කොරියන් හිතවතා -𝙺𝙾𝚁𝙴𝙰𝙽 𝙷𝙸𝚃𝙷𝙰𝚆𝙰𝚃𝙷𝙰

කොරියන් හිතවතා -𝙺𝙾𝚁𝙴𝙰𝙽 𝙷𝙸𝚃𝙷𝙰𝚆𝙰𝚃𝙷𝙰

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කොරියන් හිතවතා -𝙺𝙾𝚁𝙴𝙰𝙽 𝙷𝙸𝚃𝙷𝙰𝚆𝙰𝚃𝙷𝙰, Seoul.

Operating as usual

25/12/2024

මේක හොදට තේරුම් ගනින්
ෆේස්බුක් එකේ ඇඩියාවා ප්‍රමෝට් කරන ඇඩ්මින්ලයි ටික්ටොක් සිහින කුමාරයොයි උන්ට අවදානෙ ගන්න ඔනේ නිසා තිරිවනා මැනික් ගල් කරලා පෙන්නන්නේ.. කම්පැනියෙ සජන්නිම් නැති වෙලාවට හො නයිට් එකේ කොරියො නැති වෙලාවට කම්පැනියෙ තියන ලේසිම වැඩේ කරන තැනට ගිහින් වීඩියෝ කරලා.. ලංකාවෙ ටියුශන් කියලා හිතාන ඉන්න මෝටිවේසන් කාරයෝ කියපු පත හෑල්ලක් ඒ වීඩියෝ එකට ඇඩ් කරලා අප්ලෝඩ් කරනවා.. ලංකාවෙ එක්සෑම් කරන උන් හිතනවා අහ් මේක තමා කොරියාව. ලොකු පඩියකුත් අරන් ආතල් එකේ ටික්ටොක් පාරක් දාගෙන ඉන්න පුලුවන් කියලා හිතන් තමා කොරියාවට අඩිය තියන්නේ.. ආපු ගමන් මාසෙයක් දෙකක් යද්දි හිතනවා අඩේ අරුන් දාපු විඩියො වගේ නෑ මේ කම්පැනියභරි නෑ වෙන එකකට යන්න ඔනේ කියලා ගිහින් ඉතින් ඒ වගේ ඒවා හම්බෙනකල් ජොබ් චාන්ස් හතරම කෙලවගන්නවා අන්තිමේ හිටියටත් වඩා අවුල් එකක වීසා ගහගෙන අවුරුදු ගානම අදිනවා (මෙතන සාදාරණ හේතු, ලෙඩ, කම්පනි වැහුන උන් ගැන නෙවෙ කියන්නෙ)

කොරියාවේ හැම කම්පැනියම එක වගේ නෑ..
සමහරුන්ට ඕටී නෑ
සමහරුටන් කාමර එලියෙන් ගන්න ඔනේ
සමහරුන්ට ඉන්න කාමරෙ 2 ක් 3 ක් ඉන්නවා
සමහරුන්ට බොන උන්ගෙන් ප්‍රශ්න
සමහර උන්ට කොරියොන්ගෙන් ප්‍රශ්න ටොයිලට් පවා හරියට නෑ උයාගන්න කුස්සියක් නෑ
පරණ උන් වැඩ කියලා දෙන් නෑ
යොන්චා දෙන් නෑ
නිවාඩු වල වැඩ කරාට ඕටී නෑ
බෝනස් නෑ
සමහර උන්ට ලඟ පාතක මාර්ට් එකක් නෑ එකී නොකි ප්‍රශ්න ගොඩක් තියනවා මේ කොරියාව ඇතුලේ.. ටික් ටොක් එකේ තියන කොරියාවට වඩා 90% ඇත්ත කොරියාවෙ වෙනස්

වැඩත් ලේසි වෙලා ඔය උඩ තියන ඔක්කම හොද වෙලා සුපිරි පඩියක් හම්බෙන කම්පැනි තියෙන්නේ 2% %3 වගේ. ඒක උබේ වාසනාවට සෙට් වෙන දෙයක් ඒ නිසා කට්ටක් කන්න බලාගෙන කොරියාවට වරෙන් මල් පේජ් කාරයොන්ගෙ කතා වලටයි ටික් ටොක් සමනලයන්ගෙ වීඩියො වලටයි රැවටිලා ඇවිත් ජීවිතේම අපායක් කරගන්න එපා. ගේමක් ගහගන්න හිතන් වරෙන් ජයවේවා❤❤

