Mathematics - Pawan Premawardena

Mathematics - Pawan Premawardena

# A හදන ගණිත Brand එක

Operating as usual

Photos from Mathematics - Pawan Premawardena's post 18/03/2024

හිතට ආපු මාර හැගීමක් වචනයෙන් විස්තර කරලා මෙහෙම ලියන්න හිතුනේ පුංචි පැටව් ටිකක් කරපු හරි ලස්සන දෙයක් හින්දා.

ඔව් මං ඇත්තටම ටියුෂන්කාරයෙක්.

නිකං නෙවෙයි මගේ දැනුම සල්ලි වලට විකුණන මනුස්සයෙක්. මං දිසාපාමොක් කෙනෙක් නම් නෙවෙයි. මගේ දැනුම සල්ලි වලට විකුණන මුදලාලි කෙනෙක්. ඕකට ගුරුවරයා‍ ‍, සර් අරකයි මේකයි කියලා නම් දාගත්තට ඇත්තටම ටියුෂන්කාරයො කියන්නෙ වෙලෙන්දෝ.

මගේ මතය නම් මං මගේ Business එක හරියටම තිතටම කරනවා මොකද මං පොඩි හරි වැරැද්දක් ඒ Business එක ඇතුලෙ කරොත් මගේ ඊලග අවුරුද්දෙ Business එකට එන්න Customers ලා නැතිවෙනවා. ඒක නිසා මං කිසිම අඩුපාඩුවක් නැතුව ඒක හරි ලස්සනට කරනවා.
(ඔව් පොඩ්ඩක් රැඩිකල් මතයක්. හැබැයි හරියට කල්පනා කරොත් ඒක තමා ඇත්ත)

තාත්තා එක්ක එකතු වෙලා කරපු Clz වලින් පස්සෙ මං තනියම මගේ නමින්ම මං මේ Feild එකට ඇවිත් හරියටම තාම මාස 6 යි. ඒ මාස 6 ට මං ගනිපු improvements ඕනවටත් වඩා වැඩියි කියලා මං හිතනවා.

ළමයි 7 දෙනෙක්ගෙන් පටං ගත්ත ලංකාවෙන්ම
One & only
මං විතරක් ම කරන
මන් ම හදපු
copy කරලවත් කාටවත් ඒ විදියට කරන්න බැරි
මහ අමුතු concept එකක් තියෙන
O/L Revision Clz එක
අද ළමයි 32 වෙනකං Expand කරගන්න මට පුලුවන් වුණා.

ළකුණු 19 ක් තිබ්බ ළමයෙක්ට ළකුණු 76ක් ගන්න‍, ළකුණු 32 ළකුණු 79 ක් කරන්න. 26 ක් 65 ට ගෙන්න. තනි ඉලක්කමේ ළකුණු 40ට උඩට ගෙන්න මට පුලුවන් උනා.
හැබැයි මං කිසි දවසක මගේ හැන්ඩ් බිල් එකකවත්
මේවා ගහලා නෑ. මොකද ළමයි අම්මලා ඒවා මට වඩා ලස්සනට ඒවා මාර්කට් කරපු නිසා.

මං ගහපු Game එකේ ප්‍රතිපලයක් හැටියට අම්මලාගේ දැවැන්ත ඉල්ලීම නිසා 6 - 11 Class ඔක්කොම ටික පටන් ගන්න මට පුලුවන් වූණේ ළමයි 90 විතර මගේ වටේ එකතු කරගෙන.

ඉතිං මේ හැමදේම හම්බුණේ මගේ දරුවොන්ගෙ ආදරය නිසා. අද මං කරන ගොඩක් දේවල් වල ඇත්තම උරුමකාරයෝ එයාලා. මං කාලා බීලා‍‍, ඇදලා‍, කැම්පස් ඇවිල්ලා‍, fun අරගෙන ඉන්නෙ එයාලා නිසා. ඉතිං මේක අස්සේ Icon Character ටිකක් ඉදියා මාව මෙතනට ගේන්න මට Support කරපු. ඉතිං එයාලා ඔක්කොටම ගොඩක් ස්තූතියි. විශේෂයෙන්ම
මගේ තාත්තාට ස්තුතිවන්ත වෙන්න ඕන. එයාගෙ platform එක ඇතුලෙම ලස්සන talented මනුස්සයෙක් හදලා මාව හරිම comfortable විදියට මේ Feild එකට දැම්මට.
තව අමතක කරන්නම බැරි කෙනෙක් විදියට සුරංග සර්ට ගොඩක් ස්තූතියි මාව මෙතනට ගෙනාවට. මාව විශ්වාස කරලා මට ආයතනයේ ස්ථිර ගණිත ගුරැවරයා විදියට ගත්තට. ඉතිං සර් එදා දීපු ඒ අවස්ථාවෙන් මං උපරිම තැනකට ආවා කියලා මං හිතනවා.

