි අනිවාර්යයෙන්ම එ ආයතනයට සම්බන්ධ වෙන්න කලින් එ Company එකේ Background එක , එ සම්බන්ධ ලොකු Income හොයනවා කියන අය ඇත්තටම එහෙම හොයනවද එයාලා පෙන්වන එක එක Proofs කොයිතරම් දුරට ඇත්තද , රජයේ ලියාපදිංචි ආයතනයක්ද වගේ විස්තර හරියටම දැනගන්න ඕන...

Dewanga Kumara
E Commerce Expert & Lecturer
Branch Manager of Equest Institute - Panadura

Want your school to be the top-listed School/college?

Videos (show all)

#අභිසෙස් 2K19Coming Soon! 🔰🔰🔰

Telephone

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30