13/12/2024

මිනිසුන්ට පෙනෙන්නේ ඔබ උපයන මුදල පමණි...
ඒ වෙනුවෙන් ඔබ නිදිවැරූ රාත්‍රීන්, බඩගින්නේ හිටි වේල් ගනන් දන්නේ
ඔබම පමණි....🌻🥹

09/12/2024

මචං කොරියා🇰🇷 ඉන්න උන් අනිවාරෙන්ම මේක කියවපන්..උබලා දුක් විදලා ගේමක් ගහන්නේ ගොඩ එන්නනේ. වැඩේ තියෙන්නෙ උබලට සල්ලි හම්බ උනාට මැනේජ් කරන එකේ ලොකු අව්ලක් තියේ

1. පර්චස් එක රුපියල් ලක්ශයක් වත් නොවටිනා තූත්තුකුඩිවල, ගමේ උන්ට පේන්න.. හේන් වල, පුරං කුබුරුවල කමත්වල ලක්ශ 300-400 ගෙවල් හදන්න එපා.. අඩුම කඩුවෙල මාලබේ ලයින් එකෙන් වත් පර්චස් 10ක් අරන් හදන ලබ්බක් හදපන්.. නැත්නම් නිකාන් සිමෙන්ති ගොඩක් විතරයි බලු වටින්නෑ පස්සෙ

2. KDH/ කෝස්ටර් කියන්නේ නිවන් මාර්ගේ යන ලබ්බක් නෙමේ. දඩ ලීසින් දාලා පට්ට ගහපු kdh තැරි ගන්න එපා. අන්තිමට උබලට වාහනෙත් නෑ ආවහම සල්ලිත් නෑ

3. දැන් ඉතින් ලොකු පුතා තමා සේරම කරන්නෙ කියලා මහ උන් උබව හූරන්ම කනවනම්, රෑට ඇහැරෙන ඇහැරෙන පාරට ප්ලෑනක් නැතුව පෝලිමේ හදල අත ඇරපු නංගිල මල්ලිල සැට් එක උබේ කරේම ගහලා උබෙන්ම නඩත්තු කරලා තාත්තත් සැපේ ඉන්නවනම් මතක තියාගනින් 35න් පස්සෙ උබට වෙන දේ උබට හිතාගන්නත් බෑ. කීයක් හරි උබටත් ඉතුරු කරපන්.

4. තැරි දාර පුන්නක්කු වැස්සියෝ ටික්ටොක් එකෙන්, ෆේස්බුක් එකෙන් අමුනගන්න එපා. ඕවෑ හයිලයිට් වෙලා ඉන්න තරමක් ඉන්නේ නස්පියටම කෙලවන් ජංගියේ රෙවිලා එල්ලෙන්න ගොඩ යන්න හරකෙක් හොය හොයා හෑලි ලිය ලියා හෝ ටික් ටොක් කරකර ඉන්න උන්. එක්කො නඩු නැත්නම් බඩු.. ආයෙ ඉතින් හෙනයක් ගැහුව වගේ තමා

අමාරුවෙන්නෙ කොරියා ගියේ? අමාරුවෙන්නෙ හම්බ කරන්නේ? ජීවිතේ අන්තිම කාලෙ ආපහු උන්න තැනටම වැටෙන්න තියාගන්න එපා

ආ මේ අනික "කොරියා" කියපන්, "කොරියන්" කියල රටක් නෑ. ඒක නිකන් ශ්‍රීලංකා - ශ්‍රීලංකන් වගේ.. ඕක නොදන්නව උනාම හරි ගොබ්බයි. නිකාන් මීහරක් වයිබ් එකක් එන්නේ "මම කොරියා ඉන්නේ" කියන්නැතුව "මම කොරියන් ඉන්නේ" කිව්වහම. "ඩුබායි එකේ" කියන උන් වගෙම තමා

ආදරෙන් කිව්වෙ. උබලට ජය.. පරිස්සමෙන් වැඩ කරන් හම්බකරන් වරෙල්ල👍

උපුටා ගැනීමකි.....

