Dhanushka Nuwan

Dhanushka Nuwan

educatio

Operating as usual

01/01/2022

රජයේ ලියාපදිංචි ආයතනයක් සමග එකතු වී වැඩ කරන්න ඔබත් කැමතිද?
full time or part time වැඩ කරන්න ඔබත් කැමතිද?
100% විශ්වාසදායී ව්‍යාපාරයක්
ප්‍රමාදය ඔබගේ සාර්ථක වීමේ කාලය කා දමයි.
අවස්ථා සීමිත
එහෙනම් දැන්ම ඔබේ නම වයස ප්‍රදේශයේ පහත දුරකථන අංකයට දැනුම් දෙන්න

Whats App.number. 0714369884

18/08/2020

කාංසාව Anxiety
කාංසාව යනු අභියෝගාත්මක බිය මුල් කොටගෙන හටගන්නා සුළු මානසික රෝගයක් ලෙස අපට හදුන්වාදිය හැක. අභියෝගාත්මක බිය යනු තමන්ට නුහුරු නුපුරුදු අත්දැකිමක් පැමිණිවිට එයට මුහුණදිමට ඇති බිය අභියෝගාත්මක බිය ලෙස හදුන්වා දිය හැක .මෙහිදි එම පුද්ගලයින් අභියෝග වලට මුහුණදිමට මැලිකමක් දක්වන අතර ඔවුන් එම අභියෝගය මගහැර ජිවත්විමට උත්සහ දරයි.ජිවත්වන සෑම පුද්ගලයේකුම කිසියම් මොහොතක ජිවිතයේ එක්වතාවක් හෝ මෙම කාංසා රෝගයට මුහුණ දිමට සිදුවිය හැක.මිටහේතුව වනුයේ මොනයම් මොහොතක හෝ තමාට මුහුණ දිමට සිදුවන අභියෝගයන් ඉදිරියේ බියට පත්විමක් සිදුවිය හැක.අප හට ජිවිතයේ මුහුණ දිමට සිදුවන කාංසාව ඇතිවිය හැකි අභියෝගයන් කිහිපයක් පහතින් සදහන්වේ.
Ø විභාගයට මුහුණ දිමේදි ඇතිවන බිය .
Ø සම්මුඛ පරික්ෂණයකදි ඇතිවන බිය .
Ø පිරිසක් ඉදිරිපිට කතාවක් හෝ ඉදිරිපත් කිරිමේදි ඇතිවන බිය .
Ø තමන්ට නුපුරුදු පරිසරයකට යැමේදි ඇතිවන බිය .
Ø ජිවිතයේදි හමුවන අලුත් අභියෝග වලට මුහුණදිමේදි ඇතිවන බිය .
යනාදිය හදුන්වා දිය හැක මෙම කාංසා රෝගි තත්වය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක.
i. කෙටි කාලින කාංසාව
ii. දිගු කාලින කාංසාව
කෙටි කාලින කාංසාව යනු ඕනෑම පුද්ගලේයකුට අභියෝගයකට මුහුණ දිමේදි ප්‍රතමයෙන් කෙටිකාලයක් තුල ඇතිවි අභියෝගයට මුහුණ දුන් පසු නැතිවි යන බියකි .මෙම තත්වය ඕනෑම පුද්ගලයෙකුට ඇතිවිය හැකි තත්වයක්වේ .මෙම තත්වය ඇතිවිය හැකි අවස්ථාවන් ලෙස
I. විභාගයට මුහුණදීමට පෙර.
II. සම්මුඛ පරික්ෂණයට මුහුණදීමට පෙර.
යන අවස්ථාවන් පෙන්වාදිය හැක .මෙය සාමාන්‍ය තත්වයක් ලෙස හදුන්වාදිය හැක. දිගුකාලින කාංසාව යනු යම් පුද්ගලයකු කිසියම් අභියෝගයකට මුහුණදිමට ඇති දිර්ඝකාලීනව ඇති බිය දිර්ඝකාලීන කාංසා තත්වය ලෙස හදුන්වා දිය හැක.මෙය රෝගි තත්වයක් ලෙස හදුන්වාදිය හැකි අතර මේනිසා එම පුද්ගලයාගේ දෛනික ජිවන රටාව බිදවැටිම තුලින් ඔහුට මෙන්ම මුළු මහත් සමාජයටද ඒ තුලින් බලපැමක් සිදුවේ. මෙම කාංසාව යටතේ තවත් ප්‍රභේද කිහිපයක් හදුනාගත හැක.
1. සාමාන්‍ය කාංසාව
2. අපේක්ෂිත හා අනපේක්ෂිත කාංසාව.
3. අංගන භීතිකාව
4. ග්‍රස්ථිය නියුරෝසියාව
5. සමාජ භීතිකාව
6. ක්ෂණික තැති ගැනීම
7. පශ්චාත් භීතිය සහිත ක්‍රමික ආබාධය.P.T.S.D.

Want your school to be the top-listed School/college?

Telephone

Website