මිනිස්සුන්ගෙ ආදරය දිනාගන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. අනික කවදාවත් අපි කවදාවත් අපේ ගමේ මුදලාලිගෙන් කඩෙන් බඩු ගත්තා කියලා එයාගෙ විශේෂ අවස්ථාවලදී ඒවා සමරන්න සෙට් වෙන්නෙ නෑ. හැබැයි එහෙමත් සමරන්න පුලුවන් කියන්නෙ ඒ මිනිස්සුන්ගේ ජීවිත වල කොච්චර ප්‍රමාණයක ආදරයක් ඒ මුදලාලි අරං තියෙනවද. අන්න ඒ වගේ තමා ඉතිං

මගේ උපන්දිනේ තිබ්බෙ පළමුදා
ඒ කියන්නෙ මාර්තු 15
මං හිතන්නේ
මේ අවුරැදු 25 ටම වැඩිම Wishes ගානක් ලැබුණ උපන්දිනෙත් මේක.
මං හිතන්නේ Wishes 1000කට වැඩියි.
හරියටම 12.00 wish 9 ක් හැමදාම වගේ අම්මයි නංගියි. ඒ වගේම මගේ එකා ජනිදු.
මගේ හොදම ගෝලයා වෙච්ච සදලි.

ඉතිං මේක ලියපු එකේ පළවෙනිම අරමුණ වුණේ මගේ පැටවුන්ට ගොඩක් ස්තූතියි කියන්න. ඉතිං මේක මට හම්බෙච්ච පළවෙනි Suprise Party එක. මං ඒක ඔයාලටත් කිව්වා එදා. සල්ලි හම්බකරන්නෙත් නැති ඔයාලා සල්ලි එකතු කරලා හරි අම්මලාගෙන් අරං හරි ඔයාලා වෙනුවෙන් දෙයක් කරා කියලා හදවතට දැණුන නිසා මට මේ දීපු තැගි වගේම Suprise එක මට මාර ලොකු දෙයක්. ඉතිං ඒක අගයන්නම ඕන නිසයි. මේක මේ විදියට ලිව්වෙ. හෑල්ල දිග ඇති ඒත් මේ මගේ ආසාව.

ඉතිං මට කියන්න තියෙන්නෙ අන්තිමටම මේ ආදරේ කවදාවත් අඩු වෙන එකක් නෑ. මොකද මං අද මෙතන ඉන්නෙ ඔයාලා නිසා කියලා අපි දෙගොල්ලොම දන්නවා. ඉතිං මේ හැමදේම හරියටම සාර්ථක
වෙලා අපි දෙගොල්ලොම දිනන දවසක් එනවා එදා වෙනකං තව මහන්සි වෙන්න.

කොහොමහරි A එකකට යන්න උත්සහ කරන්න. හැමෝටම පුලුවන්. ඉතිං මේ පවන් අයියට ඔයාලාට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග ඒක. මගේ තාත්තා කියනවා වගේ අපිට තියෙන ලොකුම තෘප්තිය ඒක.
ඒ තැග්ග හම්බෙනකං මං හරි ආසාවෙන් බලං ඉන්නවා.
එදාට අපි මීට වඩා හරි ලස්සනට මේක සමරමු..

ඉතිං ඉස්සරහට ආයතන 3 ක
මං හදපු concept එක
2024 Theoritically Revision කියලා
මැයි මාසේ පටං ගන්නවා
සුපුරුදු පරිදි දැල්කඩ අත්වැල
ඒ වගේම ගාල්ලෙ
තව ගම්පහ සමාධි එකේ

ඔයාලා හැමෝටම ජය....♥️
ගොඩක් ස්තුතියි 🖐
මේ කරපු හැමදේටම 💫

05/12/2023

දෙවන වර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවන ඔබ වෙනුවෙන්ම සුදානම් කරන ලද ....🛑🛑🛑🛑🛑🛑