04/12/2024

ලෝකෙට පේන්න හුස්ම ගත්තාට රට ඡීවිත ඇතුලෙ මිනිස්සූ මැ|රි*ලා ඉන්නේ..
කොහොම හරි ගේමක් ග*හන්න දගලන උන්ට වරදින්න එපා..️එච්චරයි❤🇰🇷❄️

04/12/2024

"ඉස්සර මම හිතන් හිටපු විදිය"🙃😊🇰🇷
*රට ඉදන් එන උන් ටොපියක්වත් දුන්නෙ නැති උනාම හිතින් බනින තරම්-පස්සෙ දැනගත්තෙ ඒවා කඩවල් වලින් නිකන් දෙන්නෙ නෑ.නැහිලා ගන්න පඩියෙන් ගන්නෙ කියලා.
*රට ගියාම කෝල් එකක්වත් නෑ හෙන සීන් කියලා-පස්සෙ දැන ගත්තෙ ඌට උගේ ගැනවත් බලන්න වෙලාවක් නැති තරමට වැඩවලට හිර වෙලා කියලා.
"මේ හැමදේම දැනගන්න රට යන්නම උනා"🥲 🇰🇷 #කොරියන් #කොරියාවේඅපි #🇱🇰🇰🇷

Photos from කොරියන් හිතවතා -𝙺𝙾𝚁𝙴𝙰𝙽 𝙷𝙸𝚃𝙷𝙰𝚆𝙰𝚃𝙷𝙰's post 02/12/2024

වචන ටිකක්. වැදගත් වෙයි කියල හිතෙනව නම් SAVE කරල තියා ගන්න,

🔴➦ කරන්න තවත් කෙනෙකුට #දකින්න #🇰🇷🇱🇰

Photos from කොරියන් හිතවතා -𝙺𝙾𝚁𝙴𝙰𝙽 𝙷𝙸𝚃𝙷𝙰𝚆𝙰𝚃𝙷𝙰's post 30/11/2024

කොරියාවේ අපේ කොල්ලොන්ගෙ හිම දස්කම් 😌❤️😍😁 🇱🇰🇰🇷

24/06/2024

අද දකුණු කොරියාවේ ඇති වූ හදිසි ගින්නක් නිසාවෙන් මිය ගිය සියළු සේවකයන්ට නිවන් සුව ලැබේවා 🙏

30/05/2024

උතුරෙන් දකුණට වැටුණු අසූචි බැලුන් 🇱🇰

Photos from කොරියන් හිතවතා -𝙺𝙾𝚁𝙴𝙰𝙽 𝙷𝙸𝚃𝙷𝙰𝚆𝙰𝚃𝙷𝙰's post 27/03/2024

❤️🇰🇷 වචන කිහිපයක් 😉

21/03/2024

2024 වර්ෂයට අදාලව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරික්ෂණයේ පලමු අදියරට අදාල පරික්ෂණ දිනය හා වෙලාවන් 2024-04-02 දින විදේශ සේවා නියුක්තිකාර්‍යන්ශ නිල වෙබ් අඩවියේන් www.slbfe.lk පරික්ෂාකර ගත හැක..

උපුටා ගැනිම
www.slbfe.lk වෙබ් අඩවියෙන්

20/03/2024

🔴🔴
කොරියාවට අලුතින් එන අය කොම්පැනියෙන් අයින් වෙන්න එපා... එලියේ ජොබ් නෑ. මේ දවස්වල
අලුත් අයට Re - entery එන්නත් බැරි වෙනවා අයින් උනාම෴

Photos from කොරියන් හිතවතා -𝙺𝙾𝚁𝙴𝙰𝙽 𝙷𝙸𝚃𝙷𝙰𝚆𝙰𝚃𝙷𝙰's post 19/03/2024

ඔන්න ඔයාලට වැදගත්ම වචන 1000 කට වඩා තියෙනවා පාඩම් කරගන්න.... 😊🇰🇷❤️

19/03/2024

ඔයාලා තාම කොරියන් එන්න Try කලේ.. නැද්ද..?How saad 🥲 ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි..🤓🥰🇰🇷

Photos from කොරියන් හිතවතා -𝙺𝙾𝚁𝙴𝙰𝙽 𝙷𝙸𝚃𝙷𝙰𝚆𝙰𝚃𝙷𝙰's post 01/03/2024

March - 01 #삼일절 🇰🇷
නිදහස් ව්‍යාපාරයේ දිනය
1919 අද වගේ දවසකයි. ජපන් විජිතයක්ව පැවති දකුණු කොරියාවේ නිදහස් සටනේ මුල්ම වෙඩි මුරය තැබුවේ

14/02/2024

හැමෝගෙම ඒ ලස්සන හීනෙ හැබෑ වෙන්න ඕනේ 😍😍🙏🏻🥰

Want your school to be the top-listed School/college in Seoul?

Click here to claim your Sponsored Listing.

Videos (show all)

උතුරෙන් දකුණට වැටුණු අසූචි බැලුන් #korea #newsupdate #srilankantiktok🇱🇰
I❤️U south korea 😙❤️

Location

Website

Address


Seoul