2023 O/L Speed Revision ( FAST TRACK)
⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️🤸‍♂️

🏀දෙසැම්බර් 11 සිට

🏀සතියට දින 3 ක්

🏀දිනකට පැය 5 ක්

⛳️අත්වැල අධ්‍යාපන ආයතනයේ දී
අරම්භ වේ.‼️

පළමු දිනයේ සිටම පැමිණෙන්න.✈️🔥

සැ.යු-
Revision පංතිය තුලදී සිදුකරන ලද සියලුම ඒකකයන්හි සිද්ධාන්ත හා ගැටලු නිබන්ධන මගින් මෙහිදී සාකච්ඡා කරනු ලැබේ.
පිටු 120 CR පොතක් රැගෙන එන්න.
Speed Revision ( Fast Track) පැමිණෙන සියලුම දෙනා ඉරිදා Revision පංතියටද සහභාගී වීම අනිවාර්ය වේ.‼️‼️

30/11/2023

දෙමාපියන්ගේ හා දරුවන්ගේ දැඩි ඉල්ලීම මත
6 සිට 11 දක්වා
සියලුම ශ්‍රේණි 🤎
දෙසැම්බර් 09 සෙනසුරාදා සිට
අත්වැල අධ්‍යාපන ආයතනයේදී ආරම්භ වේ.....💫‼️

කාලසටහනේ සදහන් සියලුම ශ්‍රේණි
ඔබට 2024 වසරේදී
ලැබෙන ⁣ශ්‍රේණිය බව කරැණාවෙන් සලකන්න.‼️‼️‼️

සියලුම දරුවන්ට 2023 වසරේ ඔබගේ ශ්‍රේණියේ
තුන්වන වාරයේ
පළමු ඒකකයේ සිට
පාඩම් ඒකක
ආරම්භ වේ..😎😎

27/11/2023

පෑනයි අඩිරූලයි අරං අත්වැලට එන්න. 💫♥️‼️

13/11/2023

ඉදිරි සති දෙක තුල සමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් කෙරේ....
- අධ්‍යාපන ඇමති -

TRACK එක පැනලා දැං මාස 6 කටත්
ලගයි නේද....😏
Fail ද Pass ද කියලා හිතාගන්න
බැරුවද ඉන්නෙ....🤪

අයෙත් Fail නොවී ඉන්න. ⚠️
Results එන දවසට ගැම්මෙන් ඉන්න. ‼️😎

SET වෙමුද Fast Track එකට 👍

මාස 5 න් A එකකට යන්න...🐝

මුළු Syllables එකම මාස 3 න් Cover කරගන්න☘️🌞

එතනින් පස්සේ Full Papers 8 ක් ලියන්න.💥💫

Orginal ගණං කාරයෙක් වෙන්න🍒

ඉරිදා 07.00 - 02.00 වෙලාව Save කරලා තියාගන්න.....🦔🦔

09/11/2023

මාතයේ සිටම.... 💯✍🏻✨

වෘත්ත ප්‍රස්තාර
ජාල රේඛය හා සංඛ්‍යාත බහු අස්‍රය
සම්මුච්චිත සංඛ්‍යාත වක්‍රය
මැදි අගය සම්බන්ධ වගුව (fx තීරුවේ වගුව)
අපගමණය සම්බන්ධ වගුව ( fd තීරුවේ වගුව)

31/07/2023

සතියකට පැය 6 ක් මාස 6න් A එකක්........😍
ගියවර ගණිතය F ද..
නැත්තං S ද

මෙවර නිසැක A සාමාර්ථයක් සදහා ඔබව රැගෙන යාමට මේ වන විටත් සියලු කටයුතු සූදානම්......

විධිමත් වැඩ පිළිවෙලක්, සිද්ධාන්ත කරුණු සියල්ලම සමග මාස 6කින්......

1. සෑම ඒකකයක්ම අවසානයේ විශේෂ පරීක්ෂණයක්

2. සෑම ඒකකයක්ම අවසානයේ ඔබ විසින් සිදුකල යුතු විධිමත් පැවැරැම් වැඩ පිළිවෙලක් (Assignment Programme)

3. සාමාන්‍ය පෙළ විභාගය ආකාරයෙන්ම සිදුකෙරෙන පැය 05 පරීක්ෂණ ත්‍රිත්වයක්.

සමගින් සිදුකරන දැවැන්ත පුනරීක්ෂණ පාඨමාලාව......

2023 සාමාන්‍ය පෙළ විභාගයට පලමුවර හා දෙවනවර පෙනී සිටින ඔබ වෙනුවෙන්.

අගෝස්තු 20 සිට

දැල්කඩ අත්වැල අධ්‍යාපන ආයතනයේදී.......

ඔබේ ආසනය ඉක්මනින් වෙන්කරවා ගන්න.

02/07/2023

Grab your Registation soon ❤️‼️

Want your school to be the top-listed School/college?

Telephone

Website